ගාමිණී චිත්‍රපටයෙන් වසන් කල ගෝණගල ගමේ ඇත්ත කතාව

වසර 30ක් පුරාවට පැවති LTTE ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ රටපුරා විවිධාකාර පුද්ගලයන් විසින් එකල සිදුවූ වියසනයන් දැකබලා ගැනීමටත් ඒවායේ මිලේච්ඡත්වය පිළිබඳ කතා කිරීමටත් පටන්ගත්හ. එමෙන්ම මායිම් ගම්මාන වල සිටි අය වෙනුවෙන් විවිධාකාරයෙන් ආධාර දුන්හ. දුක බෙදාගත්හ. නමුදු තවත් පිරිසක් ඒ දේවල් විකුණමින් තම ආදයම් සරු කර ගැනීමටත් පටන් ගත්හ. කෙසේ වුවත් මායිම් ගම්මාන වල උන් අය විඳි දුක කෙසේ දැයි දන්නේ උනුන් පමණක්මය. රාත්‍රියේ අඩි සද්දයටත් හුලඟටත් බියව රාත්‍රිය පුරා කැලෑ වදිමින් තම ජීවිත වෙනුවෙන් සටන් කල අය තුල තවමත් බිය පවතින්නේය. මෙසේ ත්‍රස්තවාදයේ ගොදුරක් වුන අම්පාර ප්‍රදේශයේ ගෝණගල නම් ග්‍රාමය පිළිබඳ ලෝකයා වෙනුවෙන් හඬගා කියන්නට "ගාමිණී" නමින් චිත්‍රපටයක් බිහිවිය. ඒ පිළිබඳ ඔබට, මට අමතක විය නොහැක. එයට හේතුව වන්නේ අප අනේ අපොයි කියමින් නොදුටු කතාන්දරයක් බලාපොරොත්තුවෙන් සිටි සමයක නිර්මාණය වූවක් නිසාවෙනි.

කෙසේ වෙතත් මෙසේ නිර්මාණය වූ ගාමිණී නම් චිත්‍රපටය තුල සම්පූර්ණයෙන් ගැබ්ව ඇත්තේ අසත්‍යය පමණකි. ලාංකීය වර්තාකරණ චිත්‍රපට තුල ප්‍රේක්‍ෂකයා වෙනුවෙන් ලබා දෙන මුසාව කෙතරම් දැයි දැනෙන්නේ මේ චිතුපටය නිර්මාණය හා එයට පදනම් වූ සත්‍යය පිලිබඳ සොයා බැලීමෙන් පමණක්මය. අපි ගෝණගල ගමෙන් ඇසෙන ඒ කතාන්දරය බලමු. නමුදු මෙය ලියන අතරතුර මා තොරතුරු ලබාගත් පුද්ගලයින් හා ඒ පිළිබඳ කියවුනු නම් ගම් සමහර තැන් වල සඳහන් නොකිරීම පිළිබඳ පාඨක ඔබෙන් සමාව අයදිමි. ඒ ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්මය.

1999 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා රාත්‍රිෙය් සිදුවූ ඛේදජනක සිදුවීමට කලින් සිදුවූ සිද්ධීන් ගණනාවකි. එයින් ප්‍රධානම සිද්ධිය වන්නේ 1999 ජුනි මස 20 වනදා සිදුවීමයි. ඒ 16 ගෙදර ඉදිරිපිට වෙල්යායේ සිදුවූ වෙඩි තැබීමයි. ඒ පුද්ගලයාට වෙඩි තැබුවේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන පහර දෙමින් ප්‍රශ්ණ කලත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොවීය. පසුව එය සිදු කලේ ත්‍රස්තවාදීන් විසින් යැයි ඔප්පු වුන අතර ගම් වැසියා නිදහස් කරවීය. තවද කලක් තිස්සේ නිවෙස් අසලින් පැනදුවන "බූතයන්" පිළිබඳ කතාන්දරද පැතිරෙන්නට විය. සමහර නිවෙස් ආසන්නයේ උදෑසනට කොහොඹ ඉති දකින්නට ලැබින. කෙසේ වෙතත් මෙවැනිසිදුවීම් වෙනුවෙන් කල පැමිණිලි ගඟට කැපූ ඉනි මෙන් විය. කිසිවෙකුත් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැත.

