නවක වදය හා නායකත්ව පුහුණු වැඩසටහන

එස්. බී. දිසානායක පටන් ගත්ත නායකත්ව පුහුණුව මොකක්ද කියන එක කාටත් ගැටළුවක් වුනා වගේම කාගේත් කතා බහට ලක්වුන මාතෘකාවක් වුනා. ඇත්තෙන්ම මොකක්ද මේ නායකත්ව පුහුණුව?

 මේකෙන් කරන්නේ විශ්ව විද්‍යාල වලට එන නවක සිසුන් සඳහා තනිව වැඩ කිරීමට හා තනිව තීරණ ගැනිමේ හැකියාවක් ලබා දීම. ඒත් මේ පුහුණුවෙන් කරන්නේ කුමක්ද යන්න සෙවිමට මමත් පටන් ගත්තේ මමත් විශ්ව විද්‍යාලයයේ පළමු වසර සිටිද්දී. ඇත්තෙන්ම මේකෙන් කරන්නේ නීත්‍යානුකූල විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට නවක වදය ලබාදීම. මුලින්ම ලමයිනට දෙනවා දේශණ කුමක් සඳහාද ලමුන්ට මේ කරන දේ ගැන වැරද්දක් නොපෙනෙන්න වාගේම මේ කරන දෙය තමන්ගේ අනාගතයට අතිශයින් ප්‍රයෝජනවත් බව පෙන්වන්න. විශ්ව විද්‍යාල නවක වදයේදී තෙලක් බෙදනව කියක කොරන්නෙත් ඕකම තමා. මෙතන වෙනස විශ්ව විද්‍යාල වල ජේෂ්ඨයන් කරන දෙය හමුදා නායකයෙකු විසින් කරන එක විතරයි. ඉන්න මම මුලින් කියන්නම් විශ්ව විද්‍යාල වල රැග් හෙවත් නවක වදය කියන්නේ මොකක්ද ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියල ඔයාලට කියා දෙන්න. මේ දේවල් කියන එක නම් එච්චර සුදුසු නැති වුනත් හැමෝම දරන් ඉන්න වැරදි මානසිකත්වයෙන් එලියට ගන්න නම් මේ දේ කියන්නම වෙනවා.

මුලින්ම කියන්න ඕන මේ දේ ලියද්දී මමත් විශ්ව විද්‍යාල දෙවන වසර සිසුවෙක්. ඒ වාගේම විශ්ව විද්‍යාලයයට එන විට නවක වදය ඕන කියාගෙන ආව කෙනෙක්. ඒ නිසා තමා මම මේක කියන්න හිතුවේ. රැග් එක කියන්නේ මොකක්ද? මේක හැමෝම කතාවෙන හැමෝම බය වෙන මාතෘකාවක්. මුලින්ම රැග් එකේ බලාපොරොත්තුවක් තමා අළුතින් එන අය විසින් පැරණි අය වෙත ගෞරව කරන්න පුරුදු කරන එක. මේ දේ කරන්නේ අපිට වෙන ගෞරවයක් බලෙන් ලබා ගන්නවත් අද හෙට වගේම හැමදාටමත් ජේෂ්ඨයන්ට ගෞරව කිරීම පුරුදු කරන්න. ඇත්තෙන්ම නවක වදය නිසා කණ්ඩායම අතරේ කණ්ඩායම් හැඟීම හා කණ්ඩායම වෙත ඇති ලැදියාව වර්ධනය වීමක් සිද්ධ වෙන බව නම් ඇත්තක්. නවක වදයේ මුල්ම පාඩම තමා පාවා නොදීම නොකල යුතුයි කියන එක. ඒ වාගේම මොනදේ වුනත් මුලින්ම තමන්ගේ විශ්ව විද්‍යාලයය දෙවනුව තමාගේ කණ්ඩායම තෙවනුවත් තමන්ගේ කණ්ඩායම කියනදේ මතක තබා ගත යුතු කරුණක් කිරීම. මේ දේ පළවෙනි පාඩම තියෙන්නේ කිසිම දවසක තමන්ගේ ප්‍රධානියන් ජේෂ්ඨයන් හෝ වෙනත් වග කිවයුත්තන් තමාගේ වැරදි සඳහා පාවා නොදීම සිද්ධ කරන්න. මේක සෑහෙන වැදගත් වන්නේ අපි සිංහලයන් නිසා හෙලයන් නිසා. ලොකයේ මහා පාවාදීම ආරම්භ වෙන්නේ හෙලයන්ගෙන් නිසා. ඒ මහා රාවණා රජ්ජුරුවන්ව වීභීෂනයන් විසින් යුද්ධයේදී පාවාදීම. ඒ වාගේම හැම විටම තමාගේ විශ්ව විද්‍යාලයයේ ගෞරවය ආරක්‍ෂා කර යුතුයි කියන එක. ඒ වාගේම හැම විටම තමාගේ කණ්ඩායමේ ගෞරවය එකමුතුකම ආරක්‍ෂා කරගත යුතුය කියන දෙය. මේ දේ නිසාවෙන් තමා විශ්ව විද්‍යාලය තුල යමක් කෙරෙන්නේ. මේ එකමුතුකම නිසාවෙන් තමා සියළු පොදු කටයුතු සාර්ථකව කෙරෙන්නේ. 

