මෙන්න ලංකාවේ නීතිය හා සාමය


මේ කියන්න යන කතාව ටිකක් දරුණු විදිහේ චෝදනාවක්. මම කොළඹ, ගාල්ල, මාතර වාගේම ගොඩක් නගර වල මගේ මෝටර් සයිකලයෙන් ගිහින් තියෙනවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවා මම ටිකක් ඇවිදින්න ආස කෙනෙක් බව. මේ යද්දී මේ වෙසක් පොහොය දවසට පස්සේ දවසේ ගියා අම්පාර ප්‍රදේශයේ පියංගල නැමැති පන්සල බලන්න හිතාගෙන. ඒ එතැන රජකාලේ නටඹුන් ඇති තැනක් කියලයි ප්‍රසිද්ධ. එතැන ගැන විස්තර ටිකක් හොයන්න හිතාගෙන මමත් මල්ලිත් යාළුවෝ දෙන්නෙකුත් තමා ගමන ගියේ.

ඒත් පියංගලදී මාර්ගය අසල සිටි පොලිස් නිලධාරියෙක් අපිව නැවැත්තුවා. ඒ අය රථවාහන අංශයේ වුවත් නියමාකාරයෙන් නිළඇඳුමවත් ඇඳල තිබුනේ නැති වීම නම් කණගාටුවට කරුණක්. අපේ මෝටර් බයිසිකල් ලියාපදිංචි කරල තිබුණේ දකුණු පළාතෙන් නිසා මේ ප්‍රදේශයේදී නිතර නවත්තල විස්තර අහන එක නම් සාමාන්‍ය කාරණාවක්. ඒත් මේ ප්‍රදේශයේදී සිද්ධවෙන අසාධාරණකම් නම් අනන්තයි. සාමාන්‍යයෙන් බයිසිකල් වල ඉදිරිපස අංක තහඩු මඳකු නවක එක සාමාන්‍යයයි. එහෙම නැව්වේ නැතත් ටික දවසක් යද්දී අංක තහඩුව නිකම්ම නැවෙනවා. ඒකට හේතුව ගැස්සීම් වලදී මඩ ආවරනය වැදීම.
මම මේ කියන දිනයට මාස කීපයකට පෙර මගේ බයිසිකලය නවත්තපු තැනකින් මගේ බයිසිකලයත් නවත්තලා මටත් මේ දේ කිව්වා. ඒත් මොනා කරන්නද කියල මම ඇහුවා. වෙනතැන් වලදී මේ දේ ගැටළුවක් නොවී අම්පාරෙදී විතරක් ගැටළුවක් වෙන්නේ කොහොමද කියල මම ඇහුව. යාන්තම් එදා බේරුණා. මේ කියන දවසේදී මගේ මල්ලීගේ බයිසිකලය නවත්තලත් මේ චෝදනාවම කලා. ඒත් ඒ දවසේ මේ බලනවා මේ විදිහට තමා තියෙන්න ඕන කියල උදාහරණයට ගත්තේ මගේ බයිසිකලය. මට තියෙන ගැටළුව තමා එක දවසක් මගේ බයිසිකලයේ විදිහ වැරදිලා වෙනත් දවසක තවත් තැනකදී ඒක නිවැරදි විදිහට තියෙන්නේ කොහොමද කියන එක. අන්තිමේ මේ තැනින් බේරුණේ අංක තහඩුව අනිත් පැත්තට නවල පෙන්නුව නිසා. ඒත් මේ ස්ථානයට ආපු ප්‍රදේශයේ මෝටර් බයිසිකල් සඳහා මේ නීතිය නොතිබීම නම් විශාල ගැටළුවක්. මඳක් මත්ද්‍රව්‍ය භාවිත කරල තිබ්බ නිලධාරීන් පෞද්ගලික දැන හැඳිනීම් මත ඒ ආපු පුද්ගලයාට සමාව දී අපිට වෙනත් නීතියක් පෙන්නුවේ අපෙන් කීයක් හරි ගලව ගන්න කියන එක නම් අපිට වෙනත් කතාවලින් හොඳට තේරුණා. මේ ගැන කියන්න කවුරුත් නොහිටි නිසා අපි කල එකමදේ 1919 ට කතා කරපු එක ඒත් පැමිණිල්ල ගැන කියන්න ගත්තු දුරකථන ඇමතුම් සියල්ල විසන්ධි කලේ ගැටළුවෙන් බාගයක් කියද්දී. මේක තමා ලංකාවේ නීතිය හා සාමය රකින ආකාරය. මේ වාගේ දේවල් අනත්ත මේ ප්‍ර දේශයේ වුනත් මේ පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා. අපිට ඒ නිලධාරීන්ගේ ලියාපදිංචි අංක පෙනුනේ නැත්තේ ඒ අය ඇඳන් හිටපු රාත්‍රීයට දිලිසෙන උඩ ඇඳුම නිසා. නැතිනම් ඔවුන් කවුද කිය හඳුන්වා දෙන්න තිබුණා.

3 comments:

  1. 1919 කියන්නෙ තොරතුරු සේවාවක් පමණයි. මේ ගැන පැමිණිලි කළ යුත්තේ කාටද කියල එයාලගෙන් ඇහුව නම් හරි.

    ReplyDelete
  2. 1919 රාජ්‍ය සේවයට අදාළ පැමිණිලි බාර ගැනීමත් කරනවා. නමුත් වඩාත් සුදුසුයි මෙය http://www.police.lk/ අඩවියේ පොලිස්පතිට කියන්න කියන තැනත් සටහන් කිරීම. ඒ සඳහා ඔව්න් ප්‍රතිචාර දක්වනවා.

    නමුත් ඔබේ කතාව සමඟ එකඟයි. බොහොමයක් තැන්වල මෙවැනි ගැටළු දකින්න පුළුවන්. මේ නිසා තමයි අපට පොලිසියත් අවිශ්වාස වෙලා තියෙන්නේ

    ReplyDelete
  3. පලයන් බන් බොරු නොකිය.. උඹව අල්ලුවෙ ලයිසන් නැතුව ගිහින් නේද?

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!