සිදුවීම සිදුවන 18 වැනිදා රාත්‍රිය අසල ගමෙක පිරිත් ගෙදරකි. ඒ කිලෝමීටර එකක් විතර දුරින් තියෙන කොත්මලේගම නැමති ගමට. ග්‍රාමාරක්‍ෂකයි බොහෝදෙනෙකුත් එයට සහභාගී වී ඇති අතර ගමේ කිසිවෙනකුත් සිට නොමැත. පන්සලේ ස්වාමීන් වහන්සේත් එහි වැඩම කරවා පිරිත් සජ්ජායනය සිදු කරවා ඇත. එහි ඇති ශඉ්ද හේතුවෙන් ගමෙන් කිසිදු ශබ්දයක් ඇසී නෙමෙැති අතර ඔවුන් එලිවනතුරුත් මේ පිළිබඳ දැන සිට නොමැත.

මා ඉහත කිව් පුද්ගලයාගේ තුන්මාසයේ දානමය පින්කම වෙනුවෙන් එ නිවසේ අහාර පිලියෙල කිරීමට හා උදව් කිරීමට පැමිණි 16ක පමණ පිරිසකි. රාත්‍රියේ සැඟවෙමින් පැමිණි ත්‍රස්තවාදීන් කොටස් වලට බෙදෙමින් ගමේ විවිධ කොටස් වෙතු පැමිණි අතර සාහසික අයුරින් ගම් වැසියන් කපා කොටා දමන්නට පටන්ගෙන ඇත. වෙඩි තැබීම් සිදු නොවුන නිසාවෙන් නිවෙස්වල කිසිවෙකුත් භීෂණය වන තුරුත් ඒ පිළිබඳ කිසිවක් නොදත්තෝ වූහ. ගම් වැසියකු බිය වද්දවා නිවෙස් වල දොරවල් විවෘත කරගත් ඔව්හු නිවසේ සියල්ලන් කපා කොටා සමන්නට විය. මෙලෙස ඝාතනය වූවන් අතර කිරි දරුවන්, ගැබිණි මවක් පවා සිය ඇති අතර ඔවුන්ගේ සිරුරු කපා කොටා හාරන්නට තරම් ත්‍රස්තවාදය මිලේච්ඡ විය. තවත් කොටසක වටිනා වස්තුව රැගෙන නිවෙස් ප්‍රධානියන් හා පිරිමි අය පමණක් මරා දැමූ ත්‍රස්තවාදීන් පවා සිට ඇත. මෙලෙස ඝාතනයෙන් බේරී ඇති පවුල් තිබුනත් දැන් නම් බොහෝ දෙනා ගම් අත්හැර වෙනත් පලාත් වල පදිංචියට ගොස් ඇත. කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් පැණ ගොස් ඇත්තේ ගමේ කෙනෙකු නිවසේ දොර හරිනු වෙනුවට ඉහලට වෙඩි තැබීම කියලයි කියන්නේ.

මා ගොස් කතා කල නිවෙස් වල අය "අතන මරල හිටියේ මෙයා, මෙතන මෙන්න මෙහෙමයි අරය මරල තිබුනේ" කියමින් ඒ ඒ නිවෙස් වල තැන් පෙන්වද්දී අඩිය තබන්නට පවා මිනිසෙකු නොමැරුනු තැනක් නොමැති විය. මට නිසැකයෙන් මතකය ආවේ බුදුන් සමයේ මිනිසෙකු නොමල ගෙයකින් අබ ඇට සොයන්නට ගිය කතාවයි. නොමල ගෙයක් නැත... ලේ විලක් මැද වැටී සිටි බිළිඳන් පිලිබඳ විස්තර කියද්දී අපේ ඇඟ කිලිපොලා යන්නට විය. නෙතඟට කඳුළු උනන්නට විය. මේ වැනි දෙයක් සිදුවුන සිද්ධිය වසන් කරමින් ග්‍රාමාරක්‍ෂකයන් වීරයන් කල ගාමිණී නම් චිත්‍රපටයට මා වෛර කරමි. හුදෙක් ජනයාගේ හැඟීම් සමඟ දුක විනෝදයක් කල දෙයක් අප රටට අවැසිදැයි සිය දහස් වර මා සිතමි.


