ගමන් බිමන් ලියන සුලා ගැන සුලාගෙන්.......

ඔයාලා හැමෝම කාලයක් කියවන මගේ අත්දැකීම් පිටුව ලියන මම කවුද කියල කියන්නම්කෝ. හුඟක් දෙනා මූණු පොතෙන් මාව දන්නවා වුනත් ඒ කාලේ හිටි අයට මාව හරියට මතක නැතිව ඇති. ඒකෙනුත් මගේ ගමන් බිමන් ලිපි පෙල එක්ක ඔයාල ගොඩක් දෙනා එකතු වෙලා ඉන්නවා කියල මම දන්නවා. මෙන්න ඇරඹුම.
නෑදෑයෝ එක්ක කතරගම ගිහින්
මගේ ගමන් බිමන් පටන් ගත්තේ මම 6 වසරේ ඉන්න කාලේ අපේ තාත්ත එක්කන් ගිය පාසල් චාරිකාවකින්. මගේ තාත්තා උසස් පෙල රසායන විද්‍යාව හා ජීව විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මට නම් ඒක විනෝද චාරිකාවක්. =D එතකොට මම පොඩි එකා නොව. හැබැයි ඒ කාලේ හිටි අයියාලා අක්කලාගේ මූණු ටිකක් නම් තාම මතකයි. ආෂු අයියා, තට්ට නාග, අමිල වගේ නම් තාම යන්තම් මතක තියෙනවා. ලෝකාන්තේ බලන්න ගිහින් මුළු හෝර්ටන් තැන්නම පයින් ගිය හැටි. එතැන විශේෂත්ව ගැන තාත්තා කියන කතා තාම මතකයි. තිසා වැවේදී තාත්තා මව කරේ තියන් වතුර මැදට ගෙනිච්ච හැටි. තිසා වැව ලඟදී වැවේ මාළු බැදල
උන්ටම කවපු හැටි. දුන්හිඳ ඇල්ල බලන්න වැල්වල එල්ලීගෙන ගිය හැටි. ආෂු අයියා මාව කරේ තියන් ගිය හැටි. බස් එක පුරා ලේ තැවරෙන්න තරම් කූඩැල්ලෝ එල්ලන් ආව හැටි අමතක නොවෙන මතක වල තියෙනවා.
හෝර්ටන් තැන්නේ ඇවිද්ද හැටි
එතැන ඉඳන් අවුරුදු ගානක් තාත්තා එක්ක ට්‍රිප් ගියා. යන එන තැන් වල විශේෂත්ව දැක්කා ඇහුවා විතරක් නෙවෙයි මතකයේ රඳව ගත්තා. අද තනියෙන්ම ලංකාව වටේ යන්න අපේ තාත්ත මට මග පෙන්නුවා කියන එක නම් කියන්නම ඕන. එතැන ඉඳන් ලංකාවේ තියෙන තැන්වල ගිහින් එතැන විශේෂත්වය දැනගන්න මම ආස කලා. අපේ තාත්ත බඹරකන්ද දිය ඇල්ල බලන්න එක්කන් ගිය අවසාන වතාව වුන අක්ක කෙනෙක් ගලකින් ලිස්සල කකුල කඩාගත්ත වතාව මට අමතක නොවෙන මතකයක්. මොකද ලංකාවේ උසම දියඇල්ල බලන්න මට ලැබුන ප්‍රථම හා අවසාන වතාව ඒක.
බඹරකන්ද දිය ඇල්ල පාමුල
පුංචි කාලේ නෑයෝ එක්ක ගිය ගමනක් දෙකක් හැරුනාම 1999 අවුරුද්දේ විතර පටන් ගත්තු ගමන් බිමන් දැන් 2013 වෙද්දී ලොකු තැනක තියෙනවා. මන්නාරම පුත්තලම පැත්ත ඇරෙන්න ප්‍රදේශ වලින් ඔක්කෝම වගේ ඇවිද්දා. සම්පූර්ණ නොවුනත් ඒ ඒ ප්‍රදේශයට විශේෂිතම තැනක් වෙන්න වත් බැළුවා කියන්න පුළුවන්. අපේතාත්තාට පින්සිද්ධ වෙන්න මට ලොකු පන්නරයක් ලැබුනා ඒකට. තාත්තාට නොලැබුණු ලංකාව වටේ ඇවිදින අවස්ථාව මට දෙන්න තාත්ත හරි ආසයි කියල මම දන්නවා. දැනටත් ලංකාවේ ඔනම තැනක ගිහින් එතැන ඉන්නේ කිව්වාම ඒ අවට බලන්න තියෙන දේවල් ගැන කියන්න තාත්තාට තියෙන්නේ පුදුම දැනුමක්. පාරවල් ගැන වුනත් මාර මතකයක්. හැමෝම බනින ලංකාවේ ජනාධිපත් තුමාට නම් මම ස්තූතිවන්ත වෙනවා පාරවල් ගැන. දන්න කාලේ ඉඳන් අමාරුවෙන් ගිය පාරවල් දැන් බොහෝම ඉක්මනින් යන්න පුළුවන් නිසා ලංකාව වටේ කරක් ගහන එක එච්චර දෙයක් නෙවෙයි. =D
හපුතලේ ඇඩිසම් බංගලාව
මගේ ගමන් බිමන් සහා වියදම් කරන්නේ තාත්තාම නිසාත් හැමදාම වියදම් කරන්න බැරි නිසාත් මගේ අධ්‍යාපන කටයුතු  නිසාත් ලංකාවේ ඇවිදින්න තියෙන තැන් සීමා කරන්න වෙලා විතරක්ම නොවෙයි සමහර තැන් වලට යද්දී ඒ ඒ තැන් වලින් ඉල්ලන හඳුන්වාදීම් නිසාත් මේ ගමන් බිමන් සිමා වෙලා. දවසක ලංකාවේ තියෙන හැම තැනක්ම බලන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙයි. තාමත් නිධන් හොරු හා විවිධ වංචාකරයන් නිසා මාවත් ඒ ගොඩේම දාලා සැක කරන අවස්ථා අනන්තයි. ඒත් දැනට මම ගාව තියෙන විශ්ව විද්‍යාල හැඳුනුම්පත නිසාවෙන් බේරුනු අවස්ථා ගොඩයි. මම විනාස කරන එකෙක් නොවෙයි මට ඕන කරන්නේ ඒ දේවල් බලන්න සහ අපේ උරුමය ගැන සොයන්න විතරයි. අපිට අපේ දේවල් බලන්න බැරිනම් අපි ඒ දේවල් ආරක්‍ෂා කරන්නේ මොකටද කියන එක ලංකාවේ හැමෝටම හිතෙන එක නම් සාධාරනයි කියල මටත් හිතෙන්නේ මේ වගේ තැන් නිසා.
මුල්ම ට්‍රිප් එකේ නුවරඑළියේදී
ඔන්න මේ ගමන් බිමන් ලියන සුලාගේ විස්තරය. ඔයාලත් දවසක මේ දේවල් බලන්න ඇවිදින්න බැරි වෙලාව නැති අයට ටිකක් හරි මේ දේවල් බලන්න තමා මේ විස්තර මෙහෙම ගෙනාවේ. එකතු වෙන්න ඔයාල දන්න මම නොදන්න දේවල් ලිපි වලට කොමෙන්ටු හැටියට දාන්න. ඒකෙන් මටත් රටටත් ඒ දේවල් දැනගන්න පුළුවන්. ඒකාලේ ගිය ගමන් බිමන් වල පින්තූර නම් නෑ මොකද මට ඒ කාලේ කැමරාවක් නැහැ.

