වෙසක් මංගල්‍යය මම දැක්ක හැටි.

වෙසක් එකත් එක්ක ආව නිවාඩුවේ මටත් හිතුනා ටිකක් ඇවිදින්න. ඒත් ඉතින් යන එන තැන දකින වෙසක් සිරිය එක්ක යන ගමන් වෙනස් කරල පන්සලකට ගොඩ වෙන්න තමයි හිතුවේ. කාලෙකින් යන්න හිටි තැනක්. ඒත් ඉතින් යන්න කලින් මගදී දැක්ක දේවල් එක්ක ටිකක් විතර කණගාටුවක් එක්ක තමයි පන්සලට යන්න ලැබුනේ. ගිය පන්සලේ විස්තරය "ගමන් බිමන්" ලිපි පෙලත් එක්ක අරන් එන්නම්. ඒත් ඉතින් මේ කියන්න යන්නේ වෙනමම කතාවක්.

වෙසක් කියන්නේ පිං රැස් කරන කාලෙ කියලයි කට්ටිය හිතන් ඉන්නේ. ආලෝක පූජාවන් කරමින් වෙසක් තොරණ්, වෙසක් කූඩු හදන්නේ තර‍ඟයට. ඒ විතරක් නොවෙයි වෙසක් දන්සැල්. දැන් දන්සැල් දෙන්නේ තමන්ගේ පුළුවන්කරකම් පෙන්වන්න මිසක් දානයක් දෙන්න නෙවෙයි. මෙන්න මේවා තමා වෙසක් කාලෙට ඇහෙන වදන් ටික.
අපේ xවෙනි වරට පවත්වන දන්සැල තමයි බෝඩ් එක.

එහා ගෙදර කට්ටිය දන්සැලක් දෙනව අපිත් එකක් දෙමු.

අර හංදියේ දන්සැලේ මාර සෙනඟක් ඉන්නේ කෑම හොඳ ඇති.

අපිටත් බත් එකක් ගේන්න. අද උයන්නේ නෑ දන්සැල් තියේනේ. ෆයිඩ් රයිස් නම් හොඳයි.


මෙන්න මේ වගේ එකී මෙකී නොකී දහසකුත් වදන් අහන්න පුළුවන් මේ කාලෙට. ඒ විතරක් නෙවෙයි. අර ******** පන්සලේ මරු ඒකේ තමා හොඳට සෙනඟ ඉන්නේ අපිත් ඒකට යමු. මෙහේ පන්සලේ මොකුත් නෑ බලන්න. 

ඉතින් මේ දේවල් වෙන්නේ තමන්ගේ පන්සල සරසන්න තමන් උත්සාහ නොගත්තු නිසා කියල තේරෙන්නේ නෑ නේද අපේ අයට. 

වෙසක් කියන්නේ ගෙදර ඉන්න පවුල් පිටින් අරගෙන ඇවිදින්න තියෙන දවස නෙවෙයි. දැන් මිනිස්සු කරන්නේ දන්සැල් වන්දනාවේ යන එක. නමුත් ඉස්සර සිදු වුනේ වන්සනාවේ යන අයට දන්සැල් දීපු එක. කෝකද කල යුතු කියන එක ඔයාලට බාරයි.

මෙන්න දැන් තමා නියම ටික. හැමෝටම දකින්න ලැබිල ඇති මේ දවස් වල කිරි හරක් නිදහස් කරන්න සල්ලි එකතු කරන හැටි. ‍බොහෝමයක් පිරිස් කිරි හරක් නිදහස් කරන්න කියල සල්ලි එකතු කරන්න පටන් ගන්නේ වෙසක් මාසෙ විතරයි.  මේ අතරේ මම දැක්ක හරිම පව්කාරම වැඩක් දැක්කෙත් මේ වෙසක් මාසයේමයි. ඒ තමයි මේ වගේ සල්ලි එකතු කරන්න හරකෙක් වාහනයක පටවගෙන යන හැටි. අර මොනවහරි විකුණගන්න ඕන වුනාම model එකක් හරි sample එකක් හරි අරගෙන යන්නේ. අන්න ඒ වගේ හරකෙක් වාහනයක පිටි පස්සේ පටවගෙන යනවා පෙන්වන්න.

දවල් දැක්ක ඒ වාහනේම හවස මහ වැස්සෙත් ඒ විදිහටම හැම තැනම යනවා. හැබැයි ඉතින් අව්ව වැස්සෙන් ආරක්‍ෂාවක් නැත්තේ පිටිපස්සේ ඉන්න හරකට විතරයි. මේ ව‍ෙගේ දේවල් වෙසක් වලට විතරක් නෙවෙයි කවදාටත් නොකල යුතුයි වගේම මේ වගේ දේවල් කරනව දැක දැක ඉන්න සත්ත්ව අවිහිංසා සංගම් හා පොලීසිය ගැන නම් කියන්න තියෙන්නේ බොහෝම කණගාටුදායක විදිහේ කතාවක්.

