අද අපේ සමාජය

මම මේ අද කියන්න යන කරුණ ඔබත් මම වාගේම අත්දැකල ඇති. මම මේ දෙය ලියන්න හේතුව වුනේ මගේ යාළුවෙකුගේ ගෙදර යනවෙලාවේ මම දැකපු දෙයක්. හැම දෙනෙක්ම ජීවිත කාලයේ කවදාම හරි දවසක බස් රථයක ගමන් කරල ඇති. ඒ යන වෙලාවේදී බස් එකට වයසක මනුස්සයෙක් බොහොම අපහසුවෙන් නැග්ගොත් මොකද කරන්නේ? ඒහෙම නැත්තම් පොඩි ළමයෙක් වඩා ගත්තු අම්මා කෙනෙක් හරි ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් හරි නැග්ගොත් මොකද කරන්නේ? මොකද කළේ? ඒ දවසේ ඒ වෙලාවේ තමන්ගේ හිතට අවංකව ඒ ආසනය ඒ තැනැත්තාට හෝ තැනැත්තියට දුන්නාද කියල තමන්ම හිතන්න. තමන්ගේම හදවතෙන්ම අහල බලන්න.

දවසක් නැග්ග මම ගිය බස් එකකට බඩදරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ කිසිම කෙනෙක් තමන්ගේ ආසනය ඒ අම්මට දෙන්න උත්සුක වුනේ නැහැ. ඒ ලඟ තිබුනු ආසන ගොඩකම සිටියේ කාන්තාවන්. කොන්දොස්තරවරයා කොපමණ කෑගැහුවත් ඒ ආසන නම් හිස් වුනේ නැහැ. ඊට මඳක් ඉදිරිපස අසුනක සිටි තලතුනා පුද්ගලයෙක් තමා තමන්ගේ අසුන ඒ අම්මාට දුන්නේ. දරුගැබක් දරා සිටිමේ අපහසුව ඒකේ තියෙන වේදනාව, ඒ වේදනාව විඳපු අම්මලාටම නොතේරෙන තරමටම මේ සමාජය දියුණුවෙලාද? ඒ අම්මා විඳින වේදනාව දැනුනේ අර පුද්ගලයාට විතරද? හිතන්න ඔබ තරුණියක් නම් ඔබත් දවසක මේ වාගේම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඔබ පිරිමියෙක් නම් හිතන්න මේ ඔබේ බිරිඳ නැත්තම් සහෝදරිය වුනානම් ඔබ මොකද කරන්නේ. මේ වාගේ අවස්ථවන් අනාගතයේ සිදුනොවෙන්න වගබලාගන්න. ඒ වාගේම ඒ ලබාදෙන ආසනය ඒ පුද්ගලයා සඳහා සුවපහසුද කියලත් මඳක් හිතන්න.

දෙවන කාරණය තමා බස් රථ වලට ගොඩවෙන විරිඳුකරුවන්, පොත් පත් විකුණන පුද්ගලයන් හා හිඟන්නන් ගැන කාරණය. මොවුන් ඇත්තටම කවුද? හිඟාකෑම හා විරිඳුනීම තමා දැනට මුදල් සෙවීම සඳහා හොඳම රැකියාව. හැබැයි ඉතින් ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. හිඟන සමාජය කියන පොත කියවලා බලන්න. ඒකෙ තියෙනවා ඒ අය ගැන කල පරීක්‍ෂණ සටහන් විශාල ප්‍රමාණයක්. ඒ වාගේම ලඟදී පළවුනු පුවත්පතක තිබුණා බස් රථයට විරිඳු කියන මුවාවෙන් පැමිණ මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කල අවස්ථාවක්. මේ දේවල් ගැන හිතන කොට මේ පුද්ගලයන්ගේ තිබෙන්නේ දුප්පත්කමමද විරැකියාවද නැතිනම් කම්මැලිකමද? හිතල බලන්න.

මේ වාගේ අවස්ථාවකටත් උදාහරණයක් මගේම අත්දැකීමක් ඇසුරින් දෙන්නම්. දවසක් බස් රථයට නැංගා පුද්ගලයෙක් ඔහු අපස්මාර රෝගියෙක් වගේ මුළු ශරිරයම වෙව්ලනවා. ඉහෙන් කනින් දාඩිය දාල. බස් රථය ඉදිරියෙන් නැගල කියනවා කතාවක්. ඒක එයා ගැන කියන දුක් අඳෝනාවක්. ඒ කියල හිඟාකනවා. ඊට පස්සේ බස් එකෙන් බැහැල බස් එකේ පිටිපස්සට යනකොට වෙව්ලීම අවසන්. සාක්කුවෙන් ගන්න ලේන්සුවෙන් දාඩිය ටික පිහදාගෙන සාමාන්‍ය ගමන් විලාසයෙන් යනවා වෙනත් බස් රථයකට. මේක තමා අද හිඟන්නන්ගේ සැබෑ තත්ත්වය.