මීලඟට අප විමසුම් කල කරුණ නම් ගාමිණී චිත්‍රපටයේ එන අංගම්පොර වීරයා ඇත්තක්ද යන්නයි. එය සත්‍යයකි. එවන් වීරයයෙකු සිට ඇත. නමුදු අංගම්පොර වෙනුවට ඔහු දැන සිට ඇත්තේ කරාතේ ශිල්පයයි.  මේ කියන්නා වූ 16 දෙනෙකු මරා දැමූ නිවසේ කාමරයක ඔහු සටන් කර ඇත. ත්‍රස්තයන් පරාජය කර ඇත. නමුදු අවසන ඔහුද පරාජය විය. අදටත් ඒ නිවසේ ඔහුගේ යැයි කියන වියැලී ගිය ලේ සලකුණු දක්නට හැකිය. තවමක් කට කතාවලින් තමන්ගේ ග්‍රාමය පාවාදුන් බව කියන්නන් එමටය. පොදුවේ කතා බහට ලක් නොවුනද අදටත් ජීවමානව මේ පාවාදෙන්නන් සිටී යැයි කතාන්දර පවතී. අප මෙතැනින් පසුව ගමේ පන්සලත් ස්වාමීන් වහන්සේත් සොයා ගියෙමු. ඒ කතාන්දරයේ නෙගැලපෙන තැන් පුරවන්නට සිතාගෙනය.

සටන් ශිල්පියා සටන් කල නිවස

සටන් ශිල්පියා මිය ගිය තැන. ලේ පැල්ලම් බිත්තියේ තවමත් ඇත

පන්සල හා අවට දුටුවිට ගාමිණී චිත්‍රපටය තුල පෙන්වූ සුරංගනා කතාවේ කෙතරම් දේ තිබුනේ දැයි මට සිතෙන්නට විය. ගෝණගල පන්සලේ රන්සෑගොඩ මිත්තසිරි ස්වාමීන් වහන්සේ, මා දුටු අපූරු ස්වාමීන් වහන්සේ නමක්. මගේ මතකයේ රැඳුන ස්වාමීන් වහන්සේගේ වචන මෙන්න මෙහෙම සඳහන් කරන්නම්. "මහත්තයෝ උන් ඇවිත් ගමේ උන් මරද්දී මම හිටියේ නෑ. පිරිත් කියන්න ගියා. ඒ එහා ගමට. මම එද්දී 4ට විතර ඇති ගමෙන් මහ ගොඩක් වාහන යන සද්දෙටයි. මම බැලුවේ. බලද්දී ගමක් නෑ. මම ගිහින් හැම තැනම බලල ජීවත් වෙලා ඉන්න අය ඇම්බියුලන්ස් ගෙනත් ඉස්පිරිතාලේ දැම්මා. උදේ පොලීසියෙන් ආවේ. ඒ එදිදී ඔක්කොම ඉවරයි". ස්වාමීන් වහන්සේ පවසන අන්දමට චිතුපටය හුදෙක් ගම්වැසියන්ගේ කඳුළු විකුණූ ක්‍රමවේදයක් පමණක්මය. විස්තර තොරතුරු රැස්කරමින් වාර්ථාකරණයේ යෙදුනත් එය නොමිලේ නැරඹීමට ගම් වැසියන්ට අවස්ථාව ලබා දෙන බවත් පවසමින් සියළු විස්තර රැස් කරමින් ගම් වැසියන් මුලා කල ගාමිණී චිත්‍රපටය අදටත් නරඹා නොමැති අය ගමේ ජීවත් වෙති. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ගෝණගල නමින් ඇති ඔවුන්ගේ ගමේ නම හා ඛේදජනක සිදුවීම විකුණන්නටත් අඩුම ගණනේ චිත්‍රපටය වෙනුවෙන් රූගත කිරීම් තුල ගමෙන් එක් පිදුරු ගහක්වත් නොගෙන ඇති බවයි. ස්වාමීන් වහන්සේ කියූ එක් දෙයක් තවමත් මගේ මතකයේ තිබේ. එනම්, "මහත්තයෝ මම මේ පන්සලේ එදත් අදත් ඉන්නේ මට වෙන පන්සල් නැතුව නෙවෙයි. ඒත් කෙනෙකුට දුකක් කරදරයක් වුනාම දාල යන ජාතියේ නිවට ජාතියත් නෙවෙයි සිංහල කියන්නේ. චීවරේ ඇතත් නැතත් දුකට කරදරේ වැටුනු වෙලාවට ලඟ ඉන්න එකයි වටින්නේ". මේ වචන ස්වාමීන් වහන්සේ කිව්වේ උන්නාන්සේගේ හදවතින්මයි.
රන්සෑගොඩ මිත්තසිරි ස්වාමීන් වහන්සේ

