ලොවට දැනගන්න මුස්ලිම් සංස්කෘතියෙන් බිඳක්....

අහා.......! කාලෙකින් යාළුවනේ...! විශ්ව විද්‍යාලයයේ මුල් සමාවාසික විභාගේ නිසා ටික දවසක් බ්ලොග් එක පැත්තේ එන්න බැරිවුනා. ඔන්න විභාගෙ අතරෙම ඔයාල වෙනුවෙන් ආයෙත් මම කරලියේ. මේ ඔයාලටත් දැනගන්න අළුත් සංස්කෘතියක් ගැන විස්තරයක්. මේ මුස්ලිම් ආගම ගැන. මේක ලියන්න හේතුවුනේ මම ඉන්න පරිසරය. ඒ කියන්නේ මුස්ලිම් නගරයක ඉන්න මට ලැබුනු අළුත්ම අත්දැකීම හදාරන්න මුස්ලිම් ආගම. මේ ලිපිය කියවන මුස්ලිම් කවුරු හරි ඉන්නවනම් සමාවෙන්න වැරදි තිබුනොත්. ඒ වගේම කාරුණිකව ඉල්ලනවා ඒ වැරැද්ද හදන්න කියල. මේ මම දැනට ලැබුණු අත්දැකීම් වලින් තමා ලියන්නේ. තව ඉදිරියේදී මේ දැනුම අළුත් කරගෙන ආයෙත් මේ ගැන ලියන්නම්.

මුස්ලිම් වරුන්ගේ ආගම ඒ කියන්නේ ඉස්ලාම් ආගම අදහන අය සාමාන්‍යයෙන් දවසට පස් වතාවක් දෙවියන් නමැදීම කරනවා. ඒ වාගේම පල්ලියේ යාතිකා කරන්නත් වේලාවක් තියෙනවා. මේ වේලාව සාමාන්‍යෙයන් විනාඩි 15ක් විතර එක් වතාවකට විදිහට දවසට පස් වතාවක්. සිකුරාදා දිනයට විතරක් මේක වෙනස් වෙනවා. මොකද එදාට විශේෂ ආගමික පණිවිඩ වෙනුවෙන් සියළු මුස්ලිම්වරු පල්ලියට එනවා. අවුරුද්දේ මේ දවස්වල නෝම්බි අල්ලනවා ඒ කියන්නේ fasting කරනවා. මේ දේ එයාල කරන්නේ දෙවියන් වෙත තියෙන බය පක්‍ෂපාතී බව පෙන්වන්න. ඒ වාගේම ඇති අය දුප්පතුන් වෙනුවෙන් කෙරෙන මේක තමා එයාලගේ අවුරුද්ද.

මුස්ලිම් ධර්මයේ දෙවියන්ගේ පණිවිඩය ගෙන එන්නේ ශුද්ධවු කුරාණය විදිහට. කුරාණයේ හැටියට මේ ගතකරන ජීවිතය කියන්නේ එයාලට තාවකාලික නවාතැනක් විතරයි. මරණයෙන් පස්සේ ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා හැම කෙනාටම දෙවියන් ඉදිරියේ විනිශ්ච දිනයක් හා අවස්ථාවක් හම්බෙනවා. ඒ වෙලාවේදී ජීවිතයේදී කෙරෙන සියළු හොඳ හා නරක දේවල් ගැන ප්‍රශ්ණ කරන බවත් ඒ අවස්ථාවලදී කල නරක දේ සඳහා දඬුවම් නියම වන බවත් ප්‍රකාශ වෙනවා. මේ සියල්ල අවසානයේ දෙවියන් ඔවුන්ව ඔවුන්ගේ සදාකාලික නවාතැන වන ස්වර්ගයට ගන්නා බව ශුද්ධ වූ කුරාණයේ සඳහන් වෙනවා.

නෝම්බි වලදී කෙරෙන්නේ උදේ පාන්දර  4.30 වෙද්දී කෑම අරගන්නවා. ඊට පස්සේ පැය 12ක පමණ කාලයක් පුරාවට ආහාර ගැනීමෙන් වැලකී සිටිනවා. මේ කාලය පුරාවට ආහාර ගැනීම සිදුකරන්න ශුද්ධ වූ කුරාණයේ අවස්ථාව දීල තියෙන්නේ දීර්ඝ ගමන් යෙදෙන්නන්, ගැබිණි මාතාවන්ට හා කිරිදෙන මව්වරුන්ට පමණයි. මේ දේ කරන එක ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට විශාල ලෙස උපකාරීවන බව අළුත් වෛද්‍ය විද්‍යා පරීක්‍ෂණ වලින් පෙන්වා දීල තියෙනවා. පැය 12කට පස්සේ ඔවුන් එකට එකතුවෙලා පල්ලියේ හරි විශේෂ ස්ථානයක හරි එකතුවෙලා ආහාර ගන්නවා. මේ ආහාරය කන්ජි නමින් හඳුන්වන කැඳ වර්ගයක් හා රටඉඳි, පළතුරු හා බීම වර්ගයකින් ආරම්භ කරල ඊට පස්සේ දෙවියන් නැමැදීමක් කරනවා. ඒ අතරතුර විශේෂ පණිවිඩ ඔවුන් වෙත දැනුම්දීම කරනවා. ඊටත් පස්සේ තමා නියම විදිහට ආහාර ගන්නේ. මේ ආහාරය සියළු පෝෂක රැගත් ආහාරයක් හැටියටයි සාමාන්‍යයෙන් සකස් කරන්නේ. 




