මගේ ගමන් බිමන් නමවන කොටස - රිච්මන්ඩ් කාසල්

මෙන්න බලන්න යන්න වටින තවත් තැනක්. මේක තියෙන්නේ කළුතර, පලාතොට යන ප්‍රදේශයේ. ඒ තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්‍ෂක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්‍ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගාඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සාම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සාම්ප්‍රදාය පෙන්වමින්. 99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයේ ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.

ඔහු ගම් 12ක් භාරව සිට ඇති අතර 40 දෙනෙකුගෙන් සැකසුන ඔහුගේම කුලී හේවා ආරක්‍ෂකයන් පිරිසක් සිටි බැවයි කියවෙන්නේ. විවාහ වී ඇත්තේ නුවර ප්‍රදේශයෙන් වන අතර එහි සිට මනමාලිය කළුතර පිහිටි මන්දිරයට කැඳවාගෙන පැමිණ ඇත්තේ විශේෂ දුම්රියකිනි. එහි සිට මන්දිරයට එන තෙක් තොරණ් 7ක් සදා තිබූ බැව් කියවෙනවා. සාදා ඇති කේක් එක අඩි 18 උස බැව්ද සඳහන්. මන්දිරය 1980 වන විට ගරා වැටී ඇති අතර 2011 වන විට එය සාර්ථකව පිලිසකර කොට ඇත. ලංකාවේ සිටි සුදු අශ්වයින් සතරක් බැඳි අශ්ව කරත්තයක් හිමිව ඇති දෙවැන්නා ලෙස මෙහු සලකෙන අතර බ්‍රිතාන්‍ය ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් 2500ක් තෑගි කිරීම වෙනුවෙන් මුදලි තුමාගේ බිදිඳට මහා රාජිණිය එවූ ලියයමනක්ද දැනට මෙම මන්දිරයේ සුරක්‍ෂිකව පවතිනවා.

විවාහයේ දරුවන් නොසිටි නිසා විවාහය පිලිබඳ කලකිරී පසුකාලීනව බිරිඳ දෙමාපියන් වෙත යවා මාසිකව බිරිඳට දීමනාවක් ලැබෙන පරිදි දේපල සියල්ල රජයට පවරා ඇත්තේ අවසන් කැමැත්ත ලෙස අනාථ දරුවන්ට පිහිට වීම සඳහා දේපල බෙදන ලෙසටයි. දැනටත් මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් අනාථ දරැවන් හා වෙනත් දරුවන් සඳහා නොමිලයේ පන්ති පැවැත්වෙනවා. මන්දිරය ඉදිරිපස ඇති මිදුල පුරා ලමයින්ගේ ප්‍රතිමා සකස්කර ඇත්තේ මන්දිරය දෙස බලා සිටින ආකාරයටයි.

මට මේක ලියද්දී අමතක වුන දේවලුත් ඇති. දන්න අය ඉන්නවා නම් ඒ දේවල් කොමෙන්ටු හැටියට දාන්න. ඔයාලත් දවසක ගිහිල්ලාම බලන්නකෝ.



ගමන් බිමන් වල අටවැනි කොටසට.....

9 comments:

  1. Photos දාන්න Flickr පාවිච්චි කරන්න. ඒක FB වලට වඩා හොඳයි කියලයි මගෙ අදහස.

    Watermark කරන්නත් අමතක කරන්න එපා. :-)

    ReplyDelete
    Replies
    1. Flicker load වුනේ නැහැ. ඒකයි FB පාවිච්චි කලේ. Signature එක දාල තියෙන්නේ.

      Delete
  2. machang ube wada nam niyamai matath asai ubath akka lankawe wate yanna sira machang uba elakiri wada kareyek ubata jayen jaya

    ReplyDelete
  3. ඔයාව සිදරයෙන් පිළිගන්නවා. කැමතියි කවුද කියල දානවනම්. කොහොම වුනත් කොමෙන්ටුවට ස්තූතියි.:)

    ReplyDelete
  4. Ela Ne Mama Ada ne Danne Oyage blog eka gana.....
    ELA....
    ELA....

    ReplyDelete
    Replies
    1. aha i wish u read further and will be lots of articals. anyway thanks for comment

      Delete
  5. ko ban fb page aka wahala ne :(

    ReplyDelete
    Replies
    1. නෑ තයෙනවා https://www.facebook.com/sulakkhanablog

      Delete
  6. බොහොම ස්තූතියි මේ ලිපියට. මේ මන්දිරය ගැන ගූගල් එකෙන් හොයද්දි මෙතනට ආවේ.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!