අද වෙනතුරුත් ගමේ ඇතුලත පාරවල් හදනවාට වඩා දෙයක් කර නොමැති දේශපාලනය දැනටත් සිදුවෙන අලි මිනිස් ගැටුම බලන්නවත් මේ ගමට නොපැමිණ ඇත. ඒ එසේ එන්නවත් තමන් පාරක් සාදා නොමැනි නිසාවෙන්ද? එහෙමත් නැතිනම් දේශපාලන තරඟයේ එකිනෙකා සමඟ ඇණ කොටාගන්නා අතරතුර කරන්නට කාලයක් නොමැති නිසාවෙන්දැයි ප්‍රශ්ණයක් පැණ නගී. කෙසේ වෙතත් තවමත් දුක්ඛිත ජීවත් කරන පවුල් ගණනාවක් සෛන මේ ගම්මානය එදා සිටි තත්ත්වයෙන් මුදවාගෙන නම් නොමැත.

මම පැය ගානකින් එකතු කරපු කතා ගොන්න කෙටි කරලයි මේකේ ලිව්වේ. හැබැයි ඉතින් ඒ කතා ඒ කටවල් වලින්ම ඒ වචන වලින්ම අහද්දී තරම් හැඟීමක් එන්නේ නම් නැහැ මේකෙන්. ලියන්න නම් දිග කතාවක් ඒ කියන්නේ නව කතාවක් දිගට ලියන්න පුළුවන් තරම් දේ තිබුණා. නමුත් ඒ තැන ඉඳන් ඒ කතා අහද්දී දැනෙන ත්‍රාසය පිරි හැඟීම ඔයාලට නම් කොහොමවත් ලැබෙන්නේ නැහැ. (නොගිය කෙනෙකුට)

12 comments:

  1. ඇත්තද නැත්තද කියන්න නම් දන්නේ නැහැ . අතීතය අමතක කරන්න කියනවා නෙමේ , මේවා දැන් හාර අවුසන්න ඕනේ නෑ කියන මතෙයි මන් ඉන්නේ .

    හැමදාම ලියන්න . ආයි එන්නම්


    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අතීතය නම් අමතක කරන්න ඕන නමුත් ඒ මතකයන්ගෙන් දුක් විඳින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන ඒ මතකයෙන් අයින් වෙන්න. ඒ අය තවමත් දුක් විඳිද්දී අපි කොහොමද ඒ අතීතය අමතක කරල දාල සතුටින් ඉන්නේ කියන එකයි ප්‍රශ්ණය.

      Delete
  2. ලංකාවේ සිනමාවේ මාකට් කරන්න පුළුවන් හොඳම දෙකක් තමයි, ඉතිහාසය සහ යුද්ධය.
    අනිත් හදන චිත්‍රපටි ඔක්කොම වගේ අසාර්ථකයි.
    ඉතින් උන් විකුණන් කනවා, අපි "අනේ අපොයි !" කියා කියා බලනවා..

    අන්තිමට මේ වගේ කුරිරු යුද්ධය නිමා කල අපේ අතිගරු $%^^% සහ පවුලට ගෞරව උත්සව පවත්තල තව කල් රජ කරනවා....

    එච්චරයි............

    ReplyDelete
    Replies
    1. සිනමාවෙන් ඒ දේවල් මාකට් කලාට කමක් නැහැ නමුත් ඒ සිදුවීමේ ඇත්ත තතු එලියට දාන්න ඕන. කාගෙවත් වැරදි වහන්න හදනවා නම් ඒක වැරදි නිර්මාණයක්...

