මගේ ගමන් බිමන් දහනමවෙනි කොටස - පොලොන්නරුව නටඹුන්

පරාක්‍රම සමුද්‍රය අවටින් හමුවූ මෙම පුරාතන ස්ථාන පැරණි නගර සුලසුමක නටඹුන් බව පැහැදිලිය. නමුදු තවමත් මෙහි ඇති සමහර නිර්මාණයන්ගේ නිර්මාතෘ හෝ එකල භාවිත වූ නම් අවනිශ්චිත ස්වභාවයක් උසුලයි.

මෙය එකල රජවරුන් විසින් දළදා වහන්සේ වැඩහිඳුවීම පිණිස කරවූ මාලිගාවයි. ප්‍රදේශයේ උස් භූමියක් සකසා එහි ඉදිකර ඇති නිසාවෙන් මෙයට දළදා මළුව යැයි කියනු ලැබේ. ලංකාවේ විශාලතම සෙල්ලිපිය වන නිශ්ශංකමල්ල සෙල්ලිපියත් මහා විජයබාහු රජු ඉදිකල අටදාගෙය මාලිගයත් මහා පරාක්‍රමබාහු රජ ඉදිකල වටදාගෙය මාලිගයත් නිශ්ශංකමල්ල රජු ඉදිකල හැටදාගෙය මාලිගයත් දළදා වහන්සේ සඳහා ඉදිකල මාලිගා බැව් සිතිය හැක. එමෙන්ම මෙහි විරල ගණයේ ස්තූපයක් වන සත්මහල් ප්‍රාසාදය, පැරණිම පිළිමගෙය වූ ථූපාරාමය අලංකාර නෙළුම් මල් ඵලක වලින් යුතු ගල්ටැම් සහිත නිශ්ශංකලතා මණ්ඩපයත් ඇතුළු ගොඩනැගිලි කීපයක්ම දකින්න පුළුවන්.

මෙය පැරණි නගරයට නැගෙනහිර දොරටුවෙන් වැටී තිබුණු වීදිය අසල ඇති අතර මහා පරාක්‍රම රජුගේ රූපවතී නම් බිසව විසින් කරවූ බැව් විස්වාස කෙරේ. නමුත් මෙහි සත්‍ය නම හෝ කරවූ අය අවිනිශ්චිතය. මෙය අවටින් විශාල වශයෙන් පබළු හමුවූ නිසාවෙන් ජනප්‍රවාදයේ පබළු වෙහෙර ලෙස හැඳින්වූවා විය හැකිය. එමෙන්ම මෙහි දකුණු දෙසින් පේසාවට නැඟීමට පඩි තුනක් සකසා තිබීමද විශේෂත්වයකි.

මේවා මහා පරාක්‍රමබාහු රජුට සිටියා කියන හින්දු බිසොවක් සහා කරවූ  බව කියැවේ. ඇයට පූජා පැවැත්වීම සහා ප්‍රදේශයේ විවිධ ස්ථාන වල මෙවැනි දේවාල කීපයක් ඉදිකර ඇති බැව් දැකිය හැක.

මෙහි ඉතිහාසය අවිනිශ්චිත වුවද ක්‍රිස්තු වර්ශ 8-9 සියවස් දක්වා විහිදුනු අතීතයකට හිමිකම් කියයි. මාලක තුනකින් සමන්විත වන අතර ස්තූපයක්, බෝධිඝරයක්, ප්‍රතිමා ගෘහයක් පන්සලක්, දානශාලාවක් හා කුටි රැසක් හුනාගෙන ඇත. උස් වේදිකාවක් මත ඉදිකල ස්තූපය විරල ගණයේ එකකි. වේදිකාව පාදමේ සිංහ රූ සහිත ඵලකයක් හා ස්තූප මළුවට ඇතුළු විය හැකි ශෛලමය උළුවස්ස විශේෂ තැනක් ගනී.

නිශ්ශංක මල්ල රජ දවස කල නිර්මාණයක් බව පැවසේ. මෙහි විශාලත්වය නිසාවෙන් පොලොන්නරුවේ රුවන්වැලිසෑය ලෙස හඳුන්වා ඇති අතර ඒ ලෙසම වන්දනාමාන කරයි.

