මගේ ගමන් බිමන් හැට දෙවන කොටස - මුල්ලපිටිය ශ්‍රී ස්වර්ණ බිම්බාරාම පුරාණ විහාරය

අලුත්ගම හෙට්ටිමුල්ල හංදියෙන් හැරිල කිලෝමීටරයක් විතර යද්දී හමුවෙන මේ විහාරස්ථානය අලුත්ගම කන්දේ විහාරය කියන නමින් තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ. 1734 දී ඉදිවෙලා තියෙනවා කියල සැලකෙන මේ විහාරස්ථානයට දිනපතාම බැතිමතුන් පැමිණෙනවා. මේ විහාරයේ විශේෂත්ව දෙකක් දින්න පුළුවන්. එකක් තමා ලංකාවේ උසම හිටි පිළිමය තිබෙන්නේ මෙතැන වීම. භූමි ස්පර්ෂ මුද්‍රාව ඇති මෙම පිළිමයේ උස අඩි 160ක් පමණ වෙනවා.
අනිත් කාරණය තමයි එහි ඇති විශ්ණු දේවාලය. මෙන්න මේ දේවාලය නිසා තමයි ගොඩක්ම අය මෙතැනට එන්නේ. බාරහාර වෙන්න එන පිරිස නිසා කවදත් දේවාලය අසල සෙනඟ වැඩියි. මෙහි ඇති විශ්ණු වෙියන්ගේ පිළිමය ජීවමාන ආකාරයෙන් නිමවා ඇති අතර එය නුවර යුගයේ සම්ප්‍රදාය තමයි පෙන්වන්නේ. අති විශාල හාස්කම් ප්‍රමාණයක් ඇතැයි විශ්වාසයෙන් න බැතිමතුන් නම් එදා සිට අද දක්වාම අඩුවක් නැහැ.
තවද මෙහි ඇති බෝ ගස පවා අවුරුදු 300ක පමණ ඉතිහායක් උසුලන බවයි පැවසෙන්නේ. එය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකාවක් යැයි පැවසෙන චිත්‍ර පවා හමුවෙලා තියෙනවා. නිරිමාණය වී තිවබන්නා වූ විහාරගෙය පවා විශේෂිත කලා සම්ප්‍රදායක් හොබවන අතර අද නම් විශාල දියුණුවක් දකින්න පුළුවන්. සංචාරක පාරාදීසයක පිහිටා තිබෙන නිසා විදේශිකයන් පවා මෙය වැඳ පුදාගන්න නිතර පැමිණෙනවා.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!