නවක වදය කියල දෙන ශාරීරික වද හිංසා වලට නම් අපි මුල්තැනක් දෙන්නේ නැහැ වාගේම කිසිම හේතුවක් නිසාවක් කනිෂ්ඨයකුගේ ශරීරය ස්පර්ශ කිරීම අපි කරන්නේ නැහැ. මේන නම් අපි අතර රීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ දේ කරන්නේ වැරදීමකින්වත් අපි අතින් ශාරීරික හානියක් නොවෙන්න වග බලාගන්න. මේ සියල්ලන්ගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයට යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ ගෞරවය හා  අනන්‍යතාවය තහවුරු කිරීම. ඒ වාගේම මේ ජේෂ්ඨයන් කියන කරන දේට විරුද්ධ වෙන්නන් වෙනුවෙන් නිමවුනු දඬුවම් පවා තියෙනවා. මනෝ පුටුව, අඟල ගැසීම, හීටර ගැසීම වාගේ විවිධාකාර දඬුවම් තියෙනවා. මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ එකම වැරැද්ද කීප වරක් කරන්නන් වෙනුවෙන්. ඒ වාගේම තමාගේ කණ්ඩායමේ සියල්ලන්ගේම නම, ගම, පවුලේ විස්තර දැන මතක තබා ගැනීමත් කල යුතු වෙනවා. මේ දේ කරන්නේ මතක තබා ගැනීමේ ක්‍රමවේදය පුරුදු කරන්න වාගේම තමන් සමඟ සිටින්නන් පිලිබඳ හොඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින්.  ඒ වාගේම කනිශ්ඨයන් ලවා ගීත ගායනා කරවීම, නිසඳැස් කෙටි කතා ලියවිම වාගේ දේවලුත් කරවන්නේ ඔවුගේ දක්‍ෂතා හඳුනා ගැනිමේ අරමුණින්.

