මගේ ගමන් බිමන් අනූනම වැනි කොටස - බේරුවත්ත ඇල්ල, වේවැල්වත්ත

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර ප්‍රමුඛස්ථානයක් ලැබෙන දිය ඇල්ලක් තමයි බේරුවත්ත ඇල්ල කියන්නේ. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 20ක් විතර ගියාම රුවුලදොල හංදියට ලඟ වෙන්න පුළුවන්. එතැනින් මීටර 150ක් විතර පයින් තමයි යන්න වෙන්නේ. වැහි අඩු කාලයේදී කුඩා දොලක් විදිහට තිබුනා වුනත් වැහි කාලයේදී නම් දරුනු විදිහේ සැඩපාරක් තියෙනවා. ඒකෙන් එගොඩ වෙලා ටිකක් ඇතුලට යද්දී දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්.
වේවැල් දොලෙන් පෝෂණය ලබන බේරුවත්ත ඇල්ල උසින් අඩි 54ක් විතර වෙනවා. මනරම් ලෙසින් ඇද හැලෙන දිය ඇල්ල අවසානයේ බෙරුවත්ත විල නමින් හැඳින්වෙන පොකුණ නිර්මාණය කරමින් ගලා බහින්නේ වේවැල් දොල විදිහට. පස්සේ අලුපොල දොල හා රැවුලදොල සමඟ එක්වී අවසානයේ මහවැලි ගඟට ගලා බහිනවා.
 
බෙරුවත්ත විලේ නම් ටිකක් විතර භයානක පෙනුමක් තමයි තියෙන්නේ නමුත් සවස් යාමයක බේරුවත්ත ඇල්ල ලඟ ඉඳගෙන එහි සුන්දරත්වය විඳින්න තියෙනවා නම් ඒ අවස්ථාව මඟ හැරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. අප්‍රකට ඇල්ලක් වුනත් ගම්වැසියන් තාමත් එතැනට යන මඟ අහන අයට පෙන්වන්න තරම් නිහතමානී වෙනවා. ඒකට හේතුව අනිත් තැන් වගේ තාම මේක කුලුඳුලේ තිබීම වෙන්න ඇති. ඒ නිසා යන්න ගිහින් සුන්දරත්වය විඳින්න. හැබැයි තව කෙනෙකුට සුන්දරත්වය විඳින්න ඉතිරි කරල එන්න වගබලා ගන්න.


මේ ගමන අතරේම ගිය පුංචි දඹදිව හා කටුගස් ඇල්ල ගැන කියවන්න මෙතැනින්.
 
 

3 comments:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!