ලේ දන්දීමේ වැඩසටහනක්....

ලේ දන්දීමේ වැඩසටහනක් විදිහට මම මේ ලිපිය නම් කලේ මේ ලේදන්දීමේ වැඩසටහන මගේ ජීවිතයේ දැක්ක විශේෂිත එකක් වුන නිසාවෙන්. ඒ අපි, අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍යයන් විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහන. මේ අපි සංවිධානය කල තුන්වෙනි ලේ දන්දීමේ වැඩ සටහන. මෙතැන මම දුටු විශේෂත්වය තමයි කලාතුරකින් වුනත් කතාකල යුතු විදිහිට අපේ මුස්ලිම් සහොදරයන් පවා ලේ දන් දෙන්න ඉදිරිපත්වීම. මේ දෙය මම පෞද්ගලිකව සතුටුවෙන කාරනාවක්. මොකද මේ අය ටිකක් ලේ දන්දෙන්න අකමැතියි. ඒ මොන දේ වුනත් මේ දේ ආරම්භයක්ම පමණක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මම ටිකක් පැහැදිලි කරන්නම් ලේ දන්දීම ගැන.



ලේ දන්දීම කියන්නේ සාමාන්‍යෙයන් මිනිස් ශරීරයේ සංසරණය වෙන ලීටර 6ක පරිමාවෙන් මිලිලීටර 350-450ත් අතර ප්‍රමාණයක් වෙනත් ජීවිතයක් බෙරගන්න ලබාදෙන එක. බුද්ධාගම අනුව මේක විශාල පුන්‍යකර්මයක්. ඒත් ඒ ලේ දන්දීමෙන් වෙනත් ලෙඩ රෝග ඇතිවේ යැයි වැරදි මතයක සිටින අයත් ඉන්නවා. බයවෙන්න දෙයක් නැහැ. ලේ ගන්න උපකරණ පිරිසිදු නම්, ලේ ගන්නේ නිරෝගී පුද්ගලයකුගෙන් නම් කිසිම අතුරු ආභාදයක් ඇති වෙන්නේ නැහැ. නමුත් කියන්න ඕන ලේ දුන්නු ගමන් නම් පොඩි අපහසුවක් තියෙනවා. ඒකට හේතුව අපේ රුධිර පරිමාව අඩු වීම. ඒ වෙලාවේදී ක්ලාන්ත ගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ වාගේම ලේ ගත්තු තැන පොඩි ඉදිමීමක් වගේ ඇතිවෙන්න පුළුවන්. ඒකට හේතුව ප්‍රතිශක්ති කාර්යය සිදුවීම. මේ සිදුවන දේවල් නිසාවෙන් ලේ දුන්නාම දින තුනක් යනකන් ටිකක් විතර පරිස්සම් වෙන්න ඕන. අධික තෙහෙට්ටුවට පත්වන දේ කරන්නේ නැත්ව, වැඩිපුර වතුර බොන එක තමයි හොඳ.

ලේ දන්දීමෙන් අපිට ලැබෙන දේ මොනවාද? මේ දේ තමයි වැදගත් වෙන්නේ. මොකද අපි කවදත් අපිට ලැබෙන්නේ මොනවද කියල අහන නිසා. ;) ලේ දුන්නාම අපේ ඇඟේ අළුතින් ලේ හැදෙනවා. මේක තමා අපිට ලැබෙන ලොකුම වාසිය. අයින් වෙන පරණ ලේ වෙනුවට හැදෙන අළුත් ලේ කාර්යක්‍ෂම විදිහට වැඩ කරනවා. මේ ලේ හැදෙන්න දින 120ක් විතර ගතවෙනවා. අනික ලේ දන් දෙන්න හැමෝටම බැහැ. බර කිලෝ ග්රෑම් 50කට වැඩි වයස අවුරුදු 18-55ත් අතර අයට තමයි ලේ දෙන්න පුළුවන්. ඒ වාගේම පෙර ඇතිවී ඇති බෝවෙන රෝග, ලිංගික රෝග ඇති අයට දෙන්නත් බැහැ. තවත් මැලේරියාව, හෙපටයිටිස්, පැපොල වගේ රෝග හැදිල තියෙනවා නම් අසනීප සුවවෙලා මාස තුනක් විතර යනකම් ලේ දෙන්නත් බැහැ. තවත් දේ තියෙනවා. සාමාන්‍යෙයන් මාස තුනකට වරක් ලේ දෙන්න පුළුවන් වුනත් ආරක්‍ෂාකාරී වෙන්නේ මාස 4ක් විතර නම්.

