මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

ප්‍රේම කීර්ති ද අල්විස් නම් අසහාය ගීත රචකයා අතින් ලැයැවෙන අපූර්ව ගීතයක් ලෙස මෙම ගීතය හදන්වන්න පුළුවන්. දශක තුනක් පුරාවට කාගේත් මුවෙහි රැදුනු පද පෙලක් ඇති මෙම ගීතය සදහා සංගීතය සපයන්නේ හා ගායනා කරන්නේ මර්වින් පෙරේරා විසිනුයි. 

ලෝකය තුල ප්‍රේමය හදුනන අය නොමැත. ඒ මෙන්ම පෙම් නොකල අයද නොමැත්තේය. එයිනුදු පළමු ප්‍රේමයෙන් පරාජය වූ පෙම්වතුන් බහුලය. පලමු ප්‍රේමයම විවාහය තෙක් ගෙන ගොස් ඇති පෙම්වතුන් විරලය. මෙයද එවැනි සමාජ වෘතාන්තයකි. කාටත් මෙවැනි සිදුවීම් වී ඇති නිසා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් තට්ටු කරන්නේ සමාජයේ සිටන ඔබත් මමත් වැනි සමාජ බහුතරය ගේ සිතටය. එයම මෙම ගීතය සමාජය තුල පවතින්නට ජීවය දෙන්නේය.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි 

කතා නායකයා අතීත විරසක වූ ප්‍රේමයක් මතක් කරගනී. ඇය සමග ඒකල පෙම් කල තැනක වත්මන ඔහු ගමන් කරයි. යමෙකු පෙම් කර ඒ ප්‍රේමය සමග කල කී දේ මතක් කරයි නම් එය ඔහු හෝ ඇයගේ පළමු ප්‍රේමයම විය යුතුය. එය ඒ තරම්ම සොදුරුය. පලමු ප්‍රේමය තුල නිමග්න වන අප එය තම ජීවය කොට සිහින දකින්නෝ වෙමු. නමුදු එය සාර්ථක වනවාට වඩා අසාර්ථක වන ප්‍රමාණය වැඩිය. මෙයද එසේමය. ඔබත් මමත් මුණ ගැසුනු නගරය මෙයයි. ඒ වගේම ඔබත් මමත් වෙන් කෙරුනේත් මේ නරයේදීමයි.ඒ සොදුරු අතීතයේ ප්‍රේමවන්තයින් සොදුරු සමයක් ගත කල බැව් මේ පද පෙල කියාපායි. ඒ වගේම මේක සරසවි ප්‍රේමයක් බව දෙවැනි පද අතරින් කතා නායකයා කියනවා. එවිට ආදරය කෙතරම්ද කියල අපිට සීමාවක් මැවෙනවා. ආදරවන්තයින් අධ්‍යාපනය අවසන් කලාම විවිධ හේතු නිසා වෙන් වෙනවා. මේ තමත් එවැනි ආදරයක්.

ගං ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ග ඉවුරේ අපි ආදරය කල තැනට ආයෙත් ආව. ඒ කාලේ වගේම තවමත් ගං ඉවුරේ රල බිදෙනවා. නුග ගස් පේලියෙ තාම දලු දාල ලියලනවා. ඒ විදිහටම හැමදේම තියෙනවා. සරසවි භූමියේ එපිට ඇති කදු පෙනෙන්නේ ඒ විදිහටමයි. නමුත් ඔබ නැහැ. ඔබ එක්ක ඒ ඇතිද ගිය විදිහය ආයෙත් යන්න තියෙනවා නම් කියල හිතෙනවා. ඒ කාලය ඒ තරමටම සොදුරුයි. නමුත් එය දැන් කල නොහැකි දෙයක්.

