ෆෙම්ටෝ ඡායාරූපකරණය (Femto Photography)

ලිපියක් ලියන්න තරම් වෙලාවක් නැති වුනත් අගෝස්තු 19 වැනිදාට යෙදෙන ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්වත් මේ ලිපිය ලියුවේ නැතිනම් ඒක කරන අසාධාරණයක් වනවා නොඅනුමානයි. කොහෝම වුනත් මම මේ ලියන්න යන මාතෘකාව ගැන ලංකාවේ දන්න අය නම් දැනට අතලොස්සයි කියල කිව්වවොත් මම නිවැරදියි. අන්න ඒ නිසාමයි මම මේක ලිවිය යුතු වන්නේත්.. අපි මෙතුවක් ඡායාරූප ගත්තු හැම කැමරාවක්ම පරාද කරන්න පුළුවන් තරමේ කැමරාවක් සහ උපකරණ රාශියකින් සමන්විත අලුත් විෂයයක් දැන් ඡායාරූපකරණයේ යෙදෙන අය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි ෆෙම්ටෝ ඡායාරූපකරණය කියන එක. 

මම මුලින්ම කියන්නම් ෆෙම්ටා එකක් කියන්නේ කොච්චරක්ද කියන එක. කාලය මිනුමට ඒක ගත්තාම ඒ තත්පර 1/1000000000000000 තරම් ප්‍රමාණයක්. ඒකට අපි femtosecond එකක් කියල කියනවා. ඒ කියන්නේ තත්පරයකින් කුවාඩ්ඩ්‍රිලියනයකින් එකක් විතර කුඩා ප්‍රමාණයක්.. හිතාගන්නවත් පුළුවන් ප්‍රමාණයක්ද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කැමරාවක ද්වාර වේගය වෙන්නේ 1/8000ක් විතර නමුත් හිතන්න 1/1000000000000000 ක් විතර වුනාම මොනවා වෙයිද කියල. භෞතික විද්‍යාව දන්න කෙනෙක්ට නම් දැන් මතක් වෙන දෙයක් තියෙනවා.. ඡායාරූපකරණය කියන්නේ ආලෝකයෙන් පින්තාරු කිරීම නම් ආලෝකයේ වේගය තත්පරයට මීටර 300000000යි නම් මොකක් වෙයිද කියන එක. පොඩි ගණිතය පාරක් දාල බලන්න ෆෙම්ටා තත්පරයකදී ආලෝකය කොයි තරම් දුරක් යයිද කියල.....

ඒ මයික්‍රෝ මීටර 0.3ක් විතර පුංචි දුරක්.. එක ෆෙම්ටාවකදී අපි දන්න වේගෙන්ම යන ආලෝකයට යන්න වෙන්නේත් මයික්‍රෝ මීටර 0.3ක් විතරයි. 
මෙන්න මේ ආලෝකයටත් වඩා වේගෙන් වැඩකරන කැමරාව හදන්න රමේෂ් රස්කර් කියන ඉන්දියාවේ මහාචාර්යවරයෙක් හා ඔහුගේ කණ්ඩායම සමත්වෙලා තියෙනවා. ඔහුගේ නිර්මාණය ගැන විස්තර මම ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ මතය. ඒ වගේම ඔහුගේ පර්යේෂණයේ සියලු තොරතුරු ඔහු අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.. ඒ ඕනෑම කෙනෙකුට ඒ පර්යේෂණය දියුණු කරන්න කියන ආරාධනාවත් එක්ක. ඔහු ඔහුගේ ඉදිරිපත් කිරීමේදී මතක් කරන කාරණාවක් වඩා හොඳින් මගේ හිතේ නවතිනවා. එයත් මෙහි ලිවිය යුතුමයි..

"මේ සොයා ගැනීම නිසා අද ජීවත්ව සිටියානම් වඩාත්ම සතුටුවන්නේ සර් අයිසැක් නිව්ටන් විසිනුයි"
එය සත්‍යක් වන්නේ මෙම පරීක්‍ෂණය මගින් පෙන්වන ආලෝකයේ හැසිරීම පැහැදිලි වන අයුරු නිව්ටන් කලකට ඉහත කල පුරෝකථනය කිරීම් වලට වඩාත් සමීප වීමයි. මෙතැන මා පල කරන සබැඳියෙන් ඔවුන්ගේ පර්යේෂණය හා ඒ හා බැඳි වීඩියෝ දර්ශන හා ඡායාරූප නරඹන්න පුළුවන්. 


ඔබ හොඳින් නිරීක්‍ෂණය කලා නම් දකීවි ආලෝකය කෙබඳුද යන්න සහ වස්තුවක් ආලෝකමත් වී කලකට පසු සෙවනැල්ල ඇතිවන බවත්. මෙය මතු කර දක්වන්නේ ඡායාරූපකරණයේ යෙදෙන ඔබ ආලෝකය තේරුම්ගත යුතු වන්නේ මේ ආකාරයෙන් බව මතක් කර දෙන්නටත් ලෝකය ඉදිරියට යද්දී අපි ආලෝකයේ හැසිරීම ඉගෙන ගැනීමෙන් පසු ඡායාරූපකරණය ඉගෙන ගන්නවා වෙනුවට මිරිඟුවන් පසුපස දුවන බැව් මතක් කර දීමක්ද වශයෙනි.
මෙම සබැඳියේ සියල්ල විස්තර වන නිසාවෙන් මා මෙහි වැඩි යමක් පවසන්නේ නැහැ. නමුත් යමෙක් වැදගත් සංවාදයක යෙදෙන්නට බලාපොරොත්ත වනවා නම් ඔහු වෙනුවෙන් මේ ලිපියේ කොමෙන්ටු තීරය විවෘතව පවතින බවත් මතක් කරන්න කැමතියි...

ස්තූතියි.......

7 comments:

  1. අලුත් දෙයක් දැනගත්ත.
    ජයවේවා..
    සුබපැතුම්

    ReplyDelete
  2. MIT - Massachusetts Institute of Technology, Cambridge, MA USA

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!