මම දන්න තවත් කාන්තාවක් අවුරුදු විස්සකට අධික කාලයක් හිඟාකමින් ජීවත්වෙනවා. මේ කන්තාවගේ නිවස ජල විදුලිය සහිත නිවසක්. දරුවන් හොඳ රැකියාවන් කරනවා. ඒත් තවමත් මේ කාන්තාවගේ රැකියාව තමා පුරුදු හිඟාකෑම. මේ රැකියාව කරන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමා ලැබෙන අධික ලාභය. අනික තමා කාලයක් තිස්සේ මේ රැකියාවේ යෙදීම නිසා වෙනත් රැකියාවක් කිරීමට නොදැන සිටීම. කොහොම වුනත් බස් රථයට ගොඩවෙන පුද්ගලයෙකුට මුදල් දෙන්න කලින් දෙපාරක් හිතනවානම් තමා වඩා හොඳ. මොකද ඒ දෙය වරදක් කිරීමට අනුබල දීමක් වෙන්නත් පුළුවන්. ඒ දෙන මුදල පින් සලකා දෙනවා නම් ඒක අනාත නිවාසයකට වගේ දෙයකට ලබා දීමෙන් ඊට වඩා පිනක් ලැබෙයි කියල තමා කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඇත්තටම තමන්ගේ අසරණකමකට මුදල් එකතුකරන පුද්ගලයන්ටත් මේ දෙයින් පහර වදින එක නම් ෂුවර්. ඒත් අවසානයේ හිතන්න තමන් කරන දේ තව කෙනෙක් ගේ සුභ සිද්ධිය තකා ද නැත්තම් කෙනෙකුට බොරු කරන්න උල්පන්දම් දීමක්ද කියන එක.

Girls Schools, Boys Schools and Mix Schools

ලංකාවේ තියෙනවා පාසල් වර්ග තුනක්. ඒ ගැන තමා මම මේ ලියන්න හදන්නේ. මේවා ගැන අපි මොනවද දන්නේ? මම ලියන්න හදන්නේ ඒවායේ කරන දේවල් නෙවි. ඒවා නිසා අපේ ළමයි ඉන්න තැන. මේක ලියන්න හේතුව වුනෙත් මගේ යාළුවෙක්, එයා එහෙම පාසලකට ගිය කෙනෙක්.

මුලින්ම කියන්නම් ගැහැණු පාසල් ගැන. මේවාට යන අයට ඉගෙනීම නම් හොඳට ලැබෙනවා. ඒත් ඒ අය සමාජයේ හැසිරිය යුතු ආකාරය දන්නවාද? ඒකට උත්තරය නැහැ කියන එක. මොකද එයාල හැමදාමත් කරන්නේ ඉගෙන ගන්න එක විතරයි. එයාලාගෙන් සමහර අය කවදාවත්ම පිරිමි ළමයෙක් ආශ්‍රය කරලා නැහැ. එහෙම කෙනෙකුට තමන්ගේම සහෝදරයෙක් නැතිවුනොත් මොනා වෙයිද? එයාල දකින ආශ්‍රය කරන එකම පිරිමි කෙනා තමන්ගේ පියා විතරයි. මේකේ තවත් භයානකම අවස්ථාවක් තමා මොවුන් නේවාසිකාගාර වල ඉඳන් ඉගෙන ගන්න එක. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් සමාජයෙන් ඈත්වෙන එක. අද සමාජයේ වන කිසිඳු සිද්ධියක් නොදැන මොවුන් සමාජයට ආ දවසක මොනා වෙයිද? මේවාට ඔන තරම් උදාහරණ මම නම් දැකල තියෙනවා. ඔයාලත් ඕන තරම් දැකල අහල ඇති හොඳට කල්පනා කරල බලන්න. මේ ගැහැණු ළමයි සමාජයට ආ දවසට දකින පිරිමි ළමයින්ට ඔවුන් බයවෙනවා එහෙම නැතිනම් අමුතු සතෙක් දැක්කම අපට ඇතිවන කුතුහලය ඇතිවෙනවා. ඒ වෙලාවට මුනගැහෙන පිරිමි කෙනා කොහොම කෙනෙක් වෙයිද කියල කාට කියන්ට පුලුවන්ද? අවස්ථාවාදියෙක් වුනොත් ඒ කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි. මේ වාගේ කෙනෙක් ගැටලුවක් ආවාම තමන්ගෙන්ම අහනව "මම කොහොමද කටයුතු කරන්න ඕන". ඒත් කවදාවත්ම තමන්ගේ ප්‍රශ්ණ ගැන කාටවත් කියන්නේ නැහැ. මේක තවත් ගැටළුවක්.