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා
 ඔබේ අත අරගෙන ගියපු තැන ඇය එක්කයි දැන් යන්නේ. ඒ ඔහුගේ පළමු ප්‍රේමය නොවෙයි. කතා නායකයාද දැන් විවාපත් වෙලා. ඔහු ඇවිදින්න එන්නේ තම බිරිද සමගයි. නමුත් ඒ ඔහුගේ පළමු ප්‍රේමය නොවෙයි. නමුත් ඇවිද යන්නේ පළමු පෙම සමග ඇවිද ගිය තැන් වලමයි. ඒනිසා ඔහුට අතීතය සිහිපත් වෙනවා. නමුත් ඇය එක්ක යද්දී අනිත් අතේ දරු පැටියෙක් එල්ලිලා ඉන්නවා. අතීතයේ ඇය එක්ක යන්න හිටපු ලමන අද වෙන කෙනක් එක්ක යනවා. ඒ කාලයේ ඔබ එක්ක ප්‍රාර්ථනා කරපු හීන අද වෙන කෙනක් එක්ක හැබෑ වෙලා. ඒක හීනයක් වගේ නේද කියල හිතෙනවා. ජීවිතය මේ වගෙයි කියල හිත හදා ගෙන තනිව මතකයන් එක්ක යන ඔහු අතීතය හීන කියල අමතක කරන්න උත්සාහ දරනවා. ඒ වගේම අලුත් ජීවිතය සතුටින් ඉන්නවා. විරසක වුවත් ප්‍රේමවත්නයෙකු තුලින් සිදුවිය යුතු වන්නේ මෙය නෙවේද? ආදරය තමන්ට හිමි නැති වුවද ඒ හා උරණ නොවී තමන්ගේ ජීවිතය තුල හොදින් ජීවත් වී අනෙකා පිලිබද අපේක්‍ෂාවෙන් බැලිය යුතු යැයි සිතමි.

කෙසේ හෝ වේවා අපූර්ව චිත්තරූපයන් මවන්නා වූ මෙම ගීතය තුල ඔබටත් මටත් ජීවමාන වන්නට හැකි වනු ඇත එයට හේතු වන්නේ ඔබත් මමත් මේ අත්දැකීම ජීවිතය තුල විද ඇති නිසාවෙන්මය.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි //

ගං ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ගායනය, සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

පුන්සද රෑට ඇවිදින් හේනේ....

රන්න ශ්‍රී විජේසිංහයන් යනු අපූර්ව කළකරුවෙකි. ඔහු අතින් ලියැවුනු අපූර්ව ගීත අපතුල අදත් වින්දනයක් ඇති කරවන්නට මෙන්ම මතක සටහන් ඇති කරවන්නටද සමත් වන්නේය. නිර්මාණකරුවකු දක්‍ෂයෙකු වන්නට නම් ඔහුගේ නිර්මාණ කා අතරත් කතා බහට ලක්විය යුතුය. විදිය හැකි විය යුතුය. එලෙස ලියැවෙන කන්තාවක් හා ඇයගේ දුක් කනස්සල්ල පිළිබද ලැයැවෙන මේ ගීය සදහා වස්තූ බීජය වන්නට ඇත්තේ කුමක්දැයි මා නොදනිමි. නමුත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ බොහෝමයක ඔහුගේ අත්දැකීම් තුලම වූ වස්තු බීජයක් තිබේ.

ගීතයේ සංගීතයද අපූර්වය. එය ගීතයේ අරුත අපූර්වට මවන්නට සලස්වනවා පමණක් නොව ගීතයේ සියුම් තැන තුල අප ජීවත් කරවන්නට පවා සමත්වනවා. කාන්තාවගේ දුක කනස්සල්ල හොදින් දැනනෙන ආකාරයෙන් නිර්මිත තනුව සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගෙනි. නිරෝෂා විරාජිනී ගායනා කරන මෙම ගීතය මෙසේ යැයි මා සිතමි.

ගීතයේ කතාව ආරම්භවන්නේ හේන් ගොවිතැනෙන් ජීිතය රැකගන්නා ස්වාමියෙකු හා භාර්යාවකගෙනි. ගීතය තුල කතා නායිකාව වන්නේ ස්වාමියා පැල් රකින්නට ගිය පසු කාන්තාවගේ ඇතිවන සිතිවිලි හා බද්ධ වූ කනස්සල්ල මුසු වූ හැගීම් වලිනි.එහි ආරම්භය මෙසේය.

