මේ දින වල සිදුවන අන්තර්ජාල දත්ත වංචාව - Corona Special

මේ කියන්න යන කතාව පහුගිය මාස කිහිපය තුල සිදුවුන සහ මම අධ්‍යයනය කල දෙයක්. මම භාවිතා කරන අන්තර්ජාල සේවා ලබා ගන්න හා දුරකථන ඇමුතුම් ලබා ගන්න භාවිතා කරන ආයතන දෙකක සිම්පත් තියෙනවා. ඒ වගේම මගෙ සහෝදරයා  වත් ආයතනයක සිම්පතක් භාවිතා කරනවා.

පහුගිය කාලය පුරා ඔවුන් අන්තර්ජාල සේවා සදහා ලබා දෙන පහසුකම් වල වැරැද්දක් තියෙනවා කියල පෙනුන නිසා මම පොඩ්ඩක් මේ ගැන බැලුවා. මේක සම්පූර්ණ මගේ අත්දැකීමක් වෙන අතර මේ සම්බන්ධයෙන් ගැටලු සියල්ල එකී ආයතන වෙත දුරකථනය මගින් විමසීම් සිදු කලා. ඒ සම්බන්ධවත් ඔවුන්ගේ පිළිතුරු සාරාංශයනුත් මෙහි ඇතුලත්.. ඒ සම්බන්ධව සියලු රෙකෝඩින් සහ කෙටිපණිවිඩ හා Chat වල Screen Shots තිබේ.

සාමාන්‍යයෙන් මම මගේ දත්ත අවශ්‍යතාවයන් සදහා මෙම සමාගමේ ලබා දී ඇති මෘදුකාංගයක් භාවිතා කරල එහි සදහන් පැකේජ අතරින් මට ගැලපෙන පැකේජය සදහා මුදල් මගේ බැංකුව මගින් යොදවන එක තමයි කරන්නේ. ඒ වගේම මගේ සිම්පත තියෙන්නේ portable hotspot එකක යොදවලා නිසා එහි ඇමතුම් හෝ කෙටි පණිවිඩ සේවාවන් මම භාවිතා කරන්නේ නෑ. ටික දවසක ඉදන් මම යොදවන මුදල් මගේ මෘදුකාංගය තුල පෙන්වන්නේ නෑ. මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමට උත්සාහ ගත්තද රටේ පැවති අහිතකර තත්ත්වය නිසා පාරිභෝගික සේවා නිලධිරීන් නොමැති බවත් ඒ සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පණිවිඩ තබන ලෙසත් සටහනක් භාවිතා කර තිබෙනවා. ඒ අනුව මම යොදවපු ෆේස්බුක් සටහනට දවස් ගානකට පස්සේ ප්‍රතිචාර ලැබුනා. එයට යොදන පිළිතුරට තවත් දවස් ගානකින් ප්‍රතිචාර. මේ වන විට එම පැජෙය භාවිතා කරමින් ඔවුන් හා සංවාදයේ යෙදුනු අතර දින ගතවන විට අන්තර්ජාල දත්ත නොමැති බව නිසා නැවත මුදල් යෙවීමක්සිදු කලා. නමුත් පෙර ලෙසම මට අවශ්‍ය පැකේජ භාවිතා කරන්න නොහැකි වුනා. 

සති කිහිපයක ව්‍යායාමයකින් පසු ඔව්න් සම්බන්ධ වී මා වෙත පැකේජය සක්‍රීය කරන බව පැවසූවත් එය මට අවශ්‍ය පැකේජය නොවේ. පසුව මා ඔවුන්ගේ වෙඩ් අඩෙවිය පරීක්‍ෂා කිරීමේදී එකම මුදල් ප්‍රමාණය සදහා විවිධ පැකේජ ඇති බවත් ඔවුන් සක්‍රීය කර ඇතතේ වෙනත් පැකෙජයක් බවත් සදහන් කලා. මා හට එය නැවත මට අවශ්‍ය පැකේජය බවට පත් කර ගැනමේ හැකියාවක් තිබුනේ නැහැ. අවසන ඔවුන්ගේ සේවා ලබා ගැනීම මා තාවකාලිකව නවතා දැමුවා. 

නමුත් රාජ්‍ය සේවයේ යෙදී සිටින මා හට මාගේ රාජකාරි ස්ථානයෙන් ලබා දෙන පණිවිඩ සම්බන්ධයෙන් හා පවරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් නිරතුරුව අන්තර්ජාලය තුල මාගේ විද්‍යුත් තැපැල් යාවාත්කාලීන වන ආකාරය පිලිබදව සැලකිලිමත් විය යුතු බැවින් මා භාවිතා කරනු ලබන වෙනත් සිම්පතකට මුදල් යදවීම සිදු කලා. එයින් ලැබුනේද පෙර ආකාරයට සමාන ගැටලුවකි. මාගේ මුදල් නිකරුණේ වැය වූ අතර ගෙවූ මුදලින් මට අවශ්‍ය සේවාව නොලැබී ගියේය. මේ සම්බන්ධයෙන් එකී ආයතනයෙන් ලැබුණේද පෙර ආයතනයෙන් ලැබුණු පිළිතුරු හා සමානම පිළිතුරකි.

