මගේ ගමන් බිමන් විසි දෙවන කොටස - රත්නපුර, යාපහුවෙන් මාතලේට....!

මගේ ගමන පටන් ගත්තේ අම්පාරෙන්. එතනින් තණමල්විල හරහා රත්නපුර එන්නයි පිටත්වුනේ. එන අතරතුර උඩවලව වැවේ වැව් බැම්ම මතින් එන විට ලස්සන දර්ශණයක් දකින්න හමුබවුනා. එතැනින් අපි ගියේ රත්නපුර සංඛපාල පන්සල බලන්න. එතැන ඉතා අනුහස් ඇති තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතැනට වාර්ශිකව විශාල සෙනඟක් එකතුවෙන තැනක්. එතැනින් අපි ගියා තවත් පන්සලකට. ඒ කොස්වැටිය ලෙසින් ප්‍රසිද්ධ පන්සල. එතැන තාමත් පිලිසකර කරමින් පවතින තැනක්. විශාල හිටි පිළිම වහන්සේ නමක්, සැතපෙන පිළිම වහන්සේ නමක් හා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම ඉදිකිරීමට යෝජිතයි. දැනට හිටි පිළිමය නිර්මාණය අවසන් කර ඇති අතර අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නිර්මාණය කරමින් පවතිනවා. කඳු මුදුනක පිහිටි මෙම පන්සල ඉතා මනරම් ස්ථානයක්. එතැනින් රත්නපුරයට ගිහින් තවත් දෙදෙනෙක් ගමනට සම්බන්ධ කරගෙන කෙලින්ම  දඹුල්ලට යන්නයි අපි බලාපොරොත්තු වුනේ. නමුත් ඇඳිරි වැටෙන්නට පටන් ගත් නිසාවෙන් පොල්ගහවෙල නවතින්න සිදුවුනා. ඊලඟ දිනයේ උදෙන්ම පිටත් වෙන්නයි අපේ බලාපොරොත්තු තිබුණේ.
දෙවැනි දවස අළුයමින්ම අපි පිටත් වුනේ කුරුණෑගල පිහිටි ඇතුගල් විහාරය වඳින්න. මෙතැන තමයි ලංකාවේ දැනට ලංකාවේ ඇති විශාලතම සමාධි ඉරියව්වෙන් වැඩ හිඳින පිළිම වහන්සේ තිබෙන්නේ. එතැනට මුළු කුරුණෑගල එහෙමත් නැතිනම් ඇතුගල් පුරවරයම පෙනෙනවා. තවමත් මේ පිළිම වහන්සේ ඇතුගල ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ඇතුගල්පුරවරය දෙස නෙත් යොමා බලා සිටින හැටි නගරයේ ඉඳන් වුනත් බලන්න පුළුවන්.

නුඹ ගැනම සිතමින්ම......!

කවි කරුවෙකු නම් නොවෙයි
කියන්නට කවි නුඹට...
එහෙත් ගෙතුවා පදවැලක්....
නුඹේ තතු කියන්නට....
මතකයිද ඒ දවස
හමුවුනා අප දෙදෙන
වදන් නොමැතිව වුවද
දොඩමළු වුනා අප
කෙලෙස අමතක වෙයිද
ලංව සිටි ඒ දවස
මා දෙතොල නුඹෙ දෙතොල
ලං වෙන්න වෙර දරපු

දමිල උත්සව - නවරාත්‍රී පූජා උත්සවය

මේ උත්සවය එනමින් හැඳින්වෙන්නේ රාත්‍රී නවයක් පුරා පවතින උත්සවයක් නිසාවෙන්. එය ප්‍රධාන වශයෙන් දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් දින තුනක්ද ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද සරස්වතී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද පැවැත්වෙනවා. හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් (ඔක්තෝම්බර් - සැප්තැම්බර්) කාලයේ තමා මේක පැවැත්වෙන්නේ. මේ කාලයන් තීරණය වෙලා තියෙන්නේ සඳු අනුව වන අතර ඒ පිළිබඳ දින වකවානු තිරුක්කානිත පංජාංගම් හා වාක්කිත පංජාංගම් නැමැති පොත්වල සඳහන් කරල කියෙන බවයි කියන්නේ.
මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා. තමා අවුරුද්දේ කරනුනට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දේ සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරනවා.

