ආදායම, වියදම එක්ක ජීවිතය

ලෝකෙම දිනන්න
යන්නේ කොහේටද?










දැන් ලියවෙන මේ ලිපිය ලියැවෙන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් කරන වැඩ මතක් වෙලා. මේ දේ කරන අය නම් ඉන්නේ දෙන්නෙක් විතරක්ම නෙවි. මේ දෙන්නාම වියදම් පාලනය නොදන්නා නිසා පීඩා විඳිනවා. පළවෙනියටම හැමකෙනෙක්ම හිතන්න ඕන දෙයක් තමා තමන්ගේ ආදායම කොච්චරක්ද කියල. ඒකෙන් තමා තමන්ගේ වියදම තීරණය කරගන්න පුළුවන්. හිතන්න තමන්ගේ ආදායම පුංචි අගයයක් කියල. මාසෙකට රුපියල් 15000ක පඩියක ඉඳල රුපියල් 50000කට වැඩි පඩියක් වෙනකන් ආදායම් සහිත පවුල් ලංකාවේ තියෙනවා. මෙතනින් රුපියල් 15000ක් විතර හම්බ කරන කෙනෙක් විවිධාකාර මෝස්තර, ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට අසීමිත විදිහට වියදම් කරනවා නම් මොනා වේවිද? හිතන්න. මාසිකව මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම් වගේ දේවල් වලට අයින් කරාම ඉතිරියත් විවිධ දේ සඳහා වියදම් කරොත් අනාගතයට ඉතිරියක් නැහැ වගේම රටටත් ණය වෙන්න වේවි. තමන්ට වියදම් කරල ඉතිරියත් කරල තවත් තියෙනවානම් උදව් කරන්නකෝ නැති බැරි කෙනෙකුට. ඒක ගොඩක් වටීවි තමන්න නැති බැරි වුන කාලෙක.
ඉතිරිය සඳහාමද?
දැන් දෙන්නම් උදාහරණයක් විදිහට එක යාළුවෙක් ගැන. (සාමාවෙයන්! මේක සමහර විට ඔයත් කියවනවා ඇති කොල්ලෝ. දැන් වත් හිතන්න මේ කියන්නේ මම ගැන නේද? දැන්වත් හැදෙන්න ඕන කියල.) මට උදව් කර මිත්‍රයෙක් හැටියට මම මේකාට කිව්වා "උඹ හම්බ කලාට කිසි ඉතිරියක් නැහැනේ. ටිකක් ඉතිරි කරන්න පුරුදු වෙයන්" කියල. මේකා කියාපි "කොයිදේ කරන්නත් අද කාල ඉන්න එපැයි. හෙට ඉඳන් ඉතිරි කරනවා" කියල. ඒත් ඉතින් මේකාට හැමදාමත් "බාලගිරිය අද නෙවේ හෙට" කියන්න වාගේ තමා. (නොදන්න අයට කියන්නේ බාලගිරිය අද නෙවේ හෙට කියන කතාව ඇවිත් තියෙන්නේ මෙහෙම. ඒ කාලයේ හිටපු බාලගිරි නමින් හැඳින්වෙන යක්‍ෂයෙක් ලමයින් ගෙනියන්න ගෙවල් වලට එන්න වුනා. ඒකා එන කොට ඒකාට පේන්න ගෙවල්වල බාලගිරිය අද නෙවේ හෙට කියල ලියල තියන්න වුනා. ඒක කියවන යකා ඊලඟ දවසේ එන්නේ ලමයා ගෙනියන්නම හිතාගෙන. ඒත් එදාටත් ඒක හෙටම තමා.) 

