අපි ගැන බලන්නේ කවුද?

මේක නම් අද කතාවෙන වැදගත්ම මාතෘකාවක්. ඒ අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය. මුලින්ම කියන්න ඕන මේ දොගොල්ල කඹ ඇදල ඉවර වෙද්දී විනාශ වෙන්නේ අපේ ජීවිත විතරයි. ආචාර්යවරු අරගලය ඉවර වුනාම නොගත්ත ඒවත් එක්ක පඩි ගනීවි. ඇමතිවරු ටික කිසිවක් නොවුන ගානට වැඩේ ෂේප් කරල ඊලග ඡන්දෙට ලෑස්ති වේවි. ඒත් අපි? ශිෂ්‍යයෝ? එයාලට මොකද වෙන්නේ?
 










දැනට මාස තුනකට ආසන්න මේ අරගලය නිසා විශාල පිරිසක් ගෙවල්වලට වෙලා කාලය කා දමනවා. මතක තියා ගන්න මේ අපේ හොඳම මොළටික. අපේ රටට දෙයක් කරන්න තියෙන මොල ටික. ඒවා නිකන් අපතේ යනවා. අපිට වෙන දෙයක් ඉගෙන ගන්නවත් රැකියාවක් සඳහා යන්නවත් බැරි තත්ත්වයක තියල ඔයාල මේ කරන දේ වලින් කී දෙනෙක්ගේ ජීවිත අඳුරු වෙනවද කියල හිතල බලන්න.
ශිෂ්‍ය සංවිධාන පවා මේ අරගල කරන්නේ එයාලගේ ජීවිත අඳුරු කරන්න එපා කියන ඉල්ලීම කරන්න මිසක් ආණ්ඩු පෙරලන්න වත් වෙන මොන අටමංගල්ලයක් කරන්න වත් නෙවෙයි. ඒත් මේ දේ නිසා ශිෂ්‍ය ජීවිත පවා නැතිවෙලා. 

මේ ජීවිත ගැනත් යමක් කියන්න ඕන. දැන් රාවයක් යනවා ඒ අනතැරක් නොවේ මිනී මැරුමක් කියල. සමහර විට ඒක අනතුරක්ම වෙන්නත් ඇති. සමහර විට මිනීමැරුමක් වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් මේ දෙකෙන් කොයි තීරණයක් ආවත් තීරණයක් ගන්න සැලැස්සුවත් මම නම් කියන්නේ මේක මිනී මැරුමක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ මේ කත්ඇදිල්ල නැත්තම් ඒ ශිෂ්‍යයන් කවදාවත් ඔය වගේ දෙයක් කරන්න එකතු වෙන්නේ වත් ඔය තරම් කෑගහන්නේ වත් නැහැ.

අනික තමා ආචාර්යවරුනි අමතකද ඔයාලත් අපි වගේම මෙතන හිටියා. අපි වගේම ඔය වගේම අවස්ථා වලට මුහුණ දුන්නා. ඒ වෙලාවේ ඔයාලට හිතුණු දේවල්, ඔයාල කල දේවල් මතකයට ගන්න. අද ඔයාල ඔය ඉන්න තැනට එන්න අපිත් ආසයි. අපිත් ආසයි ඔයාල වගේම අනිත් අයට අපි ඉගෙන ගන්න දේ වගේම අළුත් දෙයක් අනාගත පරපුරට කියල දෙන්න. ඒත් මේ කරන දේවල් වලින් අපිට අනාගතේ ගැන තියෙන බලාපොරොත්තුවත් රට ගැන තියෙන ආදරයත් නැතිවෙලා යනව නේද? හොඳින් හිතල බලන්න. සල්ලි තියෙන මිනිස්සු ඒ සල්ලි වියදම් කරල උපාධිය සල්ලි වලට ගනීවි. ඒත් දුප්පත් අය දැනුම හොයන්න මොනවා කරන්නද? හොඳම මොලකාරයෝ ඉන්න රටක් වුන අපේ රට කිසිම වැදගම්මක් නැති රටක් කරන්න එපා.

