මගේ ගමන් බිමන් විසිපස්වන කොටස - බුදුරුවාගල

වැල්ලවාය තණමල්විල අතර 48වන සැතැපුම් කණුව ලඟින් හැරිල කිලෝමීටර 4ක් විතර යද්දී මේ කියන පුරාවිද්‍යා ස්ථානය දකින්න පුළුවන්. කාලයක් තිස්සේම මේ ප්‍රෙද්ශය වනගතව සැඟවී තිබුණත් දැන් නම් ටිකක් විතර එලිපෙහෙලි වෙලා. දැනට ලංකාවේ තියෙන පිහිටි ගලෙහි කල විශාලතම පිළිමයට විදිහට සලකන්නේ මේ පිළිමය. මේ පිළිමයේ උස අඩි 46ක් විතර. තවත් ප්‍රතිමා 6ක් දකින්න තියෙන මේ ගල් පර්වතය අඩි 70ක් විතර දිගයි.
ගල් බිත්තියේ ඇති ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිසාම මෙයට බුදුරුවගල ලෙස ලැබී ඇතුවා මිස මෙතැනට පෙර භාවිත කල නාමය පිළිබඳ සාක්‍ෂ නැත. කලා නිර්මාණයන් අනුව 8-9 සියවස් වලට අයත් යැයි සැලකෙන අතර  ප්‍රතිමාවන් නෙලා ඇත්තේ අර්ධ උන්නතිය පෙන්නුම් කරමින්. ප්‍රධාන බුදුරුව දෙපස පරිවාර බොසත් ප්‍රතිමා තුන බැගින් දෙපසට විහිදේ. තවද මෙය දීපංකර බුදුන්ගේ යැයි පිලිරුවේ ස්වභාවය නිසා අනුමානයන් පවතිනවා.
ප්‍රධාන ප්‍රතිමාවෙන් දකුණේ ඇති ප්‍රතිමා වලින් මැද අවලෝතිතේශ්වර ප්‍රතිමාවකුත් (උස අඩි 25ක් පමණ) එය වම්පස ත්‍රිභංග ඉරියව්ව පෙන්නුම් කරන තාරාදේවී ප්‍රතිමාවත් (උස අඩි 21ක් පමණ) දකුණු පස සුධන කුමාර ප්‍රතිමාවත් (උස අඩි 23ක් පමණ) නිර්මාණය කර ඇත. මහායාන බුදුදහම අනුව තාරා දේවිය යනු අවලෝකිතේශ්වර බොධිසත්වයන්ගේ භාර්යාවය. එනිසා එහි ස්ත්‍රී ලාලිත්‍යය මැනෙවින් පෙන්වා ඇත.
අනෙක් ප්‍රතිමා සියල්ල සමභංග ඉරියව්වෙන් නෙලා ඇත.
ප්‍රධාන ප්‍රතිමාවෙන් වමෙහි ඇති ප්‍රතිමා වලින් මධ්‍ය ප්‍රතිමාව මතු බුදුවන්නා වූ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව ලෙසත් (උස අඩි 25 ½ ක් පමණ) එයට වම්පසින් වජ්රපානී ප්‍රතිමාවත් (උස අඩි 22.4ක් පමණ) දකුණු පස මංජු ශ්‍රී බොධිසත්ව ප්‍රතිමාවත් දක්නට ලැබේ. වජ්රපාණී බොධිසත්වයන් ගෙන් ධර්මයේ හඬ හා ආරක්‍ෂාව සංකේතවත් කරනවා. මංජු ශ්‍රී බොධිසත්වයන්ගෙන් මහා ප්‍රඥාව සංකේතවත් කෙරෙනවා. ගලෙහි තිබූ ශක්තිමත් බව නිසාම මෙය අර්ධ උන්නතියෙන් කලා විය යුතුය. එයට සාක්‍ෂ ලෙස පිලිමයේ මුව හතරැස් වීම හා සිවුරේ රැලි නිවැරදිව ගත නොහැකි වීම නිසා හුණුවලින් සකසා තිබූ බවට ඇති සලකුණු පෙන්වා දිය හැකිය.
වන ගහනයක් මැද නිර්මිත මේ පිලිම වහන්සේලා දකිද්දී අප සිත් නිවෙන බැව් නම් සැබෑය. අවට ඇති පරිසරයත් අපට විශාල ඉතිහාසයක් ගැන පැවසීමට තැත් කලත් කාලය හරස්වීම නිසාවෙන්ම අපට ඒ දේවල් නිවැරදි ලෙස හඳුනා ගැනීමට නොහැකිව තිබේ. කෙසේ වෙතත් තවමත් මේ පිළිම වහන්සේලා වන මැද විරාජමානව වැඩ ඉන්නවා.

ගමන් බිමන් වල විසි හතර වැනි කොටසට....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!