ජීවන විල මැද

සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1963 දී තරගත වූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති

තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු යෙදුමකි. ජීවිතයද වරෙක විලකි. තෙරක් ගැඹුරක් නොමැති විලක් මැද ඇති යාන්තම් පිබිදීගෙන එන විට කුමක් නම් දන්නවාද? කැකුළු මලක් පිබිදෙද්දී එහි ඇති නැවුම් රොන් වල රසය දන්නෝ මී මැස්සන්මය. ඔවුන් මේ මළට අයිතිවාසිකම් කියන්නට වෙර දරන්නෝය. ඒ මෙම පිපෙන්නා වූ කැකුළු මලෙහි ඇති රොන් ගන්නටය. ඒ ලෙසින්ම තරුණ යුවතියක් පසු පස කොතරම් තරුණයන් සරන්නේද? ඔවුන් සියල්ලෝ වෙර දරන්නේ ඇය තමාගේ කරගැනීමටය.

මහ වැස්සක පෙර නිමිති

කේ. ඩී. කේ. ධර්මවර්ධන අතින් ලියැවෙන මේ අපූරු ගීතය විශාරද සනත් නන්දසිරි විසින් සංගීතවත් කරනවා. ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. පණඩිත් අමරදේව ශූරීන් අවසාන කාලයේ මේ ගීතය ගායනා කරද්දී මේ ගීතය තුල ඔහු ජීවත් වූවා යැයි මට සිතේ. මහළුව ගිය බොහෝමයක් අය වෙනුවෙන් මේ ගීතය ලියවී ඇත්තාක් මෙන් දැනෙන්නේ අප සමාජයේ දකින බොහෝමයකගේ ජීවිතය ද මෙයම වන හෙයින් යැයි මා සිතමි.

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

මහ වැස්සක් එද්දී දැනෙන හැගීම ගැන මා අමුතුවෙන් කිව යුතු නොවන්නේය. එහෙම වෙලාවක තමාට තියෙන කුඩා කාමරයේ කවුරුව අතරින් එන හිරිකඩ සුලග මතකයට නැගෙන්නේ නම් මේ සිදුවීමේ විස්තර කරන අවස්ථාව පිළිබද ඔබට මැවෙනු නිසැකය. එවැනි වෙලාවකදී අප කතා නායකයා වූ මහලු පුද්ගලයා මත්පැන් ටිකක් බීල ශරීරයට උණුසුම ලබා ගන්නට කල්පනා කරනවා. ඒ සදහා කඩමණ්ඩියට යන්නට පිටත් වන්නේ පොද වැස්ස හිරිකඩ වැටෙද්දීමයි. 

වසන්තයේ අග......

කපිල කුමාර කාලිංග අතින් ලියැවුනු මෙම ගීතය තුල බොහෝමයක් පුද්ගලයින් ඩීවත් වන බව මට සිතේ. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සංගීතයෙන් හැඩ ගන්වා ගායනය කල මෙම ගීතය තවත් එක් වෙන්වූ ආදරයක සොදුරු තැන් ස්පර්ශ කරන්නේ යැයි සිතමි.

වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සද නැගෙනා හෝරාවේ

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

අද ලියන්න යන ගීතය සමාජයේ එක පැත්තක දුක් ගැනවිල්ලක් ගැන කියවෙන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ ඇගලුම් කාර්මාන්තයේ නියුතු තරුණියන් සම්බන්ධව තිබෙන්නා වූ ඛේදාන්තය. ඔවුන්ගේ ජීවිත කොයි තරම් දුක් කම්කටොලු වලි පිරී ඇත්දැයි බාහිර සමාජය නොදන්නා තරම් වෙනවා. බන්දුල නානායක්කාරවසම් ගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් එක්ක හැදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසිනුයි. මේ ගීතයේ කියැවෙන කතාන්දරයට අතිශය සාධාරණයක් සංගීතයෙන් කරල තියෙනවා කියන එකයි මගේ හැගීම. 

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තවත් එක් කතාවක්...

කාල වේලාව හීන වීමත් සමග ලිවීමේ කාර්යයෙන් මදක් ඈත් වීමට සිදු වූ බව සැබෑය. නමුත් විසි වසරක පැතුමක් ඉටු වීම නොලියාම බැරිය. එනිසා තවත් එක් කතාවක් මෙසේ අකුරු කරමි. 

