පාට වෙනස් නොකල "රෝස සඳ"

ලංකාවේ දැන් දැන කියවන පිරිස අඩු වීමත් එක්ක ලියන එක සෑහෙන්න අඩු කරල දැමමා. ඒ නිසාම තමයි මේ ප්‍රමාද වෙලා ලිපියක් ලියන්න සිදු වෙනනේ.. මේක කල් ඇතුවම ලියන්න හිතුවත් මිනිස්සු සමාජ ජාල වල පල කරන වැරදි දේ නිසා මේ ලිපිය ලියන්න හිතුවා.
මොකක්ද මේ රෝස සඳ කියන්නේ කියන එක කියන්න කලින් අපි බලමු සුපිරි සඳ කියන්නේ මොකක්ද කියල. ඒ ගැන මම කලින් ලිපියක් ලියුවා පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන ටිකක් කියවල එන එක හොඳයි..


හැම අවුරුද්දේම සඳ හෝ වෙනයම් තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් නම් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි "පැරණි ගොවියාගෙ ලිත (Old Frmer's Almnac)". මෙය ආරම්භ වෙන්නේ 1792 දී. ආරම්භකයා රොබර්ට් බී. තෝමස් නැමැත්තෙක්. මෙය තාරකා හා ග්‍රහලෝක වල ගමන්මග අධ්‍යයනය කිරීමෙන් සකස් කරන ලද සමීකරණයක් භාවිතා කරල තමයි සිදු කරන්නේ. මේ සදහා කාලයක් තිස්සේ රටාවන් අධ්‍යනය කර නිර්මාණය කල සමීකරණය තවමත් රහසක් විදිහට ලිත සකස් කරන ප්‍රධාන කාර්යාලයේ තියල තියෙනවා. මෙ සමීකරණය අනුව වාර්ෂිකව සකස් කරන ලද මේ ලිත මගින් තමයි එක් එක් තාරකා විද්‍යාත්මක සංසිද්ධි වලට නම් ලබා දෙන්නේ.

ලිත සම්පූර්ණ වශයෙන් සකස් කරල තියෙන්නේ වගාවන් සිදු කරන්න ඕන කරන අනාවැකි පල කරන්න. වැස්ස කවදාද පායන්නේ කවදාද සුලං තත්ත්වය ගැන තාරකා ගමන අනුව අනාවැකි පල කරනවා. ගෙවතු වගාව, තාරකා විද්‍යාව, ක්‍රීඩා, ජනප්‍රවාද, නිවෙස් සෑදීම සදහා තාක්‍ෂණය සහ ඉදිරි වසර සදහා සිදු කල යුතු දේ සම්බන්ධවද අනාවැකි පල කෙරෙනවා. උතුරු ඇමරිකාවෙන් ආරම්භ වූ මෙම ලිත, මෙහි නිවැරදිතාවය නිසා තාමත් භාවිතා කරන්න මිනිසුන් පෙළඹිලා තියෙනවා.

පැරණි ගොවියාගේ ලිත අනුව වසන්තයේ පළමු පුර පසළොස්වක පොහොය රෝස සඳ විදිහට හඳුන්වනවා. එහි නම එන්නේ මුල් වසන්තයේ දී පිබිදෙන ස්වදේශික උතුරු ඇමරිකානු වල් මල් වන "පාසි රෝස" (Phlox subulata) නම් මල් වර්ගය මගින්. එලෙසම අප්‍රේල් මාසයේ පුර පසළොස්වක පොහොය "පැළවන තණකොළ සඳ" හෝ "බිත්තර සඳ" ලෙසද හැඳින්වේ.

