සිරියහනේ ලණු ඉහිරී

අඩෙවිය කියනවන අයගේ අදහස් උදහස් ලියවෙනවා නම් කියල හිතද්දී මේ ගීතය ගැන ලියන්න කියල උපහාසාත්මක දැයි සිතෙන ආකාරයේ අදහසක් පල වී තිබුනා..  මේ ඒ ඉල්ලීමට...

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ලූෂන් බුලත්සිංහල ලියූ සිරියහනේ ලණු ඉහිරී කියන ගීතය මට දැනෙන්නේ මෙන්න මේ විදිහට.. 

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ කියන තැනකින් ගීතය පටන් ගද්දී මට හිතෙන්නේ මිල මුදල් තිබුන කෙනෙක් දැන් ඒ සියල්ල විනාශ වෙලා දුගී වෙලා රාත්‍රියේ සුසුම් හෙලමින් කල්පනා කරනවා කියලයි. සිරියහනත් දැන් දැන් ඔහු නිදන්න යද්දී හඬනවා. ඒයින් පසු තමා නිසල වූ  ඔහුට ඇහෙනවා මලුළුවන් දැල් වියන ශබ්දය. මොකද ඔහුගේ තනිකම ඒ තරම්ම වැඩි නිහැඬියාවක් ඇති කරල තියෙන නිසා. තාපසුන්ගේ දැහෙන බිදින්නට පවා සමත් යැයි කියන්නා වූ නාරිලතා මලක් තමන්ගේ යටලීයේ පූදින්නේ කුමටද කෙසේදැයි සිතා ගත නොහැක. නමුත් ඔහු සිටින්නා වූ ඉරියව්ව හා ඔහුගේ සිතිවිලි සමුදාය ගැන කියන්න මේ තරම් අලංකාර වෙනත් ක්‍රමයක් කොයිදැයි මට සිතේ. හිමාලයේ පිපෙන්නා වූ නාරිලතා මලක් ඔහුගේ වහලේ පූදින්නේ තවත් ස්ත්‍රියක් ගැන ඔහුට සිතුනාවත් දැයි සමට සිතේ. ස්ත්‍රියක් නැති නිවසක තනියම ජීවත් වන පුරුෂයෙක්. තමාගේ දුප්පත් කම නිසාවෙන් තමාට නැතිවුන දේ ගැන ශෝක වෙන ආකාරය. උඩුබැලි අතට වහල දෙස බලාගෙන තමාගේ ජීවිතයේ හමුවූ නොයෙක් ආකාරයේ තරුණියන් ගැන මවා පාමින් සිටින අයුරක් අපූරු ආකාරයෙන් මවා පාන්නට මේ පද පෙල සමත් වේ යැයි සිතමි.

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
තරුණියකගේ මුහුණ සඳ වාගේ යැයි අප අනන්තවත් උපමා කර ඇත්තෝය. සඳින් සඳට මුවාවෙලා කල වයස ගත වෙලා තියෙන්නේ. තමන්ගේ නැති බැරිකම් නිසා තරුණියන් හමුවෙලා කතා කරන එක, දකින එක, ඇඟෑලුම් පාන එක කලේ නැහැ. හෙට දියුණු වෙයි කියන බලාපොරොත්තුවෙන් කෙතරම් තරුණියන්ව මේ තරුණයා අමතර කරල තියෙනවද? ඒ අය අයිති කරගන්න බැරිවුන වේලාවේදී මොහු කොයි තරම් අඬල තියෙනවාද. කඳුලු ඒ තරම් වැටිලා දැන් හඬන්න තරම් කඳුලු නැහැ. ඒ සියල්ල පැදුරට එකතුවෙලා. ඒ වගේම මෙය අතීතයේ මාසය ගනන් කල චන්ද්‍ර මාස ක්‍රමයෙන් තමා වයසට ගොස් ඇති බව තහවුරු කරන්නටද සමත් වෙනවා. සිරි යහනක් තිබුනා වුනත් දැන් ඔහු එයට පැදුරක් දාගෙනයි ඉන්නේ. ඒ ඔහුගේ දුප්පත්කම දිනෙන් දින ඔහුව හිරකර ගන්නා නිසා.

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්

හොඳ යහනක තරුණියක හා විවාපත් වෙලා එකට නිදන්න තරම් ඔහු පින්කර නැති බව සිතමින් තමන්ලේ සිත එක්තැන් කරන්නට වෑයමක් දරනවා. තරුණියක් ලංකරගන්න ඇගේ සිතේ යමෙකු ගැන අදහසක ඇති වෙන්න කරුණු කීපයක් ඕනෑය කියල කියමනක් තියෙනවා. එයින් කොටසක් අරන් මාල වලලු කණකර ආදිය තිබුන අය ගැන මතක් කරමින් කියන්නේ කාන්තාවන්ට තමන් අමතක වුන බවයි. ඒ තමනිගේ වයස වැඩි නිසා යැයි සිතමින් ඔහුගේ වෑයම තම සිත එක්තැන් කරගැනීමටයි. නමුත් තවමත් යටලීයේ නාරිලතා මල් පූදිනවා......

....................................................................................................................................
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී..

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : එච්.එම්.ජයකොඩි
පද රචනය : ලූෂන් බුලත්සිංහල

4 comments:

  1. අපේ සිංහල සර් ඕක එක පාරක් විග්‍රහ කලේ තමන්ගේ බිරිඳ ගෙදරි තරවෙලා ගිය වෙලාවේ ඇඳට වෙලා කල්පනා කරනවය කියලා.තවත් කව්ද කිව්වා අර කුම්භ ඝෝෂක ජාතක කතාවේ දී ඇදේ ලනු කැපුවම සිටු කුමාරයා වැටුයි කියන්නේ මුනින් අතටනේ .තනිකඩ පිරිමි නිදියන්නේ එහෙම කියලනේ කියන්නේ ..තනිකඩ ජිවිතේ ගැනලු ඕකේ කියන්නේ කියලා ..

    ReplyDelete
  2. තනිකඩ දිවියක් ගෙවන පිරිමියෙකුගේ ස්වයං වින්දන අවස්ථාවක් ගැන කියවෙන ගිතයක් ලෙසයි මා අසා ඇත්තේ හා තේරුම් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත හැකි ආකාර ගණනාවක් තියෙනවා නලීන් අයියේ නමුත් මම හිතන්නේ මේක ඒ තරම් දුර ගිය එකක් කියල නම් නෙවෙයි

      Delete
  3. කිරිමැණිකා23 June 2017 at 16:16

    මේං මේ සින්දුව ගැන විචාරයක් ලියපං.
    පට්ට සිරා විසුවල් එහෙකුත් තීනව.

    https://www.facebook.com/JakeBoysVideos/videos/915596118609428/?hc_ref=NEWSFEED

    https://www.facebook.com/JakeBoysVideos/videos/915596118609428/?hc_ref=NEWSFEED

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!