මගේ ගමන් බිමන් තිස්තුන් වන කොටස - හිමිදිරි පෙදෙස (මෝ(ර්)නින්ග් සයිඩ්)

ගාල්ල රත්නපුර මාර්ගයේ සූරියකන්ද ප්‍රදේශයේ ඉඳන් කිලෝමීටර 6ක් විතර දෙනියාය පැත්තට එද්දී අපට මේ කියන ප්‍රදේශය දක්වා විහිදුනු මාර්ගය පෙන්වන නාමපුවරුව දකින්න පුළුවන්. මාර්ගය නම් දුශ්කරයි. යතුරු පැදියක් හෝ ධාවකරෝද සතර මාදිලියේ වාහනයකින් නම් පහසුවෙන් යන්න පුළුවන්. අපි සතර දෙනෙක් ත්‍රී රෝද රථයක් තමා ගමනට යොදා ගත්තේ. දවල් එකොලහට විතර පැල්මඬුල්ලෙන් පිටත්වුනා. මොනින්ග් සයිඩ් පාර වාහනයක් යන්න තරම් සුදුසු පාරක් නොවෙයි. සංවර්ධන ව්‍යාපෘතියක් දැකලවත් නැති පාරක්. කොහෝම වුනත් සමහර තැන් වලදී ත්‍රීරෝද රථය උස්සල වගේ තමා ගත්තේ. ගමනෙන් බාගයක් විතර එහෙම ගිය අපි ත්‍රීරෝද රථය මග දාලා පයින් යන්න තීරණය කලා.












වටපිටාවේ ලස්සන තැන් බලාගෙන කැලෑව මැදින් වැටුනූ පාරක් දිගේ ගිය අපි මාර්ගයේ අවසානයක් ගැන හාංකවිසියක්වත් දැනන් හිටියේ නම් නැහැ. මගදී ඇතිවුන බඩගින්න මහන්සිය නිසාවෙන් ගමන අතෑරල දාමු කියල අනිත් අය කිව් වාර අනන්තයි. ඒත් මට නම් තිබ්බේ මෙතැන මොකක්ද තියෙන්නේ කියල බලන ආසාව විතරයි. කොහෝම වුනත් මේ සියල්ල විඳගෙන එද්දී අපේ මහන්සිය හා බඩගින්න මොහොතකට නිවන්න කැලේ තිබ්බ ඇඹුල් පේර ගස් ටිකක් සෑහෙන්න උදව් කරා. ඒකෙන් පණ ගැහුන අපිට තව දුරක් යද්දී මෝනින්ග් සයිඩ් පර්යේෂණ බංගලාව දකින්න හම්බුනා. දැන් කිලෝමීටර 5ක් විතර පයින් ගාටපු අපි හිතුවේ මෙතැනින් ගමන ඉවරයි කියල. එතැන හිටි කෙනෙක් ගෙන් මේ තැන ගැන ඇහුවාම කිව් දෙයින් අපිට මොහොතකට ගමන ගැන කලකිරීමක් ඇති වුනා. ඒ මොනින්ග් සයිඩ් කියන්නේ මේ ප්‍රදේශය තමයි. තවත් කිලෝමීටර 2ක් විතර ගියාම මොනින්ග් සයිඩ් තේ වත්ත දකින්න පුළුවන් කියන ආරංචිය.
කොහෝම වුනත් ආව එකේ ඒකත් බලල යමු කියන මතය අපි තුල රජකල නිසාවෙන්ම අපි ඉතිරි කිලෝමීටර දෙකක් යන්න තීරණය කලා. කෑලෑව තුලින් වැටුනු මාර්ගයකට එලැඹි අපි ජල පහරවල් වල නැවුම් ශබ්දය කුරුළු ශබ්ද අහගෙන ගියත් අලින්ගේ වසුරු දුටු වෙලාවේදී නම් ටිකක් විතර බය වුනා. 2008 දී ආරම්භ කල මේ තේ වත්ත හෙක්ටයාර 0.2ක් තරම් කුඩා ප්‍රමාණයේ එකක්. සවස තුනත් පුහුවෙලා තිබ්බ නිසා අපි එන්න පිටත් වුනත් දිය ඇල්ලකින් ඇහුනු සද්දයක් නිසා ආයෙත් අපේ ගමන් දිශාව වෙනස් කලා.


 

 







අඩි 15ක 20ක විතර දිය ඇල්ලක් වුනත් අපේ තිබ්බ මහන්සිය නැති කරන්න නම් ඒක හොඳින්ම ප්‍රමාණවත් වුනා. ඒ අසිරියත් වින්ද අපි රෑ වෙන්න කලියෙන් එන්න හිතන් වේගවත් ගමනක යෙදුනා. කියන්නා සේම මේ ප්‍රදේශයේ දේශගුණය සම්පූර්ණ කාලයම තිබුනේ උදය කාලයේ තියෙන හිරු එලිය හා ස්වභාවය විතරමයි. දෙණියාය, සූරියකන්ද ප්‍රදේශවල තියෙන දේශගුණයෙන් සම්පූර්ණ වෙනස් දේශගුණයක් මේ ප්‍රදේශය පුරාවට පැතිරිලා තියෙනවා. ලස්සන තැනක් ගිහින් බලන්න. ඒත් ඉතින් ගමන නම් දුශ්කරයි කියන එක කියන්න ඕන.

පින්තූර සියල්ල....

ගමන් බිමන් වල තිස්දෙවන කොටසට....

5 comments:

  1. මමත් මෙතනට එක සැරයක් ගියා! ලංකාවේ මම යන්න ආසම තැන් වලින් එකක්! එද්දී වහැලා හෙන කට්ටක් කෑවේ වාහනේ යටට ගන්න..

    ReplyDelete
    Replies
    1. හපෝ වැස්සොත් නම් කට්ටම තමා

      Delete
  2. දුෂ්කර වුනාට ලස්සන පැත්තක්.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!