දමිල උත්සව - නවරාත්‍රී පූජා උත්සවය

මේ උත්සවය එනමින් හැඳින්වෙන්නේ රාත්‍රී නවයක් පුරා පවතින උත්සවයක් නිසාවෙන්. එය ප්‍රධාන වශයෙන් දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් දින තුනක්ද ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද සරස්වතී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද පැවැත්වෙනවා. හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් (ඔක්තෝම්බර් - සැප්තැම්බර්) කාලයේ තමා මේක පැවැත්වෙන්නේ. මේ කාලයන් තීරණය වෙලා තියෙන්නේ සඳු අනුව වන අතර ඒ පිළිබඳ දින වකවානු තිරුක්කානිත පංජාංගම් හා වාක්කිත පංජාංගම් නැමැති පොත්වල සඳහන් කරල කියෙන බවයි කියන්නේ.
මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා. තමා අවුරුද්දේ කරනුනට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දේ සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරනවා.

ඊලඟ දින තුන වෙන්වන්නේ සැපත හා සම්පත වෙනුවෙන්. ඒ ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන්. එහිදී පූජා පවත්වමින් සැපත හා සම්පත වෙනුවෙන් අයදින තම දරුවන්ගේ රෝග පීඩා හා තමන්ගේ නැති බැරිකම් දෙවියන්ට ඉදිරිපත් කරමින් කන්නලව් කෙරෙනවා.

අවසාන දින තුන වෙන්වන්නේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ සරස්වතී දේවිය සිහිකර ගුණ වර්ණනා කරමින් පූජා පැවැත්වීමට. එසේ කරමින් ඉල්ලන්නේ දැනුම වර්ධනය කරදෙන ලෙස.

මෙහි පළමු දිනයේදී මඩ පිරවූ බඳුනක බාර්ලි ඇට සිටුවා එය පූජා කාමරයට ගෙන ඒම සිදුකරන අතර දසවන දිනයේදී ඒවා සිටුවීම සිදුකරනවා. ඒ වාගේම සරස්වතී දෙවියන් වෙනුවෙන් පහනක් පත්තු කරනවා. අටවන දිනයේදී දුර්ගා මාතාව වෙනුවෙන් විශේෂිත කෑම වර්ග සාදමින් පූජා කරනවා. මේ දසවන දිනය විංය දශයමය විදිහට තමා හඳුන්වන්නේ. මේ දිනය අවුරුද්දේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සියළු සුභ කාර්යයන් ඇරඹීමේ දිනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වාගේම මේ දිනය ලමුන්ට අකුරු කියවීම සඳහා සුභ දිනයක් විදිහටත් සැලකීම කරනවා.
කොහොම වුනත් මේ උත්සවය ගැන පොඩ්ඩක් විතරයි. අපි අපේ ලංකාවේ තියෙන අනිත් ආගම් වල සංස්කෘතියත් දැන හඳුනගෙන ඉන්න ඕන නිසයි මේ ගැන ලියන්න හිතුවේ. ඔයාලත් මේගැන දන්න දේවල් කොමෙන්ටුවක් විදිහට දාන්න. ඒක මටත් මේ අඩවිය එක්ක එකතුවෙලා ඉන්න අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කලින් මම ලියපු දමිල උත්සව ගැන ලිපියට මෙතැනින් සම්බන්ධ වෙන්න පුළුවන්.

මෙන්න අපේ විශ්ව විද්‍යාලයයේ දමිල සොහොයුරු සොහොයුරියන් සංවිධානය කල උත්සවයේ මතක සටහන්.

8 comments:

  1. ඔබට ස්තුතියි විස්තරයට! ජය!

    ReplyDelete
  2. මේවගේ වටිනා දේවල් කියලා දෙනවට ගොඩක් සතූතියි.
    මේ ගැන තොරතුරු මේ විදිහට සරලව පැහැදිලි කරපු කිසිම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් මට කිසිම තැනක
    හොයා ගන්න නැති වුනා ...
    ඔබට හදවතින්ම සුභ පතනවා.!
    මම,
    හර්ෂ.

    ReplyDelete
  3. Me vage visthara kiyala denavata
    Tank you.

    ReplyDelete
  4. සූපිරි වැඩක්

    ReplyDelete
  5. ඉතා වටිනා ලිපියක්මට මෙම උත්සව පිලිබඳ වෙනත්කිසිදු ලිපියක්සොයාගැනීම නොහැකි වුනා ඔබට ස්තූතියි

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!