අනික තමා මේ සියල්ලම නිසා කණ්ඩායම් හැඟීම වර්ධනය වෙන එක. මේ දේ ඇත්තක්. හිතන්න තමා එක්ක එක බත් එක බෙදාගෙන කාපු, තමා කල වැරැද්දක් වෙන්වෙන් නිහඬවම දඬුවම් විඳපු, තමාට නැති බැරි අසනීප වුනු වෙලාවෙ තමන් ලැන බලපු විතරක් නෙවි තමන් සමඟ එකට රැග් වුන තමන්ගේ යාළුවා වෙන්වෙන් ඕනම දෙයක් කරන්න කැපවුන කණ්ඩායමක් තමා ලැබෙන්නේ. මේ දේ තමා හෙලයන්ට මෙතෙක් නොතිබුනු දෙය. මේ දේ තිබුනානම් අපේ රට විදේශ ආක්‍රමණිකයන්ගෙන් හෝ අන්‍යාගමිකයන්ගෙන් පිරෙන්නේවත් ඒකට ඇතුල් වෙන්නවත් ලැබෙන්නේ නැති ස්වාධීන රාජ්‍යයක් විදිහට නැගිටුන රටක් වෙනවා. දැන් කරන්න හදන්නේ එහෙම නැගීසිටින්නන් නැති කරන එක බව නම් ප්‍රසිද්ධ රහසක්.
දැන් බලමු මොකක්ද මේ නායකත්ව පුහුණු වැඩසටහන කියන්නේ මොකක්ද කියල. මේ දේ ඇත්තෙන්ම මම මුලින් කිව්වා වාගේම නීත්‍යානුකූල විදිහට නවක වදය ලබා දීම කිව්වොත් තමා හරි. මමත් මේකේ සමාරම්භක උත්සවයට හා පලමු කණ්ඩායමේ විසිර යාමේ උත්සවය යන දෙකට සම්බන්ධ වුනා. ඒක සිද්ධවුන හැටි නම් කියන එක ඒ උදවියට හොඳ නැහැ. කොහොම උනත් කියන්න තියෙන්නේ මුලින් ආපු කට්ටිය නෙවේ පිටවුනේ නම්. ඒ අය කතා කල දේවලින් පෙනෙන්නේ රජයට ගැති අපි කියන මානසිකත්වය කුඩා කණ්ඩායමක් සඳහා විතරක් හෝ අපි කියන දේ වෙනුවට මම කියන්නන් වැඩි ප්‍රමාණයක් බිහිවි ඇති බව තමා පෙනුනේ. මේ දේවල් වලින්වෙන්නේ විශ්ව විද්‍යාල වල කල්ලි ගැසීම නැතිවෙන එක ඒ දේ වෙනවිට වාසි වෙන්නේ නම් රජයට බව පැහැදිලි කරුණක්. අපි ඔක්කොම අල වෙලා ඉමු. අපිට ජේෂ්ඨයො ඕන නැහැ කියන එක ලමයින්ගේ මනසට දීල ඔවුන්ව වෙනස්ම පුද්ගලයන් පිරිසක් කරන්න ගත්තු උස්සාහයක ප්‍රතිපල තමා මේ තියෙන්නේ.

කියන්නම් මොකෙක්ද මේ අලයෙක් කියන්නේ කියල. අල කියන්නේ අත්හරින ලද්දන් කියන එක. ඔවුනට විශ්ව විද්‍යාලයේ කිසිම පොදු දෙයක අයිතියක් නැහැ වාගේම එවැනි දේ සඳහා සම්බන්ධ වීමේ අයිතියත් නැහැ. දැන් එමු ආයෙ කතාවට.

මේ දේවල් වලදී ලමයි උදේ පාන්දරම නැගිටල ව්‍යායාම කරවනවා. ඊට පස්සේ දේශන තියල නැවත හවසට පිට්ටනි වල දාගෙන අහිංසකයන්ව මරවන එක තමා කරේ. මේ දේවල් ලමයින්ගේ කටින්ම අහන්න මට අවස්ථාව ලැබුනත් ඔවුන් ඒ ගැන කතා කරේ තරහකින් නෙවේ. කඳු නැගල, මඩ වලවල් වල එරුනු වාහන ගොඩ දාන්නත් මේකෙ පුරුදු කරේ මොනවටද කියල දන්නේ දෙයියොත් නෙවේ එස්. බී. ම තමා. ජේෂ්ඨයන් නැතිව අපිට පුළුවන් කියන එක ඉපදුනු ගමන් පොඩි එව්වන්ට අම්මා තාත්තා නැතිව හැමදේම ඉගෙන ගන්න පුළුවන් කියන්නාක් වගේ කතාවක්. අළුතින් ආපු එව්වො පරීක්‍ෂණයක් ලියන්නේ කොහොමද, දේශන සටහන් ලියන්නේ කොහොමද කියන දේවල් වල ඉඳන් විභාගයකට උත්තර ලියන්නේ කොහොමද කියන දේ වෙනකන් දැන ගන්නේ මේ ජේෂ්ඨයන්ගෙන්ම තමා.

කොහොම වුනත් මේකේ හොඳ නරක කියන එක ඇඟටනම් ගුණ වෙන්නේ නෑ කියන එකත් තව ඇත්තක්. ජීවිතං අනියතං මරණං නියතං කියල කතාවටත් කියනවානේ. මොනා වුනත් මම නම් කියන්නේ නවක වදය කියන දේ විශ්ව විද්‍යාල වලට අවශ්‍යයයි යම්තාක් දුරට. ඒ වුනත් ඒක ශාරීරික වද හිංසා වලට හෝ අන්තවාදී විදිහට දීමක් නොවෙයි නම් තමා හොඳ.