ඇත්ත වශයෙන්ම මෙහිදී චන්ද්‍රයා රෝස පැහැයක් නොපෙන්වයි, නමුත් ක්ෂිතිජයට ඉහළින් නැගී එන විට එය රන්වන් පැහැයක් ගනී. නාසා ආයතනයට අනුව, අපේ වායුගෝලය නිසා ඇති වන බලපෑම නිසා සූර්යයා වඩාත් රතු පැහැයෙන් දිස්වන ආකාරය හා සමාන ක්‍රියාවක්. එම ක්‍රියාව Blood Moon ලෙස හදුන්වනවා. ඒ සම්බන්ධයෙන් මම ලියූ ලිපියක් පහත ලින්කුවෙන් බලන්න.

http://sulakkhana.blogspot.com/2014/10/blood-moon.html


වසරකදී මසකට එක බැගින් පෝය දින 12ක් ඇති වන අතර 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පෝය දෙකක් ඇතිවේ. එයින් පළමු පොය නිල් සඳ විදිහට හඳුන්වනවා. දෙවැනි පෝය හැලොවීන් ලෙස හැදින්වෙනවා. ඒ නිසා තමයි හැලෝවීන් එකක් "once in a blue moon." කියල හදුන්වන්නේ.

මේ වසර පුරා සුපිරි සද අවස්ථා 4ක් ඇති වන අතර මීලග සුපිරි සඳ අවස්ථාව මැයි මස  7 වනදා ලැකිය හැකි වේ. නමුත් මේ වසරේ සුපිරි සඳ උපරිම වශයෙන් දැකිය හැකි වූයේ අප්‍රේල් මාසයේ දීය. එමෙන්ම මේ දින වල බ්‍රහස්පති, සෙනසුරු, අගහරු සහ සඳ ඉතා දීප්තිමත්ව එක්ව සිටින ආකාරය දැකිය හැකි වනවා. තවද පාන්දර වන විට බුධ හා නෙප්චූන් එකතුව ග්‍රහලෝක 5ක් එකවර අහසේ දිස්වන ඉතා විරල සංසිද්ධියක් දැකිය හැකි වේ. නමුත් නෙප්චූන් ග්‍රහයා පියවි ඇසින් දැක ගැනීමේ හැකියාවක් නොපවතී. හිරු නැගෙන්නට පැයකට පමණ පෙර ග්‍රහලෝක සියල්ල එක පෙලට දැකිය හැකි වන අතර වසර 10කින් පමණ මෙම සිදු වීම සිදුවේ. නමුත් තවත් වසර 10ක් බලා නොසිට මෙම වසරේදීම අගෝස්තු මාසයේදී නැවත මෙම සිද්ධිය පෘථිවි වාසීන්ට දැක ගැනීමේ හැකියාව පවතී.


ඉතින් අවසානයේ කිව යුත්තේ සඳ ඡායාරූපගත කරල රෝස පාට වෙන්න hue එක වැඩි කල සහ වර්ණ උෂ්ණත්වය වෙනස් කරල පාට කල අය ගැන අනුකම්පාවක් ඇති වෙනවා. කොහොම වුනත් හරි තොරතුරක් නොදැන මේ වැනි පල කිරීම් සිදු කරන්න එපා කියල මතක් කරන්න කැමතියි.

ස්තූතියි හැමෝටම...

5 comments:

  1. ඉතා වටිනවා.මේවා ලංකාවෙ අය කියවනවද?share කරන්නද?

    ReplyDelete
    Replies
    1. Share කරන්න.. කියවනවද කියන එකට නම් උත්තර මම ගාවත් නෑ

      Delete
  2. කියවන එක අඩුයි කියල
    ලියන එකනම් නවත්තන්න එපා මචෝ. මේව හොයලම කියවන පිරිසක් ඉන්නවා. කියවන අය පෝස්ට් එක කොච්චර පරණද කියල බලන්නෙ නෑ. කවද හරි කියවනව (අපි වගේ).දැන් ඉන්න කස්ටියනම් පොතක් බලන්නෙත් හරි කලාතුරකින්නෙ (rap කරන්න, tic toc කරන්න,DJ කරන්න තියෙනවනේ). දිගටම ලියන්න, අවශ්‍යතාව තියෙන කෙනා කියවයි. සඳරුගෙ බ්ලොග් එකේ තිබිල මේකෙ link එක හම්බ වුනේ, දැන් මුල ඉඳන් කියවගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අහන්නත් සතුටුයි කියවන්න ආස අය ඉන්නව කියල..
      බලමු ඉඩ ඇති පරිදි ලියන්න.
      කියවලා කමෙන්ට් කරන්න එවිට ලියන්නත් ආසාව වැඩිවෙයි

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!