දැන් කියන්නම් පිරිමි පාසල් ගැන. ඔවුන්ටත් මේ ගැටලු පවතිනවා. නමුත් ඔවුන් ගමේ. නගරයේ ඇවිදිමින් කටයුතු කරන නිසා ඔවුන්ට ගැහැණු ළමුන් තරම් මේ ගැටළුව බලපාන්නේ නැහැ. ඒත් ඒ කෙනා පාඩමේ ඇලුණු කෙනෙක් වුනොත් දෙයියන්ගේ පිහිට තමා.

මේ කාරණා වලින් වඩාත්ම වාසනාවන්ත වන්නේ මිශ්‍ර පාසල් වල ඉගෙන ගන්න ළමයි. මොකද ඔවුන් ගැහැණු හා පිරිමි යන දෙගොල්ලන්ම ආශ්‍රය කරන නිසා ඒ ඒ අය සිතන පතන ආකාරය ගැන හොඳ වැටහීමක් තියෙනවා. හැබැයි ඒකත් පොත් ගුල්ලන්ට නම් නෙවි. මේ කාලයේ ඉගෙනීම පමණක් කරල සමාජයේ අනිත් දේවල් වලින් ඈත් වෙන එක නම් ඔවුන් තමන්ගේ අනාගතයට කරන ලොකු අපරාධයක්. අද අපි හිතන අනාගතය විය යුත්තේ හෙට මොකද කරන්නේ කියන දේ නෙමෙයි. මොකද තව අව්රුද්දකින් නැත්තම් දෙකකින් කරන්නේ කියන දෙය. ඒ තමා අනාගතය සැලසුම් කිරීම කියන්නේ. දෙමාපියනුත් තමන්ගේ දරුවන් ආරක්‍ෂා කරන්න කියල හිතාගෙන මේ වාගේ ගැහැණු හරි පිරිමි හරි පාසලකට දාන එක නම් ඒ ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. ඒක ඉතින් හැම පාසලටම වලංගු වෙන්නේත් නැහැ. සමහර පාසල්වල මේ සියලු දේ හොඳින් ඉගෙන ගත් ළමුන් ඉන්නවා.

දැන් ඉතින් මේ ලිපිය කියවපු මෙවැන් පාසලකට ගිය අය හිතනවා ඇති අපි මොකද දැන් කරන්නේ කියල. ඒකට කරන්න තියෙන්නේ දැන් ඉදල සමාජ ආශ්‍රයට යොමුවෙන එක. හැබැයි ඒ ආශ්‍රය කරන්න කලින් තමන්ගේ දෙමව්පියන්ගේ අදහස් ගන්නවා නම් හොඳයි. එහෙමත් බැරිනම් සමාජ ආශ්‍රය ඇති තමන්ගේම මිතුරෙක් හරි කමක් නැහැ.

හැබැයි මෙවැනි පාසල් වලටත් ගිහින් හැමදේමත් කරගෙන ඉන්න අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් සුළුතරය ගැනත් කතා කරන්න ඕනනේ.

ලඟදීම බලාපොරොත්තු වන්න...........! අපේ රැග්

රුසියානු ලියුම....!