පොලොන්නරුවේ ඇති විශාලතම ආරාම සංකීර්ණය ලෙස මෙය හෙක්ටයාර 35ක භූමිභාගයක් පුරා විහිද තිබේ. මහා පරාක්‍රමබාහු රජ විසින් ඉදිකල මෙහි සමහර ස්තූප සංඝනායකයින් ආදාහනය කල ස්ථාන බැව් සිතිය හැක. මෙය තුල බද්ධසීමා ප්‍රාසාදය, භික්‍ෂු රෝහල, නේවාසික භික්‍ෂු කුටි, කිරිවෙහෙර, ලංකාතිලක පිළිමගෙය හා ස්ථූප ගොඩනැගිලි දැකිය හැක.සමහර තුනෙක එකල භාවිත කල ශෛලමය වැසිකිලි වල නටඹුන්ද දැකිය හැක.

මහා පරාක්‍රමබාහු රජ විසින් ඉදිකල මෙය ලංකාවේ ඇති විශාලතම පිළිම ගෙය ලෙස සැලකේ. මෙය ගෙඩිගේ වර්ගයට අයත් පිළිම ගෙයකි. දකුණු ඉන්දීය ආභාශය පෙන්නුම් කරන මූර්ති හා බිත්ති වල සිතුවම් තිබූ බවට නටඹුන් දැකිය හැක. තවද දඹදෙණි යුගයේදී මෙය ප්‍රතිසංස්කරණය කල බවට සාධක හමුව තිබේ.

මෙය පරාක්‍රම රජ විසින් කරවූ බව කියැවේ. එමෙන්ම ජේතවනාරාම භූමියට අයත්වේ. මෙම ප්‍රදේශය පුරාවට මෙවැනි පොකුණු අටක් තිබුණා යැයි මහාවංශයේ කියැවේ. මෙහි හැඩය නිසාවෙන් එම නම ලැබී ඇති බැව් පැහැදිලිය. එය නිර්මාණය සඳහා ඉතා සුමට ලෙස කැපූ කළු ගල් යොදාගෙන ඇති අතර මනාව අපගේ හෙළ ගල්වඩුවාගේ දක්‍ෂතාව පිළිබිඹු කරයි.

මෙය එනමින් හැඳින්වුවද එහි නිර්මාතෘ හෝ පැණි නම තවමත් නොදනී. නමුත් පැණි දේවාල සංකීර්ණයක් බැව් නම් පැහැදිලිය. එමෙන්ම පොලොන්නරුවෙන් හමුවූ හින්දු ලෝකඩ ප්‍රතිමා හමුව ඇත්තේ මෙම භූමියෙනි.

මෙය පිහිටි ගලෙහි නෙලූ ශෛලමය පිළිම වේ. හිඳිපිළිමය, හිටි පිළිමය හා සැතපෙන පිළිමය යන පිළිම තුනකින් සමන්විත මෙම විහාර ප්‍රදේශය ආශ්චර්යයන් පිරි ස්ථානයක් ලෙසද සැලකේ. රාත්‍රී කාලයේදී පිළිම ජීවමාන ස්වරූපයෙන් දිස්වෙන බවද කියවේ. තවද මෙහි ඇති හාස්කම් බලන්නට වරක් විදෙස් ජාතිකයෙන් සැතපෙන පිළිමයට වෙඩි තබා ඇත. නමුත් එවෙලේ පැමිණි හස්තියෙකු එම විදේශිකයා සාහසික ලෙස මරා දමා ඇත්තේ පිළිමයන් ඉදිරියේ ඇති ගල්තලාවේමය. එමෙන්ම මෙයද ඉති සුවිශේෂ ශෛලමය නිර්මාණයක් ලෙසින් සැලකේ.

