නඩුත් හාමුදුවන්ගේ.... බඩුත් හාමුදුවන්ගේ....!




මේ දවස්වල ටිකක් පාඩම් වැඩ වල හිරවෙලා නිසා ලිපියක් ලියන්න වෙලාවක් තිබුණේම නැහැ. ඒත් මේ වෙන දේවල් ලියන්න නම් වෙන නිසා තමා ආයෙත් බ්ලොග පැත්තේ ආවේ. මේ 2012 ජනවාරි 11 වෙනිදා දවසක් මම පෞද්ගලික කාරණාවක් සඳහා කළුතර යන අතරවාරයේදී සිද්ධ වුන වැඩක්.

අපි ගියේ කාර් එකක. යද්දී අපි උදෑසන 10.00ට විතර කළුතර බෝධිය අසලදී රථවාහන පොලිස් නිලධාරීන් 10ත් 15ත් අතර කණ්ඩායමක් පසුකරමින් ආවා. ටික වේලාවකදී මේ පිරිස අප පසුකර යාමට ආසන්න වුනා. නමුත් ඔවුන් අපව ඉස්සර කලේ නම් සංඥා නොකර වැරදි පැත්තෙන්. ඒ වාගේම එතැන ඉහල නිලධාරීන් පවා සිටියදීත් මේ දේ සිද්ධ වුන එක තමා වඩාත් කණගාටුවට කාරණාව. ඒ දෙකක් අප ඉස්සර කලේ අපේ වාහනයේ ගෑවී නොගෑවී වගේ. යාන්තම් තමා අපි වාහනය බේරාගත්තේ. ඒත් ආපහු හැරිලාවත් බලන්නේ නැතිව ඔවුන් ගියේ නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුවන්ගේ කියන කියමන අපේ තොලඟට ගෙන එමින්.

මෙන්න මම දැක්ක මෝටර බයිසිකල් දෙකක අංක, wp MS 4187, wp MS 4220. අනිත්වායේ ලියාගන්න තරම් වේලාවක් මට තිබුනේ නැත්තේ අවාසනාවට.

4 comments:

  1. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසානේ අපේ රටට මෙහෙම හෙන ගහලා තියෙන්නේ

    ReplyDelete
  2. Replies
    1. ඔවු තව ටිකක් තදෙට ලියන්න තිබුනා...!!

      Delete
  3. ඕවට ඉතින් වෙන මොනව කොරන්නද? බ්ලොග් එකක ලියල තරහ නිවාගන්නව ඇරෙන්න...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!