මගේ ගමන් බිමන් සැත්තෑවෙනි කොටස - පුංචි ශ්‍රී පාදය - වඳුරඹ

මගේ ගමන් බිමන් වලින් අපූරු තැන් කීපයක් ගැන පහුගිය දවස් වල විස්තර කිව්වනේ. ඔන්න ඒ වගේ තැනක් ආයෙත්. කාලයක් අම්පාරේ ඉඳන් ඒ පැත්තේ තොරතුරු කියපු මම දැන් ආයෙත් මගේ ගම් පලාතේ අවට ඇවිදින්න ගත්තා. මෙදා පාර වඳුරඹ පැත්තට ගිහින් ගලපොත පුරාණ මහා විහාරය ගැන ලිපියකින් විස්තර දැම්මා මතක ඇතිනේ. ඒ ගමන්ම ගිය මේ ගමනත් අපූරු වුනත් වැඩිය විස්තර හොයා ගන්න නම් ලැබුනේ නැහැ. මොකද එදා ඒ ගිය හැමෝම ගොඩක් රාජකාරී වල සිටිය නිසා.
ගාල්ල වඳුරඹ පාරේ කිලෝමීටර ක් විතර ගියාම අපට කීඹිය හංදිය හම්බවෙනවා. එතැනින් හැරිල කිලෝමීටර 3ක් විතර ගියා මේ කියන පුංචි ශ්‍රී පාදය කියන තැනට එන්න පුළුවන්. අපූරු ස්ථානයක් වුන මෙතැන පුංචි පාලමකින් එතෙර තමා තියෙන්නේ. එතනින් පඩි කීපයක් නැගුනාම විහාර ගෙන හා කෞතුකාගාරයක් දකින්න පුළුවන්. එතැනිහ් ඉහල චෙත්‍යය එක්ක තවත් ගුහාවක තියෙන සිතුවම් විහාරයක් දකින්න පුළුවන්. විශාල ඉඩක නොවුනත් අපූරු චිත්‍ර තිබෙන මේ විහාරගෙය හා චෙත්‍යය අපූරු සිතුවමක් මවන්නක්.









මේ වෙද්දිත් ඇයි මෙතැනට පුංචි ශ්‍රී පාදය කියන්නේ කියන කරුන දැනන් හිටියේ නෑ. මෙතැන ඉඳන් ඉහලට තියෙන පඩිපෙල ඉහලට නැගුනේ අපට ඉහලින් පෙ‍නුන ගොඩනැගිල්ලක් නිසාවෙන්. ‍ඒ යන ගමන් මාර්ගය නම් අපූරුයි. කැලෑ රොදකින් වටවුනු මාර්ගය මට නම් ශ්‍රී පාදයට රත්නපුරයෙන් යන ගමන සිහිපත් කලා. කඳුමුදුනට ගියාම තමා දැක්කේ එතැන තියෙන්නේ ශ්‍රී පදයේ අනුරුවක් බව. මගුල් ලකුණු හා හොඳින් නිර්මිත ඒ නිර්මාණයට වඩා අපේ නෙත් සිත් ඇදී ගියේ ඒ අවට පරිසරයට. මුහුද පවා පෙනෙන මේ උස් බිම අපූරු සුන්දරත්වයක් මවනවා. එතැනින් පිටත් වුන අපි අයෙත් පහලට ආවේ විස්තර ටිකක් හොයා බලන්න වුනත් පන්සලේ ස්වාමීන් වහන්සේ ටිකක් විතර කාර්යබහුල වුන නිසා අපට විස්තරයක් දැන ගන්න නම් ලැබුනේ නැහැ.










නමුත් පොඩි හාමුදුවෝ ලවා අපට කෞතුකාගාරය බලන්න අවස්ථාව ලබා දෙන්න තරම් කාරුණික වුනා. තඹයෙන් කල පිළිම, පැරණි උළුකැට, කිරිගරුඬින් කල බුදු පිලිම ආදියත් ඉතා කුඩා ප්‍රමාණයේ පුස්තකයකුත් අපට දකින්න තිබුනා. ඊට අමතරව පුද්කොල පොත් රාශියක් කැටයම් කල කනප්පුවක් ආදියත් තව විශාල ප්‍රමාණයක කෞතුක වස්තූන්ද දකින්න පුළුවන් වුනා. පන්සලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්න බලාපොරොත්තු තියාගෙන එතැනින් පිටත් වුනේ තවත් දවසක මේ පැත්තේ එන්න හිතාගෙන. 

ගමනේ පින්තූර මල්ල මෙතැනින් ගිහින් බලන්න.