මේ කිසි දෙයක් බැරිනම් ඔයාලගේ ඔය කත් ඇදිල්ල ඉවර වෙන දවසද කියන්න එතකන් අපි වෙන මොනාහරි ප්‍රයෝජනවත් දෙයක් පටන් ගන්නම්. අද හෙට කියල බලන් ඉන්නේ නැතිව වෙන මොනව හරි ඉගෙන ගන්න, එහෙම නැත්තම් අම්මා තාත්තා තවත් වෙහෙසවන්නේ නැතුව අපි වෙනුවෙන් කීයක් හරි උපයගන්න රැකියාවක් කරන්න හරි අපි ආසයි. ඒත් ඒ දේ වෙනුවෙන් කාලය වෙන්කරන්න මේ දේවල් ඉවර වෙන්නේ කවදද කියල කියන්න. එතකොට අපි වෙනුවෙනුත් ඔයාල දෙයක් කලා වෙනවා. ලමයෙකුගේ හිතේ ගුරුවරයෙක් ගැන විශාල භක්තියක් තියෙනවා. ඒ දේ අනිත් කොයි රටටත් වඩා අපේ රටේ වැඩියි. ඒත් මේ වෙන දේවල් නිසා ඒකත් නැතිවෙලා යාවි. දේශපාලකයින්ට බැනල වැඩක් නැහැ. ඒ වෙනුවට අපි අපිටමයි බැන ගන්න ඕන. දැන දැනත් මේ අයට අපේ රටේ පාලනය දුන්නට.

මොනවා උනත් මේ දේවල් කියන්න. මම කීපවැරයක් හිතුවා. අවසානයේ මටත් මොන ඉරණමක් අත්වේවිද දන්නේ නැති නිසා. ඒත් මේ  දේ අනිත් හැමෝම වෙනුවෙන් කියන්න ඕන කියල හිතුනු නිසා කිව්වා. කරුණාකරල අපේ පැත්ත ගැනත් හිතල කරන දේවල් කරන්න. අපි ඔයාලගෙම ලමයි කියල හිතල වැඩකරන්න. ඒ දේ විතරයි අපි ඔය දෙගොල්ලන්ගෙන්ම බලා පොරොත්තු වෙන්නේ. බොහෝම ස්තූතියි හැමෝටම. අනිත් අයටත් මේ දේ කියන්න ඕන කියල හිතනවා නම් මේක share කරන්න. ඔයාලගෙ අදහස් කොමෙන්ටුවක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඒක අනිත් අයටත් මටත් බොහෝම වැදගත්.

8 comments:

  1. elaaazz machan keep it up )))

    ReplyDelete
  2. Machan.. Me aya illana de hari... Ubalageth kale yanawa thamai.. E unath me aya kalakirila pitarata yanna gaththoth ubalata Apita uda balan thamai inna wenne

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ ඉල්ලීම් වැරදියි කියල. ඒත් ඒ ඉල්ලද්දී අපට වෙන දේ ගැන එයාල හිතන්නේ නැහැ. ඒකයි අවුල.

      Delete
  3. කියල වැඩක් නෑ අප්පා..කවුරුත් අහන්නේ නෑ අපි කියන දේ..

    ReplyDelete
  4. මේවා ඉතින් අපිට හොද පාඩම්,අපි campus එකෙන් out වුනාට පස්සේ වත් අපේ අනාගත පරම්පරාව ගැන මීට වඩා හිතල වැඩ කරමු...

    ReplyDelete
  5. අනේ ලිපිකරැග‍ෙ කේස් සේරම දන්නවා. කියන දේ කරන්න පුලුවන් කරන දේ කියන දේ කරන්න පුලුවන් කොන්දක් හදාගෙන බුදු ටොක් දියන්. උඹ දන්නවද අතගාන ගමන් කොනිත්තන එක බුදු ආතල්ලු නේ.මේ ලිපිත් ඒ වගේ ඒව නිකන් වේස ගෑනිගෙ ලමයි වගේ. ලමයි තමා. ඒත් බැඳපු මිනිහට අන්ධනම් හොඳයි.

    ReplyDelete
  6. උඹට මන් අවවාදයක් දෙන්නම් උඩ කතාව ඇත්ත. ඔලුව හැරැන අතේ නොයා හිතල බලලා හරි පාරෙ පලයන්. නිකන් ලියන්නං වාලෙ එකට එකක් නොගැලපෙන ඒව ලියල.

    ReplyDelete
    Replies
    1. මේ කිසිම දෙයක් නොගැලපෙන්නේ නෑ ඔය ඉන්න මානයෙන් පිටට ඇවිත් බලන්න ලෝකේ කොයි තරම් වෙනස්ද කියල. අනික මම මේ දේවල් මගේ නමින් බය නැතිව කියන්න පුළුවන් ඔයාට තමන්ගේ නමින් කොමෙන්ටුව දාන්නවත් බැහැ. කොන්ද කොතනද තිබුනේ කියල හිතලම බලන්න. අනික කුණුහරුප වලට නම් මෙතැන ඉඩ නැහැ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!