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

කලුවර හේන එලිය කරන්න පුන්සද ඇවිත් ඉරිගු කරල් වලට ඒ හද එලිය වැටිල.. මේ සද එළිය ඒ ඉරිගු කරල් සිඹිනවද කියල බලන්න යන සිතිවිල්ලක් ස්වාමියා තුල ඇති කරවන්න හදනවා. ඒ හද එළිය ඉරිග කරල් ඉඹින හැටි දැකලවත් ඔහු තුල ආදර සිතිවිලි පහල වෙලා ගෙදර දුවගෙන එයි කියල හිතල. නමුත් මම මේ මේ රෑ දවාලේ හීන දැක දැක ඉදල මොකටද කියල ඇය හිත හදාගන්නවා. ඒ කරල ඇය ඇගේ කාන්සිය හංගගෙන ස්වාමියාගෙන් අහනවා මගේ රන්කද තාම පැල් රකිනවද කියල. තාක්‍ෂණික දේ නැති නිසා ඇයගේ සිතිවිල වල විතරයි මේ සියල්ල තියෙන්නේ. ස්වාමියා මොනව කරනවද දන්නේ නෑ. ඔහු පැල් රකින්න ගිහින් තනියට ඉද්දී ඔහුට මාව මතක් වෙනවද දන්නේ නෑ. දවල් කාලයට තිබෙන කලබලයත් එක්ක ඔහු හා ආදරයෙන් වෙලෙන්න විදිහක් නැහැ. රාත්‍රියට ඔහු පැල් රකින්න හේනට යනවා. මේ සියල්ල නිසා ඔහු නැති සොවින් පෙලෙන මේ කාන්තාවගේ සිතිවිලි හැම රැයකම ඔහු හා ඉන්න හීන දකිනවා.

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

හොදින් තරු පායපු අහසක් තියෙන නිසා අපේ පිලේම ඇලවෙලා ඉන්න හිතෙනවා. ඒ තරම් රාත්‍රිය ආදරණීයයි. මී කන්න ගිරවුනි එන්න එපා කියන එකේ අර්ථය පිළිබද විවිධ මත තියෙනවා වුනත් මෙතැනදී නම් ඔවුන්ගේ නිවසේ තාමත් දෙවැනි උත්සව අවස්ථාවක් නැති නිසා නෑදෑයන්ට තෑගි අරන් එන්න ඕන නෑ කියලා තමා කියන්නේ. මොකද විවාහක අපිට තාමත් දරුවන් නැති නිසා. නමුත් මේ දරුවන් නොමැති වෙලා තියෙන්නේ කිසිම හේතුවක් නිසා නොවෙයි. ඔහු හැමදාමත් පැල් රකින්න යන නිසා. අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා වුනත් තාම දරුවන් හදන්න වුනේ නෑ. කියලයි ඇයගේ සිතිවිලි කියන්නේ.

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ස්වාමියා දවල් කාලයේ ඇවිත් නිදයනවා. ඒ නිදා ඉන්න විට ඇයට ඔහු හා නිදන්න ගැමි සංස්කෘතික පරිසරයෙන් ඉඩක් නැහැ. ඒ නිසා අපිට එක යහනක ආදරයෙන් නිදාගන්න එක හීනයක් විතරයි. නමුත් මේ සියල්ල වෙනස් කරන්න නම් අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න ඕන. ඇයට දරුවෙකු නැති අඩුව තියෙනවා. ඒ හිටියා නම් තමන්ගේ කාන්සිය ඒ තුලිනි නැති වෙන බව ඇය දන්නවා. නමුත් දුවෙකුට තමන්ගේ යහනේ ඉඩ මදි වගේ කියන ඇය කනස්සල්ලට පත්වෙනවා. ඇය දන්නවා ඔහුගේ ආදරය මන්ට ලැබෙනවා වුනත් දරුවෙකු හදන්න තරම් පිනක් තමන්ට ලැබිල නැති බව. ඔහුගේ හිතේ මේ පිළිබද සිතිවිල පහල වේවා කියන  ප්‍රර්ථනාවක් ඇය කරනවා.

ජීවිතයේ තනිවුන ගැමි කාන්තාවක් විදින තනිකම හා කාන්සිය හොදින් ගීතය ුල ගැබ් වෙලා තියෙනවා. ඇයගේ සංස්කෘතික වටපිටාව හා ඇය තම ම්වාමියාට දක්වන භක්තිය මොනතරම්ද කියන එක රන්ත ශ්‍රී ඇයගේ සිතිවිල චිත්‍රවත් කිරීම සදහා භාවිතා කල වචන වල තියෙනවා.


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

පුන්සඳ රෑට...//

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

පුන්සද රෑට...//

ගායනය : නිරෝෂා විරාජිනි
සංගීතය : ඔස්ටින් මුණසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