මගේ ගමන් බිමන් අනූ තුන්වැනි කොටස - මනන් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් තවත් අපූරු සුන්දර දිය ඇල්ලක් ලඟට තමයි අපි ඊලඟට යන්නේ. කාලයකට පස්සේ නිදහසේ ඇවිදින්න ලැබුනා. ආගිය තැන් කීපයකින් එකක් තමයි මනන් ඇල්ල. මීටර 30ක් විතර උස මේ දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා.. ඇහැලියගොඩ නගරයේ ඉඳන් රත්නපුර දෙසට කිලෝමීටර කීපයක් ගියාම බදුවත්ත හංදියෙන් හැරිල කුරුගම්මෝදර පාර දිගේ කි‍ලෝමීටර 5-6ක් ගියාම මෙතැනට යන්න පුළුවන්. පාරෙන් වාහනය නවත්තල ටිකක් ඇතුලට යන්න තියෙනවා...
දිය ඇල්ලේ වතුර අඩු කාලයේදී නම් දිය ඇල්ල යටටම වගේ යන්න පුළුවන් විතරක් නෙවෙයි දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. එතැන නොගැඹුරු පොකුණක් වගේ හැදිලා තියෙන නිසා එතැනින් වුනත් හොඳ ආරක්‍ෂාව ඇතිව නා ගන්න නම් පුළුවන්. පැය ගානක් වුනත් නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ස්වභාවික ශබ්ද වලින් පිරිසිදුව ඇති අවට පරිසරයේ නිහැඬියාව බි‍ඳෙන්නේ දිය ඇල්ලෙන් වතුර වැටෙන හඬට විතරක්ම වගෙයි. 
අපූරු තැනක් විඳින්න පුළුවන් තැනක් තවත් කෙනෙක්ට යන්න ඉඩ තියල ගිහින් බලල විඳල එන්න. තවත් අපූරු තැනත් එක්ක හමු වෙනකම් ආයුබෝවන්.....


3 comments:

  1. පොඩියට ගූගල් සිතියමකුත් දානවානම් ඉතා හොඳයි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!