මෙය තිවංක පිළිමගෙය ලෙස හැඳින්වෙන්නේ මෙහි ඇති බුදුන්ගේ පිළිමය තුන් ස්ථානයකින් නැමුණු ආකාරයට තනා ඇති බැවිනි. එයට හේතුව ලෙස සඳහන් වෙන්නේ බුදුන්වහන්සේ රන් ඉනිමං සයක් ආධාරයෙන් දෙව්ලෙව වැඩ දෙවියන්ට දහම් දෙසා ආපු පැමිණෙන අවස්ථාවේ සිටි ඉරියව්ව පිළිමයට නඟා තිබීම යැයි කියවේ. තවද මෙම පිලිමය සඳහා තුන් විදිහකින් නමස්කාර කිරීමට සලස්වා ඇත. එනම් පාද, ශීර්ෂ හා මුළු ශරීරයම දෙසයි. ශීර්ෂ වන්දනාව සඳහා විශේෂ පඩිපෙළක් ඉතා කුඩාව සකසා ඇත. එයට හේතුව බුදුන්ට පිටුපා පඩි නැබීමට අපහසු වීමටයි. තවද මෙහි බිත්ති වල විශාල වශයෙන් දෙව්වරුන්ගේ චිත්‍ර දකින්න පුළුවන් වන අතර මෙහි ඇති එක් චිතුයක් පසුගිය කාලයේ ඉතා කතා බහට ලක්වුණි. ඒ සතර මහා දෙව්වරුන් සමඟ ඇති හඳුනා නොගත් රූපයක් නිසාවෙනි. මෙය පිටසක්වල ජීවියෙකුගේ රූපයක් යැයි ද මතයක් තිබේ. තවද මෙහි මා සිටි කාලය තුල දුටු විශේෂත්වයක් නම් එම කාලය තුල එකම ස්ථානයේ සිට වහලේ ගත් ඡායාරූප වල විවිධ වර්ණ සංකලන තීබීමයි.

පොත්ගුල් විහාරය ලෙසින් මෙය හැඳින්වුවද මෙහි නම හා නිර්මාතෘ අවිනිශ්චිතය. පරාක්‍රමබාහු රජුගේ චන්ද්‍රවතී නම් බිසව විසින් මෙය ප්‍රතිසංස්කරණය කර ඇති බවට ශිලා ලිපි සාක්‍ෂ දරයි. මෙහි ඇති චතුරස්‍රාකාර මළුව තුල ඇති වෘත්තාකාර ගඩොලින් කල ගොඩනැගිල්ල කැපී පෙනෙන විශේෂත්වයක් ඇති අතර මෙහි පියස්සද ගඩොලින් කරවා ඇත. තවද එම භූමියේසම ඇති ප්‍රතිමාව දැඩි මතභේදයකට තුඩු දුන් ප්‍රතිමාවකි. එහි ඇති දේහ ලක්‍ෂණ හා අතෙහි උසුලා ඇති දෙය පුස්කොලයක් යැයි කියමින් මෙය පුලතිසි සෘෂිගේ ප්‍රතිමාව බවත් අතෙහි ඇත්තේ වියපතක් යැයිද මෙම ප්‍රදේශයේ රජ පරාක්‍රමබාහු බැවින්ද මෙ ඔහුගේ ප්‍රතිමාවක් යැයිද මත යන් පවතී. කෙසේ වෙතත් මෙයද ඉතා විශේෂිත ශෛලමය ප්‍රතිමාවක් ලෙස හැඳින්විය හැක.

තවද මෙම ප්‍රදේශයේ විශ්ණු දේවාලයක් හා ගණපති දේවාලයක් මහා වීදියේ උතුරු දොරටුව අසල දැකිය හැකිය. රජ මාලිගය නටඹුන් අතර කුමාර පොකුණ දකින්නට ඇත. තවද දෙමළ මහා සෑය හා දීප උයනද නටඹුන් අතර දැකිය හැකිය. පරාක්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගයද විශේශ තැනක් ගනී. මෙය සඳහා යාම සඳහා පහුරක් භාවිතා කර ඇති බව සිතිය හැත. 


ගමන් බිමන් වල දහඅට වන කොටසට....

