Photoshop CC භාවිතා කරමින් පින්තූරයක් වැඩිදියුණු කරගන්නේ කොහොමද?



අද කතාකරන්නේ කොහොමද පින්තූරයක් Photoshop cc මෘදුකාංගය භාවිත කරල වැඩි දියුණු කරගන්නේ කියල. මේ තියෙන්නේ ඒ විදිහෙන් හදාගත්තු පින්තූර කීපයක්.

දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල. මුලින්ම මෙතැන තියෙනවා මම පින්තූර කීපයක් එකතු කරල හදාගත්තු Panorama එකක්.

මුලින්ම මම කරන්නේ Crtl + Shift + A වලින් හරි Filter Menu එකේ Camera Raw filter කියන තැනින් මේ තියෙන Raw Processing Window එක ලබාගෙන පහත තියෙන වෙනස්කම් ටික කරගන්න එක.

Basic Settings වල

HSL/Grayscale වල Luminance

HSL/ Grayscale වල Saturation
 
HSL/ Grayscale වල Hue

ඊට පස්සේ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකේ Image à Adjustments වල Shadows/ highlights වෙනස් කරගන්නවා මේ විදිහට
 
තවත් Duplicate එකක් අරගෙන එකේ Image à Adjustments වල Levels හෝ Ctrl + L වලින් ගිහින් පින්තූරයේ levels ටිකක් වෙනස් කරගන්නවා.

පස්සේ Levels හදපු ලේයර් එකේ පහල කොටසේ අඳුරු වෙන ටික ලේයර් මාස්ක් එකක් දාල ඉවත් කරගන්නවා.

layers දෙක Select කරල Ctrl + Alt + Shift + E වලින් Select කරපු ලේයර්ස් දෙකම තියෙද්දී ඒ දෙක Merge කරල එන Result එක වෙනත් ලේයර් එකක් විදිහට ගන්නවා. (එහෙම ගන්නේ හදිසියේ වැරදීමක් වුනොත් පසුව වෙනස් කරන්න ආරම්භක Layers තියා ගන්න ඕන නිසා)
මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු Layers ටික තියෙන විදිහ
දැන් එකේ Image Menu එකේ Adjustments වල Brightness/ Contrast වල settings ටිකක් මේ විදිහෙන් වෙනස් කරනවා. 

දැන් ඒ Layer එකේ Duplicate එකක් අරගෙන ඒකට Add an Adjustment වල තියෙන Hue/ Saturation එකක් දෙනවා ඒ දෙන්නේ කොල පාට වර්ණය Select කරලා.

දැන් ඒ layer එකට Layer Mask එකක් දීලා ඉහල අහස කොටසේ වර්න වෙනස අයින් කර ගන්නවා.
Add an Adjustment වල තියෙන Levels වලින් පහල තියෙන වෙනස්කම කරගන්න එක තමයි ඊලඟට කරන්නේ.

අන්තිමට තියෙන layers සියල්ල එකතු කරලා Ctrl + E වලින් Merge කරගන්නවා
 
මේ ටික සියල්ල කරද්දී පින්තූරයට ‍Noise ටිකක් එනවා. Noise ප්‍රමාණය ආරම්භයේදී තිබුන Noise එකට වඩා නම් වැඩියෙන් පේනවා. ඒ නිසා ආයෙමත් Duplicate එකක් අරගෙන ඒකේ තියෙන Noise එක ඉවත් කරගන්න හදන්නේ. ඒකට මම පොඩි Plugin එකක් භාවිතා කරනවා. ඒ තමයි Imagenomic සමාගමෙන් දෙන Noiseware Professional එක.

ඒක විවෘත කලාම එන Window එකෙන් අපට අවශ්‍ය වෙනස් කම් කරගෙන noise එක අඩු කරගන්න පුළුවන්. ඔයාල කැමති නම් වෙන Plugin එකක් භාවිතා කරල මේ දේ කරන්නත් පුළුවන්.

Noise එක ඉවත් කරපු ඡායාරූපයේ සමහර ඇත් වල Noise එක නිසා එන ත්‍රිමාණ බව නැති වෙන එක වලක්වන්න Mask එකක් භාවිතා කරන්න පුළුවන්

අවසානයේ ඒ ‍Layers දෙක Mergeකරගත්තාම පහල වගේ අවසන් පින්තූරයක් අපට ලබා ගන්න පුළුවන්.

මේ තමයි අවසන් කරගත්තු ඡායාරුප දෙක වෙනස තේරුම් ගන්න පුළුවන්නේ. ලිපිය කොහොමද කියල අදහසක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මේ මම කරපු ක්‍රමයක් විතරයි. තව ගොඩක් විධි තියෙනවා. ඉතින් තියෙන තව තව වෙනස්කම් එක්ක ඔයාලගේ පින්තූර මීටත් සාර්ථක විදිහෙන් සංස්කරණය කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාල ගත්තු උත්සාහය කොමෙන්ටුවක් විදිහෙන් දාන්න. අපි බලමු ඒ පින්තූරත්. ස්තූතියි හැමෝටම.....


5 comments:

  1. nice bro digatama me wage dewal danna aluthen me dewal igena ganna kenekta meka godak watinawa all the very best....& oyata godak thanx

    ReplyDelete
  2. උඹ Lightroom පාවිච්චි කරන්නෙ නැද්ද? ඒක photoshop වලට වඩා ලේසි නේද?

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!