කාලයකට ඉස්සෙල්ලා මම හම්බ කරන කාලේ මම ඉගෙනීම කරන ගමන්ම මාසෙකට රුපියල් 8000ක් විතර හොයද්දී ඒකා රුපියල් 20000ක් විතර හොයනවා. මම ලක්‍ෂයක් ඉතිරි කරද්දී ඒකා ගාව රුලියල් 100ක්වත් ඉතිරි කරල නැහැ. ඒතරම් වියදම් කරන්නේ මොනවටද කියල එයාවත් දන්නේ නැහැ මම හිතන්නේ. මේකාගේ තාත්තා නෑ. අක්කල තුන්දෙනයි දෙන්නෙක් බැඳල. දවසක් බැනල බැනලම රුපියල් 2000ක් බැංකුවට දැම්මෙව්ව ඉතිරි කරපන් කියල. එදා හවසම ඒක ගත්තේ ලස්සන ඇඳුමක් කඩේක තියෙනව දැකල ඒක ගන්න. දැන් මාසෙකට 20000ක් විතර හම්බ කරත් තාමත් පුරුදු විදිහටම ඉතිරය නම් බිංදුවයි මම හිතන්නේ. කොණ්ඩෙට 2000යි, කෑම බීම ඇඳුම් පැලඳුම් හා ගමන් බිමන් වලට වියදම් වුනාම සතයක්වත් ඉතිරි වේවිද? හැබැයි ඉතින් ඉතිරියේ වටිනාකම තේරෙන්නේ නම් තමන්ට කරදරයක් වුන දාට තමා. මෙහෙම වැඩ කරොත් නම් එදාට දෙවි පිහිට තමා.
ලොකයයි සල්ලියි

සැලසුම් කරන්න
ඉතිරි කරන්න
 තවත් එකෙක් ඉන්නවා ඒකා අතේ වියදම් කරන්න සල්ලි ඇත්තෙත් නෑ. කීයක් හරි අතට හම්බුනොත් වියදම් කරන්නත් ක්‍රමයක් හොයාගෙනම තමා එන්නේ. හැබැයි ඒකාගේ හොඳක් තියෙන්නේ වියදම් කරන්නේ අනවශ්‍ය දේටම නෙවි. අත්‍යවශ්‍ය දේට් නෙවි. මාසේ කොහොම හරි යාළුවන්ට ණය වෙලා හරි ගතකරත්, හම්බෙන ශිෂ්‍යත්වය හා අනෙකුත් මුදල් වලින් ණය ගෙව්වාම ඉවරයි. ආයෙත් පුරුදු විදිහටම ණය ගන්නවා. අඩුගානේ මාසෙකට රුපියල් 100ක් වත් ඉතිරි කරනවානම් අනාගතේ යමක් කරන්න පුළුවන්. මම කියන්නේ එකපාර වෙනස් වෙන්න නෙවේ.  ටික ටික හරි වෙනස් කරන්න ඕන. ඒ දේ දැන්ම කරොත් අනාගතේදී වත් හොඳ විදිහට ඉතිරි කරන්න වාගේම වියදම් පාලනය පුරුදු වේවි. නැත්තම් ඉතින් හම්බකරන කාලෙකත් ඕකම තමා වෙන්නේ. 
ටිකක් හිතන්න. ඉගෙන ගන්න කාලේ ගෙදරින් හම්බෙන හැම සතේම වියදම් කරන්නේ නැතිව කීයක් හරි ඉතිරි කරොත් කවදා හරි දවසක යමක් ස්වාධීනව ආරම්භ කරන්න පුළුවන්. ඒ දවසේදී තමන්ම ඒ දේ කරද්දී දෙමාපියෝ වුනත් කොච්චර සතුටු වෙයිද? මැදිවියේ ඉන්න අය දැන් හිතන්න එපා අපි ඉගෙන ගෙන ඉවරයි අපිට ඕව අදාල නැහැ කියල. ඔයාලටත් අදාලයි. ඒ වාගේම මේ දේවල් හොඳින් සල්ලි තියෙන අයටත් වලංගුයි. ඒ අයත් පාලනය නිසි ආකාරයට නැත්තම් ඉක්මනින්ම කිසිදෙයක් නැත්තෙක් වෙන්න පුවවන්. පාලනය කරන්න ඔයාල පුරුදු වුනොත් සල්ලිකාරයන්ට ඔළුව පහත් කරන්නේ නැතිව යමක් කරන්න පුළුවන් වාගේම ඒ දේ කරන්න ඔයාලගේ දරුවො වුනත් පුංචි කාලෙදිම පෙළඹෙනවා. හරියට මේ මම වගේ. ඒ නිසා අදම සැලසුම් කරන්න තමන්ගේ ආදායම බලල ඒකට හරියන්න වියදම් හා ඉතිරි කිරීමේ ක්‍රමයක්. ඒක ජීවිතය කඳුලක් නැතිව සාර්ථකව ගත කරන්න මහඟු පිටිවහලක් වේවි.
ජීවිතය සතුටින් ගෙවන්න

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!