ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු

ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි පින්තූරයක් ගත්තාම ඒකේ මීදුමක් වගේ බැඳිල තියෙන කොටස් ඉවත් කර ගන්න එක. සමහර වෙලාවන් වලදී පින්තූර පුරාම ඒකාකාරවත් තවත් වෙලාවක පින්තූරයේ තැන් තැන් වලත් මේ විදිහෙන් ති‍ෙයන්න පුළුවන්. ඒක ලෙන්ස් එකේ ජලවාශ්ප බැඳිල තිබුනාම වගේම පරිසයේ ආරද්‍රතාව වෙනස්වීම නිසාත් සිදු වෙනවා. මෙන්න මේ කොටස් අයින් කරල පින්තූරයක් වැඩි දියුණු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියන්න හදන්නේ විනාඩි කීපයකින් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන.

අලුත් Photoshop versions එක්ක වැඩ කරන අය දන්නවා ඇති Camera Raw filter  එක ගැන. ඒත තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් අලුත්ම එක බාගත කරගන්න පුළුවන් වෙයි.


මෙන්න මේ Filter එකත් එක්ක තමයි අපි අද පාඩම කරන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට ‍වැඩි දියුණු කරන්න ඕන කරන පින්තූරය Photoshop වලින් open කරගන්නවා. උදාහරණ විදිහට මම යොදාගන්නේ බිසෝ ඇල්ල මුදුනේ ඉඳන් මම ගත්තු ඡායාරූපයක්.
අපිට තියෙන ලේයර් එකේ Duplicate එකක් අරන් Menu එකේ filter යටතේ තියෙන Camera Raw Filter එක click කරන්න ඕන. Ctrl + shift + A පාවිච්චි කරලත් අපිට එතැනට යන්න පුළුවන්. Camera Raw Filter එකේ දකුණු පැත්තේ තියෙන Effects Menu එකට ගියාම අපිට Dehaze කියල Option එකක් තියෙනවා. එතැන තියෙන Scroll bar එක දකුණට ගෙනියද්දී පින්තූරයේ මීදුම් ගතිය අයින් වෙන හැටි දකින්න පුළුවන්.

ඒකාතාර මීදුමක් වගේ නම් තියෙන්නේ ඒක ‍එක් වරක් මේ ක්‍රමය භාවිත කරල ඉවත් කරන්න පුළුවන් නමුත් ඒකාකාර නොවනවා නම් කොටස් කොටස් Select කරල මේ වැඩේ කරන්න වෙනවා. එ‍හෙමත් නැත්තම් වෙන වෙනම ආරම්භක Layer එකේ Duplicate අරගෙන එක් එක් ප්‍රමාණ වලින් Dehaze Effect එක යොදල Layers කීපයක් හදාගන්න පුළුවන්. පස්සේ Mask භාවිතා කරල අවශ්‍ය තැන් වලට විතරක් අවශ්‍ය ප්‍රමාණ වලින් Dehaze Effect එක තියා ගන්න පුළුවන්. අවසානයේ Layers ඔක්කොම Merge කරල එකක් බවට පත් කරගන්නවා.

නමුත් මතකයේ තියා ගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි Dehaze Effect එක යොදන ප්‍රමාණයට සමානුපාතිකව Contrast එක සහ Saturation එක වැඩි වෙනවා. ඒ නිසා Layers, Merge කරන්න කලින් Layers වල Saturation එක වගේම Contrast එක Match කරගන්න බලන්න ඕන.

මුල් සහ අවසාන ඡායාරූප දෙක ගත්තාම වෙනස පැහැදිලි ඇති කියල හිතනවා.

අදහස් උදහස් ගල් මුල් තියේ නම් කමෙන්ට් විදිහෙන් දාන්න. ස්තූතියි....!

ඇයි මෙහෙම කරන්නේ???

කලකට පසු විශ්ව විද්‍යාලයසදසට ඇදුනේ උපාධි සහතිකය රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් දවස් ගැන කියවුනේ නැතත් යම් යම් හේතූන් නිසා ප්‍රමාද වුන ලිපි පෙලක්ම තියෙනවා ලියන්න. මුස්ලිම් සංස්කෘතියක අතරමං වුන අපි ඒ කාලේ හිටියේ බොහෝම පරිසමින්. ඔලුවිල් වල තියෙන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය තියෙන්නේ සම්මාන්තුරය ප්‍රදේශයේ. මුස්ලිම් අය 99%ක් 100%ක්ම වගේ ජීවත්වෙන ප්‍රදේශයක්. 1995දී පටන් ගත්තා වුනත් ඒ කාලේ සිංහල ලමයි විශ්ව විද්‍යාලයේ හිටියේ නෑ. පස්සේ සිංහල ලමයිනුත් ඒකට දාන්න ඕන කියල ගත්තු තීරණයේ තුන්වැනි සාමාජිකයෝ වුනේ අපි. ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවීම තුලින් විශ්ව විද්‍යාලය එයාලගේ ප්‍රදේශ වලින් අයින් වෙන එකට එයාල අකමැති නිසා කොහෝම හරි ඇතිවෙන ප්‍රශ්ණ යටගහනවා.