තව ලිපි පෙලක්ම තියෙනවා ගමන් බිමන් වල ඔයාල එක්ක බෙදාගන්න. ආයෙත් ලිපියකින් එනකල් ආයුබෝවන් හැමටම.

මගේ ගමන් බිමන් හැට නමවන කොටස - මාදුගඟ සවාරියක්

මහා කාලෙකට පස්සේ තමයි මාදු ගඟ පැත්තේ රවුමක් යන්නේ. මුලින්ම කියන්නම් මාදු ගඟ ගැන පුංචි පහේ විස්තරයක්. අතීතයේ වැලි ගඟ විදිහට නම් දරාපු මාදු ගඟ අක්කර 138කින් වැසිල තියෙන ජල තලාවක්. 2003 අවුරුද්දේදී රැම්සා තෙත් බිමක් විදිහටත් අභය භූමියක් විදිහටත් නම් කරපු මේක අද විශාල විදේශිකයන් පිරිසක් නරඹන්න එන තැනක්. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටියට අයිති මේ ගඟ කොලඹ ගාල්ල මාර්ගයේ 50 වන සැතපුම් කණුව ලඟින් මුහුදට වැටෙනවා. මේ සම්බන්ධව ‍ඓතිහාසික සිද්ධින් ගොඩක් තියෙනවා.
භූමිකම්පාවකින් පොළව අභ්‍යන්තරයෙන් ජලය ඇවිත් මේ ජලාශය නිර්මාණය වුන බවක් කියනවා. කිසි විටෙක ජලය නොසි‍ෙඳෙන මේ සඳහා ස්වභාවික වශයෙන් ජලය ගලා එන ජල පොෂක වනාන්තරයක් නොමැති අතර ඒ ලඟින් තියෙන පොල්අතු කන්ද මේ තරම් විශාල ජලාශයක් පෝෂණය කරන්න තරම් දිය උල්පත් තියෙන එකක් නෙවෙයි. සිදත් සඳරාවේ කේරළයන් හා දේවපතිරාජ ඇමතිවරයා අතර යුද්ධයෙන් මෙම මාදු ගඟ රත්පැහැ වූ බවත් කියවේ. තවද තිසර සන්දේශයේත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ ගිරා සංදේශයේත් මෙම ගංගාව පිළිබඳ ලියවී ඇත.

අප රටට පමණක් ආවේණික වුන කඩොලාන ශාක 19ක් විතර මේ ප්‍රදේශයේ තියෙන අතරම වඳවෙලා යන ශාකයක් මේ අවට ප්‍රදේශයේ ව්‍යාප්තව තිබීම විශේෂත්වයක්. මේ අවට පක්‍ෂි විශේෂ 111කුත් මතස්‍ය විශේෂ 70කුත් උරග විශේෂ 31කුත් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමනල් විශේෂ 50ක් ‍‍ගොලුබෙලි විශේෂ 25ක් ගොඩබිම වෙසෙන අපෘෂ්ඨ වංශීන් 1කුත් කිවුල් දිය වෙසෙන අපෘෂ්ඨ වංශී විශේෂයකුත් දකින්න පුළුවන්. ඒ ඔක්කොම ගත්තාම සියළු පෘෂ්ඨ වංශීන් ප්‍රමාණය 248කුත් ජීවත් වෙනවා. එයින් 20ක්ම ලංකාවට ආවේණික සතුන්. තවත් දෙයක් තමයි වඳවී යාමේ තර්ජනයට ලක්වුන සත්ත්ව විශේෂ 30ක් මේ කලාපයේ ජීවත් වෙනවා. ඉතින් මේ සා විශාල ජෛව විවිධත්වයක් තියෙන සම්පතක් තමයි මාදු ගඟ කියන්නේ.
 


 







