මගේ ගමන් බිමන් එකසිය හත්වන කොටස - පිළිතුඩ අැල්ල

කලුතර දිස්ත්‍රික්කයට අයිති තවත් දිය ඇල්ලක් තමයි පිළිතුඩ ඇල්ල එහෙමත් නැතිනම් අත්වැල්තොට ඇල්ල කියන්නේ. ගොඩක් උස නැති වුනත් අපූරු සුන්දරත්වයක් තියෙන දිය ඇල්ලක්.
අගලවත්ත තිරුවාණකැටිය පාර දිගේ යද්දී හමුවෙන අත්වැල් තොට ප්‍රදේශයේ ප්‍රධාන පාර අයිනෙම වගේ තියෙන දිය ඇල්ලක්. සම්පූර්ණ ඇල්ල මීටර ක් විතර උස වුනත් කොටස් දෙකකට තමයි ගලා හැලෙන්නේ. මෙයින් ප්‍රධාන කොටස මීටර තුනක් විතර වෙනවා.මාර්ගය අයිනේ තියෙන නාමපුවරුව නිසා තැන හොයා ගන්න ඒ තරම් අපහසුවක් නැහැ. 
ජලපහර නිසා ස්වාභාවිකව ගල හෑරී ලිං සෑදී ඇත. එනිසා දිය ඇල්ලෙන් දිය නෑම නම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. නමුත් දිය ඇල්ල දිගේ ඉහලට හෝ පහලට ගියාම දිය නාන්න සුදුසු ස්ථාන ඕනෑ තරම් තියෙනවා. දිය ඇල්ල මේ වෙද්දීත් ජීවිත ගණනාවක් බිලි ගෙන තියෙන නිසා දිය ඇල්ලේ නම් නාන එක නුවණට හුරු වැඩක් නෙවෙයි.

 
දිය ඇල්ල බලන්න යන්න ඒ තරම් අමාරුවක් නැති නිසා යන එන ගමන් නැවතිලා බලල යන්න. නමුත් ඒ තැන තවකෙනෙකුට බලන්න ඉතිරි කරල එන්න. 

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!