      Delete
  3. //සිනමාවෙන් ඒ දේවල් මාකට් කලාට කමක් නැහැ නමුත් ඒ සිදුවීමේ ඇත්ත තතු එලියට දාන්න ඕන. කාගෙවත් වැරදි වහන්න හදනවා නම් ඒක වැරදි නිර්මාණයක්...//
    සම්පූර්ණ ඇත්ත...

    කට්ටියක් ජූලියක් මතක් කර කර ඉන්න එක හොඳයි.. හැබැයි මෙව්වා මතක් කරන එක හරි නැහැ.. මාර වැඩක් තමා..

    ReplyDelete
  4. ‍ම‍ගේ බ්‍‍ලොග්‍ ‍එ‍ක ‍බ‍ලා‍න ‍ය‍න ‍ග‍මන්‍ ‍අ‍හම්‍‍බෙන්‍ ‍ඇ‍හැ ‍ගැ‍ටු‍නේ ‍ලි‍පි‍ය ,‍බො‍හෝ‍ම ‍අ‍පූ‍රු‍යි ‍යා‍ලු‍වා , ‍මේ‍ක ‍කි‍ය‍ව‍පු‍වා‍ම ‍ම‍ට ‍ත‍හ‍වු‍රු ‍උ‍නා ‍ත‍වත්‍ ‍අ‍පේ ‍ර‍ටේ ‍හැ‍ම ‍එ‍ක‍ම ‍ක‍රන්‍‍නේ ‍වි‍කු‍න‍න ‍එ‍ක ‍කි‍ය‍ලා . ‍බො‍රු ‍කි‍යන්‍‍න ‍ඕ‍න ‍නෑ ‍ම‍මත්‍ ‍ගා‍මි‍ණී ‍බ‍ල‍පු ‍එ‍කෙක්‍ ‍බො‍හො‍ම ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා ‍මි‍නිස්‍‍සු ‍හො‍යා‍ගෙ‍න ‍ගි‍හින්‍ ‍ඒ ‍මි‍නිස්‍‍සුං‍‍ඒ ‍ඇත්‍‍ත ‍අ‍ද‍හස්‍ ‍ලි‍ය‍න ‍එ‍ක ‍බො‍හෝ‍ම ‍අ‍ග‍ය ‍ක‍ර‍න‍වා ‍ඔ‍බ‍ට ‍ජ‍ය ‍

    ReplyDelete
  5. http://www.hisahasa.blogspot.com/2011/10/blog-post_24.html

    ReplyDelete
  6. ඊලඟ පාර යන තැනක වොයිස් රෙකෝඩරයක් අරන් යන්න. නැත්තං ෆෝන් එකේ එක පාවිච්චි කරන්න

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි අයියා කියන අයගේ කතා රෙකෝඩ් කරන්නද? එහෙම නම් වීඩියෝ පිටින්ම තියෙනවා මේකේ.. ඒත් දාන්න බෑ ඒ අයගේ මූණු නැතුව දාල වැඩකුතු නෑ....

      Delete
  7. චිත්‍රපටිය බලල නෑනෙ බං. ඒක ගැන පොඩි විස්තරෙකුත් දාපංකො.

    ReplyDelete
  8. මම මේ ලිපිය දැක්කෙ ඊයේ. හැබැයි මේ සිද්දායට ඇත්තටම මුහුණ දුන්නු කෙනෙකුගේ දුක්බර අත්දැකීමක් මීට පෙර මම වෙනත් බ්ලොග් ලිපියකින් කියවලා තිබුනා. අද උදේම අන්තර්ජාලේ පීරලා හොයාගත්තු ඒ බ්ලොග් ලිපිය පහලින් තියෙනවා. කැමති කට්ටිය කියවල බලන්න.

    ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව - https://hisahasa.blogspot.com/2011/10/blog-post_24.html

    ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව 2 - https://hisahasa.blogspot.com/2011/10/2.html

    ඒ සිදුවීමේ ජායාරූප ගත්ත පලමු කැමරාකරුගේ කැමරාවේ සටහන් වුනු ඒ පින්තූර ටික - http://www.mediafire.com/file/c0zadw5ss7kma6d/Gonagala Pictures.zip

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!