වැරදුනු වාසිටිය


දහසක් පැතුම් කැටිකරගෙන ආවතැන
දහසක් දෙනා හමුවන මේ සොඳුරු තැන
දහසක් වෙර දරා දිනුවා සියළු දෙය
දිනුමට දෙයක් නැතිවේවිද මෙතැන මට

සතුටු සිතින් ජීවත්වන සියළු තැන
පළමු දිනේ අපහසු වූවා නේද?
අනාගතේ හොඳ වේවා පතාගෙන
භාරගනිමු මේ ලැබෙනා සියළු දුක

දුවගෙන ඇවිත් කියනව භයවෙන වචන
නපුරු වගේ පෙනෙනව මේ සියළු දෙන
එහෙම මවල පෙන්වල දෙන ඔබ සැවොම
කවුරුත් එකවගේ නැතිබව දන්නවද?

වචන කියල පෙනෙනා මේ සියළු දෙය
ඔවදන් බවක් හැඟෙනව හිතුවොත් අපම
ලස්සන වෙන්න නම් අපගේ හෙට දවස
භාරගනිමු මේ ඔවදන් හිස් මුදුන

2600 වන සම්බුද්ධ ජයන්තියට අග්නියෙන්.......!

සිද්ධාර්ඨ කුමාරයා බුදුවෙලා බුද්ධ වර්ෂ 2600ක් ගෙවී යද්දී ලියන්න හිතුනා අපි වෙසක් පොහොය වෙනුවෙන් අපි මොකද කරන්නේ කියල. වෙසක් පොහොය දිනයට බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම කියන තෙමඟුල සිහිකිරීමකුයි කෙරෙන්නේ. මේ 2600 වන සම්බුද්ධ ජයන්තිය මම සමරන්නේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ඉඳල. මගේ බ්ලොග් අඩෙවිය මුල ඉඳල කියවන අය දන්නවා මේ විශ්ව විද්‍යාලයය අවට තත්ත්වය වාගේම ක්‍රියාකාරකම් සිද්ධවෙන ආකාරය.

නොදන්නා අයට කියන්නම් මේ පිඨයේ ඉන්න තුන්වන සිංහල ශීෂ්‍ය කණ්ඩායම තමා අපි. ඒ කියන්නේ 2009/2010 batch එක. වෙසක් පොහොය වෙනුවෙන් මුලින්ම වෙසක් උත්සවයක් සංවිධානය වෙලා තියෙන්නේ අපේ senior batch එකෙන්. ඒ සිංහල ලමයි 12 දෙනෙක් වෙසක් කූඩු 50ක් පමණ නිරිමාණය කිරීමක් හා පහන් පත්තු කර පීඨය ආලෝකමත් කිරීමෙන්. මෙවර පළමු වසර සිංහල සිසුන් 30ක් හා දෙවන වසර සිසුන් 12ක් ගෙන් සමන්විත 42ක කණ්ඩාවමක් වෙසක් කූඩු 100ක් පමණ හා පහන් මගින් පීඨය ආලෝකමත් කිරීමකුයි සිදු කරන්නේ. ඒ කූඩු අතරට පරිවාර කූඩු ඇති කූඩු 4ක් හා කැරකෙන කූඩුවකුත් (අඩි 12ක් පමණ උස) ඇතුලත් වෙලා තිබෙනවා.

ඒ වාගම තමා මේ වෙසක් උත්සවයට සමගාමීව ලේ දන්දීමේ පින්කමකුත් 2011 මැයි මාසෙ 29 වන ඉරිදා දිනයේදී ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. මේ කණ්ඩායම් දෙක විශාල දෙයක්, ගොඩක් කැප කීරීම් කරමින් තමා මේ දේ කරන්නේ. කුඩා කන්ඩායමකට වෙසක් පොහොය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පළාතකට වෙසක් හඳුන්වා දෙන එක හුඟක් අමාරු වැඩක්.

මෙන්න මෙතෙක් කළ වැඩ. මේ ලිපිය සකස් කරද්දීත් කැරකෙන කූඩුවේ වැඩ අවසන් කරල නැහැ. වැඩ අවසානයේදී සියල්ලේ ඡායාරූප දන්න උත්සාහ කරන්නම්. දැනට මෙන්න,






මෙන්න නයෙක්......