වටිනවා දානවානම් කොමෙන්ටුවක් විදිමට ඔයාලගේ අදහසත් විවෘතවම.

සමාජයික ජාලයන් හා මූණුපොත...!(Social Networks & Facebook)



මුලින්ම බලමු මොකක්ද මේ සමාජයික ජාලයක් හෙවත් social network එකක් කියන්නේ මොකක්ද කියල. social network කියන්නේ තනි තනිව ගත් පුද්ගල කණ්ඩායම් විශේෂිත කණ්ඩායම් විදිහට වර්ගීකරණය කරල සම්බන්ධ කරන එක. මේ social networks ඔබට අවශ්‍ය නම් වැඩකරන ස්ථානයේ, විශ්ව විද්‍යාල වල පුද්ගලයන් එකට සම්බන්ධ කරගැනීමටත් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි social network එකක් හදනවා විශ්ව විද්‍යාල සඳහා. ඒක ලංකාවේ සියළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරේ ජනප්‍රිය කරොත් අපිට විශාල වාසියක් ලැබෙනවා ඉගැන්වීම් හුවමාරු කරගන්න වගේම අළුත් දේවල් ඉගෙන ගන්න.

මෙතැනදී අනිත් අයගේ profile කියවන්න වගේම අනිත් අය සම්බන්ධ කරගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඒ වාගේම ඒක සියළු රටවල්, ජාතීන්, ආගම් වලට විවෘතව පැවතිය යුතුයි. වාගේම ඒ සියළු දෙනා සමඟම මිතුරු සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව තිබිය යුතුයි. මේ social network වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ රාශියක් තියෙනවා වුනත් ලංකාවේ නම් ඒ දේවල් ගන්න අය නම් අඩුයි. ඉගෙනීම. සමාජ දැනුම, අන් අයගේ රුචි අරුචිකම් වාගේම යම් දෙයක් බහුතර මතයන් දැනගන්නත් පුළුවන් වෙනවා.

දැන් දෙන්නම් social networks ටිකක් ගොඩාක්ම ප්‍රචලිත ඒවායින්. Facebook(මූණු පොත), Twitter, Linkedin, MySpace, Ning, Google Plus+, Tagged, orkut, hi5, myyearbook, Meetup, badoo, bebo, mylife, friendster. මේ තමා 2011 නොවැම්බර් මාසයේ සංගනන අනුව ගොඩාක්ම ප්‍රචලිත වෙලා තියෙන social networks ටික. මේ හැමදේකින්ම අද උඩින්ම ඉන්නේ මූණු පොත. ඇත්ත අර කතාවක් තියෙන්නේ මෙහෙම.

ගොඩක් ඉස්සර ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර ඇඩ්රස් එක දෙනවද? 

පස්සේ ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර phone number එක දෙනවද?

දැන් ගෑනු ලමයගෙන් අහනවා

             Facebook ඉන්නවද?

මේ  තරමටම අද මූණු පොත පුද්ගලයන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා.
 මූණු පොතේ නිර්මාණයේ අරමුණ තමා ලෝකය වටේම ඉන්න විශේෂඥ දැනුම සහිත පුද්ගලයන්ගේ දැනුම හුවමාරු කරගැනීම හා ඔවුන් හඳුනා ගැනීම. ඒක මොන පැත්තක් සඳහාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ වාගේම පුද්ගලයන්ගේ සමාජ රටාවන් හා හැකියාවන් බෙදාගැනීමත් බලාපොරොත්තු වෙනවා.

