මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

ප්‍රේම කීර්ති ද අල්විස් නම් අසහාය ගීත රචකයා අතින් ලැයැවෙන අපූර්ව ගීතයක් ලෙස මෙම ගීතය හදන්වන්න පුළුවන්. දශක තුනක් පුරාවට කාගේත් මුවෙහි රැදුනු පද පෙලක් ඇති මෙම ගීතය සදහා සංගීතය සපයන්නේ හා ගායනා කරන්නේ මර්වින් පෙරේරා විසිනුයි. 

ලෝකය තුල ප්‍රේමය හදුනන අය නොමැත. ඒ මෙන්ම පෙම් නොකල අයද නොමැත්තේය. එයිනුදු පළමු ප්‍රේමයෙන් පරාජය වූ පෙම්වතුන් බහුලය. පලමු ප්‍රේමයම විවාහය තෙක් ගෙන ගොස් ඇති පෙම්වතුන් විරලය. මෙයද එවැනි සමාජ වෘතාන්තයකි. කාටත් මෙවැනි සිදුවීම් වී ඇති නිසා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් තට්ටු කරන්නේ සමාජයේ සිටන ඔබත් මමත් වැනි සමාජ බහුතරය ගේ සිතටය. එයම මෙම ගීතය සමාජය තුල පවතින්නට ජීවය දෙන්නේය.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි 

කතා නායකයා අතීත විරසක වූ ප්‍රේමයක් මතක් කරගනී. ඇය සමග ඒකල පෙම් කල තැනක වත්මන ඔහු ගමන් කරයි. යමෙකු පෙම් කර ඒ ප්‍රේමය සමග කල කී දේ මතක් කරයි නම් එය ඔහු හෝ ඇයගේ පළමු ප්‍රේමයම විය යුතුය. එය ඒ තරම්ම සොදුරුය. පලමු ප්‍රේමය තුල නිමග්න වන අප එය තම ජීවය කොට සිහින දකින්නෝ වෙමු. නමුදු එය සාර්ථක වනවාට වඩා අසාර්ථක වන ප්‍රමාණය වැඩිය. මෙයද එසේමය. ඔබත් මමත් මුණ ගැසුනු නගරය මෙයයි. ඒ වගේම ඔබත් මමත් වෙන් කෙරුනේත් මේ නරයේදීමයි.ඒ සොදුරු අතීතයේ ප්‍රේමවන්තයින් සොදුරු සමයක් ගත කල බැව් මේ පද පෙල කියාපායි. ඒ වගේම මේක සරසවි ප්‍රේමයක් බව දෙවැනි පද අතරින් කතා නායකයා කියනවා. එවිට ආදරය කෙතරම්ද කියල අපිට සීමාවක් මැවෙනවා. ආදරවන්තයින් අධ්‍යාපනය අවසන් කලාම විවිධ හේතු නිසා වෙන් වෙනවා. මේ තමත් එවැනි ආදරයක්.

ගං ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ග ඉවුරේ අපි ආදරය කල තැනට ආයෙත් ආව. ඒ කාලේ වගේම තවමත් ගං ඉවුරේ රල බිදෙනවා. නුග ගස් පේලියෙ තාම දලු දාල ලියලනවා. ඒ විදිහටම හැමදේම තියෙනවා. සරසවි භූමියේ එපිට ඇති කදු පෙනෙන්නේ ඒ විදිහටමයි. නමුත් ඔබ නැහැ. ඔබ එක්ක ඒ ඇතිද ගිය විදිහය ආයෙත් යන්න තියෙනවා නම් කියල හිතෙනවා. ඒ කාලය ඒ තරමටම සොදුරුයි. නමුත් එය දැන් කල නොහැකි දෙයක්.

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා
 ඔබේ අත අරගෙන ගියපු තැන ඇය එක්කයි දැන් යන්නේ. ඒ ඔහුගේ පළමු ප්‍රේමය නොවෙයි. කතා නායකයාද දැන් විවාපත් වෙලා. ඔහු ඇවිදින්න එන්නේ තම බිරිද සමගයි. නමුත් ඒ ඔහුගේ පළමු ප්‍රේමය නොවෙයි. නමුත් ඇවිද යන්නේ පළමු පෙම සමග ඇවිද ගිය තැන් වලමයි. ඒනිසා ඔහුට අතීතය සිහිපත් වෙනවා. නමුත් ඇය එක්ක යද්දී අනිත් අතේ දරු පැටියෙක් එල්ලිලා ඉන්නවා. අතීතයේ ඇය එක්ක යන්න හිටපු ලමන අද වෙන කෙනක් එක්ක යනවා. ඒ කාලයේ ඔබ එක්ක ප්‍රාර්ථනා කරපු හීන අද වෙන කෙනක් එක්ක හැබෑ වෙලා. ඒක හීනයක් වගේ නේද කියල හිතෙනවා. ජීවිතය මේ වගෙයි කියල හිත හදා ගෙන තනිව මතකයන් එක්ක යන ඔහු අතීතය හීන කියල අමතක කරන්න උත්සාහ දරනවා. ඒ වගේම අලුත් ජීවිතය සතුටින් ඉන්නවා. විරසක වුවත් ප්‍රේමවත්නයෙකු තුලින් සිදුවිය යුතු වන්නේ මෙය නෙවේද? ආදරය තමන්ට හිමි නැති වුවද ඒ හා උරණ නොවී තමන්ගේ ජීවිතය තුල හොදින් ජීවත් වී අනෙකා පිලිබද අපේක්‍ෂාවෙන් බැලිය යුතු යැයි සිතමි.

කෙසේ හෝ වේවා අපූර්ව චිත්තරූපයන් මවන්නා වූ මෙම ගීතය තුල ඔබටත් මටත් ජීවමාන වන්නට හැකි වනු ඇත එයට හේතු වන්නේ ඔබත් මමත් මේ අත්දැකීම ජීවිතය තුල විද ඇති නිසාවෙන්මය.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි //

ගං ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජිවිතයම හීනයකැයි කියා හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ගායනය, සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

4 comments:

  1. මේකට තවත් අර්ථකතනයක් තියෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. අර්ථ කථන ගනනාවක් ඇති වෙන්න පුළුවන්
      මතක් කලොත් ඒ ගැනත් වටීවි නිදොස් කර ගන්නට

      Delete
  2. උඹ නම් හරියටම හිතට වදින විදියට ලියලා තියෙනවා,...
    පරණ මතක සේරම ඇවිස්සුනා...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!