මේක වුනේ මම දැන් ඉන්න විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලින් එකක් අසල.  දැනට මේක වෙලා දවස් තුනයි ඒ කියන්නේ 2011 මැයි 04 වෙනිදා. අපිට දීලා තියෙන නේවාසිකාගාර පුංචි පුංචි ගෙවල් පුංචි වත්තකුත් එක්ක. එකක පස් දෙනෙක් වගේ තමා ඉන්නේ.

මේ දවස් වල රෑට අපි වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් පහන් කූඩු හදනවා. මේ කරන අතරේ රෑ අපේ ජේෂ්ඨ අයියා කෙනෙක් ඇවිත් කිව්වා "අන්න අපේ හොස්ටල් එකේ නයෙක්" කියල. ඒත් අපි කිව්වා වෙන්න බෑ ගැඞියෙක් වෙන්න ඇති කියල. පස්සේ කෝකටත් අපි දෙන්නෙක් ගිහින් බැලුවා. බලපි නම් මේකා ඇත්තම නයෙක්. එතකොට අපේ 7දෙනෙක් වගේ එතනට එකතුවුනා. මේන්න මේකා රිංග ගත්තා ගඩොල් ගොඩක් අස්සට. කස්ටිය වට වෙලා දැන් අපා මේකාට මොකක්ද කරන්නේ කියල කතා වුනා.

වැඩි දෙනාගේ අදහස වුනේ මේකා මරා දාන්න. මොනා වුනත් නයානේ.............. තව කීප දෙනෙක් කිව්වා නයි මරන්නේ නෑ යන්න දෙන්න කියල. මේ අතරේ නේවාසිකාගාර ආරක්‍ෂකයාත් ආවා. ඒකා මුස්ලිම්. සිංහල වචනයක්වක් බෑ. අපේ Tamil දන්න එකෙක් මේකාට Tamil වලින් ටෝක් එකක් දැම්මා. නයාගේ තරම ටිකක් වැඩි කරල. මොනා වුනත් මෑන්ස් අම්බානට පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක බයවුනා. මේ අස්සේ අපේ batch එකේ නේවාසිකාගාර වල ඉන්න මුස්ලිම් සහෝදරයෝ ටිකයි දෙමළ සහෝදරයයි ආවා. එයාලගේ අදහසත් මේකා මරන්න. දැන් ඉතින් මරන අදහස ඉස්සර වුනා.

මරන එකට අකමැති වුන අය ගියා යන්න. කොහොම හරි මේකාට දෙක තුනක් දීල මරා දැම්මා. "පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා" කියල කතාවක් තියෙනවානේ.





නයා මරල ඔලුව කුඩු වෙන්නම දීල. යන්න හදද්දී මුස්ලිම් සහෝදරයෙක් කිව්වා ඔහොම හරියන්නේ නෑ නයාගේ ඔලුවට ගලක් තියන්න නැත්තම් නැගිටල යනවා කියල. අපි කිව්ව ඒහෙම වෙන්නේ කොහොමද ඌට නැගිටින්න වත් ඔලුවක් නැහැනේ කියල. ඒ කියල හැරෙදිදී අපිට නම් උත්තරේ හම්බුනා. මෙන්න මේකා දඟලලා නැගිටිනවා. ඒ පාර නයා පුච්චනකන් ලීයකින් ඇනලයි තියා ගත්තේ. කොහොම වුනත් අන්තිමට අවසන් වුනේ නයෙක් මැරුවෙත් තව නයි එනවා. එහෙම නොවෙන්න නම් මරපු නයාව පුච්චලා දාන්න කියන විස්වාසය ජය අරන්. හැබැයි දවස් දෙකක් යනකන් ආරක්‍ෂකයා නම් කිව්වේ මරපු නයාගේ ගෑනු සතා ඇවිත් අපි ඔක්කොගෙන්ම පලි ගනී කියලයි.


කාල නියාමක






හැමදාම මම යන
හැම තැනම.....
මගේ අතේ එල්ලිලා
මාත් එක්කම යන....
මට ඕන වෙන
හැමවෙලේම
මට උදව් කරන.....
කිසිම වැඩකදී මට
පරක්කුවෙන්න නොදී
මතක් කරන
ඔයා .....
මගේම ඔරලෝසුව.....