මූණුපොතේ වාසි ගොඩක් වගේම අවාසිත් තියෙන බව නම් දැන් හැමෝටම අමතක වෙලා වගේ. මෙන්න වාසි. පරණ හා අළුත් මිතුරන් සොයන්න දෙන අවස්ථාව, තොරාගත් විශ්ව විද්‍යාල සඳහා උසස් ආරක්‍ෂාවක් ලබාදීම, නොදන්නා පුද්ගලයන් හෝ කණ්ඩායම් සඳහා වුවත් අපහසුවකින් තොරව සන්නිවේදන හැකියාව ලබාදිම, රුචි අරුචිකම් අනුව කණ්ඩායම් සාදාගැනීමේ හැකියාව. මෙන්න අවාසි. ගොඩාක් පුද්ගලයන් සම්බන්ධ වීම, ව්‍යාජ නම් වලින් පෙනී සිටිම, ඇබ්බැහිවීමේ අවධානම. 


මේ අවාසි වලින් ගොඩාක්ම බලපාන්නේ මේ ඇබ්බැහි වීම කියන එක. දැනට ලංකාවේ විතරක් නෙවේ ලෝකයේම රටවලට ගැටළුවක්. මේ social networks වලට ඇබ්බැහිවීම නිසා විශාල ප්‍රමාණයෙන් අන්තර්ජාලය සඳහා වන වියදම වැඩිවෙනවා විතරක් නෙවෙයි ජාලයන්ගේ වේගය අඩාල වීමත් සිදුවෙනවා. මේ හැමදෙයින්ම සිද්ධ වෙන්නේ රටකට වැඩක් කරන්න දැනුම ලබන හා දැනුම බෙදාහරින්නන් අඩුවෙන එක. මේ මූණු පොත නිසා ලංකාවේ ගොඩක්ම පාසල් ශිෂ්‍යයන් ඉගෙනීම අත්හැරල තියෙනවා. ඒ වගේම අමතර පන්ති, පාසල් යාම විතරක් නොවේ නිවසේදී කල පාඩම් කටයුතු වලින් පවා බැහැරව මූණුපොතට හෙවත් facebook එකට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ දේ නිසා සියදිවි හානිකරගැනිම් පවා වාර්තා වෙලා තියෙනවා. ඒ මූණු පොත හරහා කෙරුණු අනියම් ආදර සම්බන්ධතාවයක් ස්වාමිපුරුෂයාට හසුවීමෙන් කාන්තාවකුත්, ආදරවන්තයා හැරහිය වෙලාවක ඒ සොවින් සියදිවි නසාගත් ශිෂ්‍යාවක් විතරක් නෙවෙයි තවත් එකී මෙකි නොකී තවත් අවස්ථා ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට වක්‍ර විදිහට දෙමාපියනුත් වග කියන්න ඕන. ඒකට හේතුව තමන්ගේ දරුවන්ට සම්පත් ලබාදිම විතරක් කරල ඒ සම්පත් ප්‍රයෝජනයට ගන්නේ කුමක් සඳහාදැයි සොයා බැලීම නොකරනවාට.

මේ දේවල් ඇත්ත නේද?

