ශ්‍රී ලංකා ටෙලිකොම් මගඩි වැඩ

අද කියන්න හදන්නේ සිදුවෙන අසාදාරණයක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කරන පාරිභෝගිකයන් ගනන් නොගන්නා ආකාරයක් ගැන. මේක සිදුවුනේ මටම නිසා සාක්‍ෂි කීපයක්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මීට මාසයකට පමණ ඉහතදී මම වැඩ කීපයක් සඳහා මාගේ හිතවතෙකුගේ අන්තර්ජාල සබඳතාවයක් භාවිතා කරන්නට පටන් ගත්තා. නමුත් එය විනාඩි කීපයකයට පසු අකර්මන්‍ය වුනා. පසුව විනාඩි කීපයකින් නැවත යථා තත්ත්වයට පත්වුන නිසා ගනන් ගත්තේ නෑ. නමුත් එය සැරින් සැරේ වෙන්න පටන් ගත්තු නිසා සහ අකර්මන්‍ය වී පවතින කාලය දිගු වෙන නිසාවෙන් ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා අංකයක් සම්බන්ධ කරගත්තා. නමුත් ඔවුන සාර්ථක විසඳුමක් දෙන්න නොහැකි වුන නිසා නැවත නැවත කතා කරන්නට වුනා.
 
නමුත් එය විසඳුමක් නොවුනත් කීප වාරයක් පැමිණිලි අංක ලැබුනා. පසුව ඔවුන්ගේ කණ්ඩායමක් එවන බව පවසමින් සිටියත් ඔවුන් එද්දී දින දෙකක් පමණ ගතවෙලා තිබුනා. පැමිණ තිබුනේ දුරකථන දෝශ සඳහා වූ තාක්‍ෂණික අංශයයි. ඔවුන් පැමිණ කීවේ අපට අදාල නැහැ අන්තර්ජාල කණ්ඩායම එවන්නම් කියලයි. තවත් දිනයකට පමණ පසු ආව තාක්‍ෂණික නිලධාරියා අන්තර්ජාලයට සම්බන්ධ කල අතර ඉක්මනින් පිටවී ගියා. ඔහු ගිය විටම වාගේ නැවත අන්තර්ජාල සම්බන්ධතාව නැතිවුනා. මේ සිදුවීම් පෙල දැනට සතියක කාලයක් වුනත් විසඳුමක් ලැබී නැහැ. නැවත නැවත කතා කරමින් ගෙන්වා ගත්තත් කිසි සාර්ථක විසඳුමක් නොලැබුන අතර මා කල යුතු කාර්යයන් පෙල දිනෙන් දින කල් යන්න පටන් ගත්තා. එයට හේතු වුනේ විනාඩි කීපයක ලැබෙන අන්තර්ජාල සබඳතාවයෙන් අමාරුවෙන් වැඩ කරගැනීමට සිදු වීමයි.

අවසන මාසයක් ඉකුත්ව ඇත. මට අවසානයට ලැබුණු පැමිණිලි අංකය ලැබී දැනට දින දෙකකි. එම අංකය 19136056 යි. සබදතාව සකස් කිරීම කල නොහැකි නම් ඒ බැව් පැවසීම මගින් අපට වෙනත් සබඳතාවයක් වෙනුවෙන් මුදල් බැරකල හැක. මුදල් ගෙවමින් මෙවන් සේවාවක් ලබාදීම නම් පල නැති කාණයකි. කෙසේ වෙතත් අවසානයේ ඇසිය යුතු එක් ප්‍රශ්ණයක් පවතී. එය නම් මුදල් ගෙවා ලබා ගන්නා සේවයක ආකාරය මෙයද? පාරිභෝගකයාට සේවා සැපයීම මේ ආකාරයෙන්ද? තවත් මේ සබඳතාව තිබෙන්නේ මා හිතවතාට වෙනත් සබඳතාවයක් වෙත මාරුවීමට තරම් කාලයක් මේ දිනවල නොමැති කම නිසාවෙනි. බලධාරීන් ඇස ගැටුනත් ප්‍රයෝජනයක් නොමැති බව දන්නවා වුනත් අන්තර්ජාලයේ මේ ආකාරයෙන් කොටා තබන්නේ හුදෙක් ලාංකික සන්නිවේදන මාධ්‍ය සපයන ආයතන පිලිබඳ අතිශය කලකිරීමෙනි. 

