Macro Rail එකක් ගෙදරදීම හදාගමු - දන්න සිංහලෙන් Macro Photography - සයවන කොටස

Macro Rail එකක් නැතිව Focus Stack එකක් කරගන්න ගිහින් කරදරේ වැටිල ඉන්න අය වෙනුවෙන් Macro Rail එකක් ගෙදරදි හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කරපු පරීක්‍ෂණයක අවසන් ප්‍රතිඵල ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ ඒ දේ කරන්න ඕන කරන සම්පූර්ණ රූප සටහන් වලින් සිදු කරල තියෙනවා.

ඒ සියල්ල දිග පළල සම්බන්ධයෙන් පවා දක්වල තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මම කල වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ.



මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය වීඩියෝ එකේ තියෙන නිසා වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම ඇදපු රෑප සටහන් වල භාවිතා කරන්න ඕන ද්‍රව්‍ය හා ප්‍රමාණ සම්බන්ධයෙන් තියෙනවා.

මේ වගේ එකක් හදාගෙන පින්තූර ටිකක් අරන් බලන්න. ඔයාලට ගෙදර ඉදන් Macro Photographs ටිකක් ගන්න සහ මේ උපකරණය Manual Focus support කරන ඕනම කැමරාවක් එක්ක භාවිතා කරන්න පුළුවන්. කැමරාවේ බර අනුව භාවිතා කරන ද්‍රව්‍ය මාධ්‍යය තීරණය කරන්න.
මේ විදිහට උත්සාහ කරල ඔයාල හදාගත්ත Macro Rail එකේ පින්තූරයක් දාන්න බලන්න. ඔයාල උත්සාහ කලි කියන එක මේ වගේ තව තව දේ ගැන ලියන්න මාව උනන්දු කරවාවි..

ස්තූතියි හැමෝටම..

1 comment:

  1. +++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!