අද කාලේ අධ්‍යාපන චාරිකා වල හැටි....

මං හිච්චි එකා කාලේ අපිට විනෝද චාරිකා කියල ජාතියකුයි අධ්‍යාපන චාරිකා කියල ජාතියකුයි වෙන වෙනම තිබුනා. ඒත් ඉතින් දැන් එහෙම දෙකක් නෑ. Buy one Get one Free වගේ තමයි. එකක් ගියාම අනෙක නිකම්ම ලැබෙනවා. ඒත් ඉතින් කරුමේ කියන්නේ හැමදාම නිකන් ලැබෙන්නේ විනෝද චාරිකා කියන එක විතරමයි. මං ඇටකිච්ච කාලේ (ඒ කියනනේ 6 වසරේ විතර ඉන්නකොට) ගියපු පාසල් අධ්‍යාපන චාරිකා තාමත් මතකයි. ඊ්ටත් කලින් අධ්‍යාපන චාරිකා ගියා ඒවායේ වුනත් මතකයන් ඩිංග ඩිංග හිත ඇතුලේ තියෙනවා.
මගේ තාත්ත පාසලේ උසස් පෙළ ගුරුවරයෙක්. තාත්ත සූදානම් කරන චාරිකාව හරිම අපූරු එකක්. විශේෂ තැන් විශේෂ විස්තර වගේම අධ්‍යාපනික වශයෙන් විශාල වැදගත්කමක් තිබුනා. ඒ ඔක්කොමත් එක්ක විනොද වෙන්නත් උපරිම ඉඩ තිබුනා. හැබැයි ඉතින් පාසල් ශිෂ්‍යයන්ගේ මට්ටම රැක ගන්න ඕන. විනය අතින් සීමාව පැන්නොත් චාරිකාවේ අවසානය තමයි. එදා තාත්තගේ අතේ එල්ලිලා ගිය මුල්ම චාරිකාව පුරාම තාත්ත ඒ කාලේ හිටි අයියල අක්කලට කියල දීපු ‍දේවල් වලට මගේ හිතේ මාර ඉඩක් හැදුනා. ලෝකාන්තේ බලන්න යන ගමනේදී හෝර්ටන් තැන්නේ විශේෂ පැල, ලයිකන සත්තු ශාක හැදුන රටාවල් ගැන තේරුනේ නැතත් අහගෙන හිටියා. හැතැප්ම හතර හමාරක් පයින්ම ගියේ තිබුනු සතුට හින්දමයි. කණ්ඩායමේම හිටි පොඩිම එකා වෙලත් අනිත් අයට නෙදෙවෙනිව ඇවිද්දා. දැන් කාලේ වගේ නෙවෙයි පාරවල් හදල නැතිව නැරඹුම් මැදිරි නැතිව වැල් වල එල්ලිලා ගිහින් කාණුවක බඩගාල ලොකාන්තෙට එබිල බැලුවා. හරිම අපූරුවට දැක්ක බලංගොඩ නගරය අදටත් එදා දැක්ක විදිහේම මතකයේ තියෙනවා.
ටික ටික ලොකු වෙද්දී විවිධ අය එක්ක විවිධ පාරවල් වලින් චාරිකා ගියා වුනත් ඒ යන හැම තැනම ගැන තාත්ත කියා දෙන විශයයට අදාල දේවල් හිතේ අස්සක ගොඩ ගැහුනා. ඒත් ඉතින් ඒවායින් බාගයක් විතරම තේරුනේ නැහැ. මම උසස් පෙලට ඇවිත් ඒ දේවල් මගේ ගුරුතුමී කියා දෙද්දී, තාත්ත පාඩම කියා දෙද්දී මගේ මතකයට ඇවිත් හොල්මන් කලේ ඒ ඇවිදින කාලේ දැක්ක දේවල් අහපු දේවල් නිසා පාඩම කවදාකවත් අමාරු වුනේ නැහැ. දවසින් දවස ගෙවිලා මටම කියල ඇවිදින්න පුළුවන් වෙද්දී අනිත් උන් පරිඝණක වලින් ක්‍රීඩා කරද්දී මම කලේ එක එක තැන් වල විස්තර හොයපු එක. අහුවෙන හැම තැනම තියෙන දේවල් කියවල විස්තර අහගෙන ඒ ඒ තැන් බලන්න යන්න විස්තර හොයන්න පුරුදු වුනා.