10 comments:

  1. බුදු අම්මෝ ටෙලිකොම් ද? සුලා මම කියන්නම් මට වෙච්ච දෙයක්. ගිය සතියේ මම වර්ක්ෂොප් එකක් කලා. ඒකේ ඉන්ටර්නෙට් කරන්නත් තිබුනා. හැබැයි මට ඒ වෙනුවෙන් විෂාල කාලයක් වියදම් කරන්න සිදු වුනා. මටත් ඔය සුලා කියපු දේමයි සිද්ද වුනේ. මමත් ඉතාම ඉක්මනින් වෙනත් සම්බන්දයකට මාරු වෙන ලෙස උපදෙස් දුන්නා. මන් හිතන්නේ පුද්ගලික සමාගම් මීට වඩා හොඳයි. මේ ගැන කොච්චර පැමිනිලි කලත් වැඩක් නෑ සුලා. කනෙක්ෂන් එක ඉක්මනින් මාරු කර ගන්න.

    ReplyDelete
    Replies
    1. මගේ වුනානම් මම අයින් කරලා වෙලාවට මගේ කනෙක්ෂන් එකක් නෙවි.

      Delete
  2. සුලා කියන්නේ සහතික ඇත්ත. මටත් ගිය සතියේ ඔය වැඩේම වුනා. කරන්න තියෙන්නේ අපි වෙන කනෙක්ෂන් එකකට මාර්ු වෙන එක.
    මන් කලින් දිග කොමෙන්ටුවක් කෙටුවා. ඒක නැති වෙලා ගියා. තවත් ලියන්න දේ ගොඩයි. ඊට වඩා කම්මැලිකම ලොකුයි.

    ReplyDelete
  3. සුලා............. අසාධාරණයට විරුද්ධව කතා කරලා..... මං ළගදී ඒ ඒම් ඩබ්ලිව් කියන තැන පොඩි ගණුදෙනු වගයකට කතා කරන්න බලනවා බලනවා බෑ.... අන්තිමට දගලලා කෝල් ඒකක් අරන් අැහුවාම කියනවා ඒයාලා ෆෝන් වලට අාන්සර් කරන්නෑලු.. වෙන වැඩ තියෙනවාලු.... මගේ කටට අාවේ කුණුහරප... යකෝ අපි නිසානේ මුං ජීවත් වෙන්නේ කියලා මුං දන්නැති හැටි.... ඒ අායතනයේ ප්‍රධාන කාර්යාලයට කතා කරලා කම්ප්ලේන් කරන්න ගියාමත් ඒතන ඉන්න ඒකාත් මේ කතාවම කියපි..... සර් ෆෝන් අාන්සර් කරන්නැති ඒක නම් හැම බ්‍රාන්ච් ඒකකම ඒකවගේ..... මං උෟට ගැහුවේ නැතුවා විතරයි... මං කිව්වා ඔයාලට බිස්නස් වැඩිනම් ඒකට කෙනෙක් අරන් දාන්න කියලා..... යකෝ අපි ලක්ෂ ගානක් ගෙවලා රෝද හතරක් ඒනකල් බලාගෙන ඉන්න ගමන් විස්තර අහන්න කෝල් ඒකක් ගත්තාට උන්ට ඒකට අාන්සර් කරන්න විදිහක් නෑලු... අපේ සල්ලිත් උන් ලග කාර් ඒකත් උන් ළග.... මේවා හෙණ ගහන වැඩ..........

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගොඩක් දේවල් නැති වෙන්නේ මේ නිසා තමා

      Delete
  4. ඔය කොයි එකත් දෙන සේවේ ඕච්චරම තමයි. අපට කෙලවෙලා කතා කළාම උන්ගේ රැස්පොට් තමා බලන්න වෙන්නේ. ඇතැම් විට අපට ඇති ගැටලුව කියලා ඒ කට පිළියම් ඇහුවාම උන්ට ඒකට දෙන්න පිළියම් නෑ. එත් දුරකතනය තියනකොට ආයිත් මුන් අහනවා සර්ට තව මුකුත් දැනගන්න ඕනද කියලා. දවසක් එකියකට හොද සිංහලෙන් කියල දුන්නා තව දැනගන්න ඕන කරන දේ ගැන මම.

    ReplyDelete
  5. අපේ Line එකට රෑ පාරෙ අත්තක් වැටිල ලයිට් ලයින් එක කැඩිල ගියා,ටෙලිපෝන් ලයින් එකට ලොකු ඩැමේජ් එකක් නෑ,
    පහුවදා උදේම විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ල ලයිට් ලයින් එක හැදුවා,
    අදට දින 4යි SLT එකෙන් තාම ආවෙවත් නෑ,Complan කරාම කියනෝ අපි දැනුම් දීල තියෙන්නේ කියල, හොරණ ,පානදුර branch වලට කෝල් 100 ට වැඩිය අරන් ඇති,තාම ආන්සර් කරේ නෑ.

    ReplyDelete
    Replies
    1. පේනවනේ අවුරු ගානක් ගිහිනුත් තාම මුන්ට සර්විස් ඒක දෙන්න බෑ

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!