Landscape ඡායාරූප වැඩි දියුණු කරගන්නේ කොහොමද?

Landscape ඡායාරූප ගන්න ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පසු සංස්කරණ තුලින් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ දේ ඉගෙන ගත්තේත් ලඟදි තිබුණු වැඩ මුලුවකින්. මුහුණු පොත හරහා එක්වුන Infinity Photo Club නම් සමූහය විසින් කල මේ වැඩමුළුවේදී සංස්කරණය ගැන නොදන්න දේවල් කියා දුන්න Anushka Eranga සොයුරාට මෙතැනදී ස්තූතිවන්ත විය යුතුයි. ඡායාරූප පසු සැකසුම ගැන මගේ දැනුම වැඩි දියුණු කර එතැනදී එකතුවුන දේවල් එකතු කරල තමයි මම මේ උදාහරණ ඡායාරූප සැකසීම කරමින් ලිපිය ලියන්නේ.
Landscape ඡායාරූපයක් හෝ වෙනත් ඡායාරූපයක් හෝ වේවා අපි ඒ ඡායාරූපය ගන්න වෙලාවේදීම ඡායාරූපයේ අවසන් නිමාව පිළිබඳ අදහසක් අප සිත තුල තිබිය යුතුයි. සාමාණ්‍යයෙන් Camera එකකින් ඡායාරූපයක් ලබා ගනිද්දී RAW කියන වර්ගයෙන් ලබා ගන්නවා නම් අපට අවශ්‍ය විදිහේ හොඳම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා... මම පසු සැකසීම් සදහා යොදා ගන්නේ Photoshop මෘදුකාංගය හා Nik Google Collection එකේ Photoshop filters එකතුව.....
මුලින්ම RAW ගොනුව Photoshop වලින් විවෘත කරගෙන ඒකට ඕන කරන මුල් සැකසුම් කරල Open Image Command එක දෙන්න. ඊට පස්සේ ඒ පින්තූරයේ ලේයරය Right click කර Convert to smart object කියන එක තෝරා ගන්න. එහෙම කලාම අපි කරන වෙනස්කම් වෙනම Mask එකක් විදිහට තමයි ඡායාරූපයේ layer එකට එකතු වෙන්නේ.....
ඊට පස්සේ Filter යටතේ තියෙන Nik Collection එකේ Color Effect pro කියන එක තෝරා ගන්න. එතැනින් පස්සේ පසු සැකසුම කෙරෙන්නේ Nik Collection එක හරහා.
මුලින්ම මම භාවිතා කරන්නේ Pro Contrast කියන Filter එක. ඒකෙන් අපි කැමති විදිහෙන් ඡායාරූපයේ Contrast එක හදාගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට වඩා වෙනස් වෙන්නේ මේකෙදී අපිට වෙනස් Option කීපයක්ම තියෙනවා. Correct color cast, Correct Contrast හා Dynamic Contrast කියන තුනම වෙන වෙනම වෙනස් කරන්න පුළුවන්. එතැනින් පස්සේ පහල තියෙන control points කියන Option එක යටතේ අපිට පුළුවන් අපේ Contrast එක වෙනස් වෙන්න ඕන සීමාව Mask එකක් භාවිත කරල සීමා කරගන්න. + හා - විදිහට Mask දෙකක් භාවිතා කරල අපි සීමාවන් හදා ගන්නවා.
සකැසුම් අවසානයේ Addfilter කියන Command එක භාවිත කරල අපට Filter එක අපේ ඡායාරූපයට එකතු කිරීම සඳහා තෝරාගන්න පුළුවන්....
ඊලඟට මම භාවිත කරන්නේ Sky Light Filter එක. ඒකෙන් මම ඡයාරූපයට පොඩි ආලෝකයක් ලබා දෙනවා. ඊටත් පස්සේ Detail Extractor කියන Filter එක භාවිතා කරල ඡායාරූපයේ Details ටිකක් වැඩි කරගන්නවා. හැම Filter එකක් භාවිතයේදීම Add Filter කියන Command එක භාවිතා කරන්න ඕන. ඒ වගේම අපිට පසුව ඒවා වෙනස් කරන්නත් පුළුවන්. 
දැන් අපි සාමාන්‍ය විදිහට වඩා වැඩි යමක් ඡායාරූපයේ සංස්කරණය කරගෙන ඉවරයි. ඕන නම් ආයෙත් මේ Filters හරි මේ Collection එකේ තියෙන වෙනත් Filters භාවිතා කරන්න පුළුවන්. අවසානයේදී වෙනත් අවශ්‍ය සැකසුම් කරල ඡායාරූපය අවසන් ඡායාරූපය ලෙස සකස් කරගන්න පුළුවන්. මේ Filters භාවිතය සඳහා සීමාවක් නැහැ. අවශ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඡායාරූපය ගුනාත්මය භාවය තීරණය වෙන්නේ පසු සැකසුම සිදු කරන සංයමය අනුව.
මේ තියෙන්නේ මම සකස් කල ඡායාරූපයේ මුල් අවස්ථාව සහ අවසන් ප්‍රථිථලය..... මේකෙදි මම දෙපාරක් Pro contrast කියන filter එක භාවිතා කලා... Noise Reduction එකකුත් High pass Filter එකත් භාවිතා කරල මට අවශ්‍ය තැන් විතරක් Mask එකකින් වැඩි දියුණු කලා.....

ඔයාල ගන්න ඡායාරූපත් පසු සැකසුම් වලින් දියුණු කරල කමෙන්‍ට් එකක් දාන්න..  අපැහැදිලි තැනක් තියේ නම් ඒකත් කමෙන්ට් එකකින් අහන්න....
ස්තූතියි සැමට.... ජය

8 comments:

  1. Workshop එකට එන්න බැරි උනා. Thanks මල්ලි

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අයියා ආවේ නැති එක නම් අපරාදේ

      Delete
  2. අපිට මේ සදහා adobe lightroom භාවිතා කරන්න පුළුවන්.. එය ඉතාමත් පහසුයි

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!