ඩ්‍රෝන හෝ නියමුවන් රහිත ගුවන් යානා සඳහා ලංකාවේ පවතින නීති

මෙය 1950 න් පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සකස් කල නීති පද්ධතිය ලංකාවටත් එලෙසින්ම බල පවතිනවා. ලංකාවේ දී මෙය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලබන අතර එය 2010, 14 වැනි පණත අනුව ක්‍රියාත්මක වේ. මෙය 2017.01.10 වැනිදා සංශෝධනය විය. ඒ අනුව පහත ඇති නීති රීති ලංකාවේ ගුවන් ගත කරන්නා වූ සියලුම Drone සහ සැහැල්ලු ගුවන් යානා සියල්ල සඳහා බල පැවැත්වේ.

මේ යටතේ සියලු සැහැල්ලු ගුවන් යානා සහ ඩ්‍රෝන වර්ග ප්‍රධාන කොටස් 4 කට වර්ගීකරණය කෙරේ.
A වර්ගය - මේ යටතේ 25kg ට වඩා වැඩි දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
B වර්ගය - මේ යටතේ 1kg සහ 25kg අතර දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
C වර්ගය - මේ යටතේ 200g සිට 1kg දක්වා දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.
D වර්ගය - මේ යටතේ 200g ට අඩු දුරස්ථ පාලක ගුවන් යානා හා ඩ්‍රෝන වර්ග ඇතුලත් වේ.

A වර්ගය
දැනට මේ වර්ගය ලංකාවේ භාවිතා වන්නේ නැතත් ඉදිරි කාලයේ මේ වර්ගයද ලංකාවට ගෙන්වනු ඇත. මෙය පියාසර කරවන්නේ නම් ඒ සඳහා ගුවන් යානාවක් සඳහා බලපවත්වන්නා වූ සියලු නීති රීති වලංගු වනු ඇත. ඒ නිසා ඒ සඳහා අදාල ලියාපදිංචි කිරීම් හා පුහුණු වීම්, පැදවීමේ බලපත්‍ර ආදී සියලු ලිපිලේඛණ තිබිය යුතුය.

B වර්ගය
ලංකාවේ දැනට තිබෙන්නා වූ වෘත්තීමය ඩ්‍රෝන වර්ගසියල්ලම අයත් වන්නේ මේ වර්ගයටයි. කැමරාවක් ඇති දිගුදුර සංඥා මගින් පාලනය වන්නා වූ සියලු ඩ්‍රෝන වර්ග මෙයට අයත් වේ. මේ කාණ්ඩයට අයත් වන්නා වූ ඩ්‍රෝනයක් පියාසර කරවන්නේ නම් ඒ සඳහා අයිතිකරු, ඩ්‍රෝනය හෝ ගුවන් යානය, වෙනත් පදවන්නන් සිටී නම් ඔවුන් යන පාර්ශව තුනම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙය වසර දෙකකට වරක් අලුත් කරවා ගත යුතු ද වෙනවා. මෙලෙස ලියාපදිංචි කරවා ගැනීමේදී වුවද ලංකාවේ සියලුතැන් වල මෙය පියාසර කරවන්න බැහැ. වෙනත් ස්ථානයක මෙය පියාසර කරනවා නම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියක් ගන්න වෙනවා.

C වර්ගය
මෙම වර්ගය කැමරාවක් හෝ වෙනත් සංවේදක උපකරණ රහිත නම් ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කැමරාවක් සහිත වුවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසර ලත් ගෙන්වා බෙදාහරින ආයතනයකින් මිලදී ගැනීමක් සිදු කර තිබේ නම් එම මිලදී ගැනීම සමඟ වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නේ නැහැ. මීට අමතරව පියාසැරිය සඳහා D වර්ගය සඳහා බලපැවැත්වෙන නීති ද වලංගු වෙනවා.

D වර්ගය
මෙම වර්ගය කැමරාවක් නැති නම් ලියාපදිංචි කල යුතු වන්නේ නැහැ. නමුත් පියාසර කරනවා නම් අඩි 150ක් දක්වා තමාගේ වත්තේ යවනවා නම් අවසර ලබාගත යුතු වන්නේ නැහැ. නමුත් කැමරාවක් සහිතව දිගුදුර සංඥා සහිතව පියාසර කරනවා නම් පූර්ව අවසරයක් ගැනීම කල යුතු වෙනවා. එමෙන්ම වෙනත් අයෙකුගේ ඉඩමක මෙය පියාසර කරනවා නම් ඒ පුද්ගලයාගෙන් හෝ සමාගමෙන් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු වෙනවා. එමෙන්ම වෙනත් තැනක පියාසර කරනවා නම් ලඟම ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නත් ඕන.

සියලු නියමුවන් රහිත ගුවන් යානා හා ගුවන් යානා පදවන්නන් සඳහා පහත නීති වලංගු වේ.

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට..

සෝමතිලක ජයමහ නම් සංගීතවේදියා අතින් ලියැවෙන මෙම ගීතය සඳහා තනුව යොදන්නේද ගායනා කරනනේද ඔහු විසින්මය. මේ ගීතය පසුපස ඇති කතාන්දරය වරක සෝමතිලක ජයමහ ශූරීන් විසින් පවසා ඇත.

ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය.  1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.