ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු

ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි පින්තූරයක් ගත්තාම ඒකේ මීදුමක් වගේ බැඳිල තියෙන කොටස් ඉවත් කර ගන්න එක. සමහර වෙලාවන් වලදී පින්තූර පුරාම ඒකාකාරවත් තවත් වෙලාවක පින්තූරයේ තැන් තැන් වලත් මේ විදිහෙන් ති‍ෙයන්න පුළුවන්. ඒක ලෙන්ස් එකේ ජලවාශ්ප බැඳිල තිබුනාම වගේම පරිසයේ ආරද්‍රතාව වෙනස්වීම නිසාත් සිදු වෙනවා. මෙන්න මේ කොටස් අයින් කරල පින්තූරයක් වැඩි දියුණු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියන්න හදන්නේ විනාඩි කීපයකින් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන.

අලුත් Photoshop versions එක්ක වැඩ කරන අය දන්නවා ඇති Camera Raw filter  එක ගැන. ඒත තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් අලුත්ම එක බාගත කරගන්න පුළුවන් වෙයි.


මෙන්න මේ Filter එකත් එක්ක තමයි අපි අද පාඩම කරන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට ‍වැඩි දියුණු කරන්න ඕන කරන පින්තූරය Photoshop වලින් open කරගන්නවා. උදාහරණ විදිහට මම යොදාගන්නේ බිසෝ ඇල්ල මුදුනේ ඉඳන් මම ගත්තු ඡායාරූපයක්.
අපිට තියෙන ලේයර් එකේ Duplicate එකක් අරන් Menu එකේ filter යටතේ තියෙන Camera Raw Filter එක click කරන්න ඕන. Ctrl + shift + A පාවිච්චි කරලත් අපිට එතැනට යන්න පුළුවන්. Camera Raw Filter එකේ දකුණු පැත්තේ තියෙන Effects Menu එකට ගියාම අපිට Dehaze කියල Option එකක් තියෙනවා. එතැන තියෙන Scroll bar එක දකුණට ගෙනියද්දී පින්තූරයේ මීදුම් ගතිය අයින් වෙන හැටි දකින්න පුළුවන්.

ඒකාතාර මීදුමක් වගේ නම් තියෙන්නේ ඒක ‍එක් වරක් මේ ක්‍රමය භාවිත කරල ඉවත් කරන්න පුළුවන් නමුත් ඒකාකාර නොවනවා නම් කොටස් කොටස් Select කරල මේ වැඩේ කරන්න වෙනවා. එ‍හෙමත් නැත්තම් වෙන වෙනම ආරම්භක Layer එකේ Duplicate අරගෙන එක් එක් ප්‍රමාණ වලින් Dehaze Effect එක යොදල Layers කීපයක් හදාගන්න පුළුවන්. පස්සේ Mask භාවිතා කරල අවශ්‍ය තැන් වලට විතරක් අවශ්‍ය ප්‍රමාණ වලින් Dehaze Effect එක තියා ගන්න පුළුවන්. අවසානයේ Layers ඔක්කොම Merge කරල එකක් බවට පත් කරගන්නවා.

නමුත් මතකයේ තියා ගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි Dehaze Effect එක යොදන ප්‍රමාණයට සමානුපාතිකව Contrast එක සහ Saturation එක වැඩි වෙනවා. ඒ නිසා Layers, Merge කරන්න කලින් Layers වල Saturation එක වගේම Contrast එක Match කරගන්න බලන්න ඕන.

මුල් සහ අවසාන ඡායාරූප දෙක ගත්තාම වෙනස පැහැදිලි ඇති කියල හිතනවා.

අදහස් උදහස් ගල් මුල් තියේ නම් කමෙන්ට් විදිහෙන් දාන්න. ස්තූතියි....!

1 comment:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!