ඇස නොගැටුනු රැකිය යුතු උරුමයන් .... 01

ධෛර්යය නිසාවෙන් අදටත් එය පවතින්නේය. පිටරැටියන්ගේ උදව් ඇතිව සිංහල පවුල් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ගනනාවක් කල උන්වහන්සේට අදටත් උසාවියේ නඩු ගණනාවකි. ඒ දමිල මුස්ලිම් වරුන්ගේ විවිධාකාරයේ විරෝධී වැඩපිළිවෙල නිසාවෙනි. නමුදු සිංහලයා වෙනුවෙන් තැනක් නිර්මාණය කරමි, අපේ උරුමය රකිමි යන සිතිවිල්ල අධිෂ්ඨානය නිසාවෙන්ම රකිමින් සිටින පන්සලේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ වසර 20කට අධික කාලයක් මෙම පන්සල රැකගනිමින් සිටින්නේය.




--------------------------------------
------------------------------------------
අද ගරාවැටුනු විහාර මන්දිරය අළුත්වැඩියා කරන්නට අඩිතාලම දමා වැඩ කොටසක් කරගෙන ගියද ඒ සඳහා යන වියදම වෙනුවෙන් කිසිදු දායකයෙකු නැති නිසාවෙන් එහි වැඩකටයුතු මන්දගාමී ස්වභාවයෙන් ඇදෙමින් පවතී. කැනඩාවේ පදිංචි මොරිස් සැන්ඩර්ස් නැමැත්තා විසින් ලබා දුන් රුපියල් ලක්‍ෂ 16ක මුදලක් නිසාවෙන් මේ වන තුරු වැඩකටයුතු කරගෙන ආ බවත් තවත් විශාල ප්‍රමාණයක වැඩකටයුතු සිදුකිරීමට ඇති බවත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ පවසයි. 2015 ක් වූ මැයි මස වෙසක් පුන් පෝ දා වන විට එය විවෘත කර සුවහසක් ජනයා වෙනුවෙන් ධර්ම දේශනා සිදුකිරීමේ අරමුණ පෙර දැරිව උන්වහන්සේ තවමත් සෙමෙන් සෙමෙන් එහි වැඩ කටයුතු කරගෙන යනු දක්නට ලැබේ. ඇති තැනට ප්‍රසිද්ධියට සියල්ල ලැබෙන රටක කිසිත් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනුත්, නැගෙනහිරට වෙනත් කිසිදු සිද්ධස්ථානයක් නොමැති නිසාවෙනුත් පැමිණෙන්නා වූ පිරිසේ අඩුව දැන් දැන් වඩා හොඳින් දැනෙන්නට පටන් ගෙන තිබේ.
අපට මඩකළපුවේ ඇති අවසන් සිද්ධස්ථානය රකින්නටවත් උදව් උපකාර කල හැකි අයෙක් සිටී නම් උදව් උපකාර කරන්න යැයි ඉල්ලීමක් කරනු කැමැත්තෙමි. උදව් උපකාර කරන්නට කැමති අයෙක් වෙතොත් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වන අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ වෙත දුරකථන ඇමතුමක් දීමෙන් සම්බන්ධ කරගත හැකිය. ඒ සඳහා පහත අංක වලට ඇමතිය හැකිය.

0771 791 883
මුදල් ආධාර දිය හැකි අයෙක් වෙතොත් පහත ගිණුම් අංකයට මුදල් බැර කල හැකිය.

ශ්‍රි මංගලාරාම විහාර සංවර්ධන අරමුදල සම්පත් බැංකුව මඩකලපුව ශාඛාව
ගිනුම් අංකය 113961000365

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!