පින්තූරු අල්ලන හැටි ඉගෙන ගන්න උන්ට.......

එක එක අය පින්තූර ගන්න විදිය වෙනස්.. ඒ වගේමයි එක එක අයගේ පින්තූර ගන්න තෝරගන්න අරමුණු වෙනස්. ඒකට තෝරගන්න කැමරාව පවා එකිනෙකාට වෙනස් වෙනවා. මොබයිල් එකකින් වටේටම පින්තූර කොටනවා වෙනුවට වැටෙන ලයිට් එක ගැන හිතමින් පින්තරයක් ගන්න උත්සාහ කල එකෙක් ගත්ත අපූරු පින්තූරයක් සහ ඒක දියුණු කල හැකි ක්‍රමය ගැන තමා මමමේ කෙටි සටහන් තියන්නේ.. 

මාත් ඒක්ක ඇවිදින උන්ගෙන් එකෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ෆෝන් එකේ කැමරාවත් අරගෙන පින්තූර ගන්න හැටි මම දැක්ක. හෙමින් එතැනට කිට්ටු වුන මම අහපු සමහර දේට දුන්න සරල උත්තර නිසාම මම ඌට මොනව හරි කියා දෙන්න ඕන කියල හිතුවා. 

ඉස්සර වගේ නෙවෙයි කාට හරි දෙයක් කියා දෙන්න හදනවා කියන්නේ දැලි පිහියෙන් කිරි ගන්න හදනවා වගේ වැඩක්. ඒ කොහොම වුනත් අවසානයේ මම තීරණය කරනවා ඌට මොව හරි දෙයක් කියා දෙන්න ඕන කියල. ඉතින් මුට්ටියක් දාල බැලුව මූ අහන වර්ගයේද නැත්තම් දැනුම ජලාශෙක උපන් එකෙක්ද කියල. මූ අහන වර්ගයේ... ඉතින් මම කළවෙනි පාඩම කියා දුන්න.. පින්තූරයක් ගද්දී බලන්න ඕන කාරණා කීපයක් ගැන. ඒ මූලික කරුණු අහගත්තට පස්සේ ඌ මොකක් කරයිද කියල මගේ හිතේ තිබුන දෙගෙඩියාව නිසාම මම ඌ ගැන ඇහැ ගහගෙන හිටිය. මෙන්න පැහැදිලි වෙනසක්.. ඌ පින්තූර ගද්දි ටිකක් හිතන්න පුරුදු වෙලා.

මාස ගානකට පස්සේ මහ රෑ මේකා මට මැසේජ් එකක් එවනව. පින්තූරයක්.. මේ තියෙන්නේ ඒක..

ඊට යටින් ඒ්කා ලියල තියෙනවා මම කියා දීපු දේ නිසා ඒකාට දැන් පින්තූර පේනවලු. ඌ කලින් ගත්ත පින්තූර එක්ක ගත්තාම ඌටම වෙනස තේරිලා.. දැන් ඌ පින්තූරයක් ගන්න කලින් හිතන බවත් කියල මාර ආතල් එකක් උගේ හිතේ පිරිල... මම ඒ පින්තූරෙ මුල් පිටපත් ඊ මේල් එකකින් ගෙන්න ගත්ත ඒකට මෘදුකාංග වලින් පොඩි වෙනස් කම් කීපයක් කරල වර්ණ හා කලුසුදු පින්තූර දෙකක් හදල ඌට යැව්ව.

 

 

 

 

 

 

 

 

 

මට එව්ව මුල් පින්තූරයත් ඒකෙන් හදපු අන්තිම පින්තූර දෙකත් දැකල ගියපු ඒ මලය ආයේ මට කතා කරන්නේ ඌට හිතට වැදුන පින්තූරයක් ගත්තාම කියල මම හොදාකාරවම දන්නව.

කියාල දුන්න දෙයකින් කවුරුහරි වැඩක් ගන්නව දැක්කාම තියෙන සතුට කවදාවත් මිළ කරන්න බැහැ. මේ කතාව ටිකක් පරණ වුනත් අකුරු කරන්න නිදදහසක් ආවේ අද...


5 comments:

  1. බ්ලොග් එක හරහා අපටත් යමක් කියා දෙනවනං වටිනව...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්! දන්න දෙයක් කියා දෙනවානං!

      Delete
    2. ඡායාරූපකරණය මාතෘකාව යටෙත් ලිපි බලන්න. තව දුරටත් ෙනාෙත්ෙරන ඒ්වා ඒ් ඒ් තැන් වල කෙමන්ට් ලියන්න. ඒ්වාට පිලිතුරු ලිපි සකස් කරන්න්ම්

      Delete
  2. මමත් පින්තුර ගන්න ආසයි ,පාඩමක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. පාඩම් ගණනාවක් තියෙනවා මේකේ ඡායාරූපකරණය කියන මාතෘකාව යටතේ බලන්න.. ඒවායේ ගැටලු අහන්න. ඒ කමෙන්ට් අනුව ඊලග පාඩම් කියා දෙන්නම්

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!