අතීතයේ දූපත් 64ක් විතර තිබුනා කියල කිව්වත් දැන් නම් සමහර දූපත් ජලයෙන් යටවෙලා සහ සමහරක් අනෙක් දූපත් එක්ක සම්බන්ධ වෙලා. මේ දූපත් නිසාම ලංකාවේ ගංගාවක තියෙන වැඩිම දූපත් ගණන මාදු ගඟ හිමි කරගෙන තියෙනවා. මේ අතරින් විශේෂම තැනක් ගත්ත දූපත් කීපයක් තියෙනවා.එතැනින් මාදූව විශාලම දූව විදිහටත් සතපහේ දූව කුඩාම දූව විදිහටත් හඳුන්වන්න පුළුවන්.නමුත් මේ සියල්ල යටපත් කරමන් විශේෂ තැනක් ගන්නේ කොත්දූවයි. ඒ දළදා වහන්සේට මුලින්ම රැකවරණය දුන් ස්ථානය වන්නේ මේ කොත්දූව නිසාවෙනි. එනිසා මේ ඒ ගැන පුංචි විස්තරයක්.
අක්කරයක පමණ භූමියකින් හෙබි මෙම ස්ථානයේ හේමමාලා හා දන්ත කුමරු ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවද්දී පැවති යුධ තත්ත්වය නිසාවෙන් රෝහණ දේශයට පැමිණ වැලි තොට ආසන්නයේ වරායෙන් ගොඩ බැස රට තුලට අවුත් මාදු ගඟ ආසන්නයේ කොත් දූවේ වැලි වලින් සෑදූ දාගැබක සිරි දළදා වහන්සේ නිධන් කොට පුද පූජා පවත්වමින් රැක යුද්ධය අවසානයේ අනුරාධපුරයට ගොස් කිත්සිරිමෙවන් රජුට පිරි නැමූබව ඉතිහාසයේ සඳහන් වේ. මෙහි ඇති ඓතිහාික බෝධිය අවුරුදු 2320ක් පැරණි මහන්දාගමනයේදී මෙරටට රැගෙන ආ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගැනනු දෙතිස්ඵලරුහ බෝධීන් වහන්‍ෙසේලාගෙන් අවසානය වන ඇඹලව රහත් ගල් වෙහෙර රෝපණය කල බෝධීන් වහන්සේයි.
වර්ථමානයේ ලංකාවේ දූපතකට සම්බන්ධවුන දිගම පාලම සම්බන්ධ වී ඇත්තේද මෙම මාදූවට වන අතර ලංකාවේ දූපත් දෙකක් අතර දුම්රිය ධාවන සිදුවන්නේද මෙහි ඇති දූවේ මෝදර හා පාතමුල්ල දූව අතර වීමද විශේෂත්වයකි. මෙම පාතමුල්ල දූව හරහා කොළඹ මාතර දුම්රිය මාර්ගය නිර්මාණය වී ඇති අතර එහි දුම්රිය නැවතුමක්ද ඇත. තවද මෙහි රත්මිල්ල නැමැති කඩොලාන ශාකය ගස් 50ක් පමණ ඇති මුත් ඒ එකක වත් මල් නොපිපීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් මගේ ගමනේදී කොත්දූව, කොත්දූවේ ඇති කරන දඬුලේනුන් කුඩාම දූව වුන සතපහේ දූව හා වියන යටින් යන්න ලැබුණු අතර පරිසරයේ අපූර්වත්වය විඳිමින් සමහර දූපත් වලට ගොඩවන්නටද ලැබුණි. ධීවරයන් හා විවිධ කුරුල්ලන් දකින්න ලැබුණ අතරම අපූර්ව මත්‍යය සම්බාහන මධ්‍යස්ථානයද විශේෂ වුනත් අපි ඒකට නම් යන්න උත්සාහ ගත්තේ නැහැ. කොහොම වුනත් ගමනේ අවසානය සනිටුහන් කලේ කට්ටිය වතුරට පැනල ජල ක්‍රීඩා කරල. මම නම් ඒවට ගියේ නැත්තේ මාදු ගඟ ඒ තරම් විස්වාස තැනක් නොවුන නිසාවෙන්.