          මේක මම ලඟදි අහපු කතාවක්. හිතුනා ඔයාල එක්ක බෙදා ගන්න. මේ පටන් ගන්නේ උසස් පෙළ විභාගය ලියල අසමත් වුන ළමයෙකුගෙන්. මේ ළමයාගේ පියාට වත්කම් තියෙන නිසා ළමයාව යවනවා රුසියාවට වෛද්‍ය විද්‍යාව හදාරන්ට. මේ රුසියාවේ යවල තාත්ත හරි ආඩම්බරෙන් හිටියේ "මගේ පුතා දොස්තර විභාගෙට ඉගෙන ගන්නවා" කියල. ටික දවසක් යනකොට කොලුව රුසියන් භාෂාවට පුරුදු වුණා. දවසක් කොලුව අමතක වීමකින් ගෙදරට ලියුමක් එව්වා ඒක ලිව්වේ රුසියන් භාෂාවෙන්. තාත්තට මේක කියවන්ට බැරි වුණා. තාත්තා හිතුවා තමන්ගේ ඉංශ්‍රීසි දැනුම දුර්වල නිසා වෙන්න ඇති කියල. තාත්ත කල්පනා මොකද කරන්නේ කියල. එතකොට මතක් වුනා ඉස්කොලෙ ඉංශ්‍රීසි ටීචර්ව.
          තාත්තා ලියුමත් අරන් ගියා ඉංශ්‍රීසි ටීචර් මුණගැහෙන්න. ටීචර් තාත්ත දැක්ක ගමන් ඇහුවා "දැන් ළමය මොකද කරන්නේ" කියල. තාත්තත් බොහොම සතුටෙන් පුතාගේ වතගොත කියල තමන් ආව කාරණේ කිව්ව. ටීචර් ලියුම දැක්ක ගමන් කරකවල අතහැරිය වගේ වුනා. මේක කියවන්න ටීචර්ටත් බැහැ. වැඩේට ටීචර්ටත් ලැජ්ජයි. ටිචර් තාත්තව යැව්ව තමන්ට උගන්නපු ප්‍රොපා ලඟට. ඉතින් තාත්ත ගියා ප්‍රොපා මුණගැහෙන්න. කතාව කිව්වම ප්‍රොපාත් පොර වගේ ගත්තා ලියුම. මෑන්ස්ටත් ටීචර්ට වෙච්චි දේම තමා උනේ. ලැජ්ජ වෙන්නත් බැරි නිසා ප්‍රෙපා කිව්ව "ළමයා වෛද්‍ය විද්‍යව නේද හදාරන්නේ ඒ නිසා මේක doctor කෙනෙක් ලඟට ගෙනිච්චානම් කියව ගන්න තිබුණා" කියල. 
          ඔන්න තාත්ත ලියුම අරන් ගියා පළාතේ හොඳම වෛද්‍යවරයා මුණගැහෙන්න. ඔන්න ඉතින් අංකයක් අරගෙන තාත්ත ඉන්නවා පෝලිමේ. පෝලිම අඩු වෙද්දී මෙතන වැඩ කරන මෑන් කෙනෙක් දැක්ක මේ තාත්තව. කිසිම ලෙඩක් පේන්න නැත් නිසා ඇහුවා බෙහෙත් ගන්නද ආවේ කියල. ඉතින් තාත්ත තමන් ආව කාරණාව කිව්ව. මෑන් ඒක අහල හිනාවෙන්න ගත්තා. තාත්තටත් මළ. තාත්ත ඇහුව "ඇයි හිනාවෙන්නේ" කියල. මෑන් කියනව "මේ මහත්තය මෙයා කරන්නේ ලියන එක විතරයි. පුතා දෙස්තර කෙනෙක් විදහට ලියල නම් කියව ගන්න වෙන්නේ මෙතනින් නෙවි. pharmacy එකකින් තමා" කියල.  ඒක අහපු ගමන් තාත්තගේ ඉහේ මලක් පිපුණා වගේ. තාත්තා මෑන්ස්ට නොසෑහෙන්න ස්තූති කරල ගියා pharmacy එකට.
          තාත්තා pharmacy එකෙත් පෝලිමේ ඉඳල දුන්නා ලියුම කවුලුවෙන් ඇතුලට. pharmacy ඒකෙන් ඒක ඇදල අරන් දුන්නා බෙහෙත් බෝතල් දෙකක්. මේක අයෙත් දීල තාත්ත කිව්ව මම ආවේ බෙහෙත් ගන්න නෙවි ඔය ලියුම කියව ගන්න කියල. එතකොට තමා pharmacy මෑන්ස් ලියුම බැලුවේ. එතකොට pharmacy මෑන්ස් තමන්ටම මුමුනන්න ගත්තා "මේක නම් සාමාන්‍ය දොස්තර කෙනෙක් ලියන එකක් නෙවි. මේක වෙන භාෂාවකින්ද කොහෙද ලියල තියෙන්නේ" කියල. ඒක ඇහුනම තමා තාත්තට මතක් උනේ පුතා ලියන්න ඇත්තේ රුසියන් භාෂාවෙන් කියල. ඊට පස්සේ තාත්තා රුසියන් භාෂාව දන්න කෙනෙක් ලඟට ගිහින් ලියුම කියව ගත්තා. ඔන්න ලංකාවේ දැනුම තත්ත්වේ.

පුංචි love story එකක් short & sweet විදිහට....!