මගේ ගමන් බිමන් දහඅටවෙනි කොටස - මාදුරුඔය වේල්ල

මාදුරු ඔය, මහඔය - අරලගංවිල මාර්ගයේ යද්දී අපිට දකින්න පුළුවන්. මේත හරහා බැඳි වේල්ල පිළිබඳ විශේෂත්වයක් ඇත එනම් 1981 දී අප ඉංජිනේරුවන් විශේෂ ගණනයන් කර දකුණු සොරොව්ව සඳහා කැණීම් කරද්දී පැරණි සොරොව්වේ නටඹුන් හමුවීමයි. එම නිසා අප පැරණී ඉංජිනේරු හැකියාවන් පිළිබඳ මවිතයට පත්වුනා වාගේම විශාල කතාබහකට පත්වුනා. ඒත් ඉතා දුශ්කර ගමන් මඟක පැමිණී අපට දකින්න ලැබුණේ අවිධිමත් විදිහට කල සංරක්‍ෂණ වැඩ පිළිවෙලක්. එතැන හිටි පිරිස් පවා කිව්වේ පුළුවන් නම් මේ දේවල් ආරක්‍ෂා කර ගන්න උදව් කරන්න කියලයි. ඒ මේ ස්ථානය අතැරදමා තිබෙන නිසාවෙන්.

කෙසේ වෙතත් මොහි ඉතිහාසය අවිනිශ්චිතයි කියලයි කියන්නේ. මෙහි සිදුකල කාබන් පරීක්‍ෂාවෙන් මෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව පළමු සියවස දක්වා ගෙන යයි. මහාවංශයේ සඳහන් පරිදි මහසෙන් රජ ක්‍රිස්තු වර්ශ 273 දී ඉදිකර පළමු විජයබාහු හා පළමු පරාක්‍රමබාහු යන රඩවරුන් ප්‍රතිසංස්කරණය කල මහාදාරගල්ල වැවවිය හැකැයි කියැවේ. එය පසුව මහාදා. මාදර, මාදුරු වූවා යැයි විස්වාස කරයි. තවද මහවැලි ගඟ හා මාදුරු ඔය අතර ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී අතර ගඟ ලෙස හඳුන්වා ඇත. මහාවංශයේ ැන්තර ගග ලෙස හැඳින්වූයේ මෙයම යැයි සිතිය හැක. කූටකණ්ණ තිස්ස රඩ විසින් අතර ගඟ කරව බැව් පරණවිතාන ශූරීන් ශිලාලිපි හා මහාවංශය ඇසුරින් පෙන්වා දී තිබේ. නමුත් සොරොව්වේ මුල් කොටස ක්‍රිස්තු පූර්ව සයවන සියවසට හොවත් විජයාගමනයට පෙර යක්‍ෂ ගොත්‍රිකයින් කල බවටද මතයක් පවතී.

පින්තූර වලට මෙතැනින්

කෙසේ වෙතත් කළුගල් පතුරු පිළිවෙලීන් තබා ඒ වායින් ඇතුලත කුහරය ඉතා ශක්තිමත් ලෙස තනා ඇත. එය වටා ගඩොලින් බැඳ ඇත්තේ ශක්තිමත් ලෙසිනි. එක් කෙළවරක මෙම සොරොව්වත් අනෙක් කෙලවරින් විශාල බුද්ධ ප්‍රථිමාවකුත් අති විදිහට නව වේල්ල ඉදිකර ඇති ආකාරය දකින්න පුළුවන්. මෙම නිර්මාණයන් දකිද්දී අපේ හෙළ තාක්‍ෂණ ශිල්පය පිළිබඳ විශාල ආඩම්බරයක් අපේ සිත් තුල ඇති වන බව නම් නොඅනුමානයි.


ගමන් බිමන් වල දහහත්වන කොටසට......

මගේ ගමන් බිමන් දහහත්වෙනි කොටස - ලංකාවේ පැරණිම මායිම් ගලක්

මේ කියන්න යන්නේ තවත් අප්‍රසිද්ධ ස්ථානයක් ගැන විස්තරයක්. ඒ ලංකාවේ පැරණිම මායිම් ගලක් ගැන. මේක පිහිටලා තියෙන්නේ මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ දෙව්න්දර ප්‍රදේශයේ දෙව්නුවර ප්‍රධාන මාර්ගය අසලමයි. මමත් අහල තියෙන විදිහට මේක තමා පැරණිම මායිම් ගල විදිහට සලකන්නේ. මේක කළුගලින් කල නිර්මාණයක්.