මටත් මේ දේ අත්දකින්න කීප වතාවක් අවස්ථාව ලැබුණා. ඒ අපේ උපකුලපතිතුමාට පින්සිද්ද වෙන්න පළවෙනි වතිවටත්, ලඟම තියෙන පල්ලියට පින්සිද්ධ වෙන්න දෙවනි වතාවටත් ඊට පස්සේ කීප වතාවකුත් මම ඉන්න විශ්ව විද්‍යාලය හා ඒ අවට පරිසරයට පින්සිද්ධ වෙන්න හොඳට කන්න හම්බුනා. මේ අවස්ථාව තවත් විශ්ව විද්‍යල වල අයට ලැබෙනවා ඇති ඒත් අපිට තරම් විශාල ලෙස නම් නෙවෙයි. ඒ වාගේම අපි වෙනුවෙන් එයාල එයාලගේ පණිවිඩ සිංහල භාෂාවෙනුත් ඉදිරිපත් කරන්න තරම් කාරුණික වුනා. තව තවත් දේ ලිපිය වෙනුවෙන් තිබුනත් විභාගය නිසා මට ඒ දේ හරියට පෙලගස්වා ගන්න අමාරුයි. අවස්ථාව ලද වෙලාවක ලිපියේ දෙවන කොටසක් විදිහට හරි ඒ දේවල් දාන්නම්. එතකන් සියළු දෙනාට බායි.....!
 

 තවදුරටත් මුස්ලිම් ආගම ගැන දැනගන්න සිංහලෙන් මුස්ලිම් අය ගැන තියෙන මේ අඩවිය බලන්න.


5 comments:

  1. ඔය සංස්කෘතිය දාන ගමන්ම ඔය කාලකන්නි ජාතියෙ කුම්මැහි වැඩත් දැම්ම නම් තමා හොද...

    ReplyDelete
  2. ලෝකේ විනාශ කරන ජාතිය තමයි මුස්ලිම් කියන්නේ.
    එව්වා ගැනත් දානංකො.
    දැන් නැගෙනහිර වෙන දේවල් පේනවා ඇතිනේ.

    මේකත් බලලා එන්න

    http://peramunerala.wordpress.com/2011/08/20/soyuriya/

    ReplyDelete
  3. කාගෙවත් සස්කෘතියක් හෙළා දකිනවට වඩා අපිට ගන්න පුලුවන් ආදර්ශයක් ඒකෙන් ගන්න එක වැදගත් වෙනවා කියලයි මට හිතෙන්නේ. ඔයාගේ මේ අත්දැකීම් අපිත් එක්ක බේදා ගත්තට හුඟාක් ස්තුතියි.

    ReplyDelete
  4. මල්ලි මම හිතනව ඔයා මේ පැත්තට ඇවිත් එච්චර කාලයක් ගත වුනේ නැති හින්දා ඔයාට ඒ තරම් අත්දැකීම් නැතුව ඇති. ආත්මාර්ථය,අන් ආගම් පහත් කර සැලකීම, හැමවෙලාවෙම මුස්ලිම් කියලා වෙන් වෙන කට්ටියක් තමයි ඔය. විශේෂයෙන්ම මේ පැත්තේ.
    වැඩි පුර ඕනේ නම් just google පෙරමුණේ රාළගේ අටුවාව & Faithfreedom.org
    තව ටික කාලයක් ගියාම තේරුම් ගනියි. ඔයාලගේ batch 1 කට්ටිය අඩු නිසා සමහරවිට දැනෙන එකක් නැහැ.
    කොහොම වුනත් ඔයාගේ බ්ලොග් එකට සුභ පතනවා
    ගැටයා.

    ReplyDelete
  5. //නම් කිරීම්: බෙලි කැපෙන ඇත්ත, හැමෝටම දැනගන්න, හිතන්ට// බෙලි කැපෙන ඇත්ත ලියලා නෑනෙ සහෝදරයා?

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!