මගේ ගමන් බිමන් හැට අටවන කොටස - වනවාස මහ පිරිවෙන - වතුරවිල

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්පිටියේ ඉඳන් සැතපුම් 12ක් විතර දුරින් තියෙන මේ ආරණ්‍ය සේනාසනය ආරම්භ කර තියෙන්නේ 1953 දී. නිසසල රමණීය වටපිටාවක් තියෙන ආරණ්‍ය සේනාසනය හරිම අපූරු තැනක්. වනවාස සේනාසන ආරම්භ‍කිරීමේ මූලස්ථානය වශයෙන් හැඳින්වෙන මේ ආරණ්‍ය සේනාසනය අක්කර 80ක පමණ වන රොදකින් සමන්විත වෙනවා.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකාය වශයෙන් හැඳන්වෙන නිකායක් ආරම්භ කරමින් වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහා ස්වාමීන් වහන්සේ 1968 දී ලේඛනගත කරන ලද මෙම සෙනසුන එහි නිර්මාතෘ වූ වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහනායක ස්වාමීන් වහන්සේටම පිිනමා ඇත. උන්වහන්සේ විසින්ම කුලදරුවන් 630කට අධික ප්‍රමාණයක් සසුන්ගත කරවා ඇත. මේ වන විට ආරණ්‍ය සේනාසන 150කට අධික ප්‍රමාණයක භාරකාරීත්වය ඇත්තේද මෙයටමයි.
ඇවිදින අය නමින් අප පිරිසක් මුහුණු පොතෙන් එකතුව මේ ගමනට සම්බන්ධ වූවා පමණක් නොවඑය සාර්ථක කර ගත්තෙමු. දැනට මෙම විහාරස්ථානයේ අඩි 42ක් උසින් "කායෝත්සර්ග අභය මුද්‍රාව" යුතු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය වෙින් පවතින අතර 2008 දී ඒ සඳහා මුල්ගල තබා ඇත. වනවාස නිකායේ අනුනායක වනවාස සංඝ මූලස්ථානාධිපති අතිගරු මහකන්දේ රතනපලාභිධාන නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි නිර්මාණය වන මේ පිළිමය පිහිටි ගලෙහි නිර්මාණය වෙන්නකි. කෙසේවෙතත් අතීත රජදරුවන්ගේ සමයෙන් පසුව පිහිටි ගලේ ශෛලමය පිළිමයක් නෙලීම සිදුවන නිා මෙය විශේෂ කාරණාවක් ලෙස සැලකිය හැක.

මගේ ගමන් බිමන් හැට හත්වන කොටස - ගලපොත පුරාණ මහා විහාරය - වඳුරඹ

ඉතින් මෙන්න කාලෙකින් ආවා අළුත් ලිපියක් එක්ක. දැන් වැඩ වැඩි නිසා කොහේවත් යන්න වෙන්නේ නැහැ. ඒත් අමාරුවෙන් වෙලාව හොයාගෙන හරි අපූරු තැනක් බලන්න යන්න පුළුවන් වුනා. ඒ ගාල්ල වඳුරඹ තියෙන ගලපොත රජමහා විහාරයට. මේ තැනට යන හැටි ඉස්සර වෙලාම කියන්නම්කෝ.
මුලින්ම ගාල්ලෙන් වඳුරඹට එන්න ඕන. වඳුරඹ පොලීසිය ගාවින් තියෙන පාරෙන් ගියාම මේ පන්සලට එන්න පුළුවන්. පුරාණ විහාරයක් නිසාවෙන් පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන තැනක් කියල කටකතා තිබුනත් අවාසනාවකට අද ජීවත් වෙන හුඟ දෙනෙක් මේ තැන තියෙන විශේෂත්වය දන්නේ නැහැ.

මෙහි ඉතිහාසය වලගම්බා රජ දවස වෙනකල් යන බව කිව්වත් ඒ පිළිබඳ විස්තරයක් ලබා ගන්න නම් ලැබුනේ නැහැ. පන්සලේ ස්වාමීන් වහන්සේ පවා රැස්වීමකට යන නිසාවෙන් උන්වහන්සේ ගෙන් පවා විසුතරයක් ලබා ගන්න හැකිවුනේ නැහැ. පස්සේ ගමේ අයගෙන් විස්තර අහන්න ගියත් අපේ අවාසනාවට ඒ දැනමුතු අය විවිධ රාජකාරි වල යෙදිලා හිටි නිසා ඒකත් අසාර්ථක වුනා. කොහොම වුනත් ලඟදී අවුරුදු 100 සම්පූර්ණ කල ඇල්බට් අබේුණවර්ධන මහත්මයා අපිට ටිකක් තොරතුරු ලබාදෙන්න කාරුණික වුනා. ඔහු කිව්ව ඉතිහාසයේ මතක කාරණා මෙහෙමයි.
කාල වකවානු මතක නැතත් ක‍ාලෙකට කලින් කිහිඹියේ හාමුරුදුවෝ පටන් ගත්ත මේ විහාරය පස්සේ උන්වහන්සේගේ ගෝලයෙකු වන පොල්ගස්වත්ත ධර්මසේන ස්වාමීන් වහන්සේත්, පසුව තිස්සමිත්ත ස්වාමීන් වහන්සේත් බාරගත් බව එහු කිව්වේ මාගේ පුංචි කාලේ මම අහපු විදිහට කියමින්. ඊටත් පස්සේ උගත් නායක ස්වාමීන් වහන්සේ නමක් වුන වැයිහේනේ කස්සප ස්වාමීන් වහන්සේ බාරයට පන්සල බාරවෙනවා. පස්සේ කා‍ලෙක මේ ස්වාමීන් වහන්සේ නමින්ම තවත් පන්සලක් ආරම්භ කරල මේ ගලපොත විහාරය භාරයේ පාලනය කරමින් යනවා. දැන් මේ විහාරයේ පාලනය සිදු කරන්නේ බද්දේගම ධම්මික ස්වාමීන් වහන්සේ විසින්. ඒ කාලයේ තිබුන ‍බෝධිය හා චෙත්‍යය තමා තාමත් තියෙනවා කියන්නේ. සියම් නිකායට අයිති මේ පන්සල එක්දහස් අටසිය ගනන් වල තමා නිර්මාණය වෙලා තියෙන්නේ.