10 comments:

  1. නලිනි10 May 2013 at 10:02

    ඉඩක් ලැබෙන හැටියට, සංචාරයේ යෙදෙන එක අපූරුම විනෝදාංශයක්. කවදක හරි මතක් කර කර සතුටු වෙන්න තියෙන්නෙ මේ දේවල් තමා.
    බොහොම වාසනාවන්ත පුතෙක්, ඒ වගෙ තාත්තා කෙනෙක් ලබන්න.

    ReplyDelete
  2. තිසා වැව ලඟදී වැවේ මාළු බැදල උන්ටම කවපු හැටි-පව් වැඩක්

    ReplyDelete
    Replies
    1. හපොයි අපි ඇල්ලුවෙත් නෑ බැද්දෙත් නෑ. එතැන විකුනන්න හිටියා බැදපු එව්වෝ... :p අපි ගත්තා කෑවා සහ ආපහු වතුරට දැම්මා විතරයි... හික්ස්

      Delete
  3. සුලා උබ ගැන වගේම තාත්ත ගැනත් මම හොදට දන්නව. හොද දේවල් බලාගෙන ඉදපන් මටත් බැරියැ මාර්ගඋපදේශනයක් ගන්න. සුභ ගමන් මචෝ.......!!!

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් දවසක සෙට් වෙමු ලංකාව වටේම යන්න....

      Delete
  4. ජය වේවා ...!! මලයෝ

    ReplyDelete
  5. මම කැමතියි ඔයාව අදුන ගන්න... මමත් ගවේශණ වලට හරි කැමතියි....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ඉන්නේ අඳුන ගන්න...

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!