මගේ ගමන් බිමන් පනස්හත් වන කොටස - රක්ඛිතාකන්ද පුරාණ රජමහා විහාරය

ගමන් බිමන් ලිපි කියවන ගොඩක් දෙනා වෙනුවෙන් ලියවෙන ලිපි අතරේ වැඩි විසිතරයක් කියන්න දන්නේ නැතිවුනත් අපේ ඉතිහාසය එක්ක සම්බන්ධයක් තියෙන තවත් තැනක් තමයි මේ කියන රක්ඛිතාකන්ද පුරාණ රජමහා විහාරය. හරිම අපූරු තැනක්. මෙතැනට කන්දේ විහාරය කියලත් කියනවා.
ඇල්ල වැල්ලවාය පාරේ වැල්ලවායේ ඉඳන් කිලෝමීටර 15ක් විතර ගියාම කුරුගම හංදිය හමුවෙනවා. එතැනින් තියෙන අතුරු පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම කන්ද පැත්තට පාරක් තියෙනවා. එතැනින් කිලෝමීටර 3ක් විතර ගියාම මෙතැනට යන්න පුළුවන්.
මම යන දවස් වෙද්දී නම් පාර ටික ටික හැදෙමින් තිබුණා. අප්‍රසිද්ධ ස්ථානයක් නිසා වැඩි දෙනගක් දකින්න නැහැ. මෙතැන ඓතිහාසිකව ගොඩක් වැදගත් තැනක් වෙන්නේ පූර්ව ඓතිහාසික යුගය, ඓතිහාසික යුගය මධ්‍ය ඓතිහාසික යුගය යන යුග තුනටම අයත් පුරාවිද්‍යාත්ම දේ දකින්නට පුළුවන් නිසයි. ඉතිහාසයේ ලෝනගිරි විහාරය විදිහටත් හඳුන්වලා දීල තියෙන්නේ මේ විහාරය කියලයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ලෙන් කෙලවර වෙන්නේ අපූරු කුඩා දිය ඇල්ලකින්.. තිබුණු වෙහෙස නිවාගන්න අපූරු නිසංසල වටපිටවක් තියෙන තැනක්.
බ්‍රාහ්මීය ලිපි, කටාරම් කෙටූ ලෙන් දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෙන තුලම නිර්මාණය කල චෙත්‍යයක් සුවිශේෂ තැනක් ගන්නවා. මීට අමතරව මෙහි ඇති උමඟක් බණ්ඩාරවෙල ඇති දෝව රජමහා විහාරය දක්වා විහිදෙන බවයි කියන්නේ. කොහොම වුනත් අපූරු තැනකි විදිහට දකින්න වන්දනාමාන කරන්න පුළුවන් තැනක්. ඉතිහාසය පිළිබඳ තාම තොරතුරු හොයන්න ලැබුණේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්ටු විදිහට හරි විස්තරයක් දාන්න කියල ඉල්ලා හිටින්නේ අනිත් අයට කියවලා දැනගන්න එක්ක. අනික මටත් ඒක ගොඩක් වැදගත්.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!