නැති බැරි තැන ගොරවාගෙන දිව යන්නේ
ඇති හැකි තැන අකුලාගෙන දිව එන්නේ
විමසාගෙන බැලුවොත් අප හැම දන්නේ
මුදලින් විතරයිද හැම දේ විසඳෙන්නේ

කොහොම වුනත් ප්‍රසිද්ධ පන්සල් වල සිල් ගන්න එකයි තමන්ගේ ප්‍රසිද්ධිය හා හැකියාවන් පෙන්වන්න දන්සැල් දෙන එකයි වෙනුවට ගෙදැරට වෙලා ප්‍රයෝජනවත් වැඩක් කලා නම් ඊට වඩා වටිනවා. අනික මේ වගේ සත්තුන්ගේ නිදහස විනාශ කරමින් මුදල් එකතු කරන එක වගේ දේවල් නම් වැලක්වන්න පුළුවන් නම් හොඳයි. වෙසක් දවස අර්ථවත් විදිහට කරගෙන යන්න. ඒ දවස ඇයි විශේෂත්වය මොකක්ද කියලවත් නොදැන හිතෙන හිතෙන දේ අනිත් අය කරනවට කරන එකෙන් තමන්ට වත් වෙන කෙනෙකුටවත් වැඩක් වෙන්නේ නම් නෑ.

7 comments:

  1. හරකාගේ අයිතිකාරයා හරකාව වාහනේ දාගෙන ගිහින් හරකාව නිදහස් කරන්න කියලා සල්ලි එකතු කරන්න හරකාව වෙනකෙනෙකුට දුන්නද නැත්නම්අයිතිකාරයාම හරකා වාහනේ දාගෙන සල්ලි එකතු කරාද දන්නෑ. මටනම් මේවා විහිළු බං. හරකාව බේරගන්න කියලා ඌව වාහනේක දාගෙන ගම වටේ යන්න හරකාගේ වටිනාකමෙන් කාලක් විතර වියදම් කරනවා.

    ReplyDelete
  2. හරක් මඩුවෙ එකාට හරකෙක් නිදහස් කර ගන්න සල්ලි දුන්නම උෟ ඒ සල්ලි වලින් තව හරක් දෙ‍න්නෙක් මරන්න මිලදී ගන්නවා. ඒක නිසා මම නම් හරක් නිදහස් කරන්න සල්ලි දෙන්නෙ නෑ. මං දැක්කා පහුගිය දවස්වල අම්බලන්ගොඩ නගරය දෙදරන්න සිංදු දාගෙන සල්ලි එකතු කරනවා

    ReplyDelete
  3. දැන් මිනිස්සු කරන්නේ දන්සැල් වන්දනාවේ යන එක. නමුත් ඉස්සර සිදු වුනේ වන්සනාවේ යන අයට දන්සැල් දීපු එක.

    ඕක තමයි ඇත්ත..

    ReplyDelete
  4. ඇයි බන් බලෙන් දන්සල් දෙන එක. හදිස්සියකට පාරෙ යන්න නෑ පාර හරස් කරල නවත්තල බලෙන් දෙනව. නොගත්තොත් වලියටත් එනව.

    ReplyDelete
  5. පොඩිගමයා12 May 2015 at 10:57

    ඔයිට එහා බන් අවුරුදු උත්සව. අවුරුද්දට නෑ ගමනක් යන්න වත් නෑ හැම තැනම පාරවල් හිර කරගන මහපාරෙ අවුරුදු උත්සව. පෙලක් තැන්වල එකම පාරෙ දෙපැත්තට මැරතන් දෙකක්. ඊටත් හපන් ඒ එක්ක යන සපෝටර් හෙන්චයියො රොත්ත. පාර පුරා ආටා බයික් දාගෙන කෑ ගහගෙන නළා පිඹගෙන. ඒ මදිවට පාරෙ යන මිනිස්සුන්ටයි වාහන වලටයි පාට් දාන්නත් එනව. පාරෙ යන උන්ට හෙන ගැහුවත් කමක් නෑ උන්ට ඕන උන්ගෙ ආතල් එක.

    මහපාරෙ අවුරුදු උත්සව තියන එක තහනම් කරන්න ඕන. එහෙම බැරිනම් ක්‍රීඩකයන්ට විතරක් දුවන්න දීල ඔය හෙන්චයියො ටික පාරෙන් අයින් කරන්න ඕන. ක්‍රීඩකයොයි හෙන්චයියොයි එකට දුවන්නෙ වෙන මොන රටේද බන්?
    ලියපන්කො ඒ ගැනත් පෝස්ට් එකක්.

    ReplyDelete
  6. // දැන් මිනිස්සු කරන්නේ දන්සැල් වන්දනාවේ යන එක. නමුත් ඉස්සර සිදු වුනේ වන්සනාවේ යන අයට දන්සැල් දීපු එක.

    ඒක ඇත්ත බන්. පත්තරේක තිබුනා ඉස්සර කාලෙ පෝයට මිනිස්සු එක විහාරෙකට වන්දනාවෙ ගියාලු පාරුවකින් එතෙර වෙලා. ඒ පාරුවෙ වහලක් හෙම ගහලා දන්සලක් දුන්නලු යන එන අයට. වන්දනාවෙ ආපු මිනිස්සු දන්සලෙන් කාලා බීලා පින් දීලා ගියාලු. අන්න එහෙමයි වෙන්න ඕනෑ. දන්සල් දෙනව කියල විගඩම් නටන එක නෙමේ.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!