මේ කියන්න යන්නේ සාමාන්‍යයෙන් දැනට ගොඩාක් විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් හා විභාග කටයුතු කෙරෙන විදිහ ගැන. (මම විඳල සහ අහල තියෙන විදිහට) ගොඩාක් වෙලාවට කෙරෙන්නේ දේශකයන් දේශන තියද්දී අපේ අය ඒකෙ තියෙන ටික කොපි කරගන්නවා. සමහර දේශකයෝ දෙන්නේ සමුද්දේශ (Reference)  විතරයි. ඒකත් හොඳා කියමුකෝ. ඒත් මෙතන පුංචි වැරද්දක් වෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපිට ලැබෙන ඒ පාඩම් සටහන් හා සමුද්දේශ ආශ්‍රයෙන් අපි කරන්නේ සම්පූර්ණ සටහනක් හදාගන්න එක. ඊට පස්සේ ඒක දිහා ආයෙත් බලන්නේ වර්ශාර්ධ (Semester) අවසානයේ තමා. ඒ වෙලාවේදී කොහෝම හරි කරල ගිරව දාගෙන විභාගෙ ලියනවා. විභාගෙට දවසකට පස්සේ ඒ ලියපු දේවල් ගැන විස්තර ඇහුවත් කියාගන්න නම් බෑ. හැබැයි රටේ අනාගතේ ගොඩක් දේවල් කරන්නේ ඔය පාඩම් කරන තියරි වලින් නෙවේ කියන එක තේරුම් ගන්න ඕන. ඇත්තටම විභාග ටික පාස්වෙන්නේ නම් ගිරව් දාන්න පුළුවන් වෙච්චි එවුන් ටික විතරයි.මේක තමා අද අපේ රටේ ඉගෙනීමේ තත්ත්වය.
ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල් නිතරම ප්‍රායෝගික දේවල් මත ගොඩාක් පදනම් වෙන නිසා තමා ඒ රටවල් දැන් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අපේ පාසල් ගුරුවරු හා අමතර පන්ති කරන ගුරුවරු ගොඩාක් කියන්නේ හා කිව්වේ "මේ කාලෙ තමා ඔයාලට අමාරුවෙන් ඉගෙන ගන්න, පාඩම් කරන්න තියෙන්නේ. විශ්ව විද්‍යාලයේ ගියාම එහෙම නෑ කියල" ඒත්  ඇත්ත නම් ඒක නෙවෙයි විශ්ව විද්‍යාල පාඩම් කිරීම් ඊට වඩා අමාරුයි. මැකෝ ගිරව් තමා දාන්න වෙන්නේ. දැන් කෙරෙන ක්‍රමය අනුව නම් ප්‍රායෝගිකව දක්‍ෂයන්ට කිසිම තැනක් ලැබෙන්නේ නැහැ වගේම අනාගතයේ රැකියාවන් සඳහා ගියාම ඔවුන් කරන්නේ සාම්ප්‍රදායික දේවල් විතරක්ම වෙන දේ තමා කණගාටුවටම කරුණ.

ඒ වාගේම තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ කිසිම අළුත් නිර්මාණයක් නොකෙරෙන එක. ඒකටත් හේතුව මේ සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවම තමයි. අළුත් දෙයක් හිතන්න නම් පරණ දේවල් ගැනවත් දැනගෙන ඒවා හැදුවේ කොහොමද කියල කරල බලන්නවත් එපැයි.  මේ දේවල් ගැන ඔයාලගෙත් අදහස් දෙනවානම් සෑහෙන්න වටිනවා

මගේ ගමන් බිමන් අටවන කොටස - පතල් කර්මාන්තය දකින්න

මේ කියන්න යන්නේ මගේ විශ්ව විද්‍යාලයේ දීපු කෙටි නිවාඩුවට රත්නපුරයේ ඉන්න යාළුවෙක් බලන්න ගිය ගමන් දැනගත් විස්තරයක්. මේ රත්නපුරේ දෑල නමින් හඳුන්වන ප්‍රදේශය. මේ ප්‍රදේශ වල අයට වතුරෙන් නම් අඩුපාඩුවක් නැහැ. ඒ උල්පත් ජලය නිසා. පැය විසිහතරම විවෘත ජල කරාම තමා තියෙන්නේ. මේ කොළුවාගේ දුප්පත් අගහිඟකම් තිබුනත් ආගන්තුක සත්කාරය නම් ඉහලින්ම තිබුනා. මේ මිතුරාගේ නිවස කන්ද අතරමැද තියෙන්නක්. පහලින් ගඟ ගලන අතර ඊට එපිටන් පෙනෙන කන්න උදෑසනට හා සවස්යාමයට වැසීයන මීදුම නිසා මනස්කාන්ත දර්ශනයක් තමා මැවෙන්නේ. හැබැයි ඉතින් පුංචි රවුමක් දාල එද්දී කූඩැල්ලෙක් එල්ලෙන එක නම් වරදින්නේ නෑ. ඒකට හේතුව දිගටම තියෙන තෙතමනය සහිත බව. මේ ප්‍රදේශවල වැඩිදෙනා රැකියාවන් විදිහට පතල් කර්මාන්තය, තේ හා රබර් වගේ දේවල් තමා කරන්නේ. දැන් කියන්නම් පතල් කර්මාන්තය ගැන පුංචි විස්තර ටිකක් හැමෝටම දැනගන්න.
අවසන් කල පතලක්
පකල් සඳහා කපා දැමූ දැව කොටන්










