රුපියලේ සන්ඩුව

මේක කොන්දොස්තර කෙනෙක් කල වැඩක්. වැඩේ නම් වැරදියි. ඒත් දෙපැත්තම හිතල බලන්න.

බස් එකට නැංග ගැහැණු කෙනෙක් ටිකට් ගන්න සල්ලි දීල. ඒත් එයාට ඉතිරි රුපියල දීල නැහැ. මේකට මේ ගැහැනු කෙනා කොන්දොස්තරට කැගහල "ඔයාලට රුපියලක් අඩුවුනොත් ඔයාල කෑගහනව නේද? ඇයි අපට රුපියල අඩුවෙන් දෙන්නේ කියල" ඔන්න ඉතින් සෙනඟ අස්සේ තෙරපීගෙනම කොන්දොස්තර රුපියලක් සාක්කුවෙන් හොයාගෙන දුන්නා. බස් එකේ ඉතිරි ටිකට් ටික කඩල ඇවිත් හේත්තුවක් දාල ඉන්නකොට දැක්කා ගැහැණු කෙනා එයාගේmobile phone එකට කාඩ් එකක් දානව. ඒක dialog එකක්. අංක ඇතුලත් කරන්න සියල්ල සුදානම්.

කොන්දොස්තරයගේ phone එකේ Sim එකත් dialog. මේකා ගත්තා දුරකතනේ type කලා *#103# ඊට පස්සේ කෙටුවා අර ගැහැනු කෙනා අතේ තිබ්බ card එකේ නොම්මරේ. තාම ගැහැණු කෙනා 123 dial කරල බලන් ඉන්නවා. කොන්දොස්තර නොම්මරේ කොටාගෙන phone එක සාක්කුවේ දාගෙන බස් එකේ ඉස්සරහට ගියා. ගැහැනු කෙනා අංක ඔබල බැලින්නම් වැඩ නෑ. බස් එකේ කීප දෙනෙකුත් උස්සාහ කලා ඒත් වැඩක් නෑ. ඉතින් බස් එකෙන් බහිනකම් dialog company එකට බැන බැන ගියා. ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි කොන්දොස්තර phone එකට දැම්ම ගාන බැලුවේ. බැලින්නම් Rs. 1000 ක්. මෑන්ස්ටත් දුක හිතුනා. ඒත් දැන් මොනා කරන්නද? ඒ ගෑනිගේ වෙලාව තමා කියල හිටියා.

මේක හැමොටම වැදගත් කොන්දොස්තර කල වැඩේ ගැන නෙවි. තමන් බස් එකක යනකොටත් මේ වගේ වැඩ වෙන්න පුලුවන් කියල මතක තියාගන්න. ඒක phone card ඇතුලත් කරන එක ගැන විතරක් නොවන බවත් මතක තියා ගන්න.

4 comments:

  1. උඹ බලන් හිටියද? බලන් හිටිය නම් කට ඇරල කියන්න තිබුනනේ.. අරු කරපු කැත වැඩේ..

    ReplyDelete
  2. පළවෙනි anonymousගෙ ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ.

    ReplyDelete
  3. අහා මම මේක දැනගත්තේ කල මිනිහගෙන්මයි...!

    ReplyDelete
  4. උබද ඔය වැඩෙ කරේ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!