මොනවද ඔයාල දන්දෙන ලේ වලට කරන්නේ? ඒ ලේ හදිසි අනතුරු වුන අයට, විවිධ ලේ හිඟවීමේ රෝග ඇති අයට ලබා දෙනවා. දන්නවද ලෝකයේ සෑම තත්පර තුනකට වරක් කාට හරි ලේ ඔන වෙනවා කියල. රෝහලකට ඇතුළු වෙන දහ දෙනෙකුගෙන් එක් අයෙකුට ලේ ඕන කරනවා. වසරකට ඇමරිකානුවන් මිලියන 4.5ක් විතර මැරෙන්නේ ලේ නොමැති වීම නිසාවෙන්. මේ ලේ කෘතිමව නිශ්පානය කරන්න බැරි නිසාවෙන් ඇති වටිනාකම ගොඩක් වැඩියි. අපි දෙන මේ ලේ වලින් ජීවිත තුනක් බේරෙනව කියලයි අපේ වැඩසටහනට සම්බන්ධ වුන වෛද්‍ය වරියක් කිවුවේ. ඒක නිසාවෙන් ලේ දෙන්න, ජීවිත බේරගන්න.












මොනදේ වුනත් ලේ දන්දීම කියන්නේ නම් ගොඩක් වටින දෙයක්. අපේ වැඩසටහන සඳහා කල්මුණේ අෂ්රොප් අනුස්මරණ රෝහල හා අම්පාර මූලික රෝහල යන රෝහල් දෙකෙන්ම එකතු කරන් තමයි කලේ. ඒ ආව සියළු කාර්ය මණ්ඩලයටත් මෙහෙමම ස්තූති කරනවා. ඒ වාගේම ලේ දන්දුන්න අපේ සොයුරු සොයුරියන්ටත් ගොඩාක් ස්තූතියි. ගොඩක් පින්. ඒ වාගේම අපිත් එක්ක සම්මාන්තුර පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකුත්, ගුවන් හමුදා නිලධාරින් කිහිප දෙනෙකුත් එකතු වුනා. තවත් අපේ විශ්ව විද්‍යාල සේවකයින් පවා මේ ලේ දන්දීමට සහභාගී වුන. ඒ අයටත් නොයෙක් අයුරින් උදව් කල අයටත් මේ වෙලාවෙම ස්තූති වේවා.

වැඩසටහනේදී ගත්තු පින්තූර ටික මූණු පොතේ දැම්මා. ඒ මගේ යාළුවන්ට බලන්නත් එක්ක. මෙන්න ලින්කුව ගිහින් බලන්නකෝ... ;)

3 comments:

  1. ela mcn...appreciate...(sara)

    ReplyDelete
  2. ‍මේ ‍ව‍ගේ ‍ව‍ටි‍න ‍වැ‍ඩ‍ක‍ට ‍සම්‍‍බන්‍ධ ‍වෙන්‍‍න ‍‍ලැ‍බී‍ම ‍ගැ‍න ‍ගො‍ඩක්‍ ‍සන්‍‍තෝ‍ස‍යි ‍අ‍යි‍යෙ.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!11

    ReplyDelete
  3. හැමපාරම මේපාර වගේම හොදට කරන්න ලැබෙන්න ඕන

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!