Ragging (නවකවදය)

විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරන සියලු පලමු වසර උපාධි අපේක්ෂකයන්ට ලැබෙන අත්දැකීම තමා rag හෙවත් නවකවදය කියල කියන්නේ. නවක වදයට දෙයාකාරයකින් ලක්වෙන්ට පුලුවන්. එකක් ශාරීරිකව ලැබෙන දේ අනික මානසිකව ලැබෙන දේ. මේ දෙකෙන් පිටතට නොපෙනෙන මානසික නවකවදය තමා වඩා භයානක වෙන්නේ. මානසික නවකවදය නිසා පිස්සු හැදුනු ශිෂ්‍යයොත් ඉන්නවා. හැබැයි කලින් පිස්සු තිබුන නම් නවකවදයෙන් හැදුන කියන්නත් බැහැ. කොහොම වුනත් නවකවදය අපට එපා කියල තමා කියන්න ඕන.

ඒත් හැමෝම අහන ප්‍රශ්ණය "නවකවදය අපට ඕනද?" හැමෝම දෙන උත්තරේ තමා "එපා" කියන එක. ඒත් නවකවදය වගේම පෙනෙන තව දෙයක් තියෙනවා. ඒක තමා නව්‍යතාවයට හුරු කිරීම කියන්නේ. දැන් මෙහෙම හිතන්න. යම් තැනකට අලුතින් ගියාම එතැන පරිසරයට හුරු වෙන්ට යම් කාලයක් ගතවෙනවා. ඒත් එතැන ඉන්න පුරුදු වෙච්ච අය අපට උදව් කරනවානම් අපට කෙටි කාලයකින්ම එතැනට පුරුදු වෙන්ට අවස්ථාව ලැබෙනව නේද? ඒ උදව් අපි භාරගන්නවද නැත්තම ඒව එපා කියල පැත්තකට වෙනවද? (අල වෙනවද?) ඔය කරන පුරුදු කිරීම තමා නව්‍යතාවයට හුරු කිරීම කියලා කියන්නේ.

මේක සමහර නෙවි ගොඩක් විහ්ව විද්‍යාල වල සිදුවෙනවා. පලමු වසර සිසුන්ට දෙවන වසර සිසුන් එම විශ්ව විද්‍යාලයේ වැඩ සිදුවන ආකාරය කියා ‍දෙනවා. ඒක මානසික හෝ ශාරීරික වදයක් නෙවි නම් ඒකට නවකවදය කියන්න පුලුවන්ද? නමුත් දෙවන වසර සිසුන් ඒ දේ කියල දෙන මුවාවෙන් නවකවදය දෙන අවස්ථාත් තියෙනවා. ඒකනම් වැරදි වැඩක්. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයත් මේ නවකවදයට අනුබල දෙන අවස්ථාත් තියෙනවා. සමහර පුද්ගලයන් මේ නවකවදය විශ්ව විදයාල පද්ධතියට අවශ්‍යයයි කියල හිතන නිසා මේ නවකවදය නවත්වන්න බැහැ.

තව දෙයක්. මේ නවකවදය හරහා විවිධාකාර පලිගැනීම් සිදුවෙන්නත් පුලුවන්. ඒක වෙන්නේ තමා ජීවත් වුන නගරයේ හෝ ගමේ විශේෂ තැනක් නොලැබුණු, පාසලේදී අන් අයගේ කටයුතු වලින් මානසික පසුබෑම් වලට ලක්වුන පිරිස් විශ්ව විද්‍යාල වලට පැමිණි විට ඒ අයටත් නවක වදය ලැබෙනවා. මේ පිරිස එතැනදි හිතනවා තමන්ගේ සියලු පසුබෑම් වලට හේතුව අනිත් අය කියලා. ඉතින් ඇතිවෙනවා පලි ගැනීමේ චේතනාව. මේ සිතිවිලි හිරකරන් හිටපු අයට දෙවනි වසරට ගියාම එන නවක සිසුන් පෙනෙන්නේ "රෝස් කරපු කුකුල්ලු" වගේ. එහෙම වුනොත් පලමු වසරට දෙයියන්ගේ පිහිට තමා. හොඳට හිතන්න ඊලඟ පරම්පරාවේත් තමා වගේම පසුබෑම් ඇතිවුන අය ඉඳීවි. එතකොට මොකක් වෙයිද? තමන්ට ඇතිවුන දේ එයාලටත් ඇති විය යුතුද? දෙවනි අවුරුද්දට තමන්ගේම සහෝදරයෙක් ආවොත් මොකද කරන්නේ. එදාට නවකවදය නොදී ඉන්නවද? මේක සිදුවිය නොහැක්කක් නෙවේ. සමහර විට සිදුවෙලත් ඇති. නැත්තම් සිදුවෙයි. එදාට කරන දේ වෙන දේ අදම හිතල බලන්න.

නවකවදයේ උදාහරණ පසුවට බලාලපාරොත්තු වන්න.

2 comments:

  1. මල්ලි , මම ඔයාගෙ අය්යගේ යාලුවෙක්. විවෘතයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේදීත් මම ඔය නවක වදය අපිත් වින්දා. හරිම සුන්දර විදිහට. එහෙම විඳින නවක වදයක මිහිරියාව ජීවිතයේ පස්සේ කාලයකදීත් අපට මතක් කල හැකි සොඳුරු මතක. අල නොවී හරි දෙය, නිවැරදි කණ්ඩායම ‍තෝර ගත්ත නිසා සරසවියේ දැන් හොඳම තත්වෙක ඉන්නවා. මල්ලි මම එකක් කියනවා . අය්යා වගේම රටම එලිය කරන පහනක් වෙන්න . ජය..!

    ReplyDelete
  2. ඔබේ අදහසට ගරු කරමි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!