සන්දරවල ආසන්නයේ තියෙන දුටුගැමුණු විහාරයට මෙතැන ඉඳන් උමඟක් තිබුණු බවත් ඒ කා‍ලයේ මෙය දෙමලුන්ගේ බාරයේ තිබුනු බවටත් ඉතිහාසයක් ඇති බව පැවසුනත් ඒ පිලිබඳ නිවැරදි කාලයන් සමග විසිතරයක් දෙන්න පුළුවන් කමක් එහි සිටි අයට තිබුනේ නැහැ. කැලෑවේ සැඟවුන ගල් ගුහාවක් ගැනත් පසුව එක්දහස් අටසිය ගනන් වල පන්සල හදද්දී පැරණි ගල්ගුහාව තුල තිබුන විහාර ගෙයක් හමුවුන බවත් කියවනවා. තවත් කතාවක් තමයි කිලි කාලයට මේ පන්සලට යන්න බැරි බවත් නාගයෙක් විසින් එවැනි අය පලවා හරිමින් පන්සල රැකීම සිදුකල බව.
ගනපති නම් ප්‍රදේශික රජෙකු සැඟවී සිටීමට පවා මේ ග්‍රහා භාවිත කල බව කියවෙන මුඛ පරම්පාරෙන් ආව කතා කීපයකුත් තියෙනවා. මෙහි තත් විශේශයක් වන්නේ මෙහි දේවාලය විශාල අනුහස් ඇති තැනක් බවත් මේ දේවාලයේ ගල්දොරක් තිබී පසුව එය දෙයියන්දර කියන ගමේ ඇලට ගිහින් දාල තියෙනවා කියලත් කතාන්දරයක් තියෙනවා. කොහොම වුනත් පැරණි බව වැඩිවෙද්දීම විශාල කතා පුවත් නිර්මාණය වීම සාමාන්‍යයයි. සත්‍ය ‍තොරතුරු සොයන්න තවත් පාරක් මේ පැත්තේ කරක්ගහන්න බලාපොරොත්තු වෙන ගමන්ම මෙතැනින් තව තැනකට යන්න සූදානම්වෙනවා... පින්තූර ගොන්න මෙතැනින් බලලා අපි හමුවෙමු ඊලග ලිපියෙන් ඒ තැන ගැන විස්තර දැන ගන්න.

Blood Moon පෙනෙන්නේ ඇයි?

Blood Moon කියන සිදුවීම පිළිබඳ දන්න අය ඇති ඒ වගේම නොදන්න අයත් ඇති.මේ ඒ අය වෙනුවෙන් ලියවෙන ලිපියක්. ක්‍රිස්තු ධර්මය අදහන අය නම් මේ Blood Moon කියන කතාවක් දන්නවා ඇති. මොකද බයිබලයේ අනාවැකියක් සඳහන් වෙන නිසා. කොහොම වුනත් මේ කියන්න යන්නේ ඒ ගැන නම් නොවෙයි.

පෘථිවිය කැරකෙමින් හිරු වටා යන ගමනේදී ඒ වටා කැරකැවෙන සඳ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපි මාසයක් තුල දකින චන්‍ද්‍ර කලා ඇති වීම ගැනත් බොහෝ දෙනේ දන්නවා ඇතැයි සිතමි. මේ වන්‍ද්‍ර කලා ඇති වීම තුල ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් පසලොස්වක පෝය දවස (Full Moon) සහ අමාවක (New Moon) දිනයයන් දෙක. ඒ වගේම අපි හිරු වටා යද්දී සඳු අප වටා යන කක්‍ෂ තලය සූර්යයා නිසාවෙන් මඳක් වෙනස්වෙමින් තමයි යන්නේ. මෙන්න මේ සිදුවීම් හේතුවෙන් අපිට වන්‍ද්‍ර ග්‍රහණය කියන සිදුවීම අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා.

ඉතින් මෙන්න මේ කියන චන්‍ද්‍ර ග්‍රහණය සිදුවීමේදී වෙන්නේ පෘථිවියේ සෙවනැල්ල සඳ මත වැටීමක්. ඒ මෙන්න මෙහෙම.