ලංකා ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද?

මේ මාතෘකාව තමයි අද ලංකාවේ විවිධ තැන්වලින් විවිධ මත පලකරන මාතෘකාව වෙලා තියෙන්නේ. මෙතැන ප්‍රධන වශයෙන් මත දෙකක් පවතිනවා. එකක් අපේ ඉතිහාසය ගැන කියවෙන මහාවංශය, ථූපවංශය වගේ කෘති වල සඳහන් වෙන විජය කුවේණි කතා වස්තූන් මුල්කරගත් ඉතිහාසය. අනෙක තමයි රමායණය සමඟ බැඳුනු ශ්‍රී රාවණ පුවත. (මම රාමායණය ගැන සඳහන් කලේ අපි කවුරුත් එය ගැන දන්න නිසාවෙන්. නමුත් රාමායණය සත්‍ය කතාව වසන් කල පුවතක් විතරයි.) තවත් ගැටළුවක් තමයි දැන් මේ රාවණ පුවත කියන්නේ මුදල් උපයන මාර්ගයක්. ඉතිහාසය සොයන්නන් එය පිළිබඳ ලැබෙන දෙයින් අල්පයක් සොයන්න කාලය වැය කරල ඉතිරිය පුරෝකථන මගින් සකසනවා. ඉන් පස්සේ ඒක විකුණන් කනවා. දැන් රාවණ පුවත කියන්නේ ප්‍රසිද්ධියේ අලෙවිවෙන වෙලඳ භාණ්ඩයක් පමණයි. ඒ නිසා මේ පිළිබඳ ජනතාවගේ ඇති උනන්දුවත්, ඉතිහාස ගවේශණයට ඇල්මක් තීබූවන්ට එය සිදු නොකර ගොදුර දුටු හයිනාවන් මෙන් වෙලෙන්දන් පෙන්වන දේවල් වලම නැවතී සීටීමටත් සිදුවෙලා තියෙනවා.


 













මගේ ගමන් බිමන් විසි එක්වන කොටස - ඓතිහාසික කදුරුගොඩ විහාරය

මේ තියෙන්නේ තවත් අම්පාර ප්‍රදේශයේ තියෙන අප්‍රකට විහාරයක් වුනත් ඒක අපේ හෙළ ඉතිහාසය කියාපාන තැනක්. කලින් ලිපි වල සඳහන් වුන විදිහටම මේකත් සිටියාවූ ප්‍රාදේශිය රජු වන සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක්. මෙහි අතීතය ගැන විශාල විස්තරයක් නැතත් එහි ඇති ස්ථාන වල සුවිශේෂත්වය නම් කතා කල යුතුමයි. අප කලින් දැනගත් පබ්බත ගිරයේ අනෙක් පැන්ත වන මෙය නාමල් ඔය (කුඩා කණ්ඩිය වැව) ආසන්නයේ ඇති විහාරයක්. අම්පාර ඉඟිනියාගල මාර්ගයේ පැමිණ බිබිල මාර්ගයට පිවිස ටික දුරක් ආ පසු මෙම ස්ථානයට ලඟා වෙන්න පුළුවන්. කදුරුගොඩ නමින් ලංකාවේ විවිධ තැන්වල විහාර පිලිබඳ අහන්න පුළුවන්. මේ එකක් ගැන විතරයි.

අපි ගැන බලන්නේ කවුද?

