රටට පේන්න අපි කරන පව්... පිච්ච මල් පූජාව අනුරාධපුරය

පිච්ච මල් පූජාවක් තිබුණලු. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඇවිල්ලත්ලු. ජනාධිපතිතුමා ඉස්රරහින්ම හිටියා. ඒක නම් පින්තූරෙක දැක්කේ.. (ලක්‍ෂය ඉතින් ගනින්නයැ)
--- පව් කරන්න මාර ආසාවක් තියෙන්නේ නේද?----
---
-
හෝව් බණින්න එපා හේතුව කියන්නම්-----
-
-
ගස් වල මල් පිපෙන්නේ ඇයි. කෙටියෙන් කිව්වොත්. ඒ ගස්වල ප්‍රජනනයේ එක් අවධියක්.ගස් වල මල් පිපෙනවා. එහි රේනු තියෙනවා. ඒවායින් පරාග හටගන්නවා. එතැනින් පරාගනය හෙවත් ප්‍රජනන ක්‍රියාවලියක් වෙනවා. අපි ඒ ගහේ මල් ටික ඔක්කෝම කඩල ගිහින් චෙත්‍යය වටේ තියනවා.
-
-
මේ තියෙන මල් වලින් සමහරක් පරාගනය වෙලා. සමහරක් පිපුනා විතරයි.
-
ඒහෙනම් ඒ කරන්නේ කාටත් පේන්න කරන ගබ්සාවත්, එහෙමත් නැතිනම් උපත් විනාසයක්. (පාලනයක් කියන්න බැහැ මල් ඔක්කොම කැඩුවාම) ඉතින් හිතන්න ජීවියෙක් විනාස කරන එක පවත් නම් ගස් වලටත් ජීවයක් තියෙනවා ඒක විනාස කරන එක පවක් නෙවෙන්නේ කොහොමද?
--
*****
මේ පින්තූර වල ඉන්න අයගේ මූණු ඔක්කොම පින් කරන්නමද?


 -
දැන් අහයි බුද්ධිමත් ශ්‍රද්ධාබර උපාසක උපාසිකාවො ටික මෙන්න මෙහෙම.
එතකොට බුදුන්ට මල් පූජා කරන්නේ. ඒ කාලෙත් කලා කියල. මම දන්න හැටියට බුදුන්වහන්සේ එහෙම කරන්න කියල නැහැ. අනික අපේ පැරැන්නෝ කිව්වේ පුතේ තව කෙනෙකුට තියල මල් කඩාගන්න කියලයි. අනික එක මලක් පිදුවත් මල් ගොඩක් පිදුවත් එකම පින තමයි තියෙන්නේ කියල.
---
තවත් පවක් තියෙනවා. ඒ තමයි අපි චෙත්‍යය විනාස කිරීම හා ධාතූන් අසල ගඳ ගැස්සවීම. බලන්න පිච්ච මල් විතරක් නෙවෙයි ඕන මල් වර්ගයක් එක මත එක තිබුනොත් තැම්බෙනවා. ඒ ඒකේ තියෙන වතුර ගතිය එක්ක. තව පිච්ච මල් සුදු බිත්තියක තිබ්බොත් ඒක දුර්වර්ණ වෙනවා. තව ඔය පූජ කරන ලක්‍ෂගානම සුද්ධ කරන්නත් ඕනනේ. ඒ කාලයේදී අනිත්වා පරවෙලා ගඳ සහනවා. ඉතින් ධාතූන් තැන්පත් කල තැනක මේවා පවක් මිස වෙන මොකක්ද? සමහරවිට අපේ උපාසක මහත්වරු මෙහෙම හිතනව ඇති.....

