ෆෙම්ටෝ ඡායාරූපකරණය (Femto Photography)

ලිපියක් ලියන්න තරම් වෙලාවක් නැති වුනත් අගෝස්තු 19 වැනිදාට යෙදෙන ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්වත් මේ ලිපිය ලියුවේ නැතිනම් ඒක කරන අසාධාරණයක් වනවා නොඅනුමානයි. කොහෝම වුනත් මම මේ ලියන්න යන මාතෘකාව ගැන ලංකාවේ දන්න අය නම් දැනට අතලොස්සයි කියල කිව්වවොත් මම නිවැරදියි. අන්න ඒ නිසාමයි මම මේක ලිවිය යුතු වන්නේත්.. අපි මෙතුවක් ඡායාරූප ගත්තු හැම කැමරාවක්ම පරාද කරන්න පුළුවන් තරමේ කැමරාවක් සහ උපකරණ රාශියකින් සමන්විත අලුත් විෂයයක් දැන් ඡායාරූපකරණයේ යෙදෙන අය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි ෆෙම්ටෝ ඡායාරූපකරණය කියන එක. 

මම මුලින්ම කියන්නම් ෆෙම්ටා එකක් කියන්නේ කොච්චරක්ද කියන එක. කාලය මිනුමට ඒක ගත්තාම ඒ තත්පර 1/1000000000000000 තරම් ප්‍රමාණයක්. ඒකට අපි femtosecond එකක් කියල කියනවා. ඒ කියන්නේ තත්පරයකින් කුවාඩ්ඩ්‍රිලියනයකින් එකක් විතර කුඩා ප්‍රමාණයක්.. හිතාගන්නවත් පුළුවන් ප්‍රමාණයක්ද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කැමරාවක ද්වාර වේගය වෙන්නේ 1/8000ක් විතර නමුත් හිතන්න 1/1000000000000000 ක් විතර වුනාම මොනවා වෙයිද කියල. භෞතික විද්‍යාව දන්න කෙනෙක්ට නම් දැන් මතක් වෙන දෙයක් තියෙනවා.. ඡායාරූපකරණය කියන්නේ ආලෝකයෙන් පින්තාරු කිරීම නම් ආලෝකයේ වේගය තත්පරයට මීටර 300000000යි නම් මොකක් වෙයිද කියන එක. පොඩි ගණිතය පාරක් දාල බලන්න ෆෙම්ටා තත්පරයකදී ආලෝකය කොයි තරම් දුරක් යයිද කියල.....