මගේ ගමන් බිමන් හතලිස් තුන්වන කොටස - බෝඹුරු ඇල්ල

ගමන් බිමන් වල ඊලග විස්තරය ලියවෙන්නේ ලංකාවේ තියෙන පලල්ම දිය ඇල්ල වුන බෝඹුරු ඇල්ල ගැන. මේ දිය ඇල්ල තියෙන්නේ වැලිමඩ හා නුවර එළිය අතරේ මායිමට වෙන්න. පාර මෙහෙමයි වැලිමඩින් අඹගස්දෝවට එතැනින් වලහමුල්ල හරහා උඩුහවරටත් එතැනින් පෙරාවෙල හරහා බෝඹුරු ඇල්ල ගමට එන්න පුළුවන්. වාහනයක යන්න පුළුවන් අන්තිම තැන පොඩි කඩමංඩියක් තියෙනවා. වැලිමඩ ඉඳන් නම් කිලෝ මීටර 21 විතර තියෙනවා මේ කඩමංඩියට වෙනකම්ම එන්න. එතැනින් කිලෝමීටර 4ක් විතර පයින් යන්න ඕන කැලේ මැදින්. දැන් නම් පාර සෑහෙන දුරට හදලා.

මේ දිය ඇල්ල පෙරවෙල්ල ඇල්ල විදිහටත් හැඳින්වෙනවා. උසින් මීටර 50ක් වෙන දිය ඇල්ල කුඩා දිය ඇලි ගොඩක් එකතු වෙලා තමා හැදිලා තියෙන්නේ. උමා ඔය පෝෂනය කරන දූල්ගල ගඟ තමා මේ දිය ඇල්ලට පෝෂණය සපයන්නේ. කුඩා පාරක් දිගේ පරෙස්සමට යන්න ඕන තැනක්. දිය ඇල්ල ලඟ නාන්න බහින එක නම් හොඳ වැඩක් නෙවෙයි. එතැන වතුර පාර සැරින් සැරේ වෙනස් වෙන එකයි ඒකට හේතුව. ඒත් ගඟ පහලට වෙන්න නම් නාන්න හොඳ තැන් කීපයක්ම තියෙනවා. දෙසැම්බර් ජනවාරි කාලයේ හරි අප්‍රේල් මැයි කාලයේ හරි තමා දිය ඇල්ලේ සැබෑ ලස්සන විඳ ගන්න පුළුවන් විදිහට වතුර වටෙන්නේ.















එහෙනම් ලංකාවේ පලල්ම දිය ඇල්ල ගාවින් ගිහින් අළුත් තැනක් ගැත ලියනකම් ආයුබෝවන්. බලන්න යන්න විනාස නොකර. අපද්‍රව්‍ය ගෙනියන්නේ නැතුව හරි ගෙනියන සියල්ල අරගෙන එන එක හරි කරල මේ දිය ඇලි ලඟ තියෙන සුන්දරත්වය ආරක්‍ෂා කරගන්න කියන එකත් මතකයේ තියාගන්න.


ප.ලි.
වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය.
මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. බෝඹුරේ හද්දා පිටිසර ගම්මානයකි.
ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව පැරැන්නෝ පවසති.

4 comments:

  1. dan thama danne mehema thanak thiyena bawa . Tika awadanam wedak . Post ekanam elakiri malli.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියා...

      Delete
  2. මම මෙතනට ගියා අවුරුදු තුනකට විතර කලින්, දිය ඇල්ල තියෙන ප්‍රදේශය ඉතාමත් සුන්දර, දුෂ්කර පෙදෙසක්. ඒ කාලෙනම් පාරවල් තිබුනෙ නෑ හරියට. යන්නම වටින අප්‍රසිද්ධ තැනක්. නමුත් අපේ අය මේකත් විනාශ කරයිද කියල තමයි බය.
    මට තාමත් මතකයි, තියෙන එකම බස් එක මග ඇරිලා පයින් ආපු හැටි කිලෝමීටර් හතක් අටක්.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!