මල් ගොඩයි. සුද්ධ කරන අයට පඩි, චෙත්‍යයේ හුණු ගාන්න ආධාර, සුද්ධකරන පින්, තීන්තගාන පින් වගේ අතුරු පින් රැසක් කරගන්න පුළුවන් වෙනවනේ. :P කුසල් කරන්න රටේ මේ කොණේ ඉඳන් අනිත් කොනට යන්න ඕන නැහැ. තමන් සතුව නෙලාගත් මලක් නැතිනම් තවත් කෙනෙකු පූජා කරන මලක් තමා තුලින් එන අවංක ශ්‍රද්ධාවෙන් යුතුව "මේ මල මමද බුදුන්ට පූජා කරමි. පූජා වේවා! " කියල ප්‍රාර්ථනා කරන්න.
අපි අච්චර කලා මෙච්චර කලා කියන එක නෙවෙයි. අරය දැක්ක මෙයා දැක්ක කියන එකත් නෙවෙයි. තමන් බැතියෙන් මලක් පූජ කරන්න. ඒකට උත්සව තියාගෙන ණය වෙලා යන්න ඕන නැහැ. යන්න පුළුවන් වෙලාවක යන්න. ගිහින් කලබලයක් නැතිව හිත නිවාගන්න උත්සාහ කරන්න. ණය වෙලා වාහන කුලියට අරන් ලෙඩ දුක් අස්සේ, සෙනඟ අස්සේ තෙරපිලා ලැබෙන පින් කොහේ යන්නද? හිතු වල පින් පිරෙන්න තැනක් නැහැ තියෙන්නේ වෛරය, ණය බර, කේන්තිය, විඩාව වගේ දේවල් විතරයි.

ඒ නිසා හිතන්න... බුදුන්සරණ යනවා කියන්නේ මේකමද කියල...

15 comments:

  1. චේතනාව හොඳ නම් කිසිම පවක් නැහැ.... feeling sorry about you. your damn thoughts.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් මම Anonymous ල එක්ක හේතු කියන්න යන්නේ නෑ. මොකද එතැන කතා කරන කෙනා නැති නිසා.

      චේතනාව හොඳ වූ පමණින් පව් නැතිනම් අද මස් මරන අය තුලත් පව් නැහැ. මුදල් සෙවීම, තම පවුලේ අයට කන්න අඳින්න දෙන්න කියන චේතනාව විතරයි තියෙන්නේ. ඒ අය තුල සතා මරන්න ඇතිවන කේන්තිය නැහැ. ඒ විතරක් නෙවෙයි බිලි පූජාවන් පවා ඔබ කියන විදිහට අනුමත විය යුතුයි. මොකද පූජාව කරන කෙනාගේ විශ්වාසයන් සමඟ අරමුණ වන්නේ තම ජනතාවට, එහෙමත් නැතිනම් අනුගාමිකයන්ගේ සුභ සිද්ධිය වන නිසාවෙන්. ඒක සාධාරන විය යුතුයි.

      Delete
  2. So according to you my friend. Other religional people also have traditional events. As example Muslims killing cows. It was a traditional thing to please the god called allah. Is it okey with you. So now a days most of the people making rules and regulations to stop it. And be careful. I am not an anti Buddhist & also I am not buddhist or member of any other religion.

