උදාවෙයි දිනෙක



















දිනක් ගනනේම
මහමඟට වී ගෙවන
ජීවිතය අවසානෙ
කුසට අහරක් නැතිව
හිසට සෙවණක් නැතිව
ඇඟට වස්ත්‍රය නැතිව
දැළි කුණු පෙරාගෙන
හිඟමනේ යෙදුනාට
මාළිගා සදන්නට
රජසැපක් විඳින්නට
තිබූ දහසක් පැතුම්
මල් පිපී ඵල දරණ 
දිනක් කවදාකදී
උදාවෙයි සිතුවාද?

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!