දැන් කියන්නම් අද කාලේ චාරිකා වල හැටි. අද කාලේ අධ්‍යාපන චාරිකාවක් යන්න කලින් ලමයි කරන දේවල් තමයි මේ. අලුත් ඇඳුම් ගන්නවා. සින්දු CD ටිකක් හරි Pen Drive එකක් සින්දු පුරවල හරි දා ගන්නවා. චාරිකාව යන්න බස් එක හොයද්දී හොයන්නේ බස්‍ එකේ යන්න පුළුවන්ද කියන එක නෙවෙයි. ඒකේ සින්දු Play කරන්න හොඳ Player එකක් තියෙනවද? TV එකක් තියෙනවද කියලයි. චාරිකා‍ේ ගමන් විස්තරය බලන්නේවත් නෑ. අහන්නේ එකම දෙයයි. යන්නේ කොහේද? මොනව මොනවද බලන්නේ කියලයි. ඒකත් අහන්නේ ගෙවල් වලට කියන්න ඕන නිසා. බස්‍ එකට නැග්ග වෙලේ ඉඳන් උපරිම සද්දෙන් දාන සින්දු වලට දඟලන්න පටන් ගන්නවා. මහන්සි වුනාම සීට් වලට වැටුනා නිදි. කොහේ හරි නවත්තලා "අපි ආවා බහින්න" කිව්වාම විනාඩි 10ක් විතර බස් එකෙන් බහිනවා. යන තැන ගිහින් විනාඩි විස්සකින් බලන්න තියෙන දේ පැයකට වඩා කැරකි කැරකි ඉන්නවා. අන්තිමට කෑ ගහල බස් එකට නග්ග ගන්න ඕන.
ආයෙත් ඉතින් කලින් වගේම කලින් සින්දු ටිකම දාගෙන දඟලනවා. හැබැයි ඉතින් කොයි සින්දුව දාගෙන දැඟලුවත් බෙරයක් අරන් එන්න නම් අමතක වෙන්නේ නෑ. ඒත් ඉතින් ඒ බෙරේ ගහල කියන්න තරම් සින්දු ලමයි දන්නේ නෑ. ඒකට හේතුව නූතන ඉගෙක්ට්‍රොනික් සින්දු වාදනය කරන්න සාමාන්‍ය විදිහට බැරි වීම සහ ළමයි එහෙම වාදනය කරන්න පුළුවන් සින්දු නොදැන සිටීම. චාරිකාවේ පළවෙනි දවස අවසන් වෙද්දී ප්‍රමාද වීම් නිසා නොගිය තැන් අපමණ වුනත් ඔවුන් ඒ දේ දන්නේවත් නෑ. කොටින්ම කිව්වොත් ඔව්නුට ඒ ගැන ගානක්වත් නෑ. අධ්‍යාපන චාරිකාව අවසාන වෙන්නේ විනෝද චාරිකාවක් විදිහට. අවසර ලැබෙන්නේ අධ්‍යාපන චාරිකා වලට විතරක් නිසා ඒ විදිහට නම දාල චාරිකාව ගියත් අවසානයේ එකඳු ලමයෙක්වත් ඒ ගිය තැනක් මාර්ගයක් හෝ වැදගත් වෙන එක කරුණක්වත් එකතු කරගෙන එන්නේ නම් නෑ.
ඒ කාලේ අපි ගියේ මෙතැනින් මෙහෙම කියන්න තරම් චාරිකාව අවසානයේ ළමයෙකු දැන සිටියත් අද ඒ දේවල් දන්නේ නෑ. අපි එදා ඉඳන් අද වෙනකල් මේ පාරවල් වල කොයිතරම් යන්න ඇතිද? ඒත් අදටත් පාරවල් හදල හැ‍මදේම අලුත් වෙලා තියෙන හැටි බලාගෙන යන්න අපි කොයිතරම් ආසයිද? එදා යන්න බැරි තැන් අද යන්න පුළුවන් වෙලා. ඒත් ළමයි ඒ යන කිසිම තැනක වැදගත්කමක් ගැන ඉගෙන ගන්න ආසාව නැතිවෙලා. තැනක ගියාම ඒ තැන ඉන්නේ කොහොමද ඒ තැන ආරක්‍ෂා කරන්නේ කොහොමද කියන දේ ගැන ඔවුන් දන්නේ නෑ. ඒ තැන තියෙන විස්තර පත්‍රිකා, දැන්වීම් පුවරු කියවන්න ඔවුන් උනන්දු වෙන්නේ නෑ. කරන එකම දේ තමයි බැස්ස තැන ඉඳන් Selfi ගැනිල්ලයි බහිස්‍රාවය කිරීමයි. Selfi ගැනිල්ල නිසාම ඉන්න තැන පවා මතක නැතිව අනතුරු වෙන්නත් තියෙන ඉඩ කඩ දැන් වැඩියි.
කොහොමින් කොහොම වුනත් දවසක අපේ රට පුරාම ඇවිදපු අය අනන්ත ඉඳිවි. ඒත් ඒ ඒ තැන් වල තියෙන විශේෂ ‍දේවල් ගැන දන්න අයනම් අතලොස්සක්වත් ඉතිරි නොවේවි.