    ReplyDelete
  3. අපි ඇඳුම් අඳින්නේ විලි වසා ගන්න විතරක් නොවෙයි. ප්‍රදර්ශනය, ආරක්ෂාව ආදියටත් එක්කයි. ෆොන් එකක් ගන්නේ කෝල් ගන්න විතරද? කාර් එකක් ගන්නේ ගමන් යන්න විතර ද? එහෙනම් අපි මරූටීම විතරක් පදින්න එපැයි. යම් දෙයක් කරන විට අපි එයින් එකම අරමුණක් පමණක ඉටු කර ගන්නේ නැහැ. අපි සෑම පැත්තෙන්ම අපේ උපයෝගිතාවය උපරිමම කර ගන්න තමයි බලන්නේ. බැරිම වුණොත් තමයි ඊට අඩු විකල්පයට යන්නේ. එදා අද මෙන් හෙටත් එය සාධාරණයි.
    ඒ වගේම මල් පූජා කරන්නේ පින් ගන්නම විතරක් ද? එහෙනම් අපි ගෙදර ඉදන්ම පූජා කරනවානේ මල්. සහෝදරයා ඉදිරිපත් කරන තර්ක හරි. කෙනෙක් තම ජීවිතය නිරවුල්ව පවත්වා ගෙන යාමට මෙවැනි ක්‍රියා අවශ්‍ය නැහැ. නමුත් ආගමක් හෝ දර්ශනයක් හෝ ජාතියන් හෝ මතුවටත් රැකෙන්නේ මෙවැනි ක්‍රියා වලින් පමණයි. සරලව කිව්වොත් මෙවැනි දේ නොකර ගෙදර සිට මනස නිරවුල් කර ගන්නා පුද්ගලයා නිවනට පැමිණියත් ආගම ඉදිරියට ගෙන යාමට ඔහුගෙන් ලැබෙන්නේ අල්ප දායකත්වයකි. මෙවැනි දේ කරන්නෝ නිවන් නොදැක්කත් ආගම ඉදිරියට ගෙනි යන්නේ මොවුන්ය. දුටු ගැමුණු රජ්ජුරුවොත් රුවැන්වෑලි සෑය හැදුවේ නිවන් දැකීමට එය අත්‍යවශ්‍ය නිසාද ? රුවන්වැලි සෑය පීඩිත ජනයා තලා පෙලා ඉදි කළ වැඩකට නැති ගඩොල් ගොඩක් වේ යයි එදා රහතුන් දුටුගැමුණු රජුන්ට උපදෙස් නොදුන්නේ මන්ද? ජේතවනාරාමය හදද්දි බුදුන් එයට එපා යයි නොකීවේ මන්ද? පොතේ කෙසේ තිබුණත් ප්‍රායොගික තලයේදි මේවා අත්‍යවශ්‍ය වේ. හොඳ හෝ නරක වුවත්. මේ ලෝකේ හොඳ මෙන්ම නරක දේත් ඇත. හොඳත් නැති නරකත් නැති දේවලුත් ඇත. හොඳත් ඇති නරකත් ඇති දේවලුත් ඇත. එදා අද මෙන් හෙටත්......අනිවාර්යයෙන් පල කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉදිරිපත් කල දේවල් තුලම ඔබට අවැසි පිලිතුර තිබෙනවා.. පරිස්සමින් කියවන්න තේරුමක් ඇතිවම...

      Delete
    2. Anonymous ගේ අදහසට මමත් එකඟයි ...

      Delete
    3. agree with this comment by anonymous

      Delete
  4. ජාතියට ආදරේ නැති උබ ලංකාව වටේම ගියත් වැඩක් නෑ.. .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, නමුත් ජාතියට තියෙන ආදරේ මනින්නේ ආගම නාමයෙන් කරන බොරුවක් පිළිබඳ කතා කිරීමෙන්ද?

      Delete
  5. අනුන්ගෙ පිනක් දැකල සතුටු වෙන්න බැරි උඹ... අනේ යකෝ

    ReplyDelete
  6. යකෝ.. 'මහා දානයෙහි, විශේෂ පූජාවෙහි මහත් විපාක ඇත' යන්න දස වස්තුක සම්මා දිට්ඨියේ කොටසක්. දන්නේ නැත්නම් කට වහගෙන හිටපිය පවු පුරව ගන්නැතුව.

    ReplyDelete
  7. සින්ධූ නදී තෙර සක්වා ලිහිණියෙක්ව සිටි කාලයෙහි විපස්සි බුදුරදුන්ට හැල්වී පිදූ පිනින්ද ඉසුරු පිළිබඳව පච්චාගමණිය ථෙරාපදානයේ විස්තරයක් එයි.

    තමන් දිය කුකුළෙක්ව සිටි අවධියෙහි තිරිසන් ගතව සිටියද, බුදුරදුන්ට මල් රොන් පිදීමේ ආනිශංසයෙන් ලද උසස් ඉසුරු ලාභය පිළිබඳ නලින කෙසරිය ථෙරාපදානයෙන් හෙළිවෙයි.

    http://lakehouse.lk/budusarana/2014/10/31/PrintPage.asp?REF=fea08


    සතුන්ට තේරෙන තරම්වත් බුදුගුණ උඹලට තේරෙන්නෙ නැති හැටි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!