දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස

හැමෝම හිතන්නේ Macro ඡායාරූප ගන්න නම් DSLR එකක් තියෙන්නම ඕන කියලයි. ඇත්තටම එහෙම ඕන වෙන්නේ නෑ. දැන් තියෙන Smart Phones වල තියෙන කැමරා හොඳ Resolution එකක් තියෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දුරකථන කැමරා සඳහා සැකසුන හොඳ Apps තියෙනවා. ඒවායින් අපට අවශ්‍ය පරිදි දුරකථන කැමරාවේ පවා සැකසුම් කරන්න පුළුවන්. සමහර වෙලාවන් වලදී දුරකථන කැමරාවේ Resolution එක DSLR එකකට වඩා වැඩි අවස්ථාත් දැන් තියෙනවා.

උදාහරණයක් විදිහට මේ ඇප් ට්‍රයි කරල බලන්න.

Android සඳහා :


-------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------
Macro ඡායාරූපය් ලබාගන්න දුරකථන කැමරාවෙන් පුළුවන්ද? ඇත්තටම කියනවා නම් දුරකථන කැමරාවෙන් අපට ලංවෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට ආසන්න ප්‍රමාණයක්. අපිට කැමරාවෙන් දීපු Macro Mode එක දාගෙන වුනත් ඒ සීමාවේ ඡායාරූප ගන්න එක සාර්ථක මදි. මොකක්ද මේ Macro Mode එක කියන්නේ. ඇත්තටම Macro Mode එක භාවිතා කලාම වෙන්නේ කැමරාවේ Focus point එක සලකන Pixels ගාන අඩුවෙන එක. ඒ නිසා අපට කුඩා දෙයක් Focus කරගන්න පහසුයි. මුලින්ම Mobile එකෙන් මැක්‍රෝ ඡායාරූප ගන්න අය කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි Macro Mode එකට දාල උත්සාහ කරන එක.

දෙවැනි පියවර විදිහට දුරකථන කැමරාව උඩ පැත්තට හරවලා ඒක උඩින් වතුර බිංදුවක් තියා ගන්න. දැන් ප්‍රවේශමෙන් කැමරාව අනිත් පැත්ත හරව ගන්න. මතක තියා ගන්න ගොඩක් ලොකු වතුර බිංදුවක් තියාගන්න ඒපා. වතුරේ පෘෂ්ඨික ආතතිය නිසා පොඩි වතුර බිංදුව අර්ධගෝල හැඩය අරන් ලෙන්ස් එකක් විදිහට ක්‍රියා කරනවා. දැන් ඉතින් අරමුණට ලංවෙලා පින්තූර ගන්න තමයි තියෙන්නේ.

මෙතනින් එහාට යන්න ඕන නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි eBay එකේ තියෙන ‍අමතර ලෙන්ස් කට්ටලයක් ගෙන්ව ගන්න එක. සාමාන්‍යයෙන් ලෙන්ස් තුනක් විදිහට තියෙන මේ කට්ටලයක් රුපියල් දෙතුන්සීයකින් ගෙන්ව ගන්න පුළුවන්. ඒක Macro, Wide Angle හා Fisheye කියන ලෙන්ස් තුන තමයි තියෙන්නේ. කැමරාවේ මාදිලිය අනුව වුනත් අපිට හොඳ ලෙන්ස් එකක් ගන්න පුළුවන්. කැමරාවට බොහෝම පහසුවෙන් සවි කරන්න පුළුවන් වෙන්න හදපු මේ ලෙන්ස් එක දෙවැනි පියවර විදිහට ඉදිරියට යන්න වැදගත් වෙනවා. මේ ලෙන්ස් එක එක්ක ගොඩක් වැඩ කරන්න පුළුවන්. අරමුණට ලංවෙන එක හා ඉවසීම තමයි ඕන කරන්නේ. මේක භාවිතයට දෙන්න තියෙන මුල්ම උපදෙස තමයි පලවෙනි අරමුන විදිහට ගහක්, මලක්, රෙද්දක රටාව, අකුරු, කාසියක් වගේ නිශ්චල අරමුණක් තෝරගන්න. පසුව හොඳින් නාභිගත කිරීම පුරුදු වුනාම සතුන් ඡායාරූපගත කරන්න උත්සාහ ගන්න.

ඊලඟ ක්‍රමය තමයි වෙනමම ලෙන්ස් එකක් හදාගන්න එක. මේක නම් වඩා සාර්ථකයි වගේම අපි හදාගන්න ලෙන්ස් එක අනුව ඡායාරූපයේ ගුණාත්මකභාවය රඳා පවතිනවා. ඒ නිසා වැඩේට ඕන උපකරණ හොයාගනිද්දී පරිස්සම් වෙන්න. හොඳම දේ හොයා ගන්න බලන්න.

අපිට මේ වැඩේ කරන්න ලෙන්ස් එකක් ඕන වෙනවා. මේ අමතර ලෙන්ස් එක ගන්න පුළුවන් තැන කීපයක් මම මෙතැන සඳහන් කරන්නම්. 

* පරණ CD/ DVD Player එකක් ගලවලා ඒකේ Head එකේ තියෙන ලෙන්ස් එක ගන්න ආරම්භය සාර්ථක කරගන්න පුළුවන්.

* පරණ කැමරාවකින් ලෙන්ස් එකක් ගලව ගන්න. පරණ Film කැමරාවක් නම් වඩා සාර්ථක වෙයි කියල හිතනවා. නැතිනම් Compact කැමරාවකින් වුනත් සාර්ථක අමතර ලෙන්ස් එකක් හදා ගන්න පුළුවන්.