ඉතින් මෙන්න මේ සිදුවීම සිදුවෙන්නේ පුර පෝය දවසකදී විතරයි. ඒ වගේම මම කියපු කක්‍ෂයේ වෙනස් වීම නිසා හැම පෝය දවසකදීමත් චන්‍ද්‍ර ග්‍රහණය දකින්න පුළුවන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙවතාවක් ලෝකයේ කොහේ හෝ රටකට පූර්ණ චන්‍ද්‍ර ග්‍රහණයත් අසල රටවල් කීපයකට අර්ධ චන්‍ද්‍ර ග්‍රහණයත් දකින්න පුළුවන්. මම උඩින් දාපු පින්තූරයේ තියෙන විදිහට චන්‍ද්‍රයාගේ ගමන නිසාවෙන් එය පූර්ණ ඡායාව ඇති තැනට ආවම අපිට මෙන්න මේ Blood Moon එහෙමත් නැතිනම් රතුපාට හඳක් දකින්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා.

සඳ සම්පූර්ණයෙන් වැහුනාම සූර්ය කිරණ සඳට වැටෙන්නේ පෘථිවිය හරහා. එහිදී පෘථිවියේ වායුගෝලය හරහා එන කිරණ වායුගාලයේ ජලවාශ්ප නිසාවෙන් වර්තනයට ලක්වෙනවා. අන්න එහෙසෙඳු මතට වැටෙන වර්තිත කිරණ පූර්ණ ඡායාව අවස්ථාවේදී ඇති අඳුර නිසාවෙන් අපට දකින්න පුළුවන් වෙනවා. ඒ වෙලවේදී හොඳින්ම වර්තනය වෙන රතු වර්ණය තමා අපිට පේන්නේ. කොහොම වුනත් අපිට මේ අවස්ථාවක් සඳු මත ඉඳන් බලන්න පුළුවන් නම් අපූරු විදිහට අඳුරු පෘථිවිය වටා දීප්තිමත් රතුපාට වලල්ලක් දකින්න පුළුවන් වෙයි. ඒ මෙ වර්තිත කිරණ. ඔන්න ඔහොම තමයි මේ රතු හඳ එහෙමත් නැතිනම් Blood Moon ඇතිවෙන්නේ.

මෙන්න තේරුණේ නැතිනම් තවත් තේරුම් ගන්න NASA එකෙන් දාපු වීඩියෝවක්.... කියවලා නිකන්ම යන්නෙ නැතව කොමෙන්ටුවක් දාලම යන්න...