මාස දෙකක් පමණ ගෙවී ඇති අතර මා මේ වන විට මට අවශ්‍ය වන සේවාව වෙත නොව ඔවුන් ලබා දෙන මා නොදන්නා සේවාවන් වෙනුවෙන් රුපියල් 3000කට ආසන්න මුදලක්ද මාස තුනක කාලය පුරා මේ සේවාවන් සම්බන්ධ ගැටලු පිළිබද විමසමින් ගත කල කාලයට අපතේ ගොස් ඇත.

සතියකට පමණ පසු අද දින ද මා අන්තර්ජාල සේවා ලබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් නැවත දත්ත ලබා ගැනීම සදහා උත්සාහ කල අතර මා යෙදවූ මුදල අදාල මෘදුකාංගයේ නොපෙන්වීම නිසා අදාල ආයතනය මගින් විමසීමටම කටයුතු කලා. එහිදී ඔවුන්ගේ මෘදුකාංගයේ සදහන් එකම හදිසි ඇමතුම් අංකය වන1788 අංකය ඇමතූ විට ස්වයංක්‍රීය පණිවිඩ ගණනාවකින් පසු පාරිභෝගික සේවා නිලධාරීයා හා සම්බන්ධ වීමෙන් පසු 078 අංක පමණක් ඔවුන් ලබා ගනානා බවත් 072 අංක වෙනත් අංශයක් වෙත මාරු කල යුතු බවත් පවසමින් ඇමතුම වෙනත් අංකයක් වෙත යෙමු කරනු ලැබුවා. නමුත් එය ලබා ගැනීමේ කෙනෙකු නොමැතිව විසන්ධි විය. 

නැවත නැවත ඔවුන් ඇමතීමේ පසු ඔවුන් එහිදී පැවසූවේ වෙනත් පැකේජයක් සක්‍රිය වී ඇති බවයි. එය ස්වයංක්‍රීය වශයෙන් සිදු වී ඇති බව පවසමින් මා විමසන කරුණු වලට පරස්පර විරෝධී කරුණු දක්වීමක් සිදු කලා. ඔවුන්ගේ වෙප් අඩෙවිය පරීක්‍ෂා කිරීමේදී එකම මුදල් ප්‍රමාණයෙන් විවිධ පැකෙජ ඇති බවත් ඒවා කෙටිපණිවිඩයකින් පමණක් සක්‍රීය වන බවත් සදහන් කර තිබුනා. නමුත් එම මුදල් පුමාණය යෙදී පුසු ස්වංක්‍රීය සක්‍රීය වීමක් සිදුවෙනවා. රුපියලක වෙනසින් විවිධ සේවා ඇති අතර සමහරක් අයිඩීඩී පැකේජ වෙන අතර සමහරක් ඇමතුම් පැකේජ වේ.

කෙසේ හෝ වේවා TRCSL හි අනුමැතිය ඇතිව මෙම පැකේජ සකස් කර ඇති බව සදහන් ැවින් රජයේ වගකීමක්ද මෙය සතු වනවා. එබැවින් මෙ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සුදුසු බව මාගේ හැගීමයි. මා පෙර ජනපතිට කියන්න වැඩසටහන හරහා කරන ලද පැමිණිල්ලක් වසර දෙකක් ගතවී ඇත අද දිනය වන විටත් විමසීම් කර හෝ නොමැති බැවින් තවදුරටත් රජයේ අදාල පාර්ශවයන් වෙත පැමිණිලි යොමු කිරීමට තරම් විස්වාසක් මා තුල නොමැත. මෙ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් වසර 10කින් පමණ විභාග වෙන වා නම් මා කුමට ඒ සම්බන්ධයෙන් බලා සිටින්නද.

ලංකාවේ වත්මන් ජනපතිතුමන් විසින් විදෙස් ගත වූ ලංකාවේ මොළ ටික නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉල්ලීම් කරනමින් සිටියදීත් මෙවැනි වංචා සිදුවීම හා රාජ්‍ය ආයතන මගින් නියමිත සේවා ලබා නොදීම යන කරුණු හේතුවෙන් ඔවුන් ලංකාවට පැමිණීම සිදු කරයිද යන කරුණ ද මා හට සිහිවේ. මා දන්නා බොහෝ පිරිසක් මේ වන විට මෙවැනි අඩත්තේට්ටම් වලින් මිදීම සදහා ලංකාව හැරගොස් සිටින බැවින් තවදුරටත් මෙවැනි දේ සිදුවීම වලක්වා ගත යුතුය.


3 comments:

  1. නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේ වූ කල කුමක් කරමුද ?
    වචිාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒක තමා නරකම වෙලා තියෙන්නේ

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!