මගේ ගමන් බිමන් අනූ හතරවැනි කොටස - මූනංගල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ අප්‍රකට දියඇලි රැසක් තියෙන දිස්ත්‍රික්කයක්. මැණික් වලට සුප්‍රසිද්ධ වුනත් සොභාව සෞන්දර්ය අතින් අගතැන්පත් ප්‍රදේශයක්. මේ කියන්න යන්නේත් රත්නපුර දිස්ත්‍රික්‍කයේ මායිමේ පිහිටන සුන්දර දිය ඇල්ලක් ගැන. ඒ තමයි මූනංගල ඇල්ල. ඇහැලියගොඩ ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටර 3ක් විතර එද්දී බදුවත්ත හංදිය හමුවෙනවා. එතැනින් හැරිල අමුහේන්කන්ද පාරේ කිලෝමීටර 1.5ක් විතර ගියාම අපට මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
මේ දිය ඇල්ල ලඟ තියෙන කසිප්පු තිප්පොලවල් නිසා යන එන වාහන වුනත් කිසිවෙක් නැතිව දාල යන එක නම් එච්චර නුවනට හුරු නෑ. බයිසිකලයක් ත්‍රී රෝද රථයක් වගේ නම් පහසුවෙන් ඒ කිට්ටුවටම වගේ යන්න පුළුවන්. නැතිනම් ඉතින් 4 වීල් වාහනයක් තමයි.
කොහොම වුනත් අතිශය  සුන්දරත්වයක් තියෙන් මේ මීටර 10ක් විතර උස දිය ඇල්ල පාමුලටම යාමෙ ්හැකියාව නම් තියෙනවා. කැලේ මැදින් තියෙන නිසා මිනිසුන්ගේ ශබ්ද ඇහෙන්නේ නෑ. ඒ නිසාම ස්වභාවිකත්වය උපරි‍මයෙන් විඳින්න පුළුවන් තැනක්. 

මේ තැන් වලට ගිහින් ඒ තැන් විනාස කරන්නේ නැතිව සුන්දරත්වය රැකලා එන්න.

4 comments:

  1. ලස්සණ තැනක්..

    ReplyDelete
  2. රත්නපුර දිස්ත්‍රික්කයේ හැංගිච්ච දියඇලි රාශියක් තියෙනවා. සුලා බල්ලමල ඇල්ලට ගිහිං තියෙනවද?

    ReplyDelete
    Replies
    1. තව නෑ දිල්ශාන් ඉඩ තියෙන හැටියට යන්න හිතන් ඉන්නේ

      Delete
    2. මෙන්න බල්ල මල ඇල්ල ගැන පොඩි සටහනක් http://sobaroo.blogspot.com/2015/02/blog-post_19.html

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!