පතල් කර්මාන්තය කියන්නේ ගොඩක්ම අන්තරාකාරී රැකියාවක්. ගොඩාක් වෙලාවල් වලදී අනතුරු වෙලා ජීවිත හානි සිද්ධ වෙලා තියෙන්නේ දෝනා කඩා වැටීම නිසා. මේ පතල් වලදී මුලින්ම කෙරෙන්නේ ඉල්ලම් ඇතැයි සැක කරන ප්‍රදේශය මධ්‍යයේ හතරැස් ලිඳක් කපන එක. මේ ලිඳට කියන්නේ දොරුව කියලයි. මෙම දොරු තනි කුටීරය හා කුටීර දෙක විදිහට හතර රියන් හා අටරියන් විදිහට තමා සෑරීම් කරන්නේ. මේ පතල් පොල අයිතිකරු අප්පෝ නමින් හඳුන්වන අතර කළමණාකරු, වැඩ ප්‍රධාන හා සේවක විදිහට තුන් මට්ටමක පුද්ගලයන් මෙහි වැඩ කරනවා. සාමාන්‍යයෙන් මැණිකක් හමුවුනොත් විකුණුම් මිලෙන් ලක්‍ෂයකට දෙදහසක් තමා සේවකයෙකුට හම්බෙන්නේ. මිට හමතරව හවුල විදිහට තවත් කොටසකුත් ලැබෙනවා මැණික හමුවුන කෙනාට. කළමණාකරුවන්ට හා වැඩ ප්‍රධානියන්ට ලැබෙන මුදල වැඩි අගයක් වෙනවා.
හතර රියන් දොරුවක්
අටරියන් දොරුවක්
අටරියන් දොරුවක්

දොරුව තුල ලී හරස්කරමින් තට්ටු බඳින අතර ඉහල තට්ටු අතර පරතරය අඩි 2 1/2 හෝ 2 ක් වන අතර පහලට යද්දී අඩියක් හෝ අඩි 1 1/2 ක් විතර වෙනවා. මුලින්ම තට්ටු හෙවත් කට්ටතන් තට්ටු, තට්ටු දෙකක් පහත් කරල ඊට පස්සේ තමා තට්ටුව බැගින් පහත් කරන්නේ. මුල් හරියේදී දවසකට කපන්නේ අඟල් දෙක තුනක ප්‍රමාණයක් විතරයි. ඒ පොළව දැඩි නිසා. ඉල්ලම් තියෙන උපරිමය කියන්නේ මාලාව එනකම් කියලයි කියන්නේ. එතැනින් පස්සේ තියෙන්නේ පාරුගල.  ඒ කියන්නේ ලෝකයේ යා හැකි උපරිම ගැඹුර කියලයි කියන්නේ. දොරුව අවසානයේදී එතැන් ඉඳන් වටේට දෝනා කැපීම ආරම්භ කරනවා. මේ දෝනා ඉඩම පුරාම විහිදෙන අතර ඉල්ලම තිබෙන පැත්තට දොනාව කැපීම වෙනස් කරනවා. ගසක අතු බෙදෙන්න වාගේ දොරුව ඇතුලේ දෝනා කැපීමත් සිද්ධ වෙන්නේ ඉල්ලම විසිරී තියෙන විදිය අනුව. 
ගැරුම් වලක
ගැරීම