මාර්ගය අයිනේ නිවෙසක තාප්පයකට හේත්තු වී තිබෙන මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයක්. ඒ වාගේම ගොඩක් වටින එකක්. ඒ වටිනාකම නිසාවෙන්ම මෙම කණුව කිහිප වරක් ගලවාගෙන යන්න කටයුතු කරලත් තියෙනවා. නමුත් සොරුන් සොයාගෙන නිර්මාණය නැවතත් හිමිකරුවන්ට ලබාදීමට නීතිය කටයුතු කරල තියෙනවා.

ඔයාලත් මේ මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව හම්බුනොත් මේ මායිම් කණුව බලන්න අමතක කරන්න එපා.

ගමන් බිමන් වල දහසය වන කොටසට....

මගේ ගමන් බිමන් දහසයවන කොටස - සෝමාවතී චෛත්‍යය

ඓතිහාසික පොලොන්නරුව පුරවරයේ තවත් සිද්ධස්ථානයක් වන සෝමාවතී චෛත්‍යය තියෙන්නේ කදුරුවෙලින් හරි හිඟුරක්ගොඩින් හරි සුංගාවිලට ඇවිත් එතැනින් සෝමාවතිය පාරට යන්න පුළුවන්. එතැන ඉඳන් කිලෝමීටර 22ක් විතර ගියාම සෝමාවතිය චෛත්‍ය දකින්න පුළුවන්. නමුත් කියන්න ඕන මෙතැනින් හවස 5ට කලින් පිටවෙන්න කියලයි කියන්නේ. ඒකට හේතුව මේ මාර්ගය අලි විශාල ප්‍රමාණයක් ගැවසෙන මාර්ගයක් වීම. මේ තැන තමා බුදුන්වහන්සේගේ දකුණු දන්ත ධාතූන් වහන්සේ තිබෙනවා කියල සලකන්නේ. කොහොම වුනත් මෙතැන ආශ්චර්යයන් පිරුණු ස්ථානයක් කියලයි ප්‍රසිද්ධ.
මෙම චෛත්‍ය අයත් වෙන්නේ 2 වන සියවසට. මෙය නම් කරල තියෙන්නේ සෝමපුරයේ පාලක වුන අභය කුමරුගේ බිසව මෙන්ම කාවන්තිස්ස රජුගේ නැගණිය වූ සෝමාවතී කුමරියගේ නාමයෙනුයි. වසර 800ක් පමණ කාලයක් මෙය වනවැදී තිබූ අතර කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහනකදී එකට ජනපතිව සිටි ඩී. එස්. සේනානායක මැතිඳුන් කාලයේදී තමයි මෙය සොයාගෙන පුරාවිද්‍යා ආයතනය දැනුවත් කරල තියෙන්නේ. මේ ප්‍රදේශය අලි ඇතුන්ගේ පාරාදියක් විදිහට නම් කරන්න පුළුවන්.

මමත් මේ ගැන අහල තියෙන කතාවක් තමා මේ කියන්න යන්නේ. ඒ තමයි මේ චෛත්‍ය ගැන කියවෙන විස්වාස කල නොහැකි තරම් වුවත් සිදුවූ බවට ඇසින් දුටු සාක්‍ෂි තිබෙන්නා වූ සිදුවීම්. මේ සොයාගත් කාලේ කොටි ත්‍රස්තවාදය අපේ රටේ ක්‍රියාත්මක වුනා. ඒ කාලේ මෙහි කොතෙහි තිබූ චූඩා මාණික්‍යය සොරකම් කිරීමට ත්‍රස්තවාදීන් තැත් කරල තියෙනවා. ඒ වේලාවේදී ඇතෙක් පැමිණ වෙඩිපහර කාගෙනම ත්‍රස්තවාදීන් මරා දමා මාණික්‍යය කොළ අතු වලින් වහල දාල තියෙනවා. පසුව අසල ඇති හමුදා මුරපොළ වෙත පැමිණි ස්වාමීන් වහන්සේ නමක් මේ සොරකම පිළිබඳ පැමිණිලි කරල තියෙනවා. එහිදී මුරපොලෙන් කියල තියෙන්නේ මේ පිළිබඳ පැමිණිල්ලක් දාන්න කියලයි. පැමිණිල්ල පවසා එය සටහන් කල නිලධාරියා සටහන අවසානයේ අත්සන් කරන්න යැයි පවසද්දී ස්වාමීන් වහන්සේ ඉඳල නැහැ. අවසානයේ සෑම තැනම ස්වාමීන් වහන්සේ සෙවූ ඔවුන් ගේට්ටුව මුරකල පුද්ගලයාගෙන් විමසූ විට එහෙම කෙනෙක් මෙතැනින් ආවේවත් ගියේවත් නැහැ යැයි කියන්නට වුනා. කොහොම උනත් අසල කඳවුරෙන් භට පිරිස් අරගෙන එද්දී වෙඩි කෑ හස්තියා මාණික්‍ය පෙන්වමින් පසෙකට වෙලා තියෙනවා. පසුව මාණික්‍යය කොළඹට එවා තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ චෛත්‍යෙය් පිලිසකර කිරීම් අවසානයේ කොත් පැළඳවීමේ උත්සවයක් ක්‍රියාත්මක කරල තියෙනවා. ඒ වෙලාවේදී ප්‍රථම වතාවට චෛත්‍යයෙන් බුදුරැස් විහිදුනා යැයි කියවෙනවා.