* පරණ DSLR එකකින් ගත්තු ලෙන්ස් එකක්. මේක නම් ගොඩක් සාර්ථකයි. මොකද ලෙන්ස් එකේ quality එක ගොඩක් වැඩි නිසා.

* ලේසර් ටෝච් එකකින් ගලවගත්තු ලෙන්ස් එකක්.

* ඇස් කණ්ණාඩියක ලෙන්ස් එකක්

* දුරදක්නයකින් ගලවාගත්තු උපනෙත ලෙන්ස් එකක්

* අත්කාචයක්
 
 

මේ විදිහට ගලව ගන්න ලෙන්ස් එක කැමරාවට හයි කරන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා. මොකද දුරකථනය අල්ලගෙන, සෙටින්ග්ස් හදාගෙන, පින්තූරය ගන්න ගමන් ලෙන්ස් එක අල්ලන්න විදිහක් නැති නිසා. ඒකට පොඩි ලෙන්ස් එකක් නම් කොණ්ඩ කට්ටක ලෙන්ස් එක හිර කරලා ලෙන්ස් එක කැමරාව ඉස්සරහ හිටින විදිහට තියල ගම්ටේප් එකකින් අලව ගන්න පුළුවන්. ලෙන්ස් එක ලොකු නම් ඉලාස්ටික් පටියකින්, Hand Band එකකින් වගේ ලෙන්ස් එක දුරකථන කැමරාව ඉදිරියෙන් තියල හිරගන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ක්‍රමයකින් වුනත් ලෙන්ස් එක දුරකථන කැමරාව ඉදිරියේ තියාගන්න ඕන. ඒකෙදි මතක තියා ගන්න ලෙන්ස් එක හා කැමරාව අතර දුර නැති තරමට තියා ගන්න බලන්න. නැතිනම් පින්තූරය වටේ රවුමක් වගේ ලෙන්ස් එක පේනවා විතරක් නෙවි පින්තූරය පුරාම මීදුම බැඳුනා වගේ පේන්න ගන්නවා. පුළුවන් තරම් විශ්කම්භය වැඩි එකක් ගන්න පුළුවන් නම් ඒ ‍දේශයක් මඟහැරගන්න පුළුවන්.

 
 
 

මේ සියල්ල සකස් වුනාම අවසන් ප්‍රථිඵලය සාර්ථක කරගන්න පුළුවන්. නමුත් අපි අරමුණට ලංවෙන විට ආලෝකය ලැබීම සීමා වෙනවා. ඒකට හේතුව වෙන්නේ අපේ දුරකථනයේ සෙවනැල්ල නිසා අරමුණ ආවරණය වීම. මේකට විසඳුමක් විදිහට කෘතීම ආලෝකය සපයන්න වෙනවා. ඒ සඳහා නිවෙසක භාවිතා කරන චෝච් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ හැරුණාම Table Lamp එකක් වගේ වෙනත් ඕනෑම දෙයක් භාවිතා කරන්න පුළුවන්. Power Bank එකක් එක්ක USB Light එකක් ගත්තානම් ඕන තැනක භාවිතා කරන්න පුළුවන්.

මේ සියල්ල, ඉවසීම හා මනා පුහුණුව මගින් සාර්ථක Macro ඡායාරූපයක් දුරකථනය භාවිතයෙන් ලබාගන්න පුළුවන්. දුරකථනයේ මිල හැරුණාම මේ වැඩේ සාර්ථකව කරන්න ලෙන්ස් එක, කෘතීම ආලෝකය ආදිය ලබාගන්න සාමාන්‍යයෙන් රුපියල් 1000කට අඩු මිලකින් පුළුවන්. ඒ නිසා හැමෝටම වැඩේ උත්සාහ කරල බලන්න පුළුවන්. 

අවසානයේ මොබයිල් එකෙන්ම එඩිට් කරන්න පුළුවන් සාර්ථක ඇප් එකක් භාවිතයෙන් එඩිට් කලා නම් වැඩේ මොබයිල් එක හරහාම ඉවර කරන්න පුළුවන්. උදාහරණ විදිහට මෙන්න මේ ඇප් එක භාවිත කරන්න.
 


එහෙම නම් ආයෙ ලිපියකින් එනකම් හැමෝටම ජයවේවා....

* ඡායාරූප අන්තර්ජාලයෙනි...

13 comments:

  1. 55-200 ලෙන්ස් එකකට Auto Extension tube ගන්නවානම් ඒ ලෙන්ස් එකට හරියන Extension tube එකේ දිගක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් එන්නේ 70mm වගේ උපරිමයක සෙට් එකක්. කොටස් තුනයි. ඒකෙන් 55-200 එක්ක closeup වලට යන්න පුළුවන්. නමුත් තව ලංවෙලා Macro level එකට යන්න නම් ඒ වගේ සෙට් කීපයක් භාවිතයෙන් පුළුවන්.

      Delete
  2. ගොඩක් වටිනවා අයියේ .බොහෝම ස්තුතියි ලිපියට .

    ReplyDelete
  3. Mobile eke cam eka samanyen mega pixel kiyak wage wenna onada ayye ?.

    ReplyDelete
    Replies
    1. ඒ්ක අවුලක් නෑ... ඔ්නෑම කැමරාවක්

      Delete
  4. Tnq sula aiya.watina adahas tikak ❤️✌️

    ReplyDelete
  5. නියමයි අයියේ. හොඳ දැනුමක් ලබා ගත්තා මෙමඟින් මමත්. බොහෝම ස්තූතියි ඔයාට.❤️😍

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!