කියවලි විසිකරන්න නෙවෙයි අදහසක් දාලම යන්න... ස්තූතියි...!

11 comments:

  1. ඔය විදිහෙං අජ්ජහපන ගමං ගිහිං තියෙන්නෙ අන්තිමට අපි විතරද කොහෙද?
    මාත් ලිව්ව අපි ඉසසර වංදනා ගමං ගිය හැටි ගීං බලන්න (www.yanhella.blogspot.com)

    ReplyDelete
    Replies
    1. අඩේ සුරංගය කමෙන්ට් දාල

      Delete
    2. දැං දැං බොන තැංවලත් මොකකටවත් තට්ටුවක් දාල බජව් දැම්ල්ලක් නැ බං , මොකක් හරි රෙද්දක් අටවං සිනුදු දානවා මිසක්

      Delete
  2. අනේ මන්දා මලයා දැන් හැදෙන උන්

    ReplyDelete
  3. සහතික ඇත්ත. දැන් ඉන්න පොඩි උන්ට ට්‍රිප් යන්න වෙනම උගන්නන්න ඕනේ

    ReplyDelete
  4. ජෙනොරේසොං ගැප්.... අපිට කලිං ජෙනොරේසොං එක අපිට බැන්න මොක්කුද මේ හිපා‍ටුවො කියල අපි දැන් ඉන්න උන්ට බනිනව මොක්කුද මුං කියල අපේ ලොක්කල හිතං හිටිය උංගෙ කාලෙ තමයි කාලෙ කියල අපි උන්ට හිනා උනා කෝපිකාලෙ චමින්දල කියල අපි හිතනව අපේ කාලෙ තමයි කාලෙ කියල පොඩි එවුවෝ අපිට හිනා වෙනව අපි කෝපි කාලෙ චමින්දල කියල. ඕං ඔහොමයි ඉඳගෙන

    ReplyDelete
  5. මල්ලි උඹට මීට රහට යමක් ලියන්න ඇහැක් එකේ මේ නාකි පෝස්ට් නොදා පලක් ඇති යමක් ලියාන් බන්.

    ReplyDelete
    Replies
    1. රහට ලියන එව්වට කිසි අදහසක් නැති වුනත් ටිකක් තිත්ත වෙද්දී තමයි අදහස් ලියවෙන්නේ. අාවගියෝ විතරයිනේ ඉන්නේ කිසි කොමන්ටුවක් ලියන්නේ නෑ. ඉතින් ඒ රහ වැඩක් නෑ කියල හිතුවා

      Delete
    2. සිංහල බ්ලොග්වල වැඩිය තීන්නෙ පිටකසා සීන් එකක්නෙ. උඹ අනික් උන්ගෙ ඒවට කමෙන්ට් කරනවනම් උනුත් කොරයි. එහෙම නැත්තන් කොමෙන්ට් අල්ලල දාල ලියහන්. රහට ලියද්දි නිකම්ම කට්ටිය ඒවි.

      Delete
    3. කුණු හරුප වලින් රහ වුනානනම් කමෙන්ට් තියේ මම දැකල තියේ එහෙම ඒවා. උන් වෙන බ්ලොග් එකක් බුලුවේ නැතත් කමක් නෑ අදහස් ලියල යනව සිංහලෙන්ම... කොහොම වුනත් මම ලියන එව්ව කාලෙකදි කාට හරි වැදගත් වෙයි. අදහස් දාන එකෙක් දායි. වටින කියල ලිපි නම් ආයේ නිකම් දෙන්නේ නෑ. එාවාට මිල තීරණය වුනදෙන්..

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!