මෙන්න පින්තූර ටික

තවද මෙහි බෝ ගස් දෙකක් එකම ස්ථානයේ ඇති අතර මින් එකක කුඩා පත්‍ර හා අනෙකේ විශාල ප්‍රමාණයේ පත්‍රත් දකින්න පුළුවන්. එයින් කුඩා පත්‍ර ඇති ගස චෛත්‍ය කොත් පලඳවන දවසේ ඉබේ ඇති වූ බවත් එහි පත්‍ර කැඩුවොත් කිරි වෙනුවට ලේ පැමිණෙන බවත් කියනවා. එමෙන්ම එහි පළමුවරට රන්වන් මල් හටගත් බවත් කියවෙනවා. තවමත් මේ චෛත්‍යය අසල විවිධ අවස්ථා වලදී රැස්විහිදුනු අවස්ථා අහන්න පුළුවන්. සමහර අවස්ථා වලදී සුදු ඇතුන් පවා ඡායාරෑප වලට හසුවූ අවස්ථා තියෙනවා. තවමත් මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව සිදු කරන්නේ නම් අලි ඇතුන් බව නොරහසක්. කොයිතරම් අවහිරකම් තිබුණත් වන්දනාමාන සඳහා එන ජනතාවගෙන් නම් අඩුවක් නැහැ.


ගමන් බිමන් වල පහලොස්වන කොටසට....

මගේ ගමන් බිමන් පහලොස්වන කොටස - සීගිරිය

සීගිරිය කවුරුත් කතාබහ කරන කාශ්‍යප රජුගේ දැවැන්ත නිරිමාණයක්. සීගිරියට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ මොරගස්වැව ප්‍රදේශයෙන් හැරිල කිලෝමීටර 13ක් විතර ගියාමත් ඉනාමළුව ප්‍රදේශයෙන් හැරිල කිලෝමීටර 10ක් විතර ගියාමත් ලඟිවෙන්න පුළුවන්.

දැනට සොයාගෙන ඇති පරිදි සීගිරිය මීට වසර මිලියන 2500ක් පමණ පැරණිය. මෙහි මධ්‍ය කේම්බ්‍රීය යුගයට අයත්ය. එසේම මෙහි භූ ස්ථර වලින් දැනගත් පරිදි උද්භව සීග්‍ර බෑවුම් සහිත ශිඛරයකි. එසේත් නැතිනම් දූපත් කන්දකි. පහල ස්ථරය හෝන් බ්ලෙන්ඩ් බයෝටයිට් නයිස් පාෂාණයෙන්ද මුදුන පෙල්ඩිස් පැනින් තිරුවාණ සහිත නයිස් පාෂාණයෙන්ද යුක්තය. තවද මෙම ප්‍රදේශයෙන් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්ද මානව සැකිල්ලක්ද සොයාගෙන ඇත. තවද මෙහි කිස්තු පූර්ව 9 වන සියවසේදී යකඩ කර්මාන්තය සිදුකර ඇති බවත් මයින හම් හා බහු ගිණිදැල් ක්‍රම යොදාගනිමින් තිබූ මධ්‍ය ඒකකයක් හා තවත් උප ඒකක 35ක් පමණ හමුවී ඇත. තවද මෙහි සුදුවූ වැඩි කොටසක් වෙනස් වීම් ක්‍රිස්තු පූර්ව 5-7 සියවස් දක්වා විහිදුනු බැව් කියැවේ.