මා මේ කියන්නට යන්නේ සාහිත්‍යකරුවන්ගේ උදාහරණ කතා වල එන මැක්සිම් ගෝර්කිගේ අම්මා හෝ චිංගීස් ආයිත්මානව්ගේ ගුරු ගීතය නොවේ. හුදෙක් මෙය එක් කතාවක් පමණක්මය. ඔබටත් මටත් අමතක වී ගිය එක් අපූර්ව ලේඛිකාවකගේ පුංචිම පුංචි නවකතාවක් පමණක්මය. නමුත් එය පැසසිය යුතුමය. වසර විස්සක් තිස්සේ සෙවූ ඒ පොත මා අතට ලැබී සතියක්වත් ගතවී නැත. නමුත් මේ පිළිබද නොලියා සිටිය නොහැකි අයුරින් මේ ගැන ලිවිය යුතුයැයි මා මනස මට වද දෙන අයුරු පැහැදිලි කරනට තරම් පෝෂිත වචන ප්‍රමාණයක් මා සතුව නොමැත. කෙසේ හෝ වේවා නොනිදා හෝ මා මේ කතාව ආරම්භයේ සිටම ලියමි.

මා කුඩා කල ලගම ඇති පුස්තකාලයෙන් අපට කියවිය හැකි අපූර්ව පොත් සොයා ගෙනැවිත් දෙන්නේ අම්මා ය. මමත් මගේ සහෝදරයනුත් ඒ පොත් කියවන්නට පුරුදු කලේද අම්මා විසින් මය. එලෙස මා අතට පත්වන එක් පොතක් මා සිත ගැමි සුන්දර පරිසරයකට ගෙන ගියේ මන්දැයි මා නොදනිමි. ඒ පොත නමින් "පේ අයියා" ය. 1991 එස් ගොඩගේ සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම නවකතාව රචනා කර ඇත්තේ මාලිනී විජයවීර නම් ලේඛිකාව විසිනි. වරක් දෙවරක් කියවූ පොත් අතර කුඩා වයසේදීම යලි යලිත් ගෙන්වාගෙන විසි තිස් වාරයකටත් වඩා කියවූ පොතක් ඇත්නම් ඒ "පේ අයියා" විය යුතුය.

පැන මඩ කඩිති වැව් තාවලු

සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන පැන මඩ කඩිති වැව් තාවලු ගීතය තැනෙක ගුරු ගීතය ලෙසින් හදුන්වනු අසා ඇත්තෙමි. චිංගීස් ආයත්මාතව් විසින් රචිත රුසියානු නවකතාවක් වන ගුරු ගීතය මෙම ගීතයේ අර්ථය සමග කොරම් ගැලපේ දැයි සිතීම ඔබට බාරය. මහින්ද චන්ද්‍රසේකර විසින් රචිතව රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීතය අපූර්ව වන්නේ මේ සියල්ල කරා සිත දිව යන නිසාවෙන්ම යැයි මට සිතේ.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මෙහි කතා නායකයා පැරණි ගුරුවරයෙකි. ඔහු ලමයෙකුව ඉන්නා කල ගුරුවරුන්ට ලැබූ සැලකිල්ලට වඩා අද ඔහු ලබන සැලකිලි වෙනස් වී ඇත. ඔහුද තම ශිෂ්‍යයන්ට සමාජයේ සැලකුම් ලබමින් උගතෙකු වියතෙකු වන ආකාරය කියා දී ඇත. ඔහුගෙන් උගත් සිසුවන් දැන්සමාජයේ ඉහල තැන් වලද ඇත. නමුත් ඔවුන් කිසිවෙකුත් තම ගුරුවරයා පිලිබඳ සොයා බලන්නේ හෝ මගතොට දැක කතා කරන්නේද නැත. පැරැණි වයසට ගිය ගුරුවරයා තවමත් පැරණි පාසලේම අවසන් කාලය උගන්වමින් සිටී. තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යනු ඇත. ඔහු ඉගැන්වූ පාසල කෙබඳුද? එහි දරුවනට උගන්වන්නට ඔහු දැක්වූ අපරිමේය වෙහෙස රචකයා ගෙනෙන්නේ පලමු පද පේලි දෙකකිනි. තෙවෙනි පෙල ලමුන් දැන් සිටින තැන පිලිබඳව ගුත්තිල කාව්‍ය ඇසුරින් ගෙනහැර් පායි. සිව්වන පෙල ගුරුවරයා තම අවසන් කාලය වන තුරුත් තම සේවය නොපිරිහෙලා ඉටුකරන බව කියාපායි.