video
 

මගේ ගමන් බිමන් හැට හයවන කොටස - දුටුගැමුණු රජමහා විහාරය

ගාල්ල බද්දේගම පාරේ බද්දේගම ඉඳන් කි‍ලෝමීටර 2ක් විතර ගාල්ල පැත්තට වෙන්න තමයි මේ විහාරය තියෙන්නේ. අඩි 300ක් විතර ඉහලින් තියෙන මේ විහාරය සන්දරවල, හැඩිදෙමළ කන්ද කියන නම් වලිනුත් හැඳින්වෙනවා. මේ ප්‍රදේශයට පොලොන්නරු රාජධානි සමයේදී එනම් ක්‍රිස්තු පූර්ව 161-131 කාලය පටන් දිවයන අතීතයක් තියෙනවා. ආක්‍රමණ සමයේදී සන්දර නම් සොලී සෙන්පතියෙක් මෙහි සිට සටන් මෙහෙයවූ බවත් දුටුගැමුණු රජතුමා හා සේනාව මේ කන්ද වටකල පසු ඔහු සතු වස්තුවද රැගෙන පහත ඇති ජලාශයට පැන සියදිවි හානි කරගත් බවත් ඉතිහාසයේ දැක්වේ. එසේ සන්දර නම් සෙන්පතියා පැන්න වල සන්දරවල ලෙස ජනවහරේ භාවිතාවේ. තවද ඒ දෙමළ සෙන්පතයා විසූ කන්ද හැඩිදෙමළ කන්ද ලෙසද හැඳින්වේ.
සෙන්පතියා එලවා දමා තමන් සතු කරගත් මේ කන්ද දුටුගැමුණු රජතුමා සිය සේනා එක්රැස් කිරීමට යොදා ගත්තේය. එනිසා පසුව එහි තැනුන මෙම විහාරය දුටුගැමුණු විහාරය ලෙස හැඳින්වුනේ ඒ නිසාවෙනි. මෙහි ඇතුලු වෙද්දීම දැකය හැකි විශේෂ දෙයක් නම් එහි ඇති කළු ගලින් කල සාංචි තොරණයි. මෙය ඉන්දියාවේ ඇති සම්පූර්ණ කළු ගලින් කල සාංචි තොරණට පසුව ඇති එකම තොරණ ලෙස හැඳින්වෙන අතර එය හෙළ කලාකරුවගේ දක්‍ෂතාව මැනෙවින් පිළිඹිඹු කරන්නකි. විහාර මලුව සඳහාද කළු ගලින් කල පියගැට පෙලක් නිර්මාණය කර ඇත.
අනෙක් විශේෂත්වය නම් ඉහලට නැගෙන පියගැටපෙල දෙපස දසමහ යෝධයන්ගේ පිලිරූ සකස් කර තිබීමයි. මලුව ආසන්නයේ මිහිඳු හිමියන් හා පිරිවරද ඉන් ඉහල දුටු ගැමුණු රජතුමා හා විහාරමහා දේවියගේ පිලිරූද සකසා ඇත. විහාරය වන්දනාමාන කරන්න පැමිණෙන අයෙකුට අ‍පගේ පෞඩ හෙල ඉතිහාසය හොඳින් දැනෙන ආකාරයට මෙම නිර්මාණ සිදු කර ඇත. වසර 600ක් පමණ පැරණි චෙත්‍යය රාජයාද විහාර මන්දිරයද බෝධි රාජයාද එහල මලුවෙ වැඩ හිඳුවා ඇති අතර විහාරගෙය තුල අපූරුවට නිර්මිත දුටුගැමුණු රජතුමාගේ චරිතාපදානය දැක්වෙන චිත්‍ර හා මූර්ති ද අප නෙත් සිත් පැහැර ගනු නොැනුමානය.
දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පසු වල්බිහිවූ මෙම ස්ථානය වසර 600කට පමණ පෙර මෙහි පැමිණි ඉන්ද්‍රජෝති හිමියන් විසින් පිළිසකර කරවා ඇත. උන්වහන්සේගේ ඇවෑමෙන් ගනේගම උපනන්ද, වේරගොඩ සෝනුත්තර, කහවේ ශ්‍රී රතනසාර, වැලිවිටියේ සුගතපාල, වේරගොඩ අමර මෝලි යන නා හිමිවරු මෙහි විහාරාධිපතිත්වය දරා ඇති අතර සිංහල සාහිත්‍යයට අනූපමේය සේවාවක් කරමින් වටිනා ග්‍රන්ථ රාශියක් හෙළ සාහිත කෙතට දායාද කළ ජංගම පුස්තකාලය ලෙස විරුදාවලිය ලද ගනේගම සරණංකර නා හිමියන්ද මෙහි විහාරාධිපති වශයෙන් වැඩ හිඳ ඇත. උන්වහන්සේ ද මෙම විහාරස්ථානය දියුණු කිරීමේලා අනූපමේය සේවාවක් කර ඇති බැවින් එය සිහිවීම පිණිස උන්වහන්සේගේ පිළිරුවක් විහාර භූමියේ ඉදිකර තිබීම විශේෂයකි. ගනේගම ශ්‍රී සරණංකර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ දම්මල සීිලවිමල නාහිමියන් වර්තමානයේ විහාරාධිපති වහන්සේ ලෙසින් කටයුතු කරයි. ඇත්තෙන්ම මෙහි පඩිපෙල් දෙපස අති නිර්මාණ කිරීමේලා පුරෝගාමී වී ඇතිතේ ගනේගම සරණංකර හිමියන් විසිනි. එයට හේතුව ඒ සමයේදී අ‍පගේ සංස්කෘතියට වෙන විනාශය මඳක් හෝ නවතා දැමීමටය.
 අද විනාශයට පත්වෙමින් පවතින මෙවන් පූජනීය හා ඓතිහාසිය ස්ථාන අප රැකගල යුතු බව නම් සත්‍යයකි. සන්දරවල පවා අද ජරාවාස වී ඇත්තේ අපගේම පිරිස් විසින් එය අපිරිසිදු කර ඇති නිසාවෙන්මය.

ලෝක ළමා දිනය වෙනුවෙන් මේ අවුරුද්දට.............