මෙහිා පිටතින්ම දිය අගලකින්ද පවුරක්ද සකසා ඇත්තේ බලකොටුවේ ආරක්‍ෂාව සඳහායි. තවද ඇතුලත නගරයේ අලංකරණය සඳහා පොකුණු ඉදිකර ඇති අතර ඒවා සඳහා විශේශිත ජල මාර්ග සකසා තිබී ඇත. තවද මේවායේ පතුල කිරිගරුඬ පාෂෘණයෙන් නිමකර ඇත. පිටත උද්‍යානයේ ඇති පොකුණු වල තිබෙන්නා වූ වතුර මල් අදටත් වැසි කාලයේදී යම් තාක් දුරකට ක්‍රියාත්මක වේ. එමෙන්ම මෙම උද්‍යාන වල නිමැවුම් වලින් කොටසක් ක්‍රිස්තු පූර්ව 5වන සියවසේදීත් ඉන් පසු අතහැර දමා පසුව කාශ්‍යප සමය අගභාගය වන 10 වැනි හා 13වැනි සයවස් වලදී අවසන් කර ඇති බවට සාක්‍ෂ ලැබී ඇත. තවද තවමත් කැණීම් සිදුකර නොමැති උතුරු දිශාවේද මෙහි නිවුන් උද්‍යානයක් තීබේ යැයි පැවසේ.

සීගිරිය අවට හමුවූ සෙල්ලිපි සහිත හා රහිත ගල්ලෙන් හා ඒවායේ කොටා තිබූ කටාරම් ආදියෙන් ලැබූ සාක්‍ෂ අනුව ක්‍රිස්තු වර්ශ 1ත් 2ත් අතර මෙය සංඝවාසික පුදේශයකි. පළමු කාශ්‍යප රජු ක්‍රිස්තු වර්ශ 473-191 දක්වා කාලයේදී අනුරපුරයෙන් සීගිරිය වෙත සිය පාලන මධ්‍යස්ථානය ගෙනැවිත් තිබේ. මෙහි ඇති බොහෝ නිර්මාණ ඔහුගේ යැයි මහාවංශයේ සඳහන්ය. තවද එහි සඳහන් පරිදි කාශ්‍යප යනු තම පියා මරවූ තැනැත්තෙකි. එය මොග්ගල්ලාන නම් සේනාපතිගේ පලිගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රථිඵලයකි. කාශ්‍යපගේ ඇවෑමෙන් පසු නැවත මෙම ප්‍රදේශය සංෂයාට භාර කරන ලද්දේ යැයි ඉතිහාසයේ කියැවේ.


සීගිරිය ගැන කතාකරද්දී නිතැතින්ම සිහියට එන කුරුටු ගී ලියැවුනු කැඩපත් පවුරත් සීගිරි චිත්‍රත් ගැන කතා නොකරම බැහැ. කැඩපත් පවුර නමින් හැදින්වෙන මෙය ඉතා සුමට ලෙස එදවස ගීත රචනා කල ස්ථානයකි. කැල්සියම් කාබනේට් හා තවත් සංයෝග යොදාගනිමින් සකස් කල නිර්මාණයකි. සීගිරි චිතු වල මා දුටු විශේෂත්වය නම් විනාශ වීමෙන් අඩු චිතු ඡායාරූප ගත කිරීමේදී මුහුණු හඳුනා ගැනීම නම් තාක්‍ෂණයට ප්‍රතිචාර දක්වන තරම්ම සියුම් නිර්මාණ වීමයි. නමුත් කණගාටුවට කාරණය නම් මේ සියළු දේ කාලයාගේ ඇවෑමත් මේ ප්‍රදේශය නරඹන්නට එන්නා වූ වීනාශ කාරයන්ගේත් ප්‍රහාරයට ලක්වීම නිසාවෙන් විනාහ වෙමින් පැවතීමයි. තවද මෙහි ඇති ගුහා, රාජ සභාව හා තවත් නොයෙකුත් ස්ථානයන්ගේ ඇති ශෛලමය ආසන හෙළ කලාකරුවාගේ කුසලතාව මැනෙවින් පිළබිඹු කරයි. සමහර තැනෙක මේ ආසන අසල සිදුරු තනා ඒවා තුල කොට්ට පුරවා තබා ඇති අතර තවත් තැනෙක ගල් ආසනය වටා කෙටූ කටාරම් හා ඒ අවට ජල මාර්ග මගින් සුවදායී පරිසරයක් නිර්මාණය කර තිබේ. නමුත් මෙවැනි විශාල නිර්ඹාණයක් පර්වත මුදුනේ සිදුකිරීම සඳහා මේ තරම් විශාල ප්‍රමාණයක් ගඩොල් ගෙන ආවේ කෙසේදැයි සීතූ විට අපට පුදුම සහගත හැඟිමක් ඇතිවේ.