තට්ටු දමන්න රබර් ලීත් තට්ටු සවි කරන්න පුවක් හෝ කිතුල් පටිත් දෝනා සවිකරන්න කිතුල් ලී හෝ රබර් ලී යොදා ගැනීම කරනවා. සමහර දොරු තට්ටු 100ක් විතර වෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නේ අඩි තුන්සියයක් විතර. දොරු මුදුනේදී පතුල පේන්නේ නැති තරම් වෙනවා වාගේම පතුලේදී දොරු කට ගිණිපෙට්ටියක් වාගේ තමා පෙනෙනවා කියන්නේ. පතලක් ඇතුලට යන්න ගෙදරින් අවසරයක් ගන්න බැරි නිසා ඒ ඇතුල කොහොමද කියල හරියටම විස්තර කරන්න නම් බෑ. කොහොම උනත් දොරු සෑරීම අවසානයේදී ඒ අතුලට බහින්න කලින් පහනක් හරි පන්දමක් හරි දාල විශ වායූන් තියෙනවාද බලනවා. ඊට පස්සේ දුම් ගහල විශ වායූන් ඩවත් කරල තමා දොරුවට බහින්නේ. සාමාන්‍යයෙන් මුල්ම දෝනාව කැපීම නැකැත් බලල තමා කෙරෙන්නේ. හැම දොනාවක්ම සිඳිම සඳහා නල යොදල ඒවාට සවිකල මෝටර මගින් වලවල් ඉසීම සිද්ධ කරනවා.
පතල් වාඩියක්
ගැරුම් මඩුවක්
පතල් වාඩියක්
ගොඩ දමන ඉල්ලම් පස ගැරුම් මඩුව නමින් හැඳින්වෙන සකසා ගත් කුටීරයකට දමනවා. තවත් ඒ ඉල්ලම් පස ආසන්නයේම ඇති පස වෙනමම ගැරීම සඳහා වෙන්කරල තියා ගන්නවා. සමහර අවස්ථා වලදී දෝනා අවසානයේ නැවතත් දොරු සෑරීම සිදු කරන අවස්ථාත් තියෙනවා. ඉල්ලම් පස් ගොඩ දැමීම අවසාන වෙන්නේ ගැරුම් මඩු එකක් හෝ කීපයක් පිරුනාම. ඒක ගරල අවසානේ තමා අනික සාරන්නේ. ගැරීම සිද්ධ වෙන්නේ හතර රියන් වන හතරැස් ගැඹුර අඩි තුනක් හෝඩ හතරක් වෙන වලක් ඇතුලේ. මෙතැනදී සමහර වෙලාවලදී හමුවන මැණික් ගරන්නන් විසින් සඟවා ගන්නා අවස්ථාත් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට නම් අවංකව රැකියාව කරන්නන් තමා හිඳින්නේ.
දොරුවක් කණිමින්
කෙසේ වෙතත් පඩි ගෙවීමේදී සුමාන සල්ලි නමින් හැඳින්වෙන විදිහට ගෙවන මුදල සතියකට රුපියල් 150ක්ද ආහාර සඳහා විදිහට රුපියල් 200කුත් වැඩ ප්‍රධාන පළවෙනියාට රුපියල් 500ක්ද දෙවැනියාට රුපියල් 1000ක්ද ගෙවීම් කෙරෙනවා. ගොඩාක් වෙලාවට පතන් කැනීම නීති විරෝධී විදිහට කෙරුනත් අවසරලත් පතල් හිමියනුත් ඉන්නවා. තවත් මේ පතල් කර්මාන්තය එක්කම කෙරෙන දෙයක් තමා ගඟ හාරමින් කරන නීති විරෝධී මැණික් ගැරීම. ඒ වාගේම තමයි වැලි ගොඩ දැමීම. මේ දේවල් නිසා නම් වෙන විනාශය ගොඩක් වැඩියි. පතල් අවසානයේ ඒ පතල් අත්හැර දමනවා. කාලයත් එක්ක ඒ ඉඩම් වල ගිලා බැසීම් ඇතිවෙන්නේ දෝනා වල හරස් කල ලි දඬු දිරායාමත් එක්ක.
ගඟ හරහා
පතල් පොල










මම පතල් බලන්න යන වෙලාවේදී හිටියා වයසක මනුස්සයෙක් පොලව හූර හූර. මම ඇහුවා ඇයි ඒ කියල. එතකොට කිව්වේ පුතා, මේ පොලවේ කොතනත් මැණික් තියෙනවා. වාසනාව අනුව උඩ ඇවිත්  තියෙන්න පුළුවන්. ඒදණ්ඩකින් ගඟෙන් එතෙර උන අපි අයිතිකරු එනකන් බලන් හිටියා. ඒ අතරේ තවත් විස්තර අහගන්න පුළුවන් උනා. මේ අය කියනවා උඩින් පොලවේ දුරට වඩා යටින් දුර අඩුයි කියලා. ඒකෙන්ම සනාථ වෙනවා ලෝකය ගොලාකාරයි කියන එක. තවත් කෙනෙක් කිව්වේ අපි තමා ලෝකේ පතුල දකින මිනිස්සු කියල.


ගමන් බිමන් වල සත්වන කොටස.....