මේක නම් අද කතාවෙන වැදගත්ම මාතෘකාවක්. ඒ අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය. මුලින්ම කියන්න ඕන මේ දොගොල්ල කඹ ඇදල ඉවර වෙද්දී විනාශ වෙන්නේ අපේ ජීවිත විතරයි. ආචාර්යවරු අරගලය ඉවර වුනාම නොගත්ත ඒවත් එක්ක පඩි ගනීවි. ඇමතිවරු ටික කිසිවක් නොවුන ගානට වැඩේ ෂේප් කරල ඊලග ඡන්දෙට ලෑස්ති වේවි. ඒත් අපි? ශිෂ්‍යයෝ? එයාලට මොකද වෙන්නේ?
 










දැනට මාස තුනකට ආසන්න මේ අරගලය නිසා විශාල පිරිසක් ගෙවල්වලට වෙලා කාලය කා දමනවා. මතක තියා ගන්න මේ අපේ හොඳම මොළටික. අපේ රටට දෙයක් කරන්න තියෙන මොල ටික. ඒවා නිකන් අපතේ යනවා. අපිට වෙන දෙයක් ඉගෙන ගන්නවත් රැකියාවක් සඳහා යන්නවත් බැරි තත්ත්වයක තියල ඔයාල මේ කරන දේ වලින් කී දෙනෙක්ගේ ජීවිත අඳුරු වෙනවද කියල හිතල බලන්න.

මගේ ගමන් බිමන් විසිවන කොටස - මහා වාලිඹ කන්ද

මේ කියන්නේ අම්පාර ගෙනොගොල්ලෙන් හැරිල බණ්ඩාරදූව කියන ප්‍රදේශයේ අවසානයේ තියෙන කන්දක් ගැන විස්තරයක්. කිරිනැලිය, මහා වාලිඹ, කුඩා වාලිඹ, පෙට්ටිගොඩ ඇතුළු කඳු රාශියක එකතුවත් තමා මේ  ප්‍රදේශයේ දකින්න ලැබෙන්නේ. කඳුවල එක් පැත්තක් රතුගල වැදි ගම්මාන තෙක් විහිදෙන අතර කඳු පන්තිය බිබිල ප්‍රදේශය දක්වාම පැතිර ඇති බව කියනවා.

මේ කියන්න හදන මහා වාලිඹ කන්ද ගැන පසුගිය දවසක මාධ්‍ය නාලිකාවක් මගින් කතා බහට ලක් කෙරුණා. ඒ නීත්තෑවන් නැමැති වානර මිනිසුන් මෙහි සිටියාය කියන නිසාවෙන්. මුලින්ම කියන්න ඕන මොකුන්ද මේ නීත්තෑවෝ කියන්නේ කියල. ඔවුන් මිනීමස් කන, අඩි තුනක් සතරක් පමණ උසින් යුතු, දිගු ලෝම පිහිටි, පෙනුමින් මිනිසුන්ට සමාන මීට වසර 250කට පමණ පෙර සිටියාය සැලකෙන සත්ත්ව කොට්ඨාශයක්.මොවුන් කැලේ ගල් ගුහාවන ජීවත්ව ඇති අතර දැන් වඳවෙලා කියලයි විස්වාස කරන්නේ. ඒත් මීට වසර 50කට පමණ පෙර මෙම කන්ද ආශ්‍රිතව සිටි බවට සාක්‍ෂ ලැබෙනවා. ඒ මේ කියන බණ්ඩාරදූව ග්‍රාමයෙන්.

එකල සිටි වැදි නායකයකුගේ පුතකු මේ පිළිබඳ ගම් වැසියන් සමඟ පවසා ඇති අතර තවත් වරෙක මොවුන් වැදි ගම්මාන අසල දැක ඇති බවත් වැදි ජනයා විසින් ගම් වැසියන් සමඟ පවසා තියෙනවා. නමුත් මෑත කාලයේදී නම් ඒ පිළිබඳ වාර්ථා වෙන්නේ නැහැ. ගමේ අය නම් කියන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීම් නිසාවෙන් මොවුන් ප්‍රදේශය අවට නම් නැහැ. ගොඩක් වෙලාවට දැන් විනාශ වෙලා ඇති කයලයි කියන්නේ.