දුන් කියන්නම්කෝ කියන්න ගිය එක ගැන. මෙදා මම යද්දී අපේ අලුතින් ආව හොස්ටල් වල හිටපු සිංහල ලමයි 40ක් විතර රෝහල්ගත කරල කියන ආරංචිය ලැබුනා. දෙන්නෙක් විතර අන්‍යාගමික ඉන්නවා වුනත් 98% සිංහල බෞද්ධ අය තමයි අසනීප වෙලා තියෙන්නේ. මම ගිය වැඩේ පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවා. මේ දවස් වල විශ්ව විද්‍යාලයේ විභාග තියෙනවා. ලමුන්ගේ අසනීපය නිසා විභාග කල් දාන්න කියන ඉල්ලීම සිසුන් කරල තිබුනා වුනත් පාලනයෙන් ඒ වෙද්දීත් තීරණය කරල තියෙන්නේ විභාග පවත්වන්න.

විභාගය අනිාර්යයෙන් තියෙන නිසාවෙන් හා සිව් වසරක විශේෂ උපාධිය කිරීම සඳහා ප්‍රථිඵල පෙන්විය යුතු නිසාත් සමහර සිසුන් අසනීප තත්ත්වය ‍සුව වන්නටත් ප්‍රථම පැමිණ විභාගයට මුහුණ දෙනවා. අසනීපයේ උග්‍ර බව නිසා විශේෂ උපාධි සිහිනය බොඳව යන පිරිස හැකිතාක් විභාග කල්දැමීම සඳහා උත්සාහ ගත්තද එය පාලනය හමුවේ බිඳ වැටී ඇත. පීඨ පාලයෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැසී යන මෙවැනි කරුණු කලාතුරකින් සිසුහු අරගල කරමින් පමණක් විශ්ව විද්‍යාල ප්‍රධානියන් හමුවට මතු කල හැකිය. මීට අවුරුදකට දෙකකට පෙරත් මෙවැනිම සිද්ධියක් සිදු වී ඇතත් අවසානයේ විශේෂ උපාධිය සිහිනයක් බවට පත්වූ පිරිසක් පමණක් ඉතිරි වූ බව සිසුහු පවසති.

අප සිටි සමයේ දේශපාලනය ‍හෝ වෙනස් සංගම් සඳහා පීඨය තුල ඉඩකඩක් නොතිබුණ අතර එක් ප්‍රධාන ශිෂ්‍ය සංගමයක් පමණක් විය. එ් හරහා සියලු සිසුන් තමන්ගේ අවශ්‍යතා පාලනය වෙත දැනුම් දෙන්නට කටයුතු සලසා ගත්තෝය. නමුදු අද ටිකෙන් ටික දේශපාලය හිස ‍ඔසවන බවක්ද පෙනේ. එනිසා කරන්නා වූ ඉල්ලීම් වලට ලැබෙන ප්‍රතිචාර මඳක් කාරුණික බව අඩුද යැයි මට සිතේ. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාතාංශයට නම් මෙය ඉතා අගනා, ගැටලු රහිත විශ්ව විද්‍යාලයකි. නමුත් සිදුවන්නේ අනෙකකි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන ගැටලු සඳහා ප්‍රතිචාර වෙනුවට පලිගැනීම් පමණක් ඇතිවන අතර සමහර කලෙක සිංහල ලමුන් නිසා විශ්ව විද්‍යාලයේ ප්‍රශ්ණ ඇතිවේ යැයි කාරණාවක්ද ප්‍රචලිත විය.
විශ්ව විද්‍යාලයෙන් සිහල බෞද්ධ සිසුන් වෙනුවෙන් සිදුවන අසාධාරණකම් ගැන කතා කරන්නට කෙනෙකු නොමැති තත්ත්වයක් අද ඇතිව තිබේ. උන්ගේ පාලන ප්‍රදේශයක උන්ට රිසි අයුරින් සිටිද්දී අප කෑ කෝ ගසන්නට ගොස් ජීවිත දානය දෙන්නේ ඇයිදැයි සිතමින් මුනිවත රකින්නෝ අනන්ත සොයාගත හැකි වන්නේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුලත්තාට පසුවය. මේ එක ගැටලුවක් පමණක් වුවද අනන්ත අප්‍රමාණයෙන් ගැටලු උදෙසා ලිපි සකස් කෙරුණද එය පාලනය විසින් සඟවන්නේ අදිසි හස්තය සිසුන්ගේ විභාග වල ප්‍රතිඵල වලට යොමු කරවමිනි. අවසානයේ කෙසේ හෝ වේවා විභාගය අවසානයෙන් පසු රැකියා සොයද්දී අනේ විශ්ව විද්‍යාල වල සිසුන් රැකියා කරද්දී අප අපගේ කරුමයක සිරවී සිටිමු.