සීගිරිය මුදුනට ගිය ක අපට දක්නට ලැබෙන්නේ ඉතා මනස්කාන්ත දර්ශණයකි. එක් පසෙකින් පිදුරංගල කන්දත් ඈතින් විසිරුණු චෛත්‍යයනුත් තවත් පසෙකින් සීගිරි වැව හා මින්නේරිය වැවත් දකින්නට ලැබෙනවා. තවද මෙය ලෝක පුදුමයක් ලෙස නම් කිරීමට තරම් තුඩුදුන් හෙල තාක්‍ෂණික ක්‍රමය වූ සීගිරි මුදුනෙහි වූ ජල පොකුණු සමූහය දකින්නටත් පුළුවන්.

නමුත් මහාවංශයේ කියැවෙන්නා වූ කාශ්‍යප පිළිබඳ මතය හැරුණු විට මේ පිළිබඳ තවත් ඉතිහාසයක් පිලිබඳ අපට අද අහන්න පුළුවන්. ඒ අප ඉදිරියේ සනාථ වෙමින් පවතින රාවණ ඉතිහාසය පිලිබඳ කතාංගය. එමෙන්ම මෙම නිමැවුමේ මුල් අයිතිකරු ලෙස සැලකෙන්නේ රාවණ රජතුමායි. මොහු සතුව තිබුණායැයි සැලකෙන තාක්‍ෂණය හා දැනුම සම්භාරය එක්ව ගත්කල මෙහි නිර්මාතෘ රාවණ රජු බවත් කාශ්‍යපයන් විසින් සිදු කලේ එය සුද්ධ පවිත්‍ර කොට ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක්ම යැයි කියැවේ. තවත් දෙයක් නම් මේ අවට දක්නට ඇති පිදුරංගල කන්ද දක්වාත් දඹුල්ල දක්වාත් මෙහි සිට උමං මාර්ග තිබූ බවයි. ඒ පිදුරංගල කන්ද තම බිසෝවරුන්ගේ භාවිතය සඳහාත් උමං මාර්ග ආරක්‍ෂක ගමන් මාර්ග විදිහටත් දඹුල්ල දක්වා උමඟ හදිසි ප්‍රහාරයකදී පැනයාම සඳහාත් භාවිත කිරීමටත් යැයි කියැවේ. නමුත් මේ සියල්ලේ සත්‍යතාව දැන ගැනීමට කැණීම් සිදු නොකල පැත්තේ කැණීම් කෙරෙන තුරු හා තව තවත් පුරාවිද්‍ය සාක්‍ෂ ලැබෙනතුරුත් ඉවසා සිටීමට නම් සිදුවෙනවා. මොනවා උනත් මේ අපේ උරුමය, අපේ හෙළ තාක්‍ෂණය ඒ දේවල් විනාශ වෙන්න නොදී ආරක්‍ෂා කරගන්න. ඒවායෙන් අපටත් යම් දවසක මේ තාක්‍ෂණයේ උරුමය ලැබෙන්න පුළුවන්.

ගමන් බිමන් වල දාහතරවන කොටසට....