මොනා වුනත් මේකේ මොනාද තියෙන්නේ කියල බලන්න හිතාගෙන අපිත් කීප දෙනෙක් කන්ද නගින්න සූදානම් වුනා. කුඩා අඩිපාරවල් වලින් පාර සොයාගත් අපි කන්ද ඉහලට නැංගේ නම් පාරවල් හොයාගෙන. කන්ද මුදුනට එද්දී අපි හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. ඒ අපි අරගෙන ගිය වතුර ඉවර වෙලා නිසාවෙන්. මේ කන්ද නගින්න හිතන කාටත් කියන්න ඕන වතුර නම් වැඩිපුර ගෙනියන්න. මේ කන්දේ වතුර නම් නැහැ. කන්ද උඩට නැංග අපිට අවට ප්‍රදේශය ඉතා ලස්සනට දිස්වුනා. අපි හඳුනන ප්‍‍ෙදේශ දිහා අපි ආ මඟ දිහා අපි බැලුවේ මහත් ආශාවකින්. නවගියාව වැව, තොප්පිගල කන්ද එහෙමත් අපිට දකින්න ලැබුණා. කන්ද මුදුනේ ඇති ගලටත් තව මීටර කීපයක් පමණක් තිබුණත් ඒ සඳහා පාරවල් සොයන්න මානසික ශක්තියක් වත් ශාරීරික ශක්තියක්වත් අපට තිබුනේ නැහැ. ඒ අපේ වතුර හිඟකම නිසා අපි හොඳටම හෙම්බත් වෙලා හිටපු හේතුවෙන්.

කොහොම වුනත් කළුවර වැටෙන්න කලියෙන් කැලෙන් පිටවෙන්න හිතාගෙන අපි ඉක්මන් ගමනින් කන්ද බහින්න පටන් ගත්තා.අපි බැස්සේ ආව පාරෙන්නම් නෙවෙයි. එද්දී ස්වභාවික ගල්ගුහා වාගේම සතුන්ට අටවපු උගුල් එහෙමත් දකින්න ලැබුණා. ඒ වාගේම ඒ අවට තිබුණු සම් කැබලි හා ඇටකටු දකිද්දී නම් අපේ හිත්වලට පුංචි බයක් නොදැනුනාම නෙවෙයි. අපි එද්දී අපේ විඩාව ටිකක් නිවන්න විශාල කෝන් ගහක් දායකත්වය සැපයුවත් ගොනාගොල්ල නගරයෙන් හිත ගත දෙකම පිරෙන්න වතැර බෙනකම් නම් අපේ විඩාව නිවුනේ නැහැ. අපේ ගිය අයගෙන් සමහර අය ගමන් බිමන් වලට කුළුඳුල්. ඒ අය නම් කිව්වේ ආයේ මේ වගේ ගමන් එන්නේ නැහැ කියලයි. ඒත් මම නම් හිතන්නේ ඇඟපත රිදුනත් ඒ දැනුනු ත්‍රාස්‍යජනක විශ්මිත හැඟීම් ලබාගන්න එකත් අපේ ජීවිත සම්පූර්ණ කරගන්න අපිට ඕන වෙනවා. 

මෙන්න වීඩියෝ ටිකකුත් තියෙනවා. එකක් මෙතැන අනිත්වා පහල ලින්කු වලින්.
video

https://docs.google.com/open?id=0B_qy2SC-itpxMU1fdEd1Tzk0ZFU

https://docs.google.com/open?id=0B_qy2SC-itpxQi1aelltRkstYkU
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxRlZGS2JRYkN6ZUU
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxVUUweXdjeFNuUE0
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxamhlUFAzSFNWdmM
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxb09ZYjg5WlN2LU0
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxbmN4SnBBV241QVk

ආයෙමත් දවසක ලංකාවේ කොහේහරි තැනකින් හමුවෙනකම් ආයුබොවන් ඔයාල හැමෝටම.....!


ගමන් බිමන් වල දහනමවන කොටසට....