අද ලෝකයේ හැම දෙනෙක්ම සමරන දවසක්. ඒ ලෝක ළමා දිනය දවස. අපි හැ‍මෝටම අපේ සුන්දර ළමා කාලය සිහිවෙන දවසක් වගේම අපි ළමයි සතුටු කරන්න ගොඩක් වෙනස් වෙනස් විදිහේ වැඩසටහන් කරනවා. ඉතින් මම දැන් උගන්වන ILead (Initiative for Livelihood Education & Development) ආයතනය මගින් සංවිධානය කලා පුංචි වැඩසටහනක්. ඒකට මුලින්ම අඩිතාලම දාල තිබුනේ අපේම ආදි ශීෂ්‍ය කණ්ඩායමක් විසින්. ඒ අය කල විශය බාහිර කටයුත්තක අවසාන අදියර හැටියට තිබුනු කාර්යයක් අපි මේ වැඩසටහන මගින් අවසන් කරන්න හිතුවා.
 අපේ ආදි සිසුන්ගේ කාර්යය වුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිස් සොයාගෙන ඔවුන් වෙනුවෙන් යමක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් කල වැඩසටහනකින් එකතු වුන මුදල් හා වර්තමාන සිසුන්ගේ දායකත්වයෙන් අපි පොඩි පවුලක් වෙනුවෙන් උදව් කරන්න හිතුවා. පවුලේ දරුවන් 4 දෙනයි. ඒ සියල්ල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. මසකට මේ අය වෙනුවෙන් විශාල මුදලක් වියදම් වෙන නිසාවෙන් හා ඔවුන්ගේ දුගී බව නිසාවෙන් මේ ළමුන්ගේ දෙමාපියන් අසරණ තත්ත්වයකයි සිටින්නේ. අපි කල දෙයින්‍ ඔවුන් වෙනුවෙන් මසකට පමණ අවශ්‍ය ‍‍දේ දුන්නත් අනිත් කාලයේ මෙනවගේ දෙයක් වෙයිද දන්නේ නැහැ.
වැදගත්ම කාරණය වෙන්නේ මේ ආයතනයේ දැන් ඉගෙන ගන්න ලමුන් පිරිස. ඔවුන්ට වෘත්තීය පුහුණවකට වැඩි දෙයක් දෙන්න කටයුතු කරන අපි ඔවුන්ගේ මේ වැඩසටහන නිර්මාණයට දුන්නේ එක් දිනක වරුවක් පමණයි. නමුත් ඔවුන් ඉතා දක්‍ෂ විදිහට ඒ කාලය ඇතුලේ එය අය සතුටු කරන වැඩසටහනක් සකසා ගත්තා. ඇත්තෙන්ම මේ තුල ඉන්න සැබෑ දක්‍ෂයන් හඳුනාගන්න ලැබුණා. කොහොම වුනත් මමත් අපේ අනිත් ගුරු මණ්ඩලයත් බලාපො‍රොත්තු වුන දේ මේ ලමයි අතින් වුනා කියන්න පුළුවන්. මම ළමයින්ට දුන්නේ එකම එක උපදෙසයි. ඒ තමයි ඒ එන ළමයි යද්දී අපිට වඩා නොවෙනස්ව, හෘදයාංගම හිනාවකින් පුරවලා යවන්න. ඒක ඒ විදිහටම කරන්න පුළුවන් වුනා කියල මට දකින්න පුළුවන් වුනා. අන්තිමට මට ලැබුණ ලොකුම තෑග්ග තමා ඒ පුංචි අයගේ හිත්වල තිබුන සතුට. ඒ හිනාව මට නම් කෝටි ගානක් වියදම් කලත් ගන්න බැහැ.
අපි අනවශ්‍ය දේට කොයි තරම් වියදම් කරනවද? ළමා දිනය කියාගෙන පෝසත් ළමයි කොයි තරම් සල්ලියක් විනාස කරනවද? ඒත් ඒ වියදමින් රුපියලක් වත් මේ වගේ පුංචි මල් ටිකකට වියදම් නොකරන්නේ ඔවුන් මඩේ පිපුණු නිසාද? නැත්තම් ඒ මල් වල අඩුපාඩු නිසාද? ඒ කොයි දේ වුනත් අපේ රටේ ඉන්න ඔක්කොම අයට අපි ටිකකට සලකන්න බැරි වෙයි. ඒත් මේ වගේ අය ගොඩක් ඉන්නවා. අඩුගානේ අද වගේ දවසකවත් ‍මේ වගේ දුවල පැනල සතුට හොයන්න බැරි පුංචි මල් හිනාවෙන් පුරවන්න බලන්න. මේ වගේ ලස්සන හිනාවක් දෙන්න මාවත් එකතු කරගත්තු ආයත‍නේට ‍ගොඩක් ස්තූතියි... ඒ වගේම මම බලාපොරොත්තු වුන විදිහට ඒ පුංචි පැටවුන්ට හිනාව දීපු අපේ ශිෂ්‍යයන්ටත් ස්තූතියි....
මෙන්න ඒ පුංචි හිනාව ඔයාලටත් දකින්න......