           මට හිතුනා හැමදාම කතා කරන දේවල් වලින් ඈත් වෙලා අලුත් කතාවක් ලියන්ට.....! මේක ලස්සන නම් නැහැ ඒත් කියෝල බලලා දාන්ට ඔයාලගේ අදහස් කොමෙන්ට් කොරල. හිතන්ට තමන් ආදරය කරන කෙනා තමන් ආදරය කරන බව කියන්ට හදන කොටම වෙන කෙනෙකුට ආදරෙයි කියල දැනගන්ට ලැබුනොත්. ඒ අහිමි දේ අමතක කරල ඉන්ට හදන කොටම තවත් කෙනෙක් ඒ හිතට ඇවිත් ගියොත් මොනා වෙයිද??
           මේ කියන කෙනා අපි කියමු මහේෂ් කියල. ඔන්න හා හා පුරා කියල මහේෂ් ලව් කරන්ට ගත්තා කෙල්ලෙකුට. (මු ඉතින් කොල්ලෙකුට ලව් කරන්නයැ) ඒකි exam කරන නිසා මූ මේක හිතේ හංගගෙන හිටියා පස්සේ කියනවා කියල. පස්සේ කියන්නේ ඊලඟ ආත්මේ තමා. මොකද මේකා එක්ක හිටපු එකෙක් කෙල්ල සෙට් කරගත්තා මොනා කොරන්නද? :) ඉතින් මේකා මේක අමාරුවෙන් හිතෙන් අයින් කරමින් තමා හිටියේ. මොනා කරන්නද පළමු පෙමනේ බොක්කටම වැදිල. මේකා දුක ගැන නොහිතා ඉන්ට විවිධාකාර වැඩ කලා. වැඩ කිව්වේ නරක වැඩ නෙවි. කාර්යබහුල වුනා. ඔය අතරේ මෑන්ස් ගියා party එකකට. ගිහින් එද්දී බස් එනේ පා පුවරුවේ තමා ආවේ. එතැන වීදුරුවෙන් පේනව ලස්සන ගැහැණු ළමයෙක්. මූට මේ කෙල්ලට හිත ගියා කියහංකෝ...! මොනා කරන්නද ලව් වල හැටි. ඔතන වාඩි වෙලා හිටි එකෙක් බැහැල ගියා එතැන වාඩි උනේ මුගේම යාලුවෙක්. දැන් මූ දත කට විකාගෙන ඉන්නවා seat එක ඉල්ලනට බැරුව. යාලුවට මේක තේරිලා නැගිටලද දුන්නා seat එක.
            ඔන්ට දැන් මේකා talk එක දාල කොහොම හරි phone නොම්මරේ ගත්තා. මේක මූට රටක් රාජ්ජයක් ලැබුණා වගේ. අන්තිමේ බස් එකෙන් බැස්සම කෙල්ල හැරිල බැලුවා ඇයි යන්නේ කියල අහන්න වගේ. ඔන්න ඉතින් අමාරුවෙන් talk කරල මූ මේ කෙල්ල කැමති කර ගත්තා. මහේස මේ කෙල්ලට ලව් කලේ ජීවිතේ කරන අන්තිම ලව් එක කියල හිතාගෙන සිරාවටමයි. වෙන කෙල්ලෙකුට බොරුවටවත් බලා පොරොත්තු දුන්නේ නැහැ. මෙහෙම අවුරුද්දක් විතර ගතවුණා. ඔන්න හැමදාම ලව් වලට හරස් වෙන කෙල්ලගේ ගෙදර මේකටත් හරස් වුණා. කෙල්ලට ඇවිත් proposal එකක්. ඒකට කෙල්ලගේ කැමැත්ත අහන්නේ වත් නැතිව ගෙදරින් කැමතිවෙලා.  ඒක ගෙදරටත් අකමැති වෙන්ට බැරි විදිහේ යෝජනාවක්. මේක දැනගත්ත ගමන් මහේෂගේ සිහින මාළිගා foundation එක්කම කැඩිල ගියා. මොනා කොරන්නද? දැන් කෙල්ල අකමැත්තෙන්ම එකට යටවෙලා. මහේෂ් තාමත් එයාට අයිති නැති දෙයක් ගැන හිත හිතා ඉන්නවා. කෙල්ල තාමත් එයාට ආදරෙයි. තාම කතා කරනවා. ඒත් කතා කරල කියන්නේ නම් එයාව අමතක කරල වෙන හොඳ කෙනෙක් එක්ක යාලු වෙන්න කියල. 
             මුලු කතාව එක දිගට කිව්වාම ලස්සන නැහැනේ සිදුවීම් වෙන හැටියට මට ඉඩ තියෙන හැටියට පස්සේ විස්තර කොටන්නම්.