මගේ ගමන් බිමන් දාහතරවන කොටස - මැදිරිගිරිය වටදාගෙය


මැදිරිගිරිය වටදාගෙය තියෙන්නේ මැදිරිගිරිය නගරයෙන් අඹගස් වැව මාර්ගයේ කිලෝමිටර 3ක් විතර ගිය පසුයි. මෙය ලංකාවේ ඇති ලස්සනම වටදාගෙය ලෙස සැලකොන අතර මෙහි තිබුනා යැයි සැලකෙන වහලේ ආකෘතිය ලංකාවේ ඇත්තේ තවත් එක් තැනෙක පමණෙකි. ඒ අත්තනගල්ල විහාරයේයි. මෙහි ඉතිහාසය පළමුවන අග්බෝ රජු සමය දක්වා විහිදෙන අතර පසු කලෙක මෙය සිව්වන අග්බෝ රජ විසින් ප්‍රතිසංස්කරණය කර ඇති බවත් කියවෙනවා.මෙතැනට ඇතුල් වෙද්දීම අපට එකල බිසෝවරුන් දිය නෑමට භාවිතා කල පොකුණ දකින්න පුළුවන්. එතානින් ඉහල බලද්දි අපට ගුහාවක් දකින්න පුළුවන්. එය තුලින් අනුරාධපුරය දක්වා මාර්ගයක් වැටී තිබූ බවත් හදිසි ප්‍රහාර තත්ත්වයක් ඇතිවුවහොත් සැඟවී පලායාමේ හැකියාව ලබා ගැනීම අරමුණු වූ බවත් කියැවේ. මෙම ගුහාව ඉදිරිපස දොරටුවක්ද තිබූ බවට සලකුණු දකින්න තියෙනවා.


නමුත් පූජා භුමියට ඇතුළු වෙද්දී නම් දකින්න ලැබෙන්නේ කිසිඳු රටාවක් හෝ  නිරිමාණයක් නොමැති සඳකඩ පහණකි. එය පසෙක භික්‍ෂුන් වහන්සේලාගේ පා දෝවනය සඳහා සකසන ලද ශෛලමය දිය බඳුනක් ද දකින්න පුළුවන්. මෙහි ඇති ගල් පඩිපෙල මුදුනට යාම සඳහා පඩිපෙළ සකසා ඇත්තේද ශෛලමය තලාවේමයි. තවද ඇතුලතත් කුඩා ප්‍රමාණයේ පොකුණක් දකින් පුළුවන්. තවද මෙහි ඇති ගල්තලාවේ යටින් තවමත් මාළිගය ඇති බවත් එයට යාම සඳහා ගුහාවෙන් මාර්ගයක්ද ඇතුලත ඇති කුඩා පොකුණෙන් මාළිගය තුලට ජලය නෙලිය බැව්ද කියැවේ. මෙම ශෛලතාලාවේ සමහර තැන් වල බොල් හඬක් නිකුත් වෙන බවත් ඒ ඇතුලත ඇති මාලිගාව නිසා බවත් කියැවේ.

තවද මෙහි ඇතුලට යාමේදී දකින්න පුළුවන් කරුණක් නම් මෙහි ඇතුලත නිර්මාණ ක්‍රමය පිටත නිර්මාණ ක්‍රමයට වඩා වෙනස් බවයි. එය මුල් රජතුමාගෙන් පසුව කාලයක් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවූ බවට සාක්‍ෂ්‍ය දරයි. උදාහරණ ලෙස එහි ඇතුලත ඇති සඳකඩ පහන් වල කුඩාවට මොස්තර ක්‍රමයක් දකින්න පුළුවන්. තවද ලංකාවේ ඇති පැරණිම යැයි සලකන බෙහෙත් ඔරු දෙකෙන් එකක් මෙහි දකින්න පුළුවන් වීමත් විශේෂත්වයක්. මෙහි ඇත්තාවූ පිළිම ගෙය තුල ඇති කඩා බිඳ දැමූ පිළිම අප හෙළ ඉතිහාසය විනාශ කරන්නට වෙර දැමූ නිදන් හොරුන් ඇතුළු විවිධාකාර පුද්ගලයන්ගේ ස්වභාව පෙන්නුම් කරයි. තවද මෙය තුල එකල බිසෝවරු විනෝදය සඳහා භාවිත කල ඔළිඳ පෙතක්ද දකින්න පුළුවන්.

තවද මේ ප්‍රදේශය පිළිබඳ ගවේශණයේදී නටඹුන් වූ ඖෂධාගාරයක්ද පොකුණක්ද දකින්න පුළුවන්. එකල භාවිත කල ශෛලමයව තැනූ වැසිකිලියක්ද දකින්න පුළුවන්. මේ සියලු දෑ දකින විට අපේ හෙළ කලාකරුවාගේ දක්‍ෂතාවය අපට මැනෙවින් දකින්න පුළුවන්. නමුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක් නම් මේ සියළු දේ විනාශ  වෙමින් පවතිනවා. නමුත් මේ ප්‍රදේශ නරඹන්නන් හා වන්දනාමානය සඳහා පැමිණෙන පුද්ගලයන් විසින් මෙම ප්‍රදේශයට කරන්නා වූ විනාශයන් නවත්වා ගැනීම නම් අප සැමගේම වගකීමක් ලෙස ඉටුකරනවා නම් තමයි හොඳ.

ගමන් බිමන් වල දහතුන් වන කොටසට......

1 comment:

  1. අදමයි මේ පැත්තෙ ආවෙ.... වන්දනා කරුවන් තමන් ගැන විතරයි හිතන්නෙ.. කොහොම උනත් මේ වගේ ස්ථාන අපි ආරක්ෂා කරන්න ඕනි!! පෝස්ට් එක නියමයි ජය!!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!